Posts

Showing posts with the label පැළ සිටුවීම

පැළ එකොළොස් ලක්ෂයේ ප්‍රෝඩාවෙන් සංකේතවත් වන්නේ ජනාධිපතිගේ අනාගතය ද? රටේ අනාගතය ද?

Image
(2011 පෙබරවාරි 02,  W3Lanka ) මේ අද දිවයින පුවත්පතේ 'පැළ සිටුවීමේ වැඩසටහන අසාර්ථකයි' මැෙයන් කරුණාරත්න පල්ලේගම බණ්‌ඩාරවෙල සිට කරන ලද වාර්තා කිරීමකි. පැළ එකොළොස්‌ ලක්‍ෂයක්‌ සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික ආයතන සහ රක්‍ෂිත ආශ්‍රිත ප්‍රදේශවල පැළ සිටුවීමට කටයුතු කළ ද එA පිළිබඳ නිසි පසු විපමරක්‌ නොමැතිවීම නිසා සිටුවන ලද පැළ බොහෝමයක්‌ මේ වන විටත් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. මෙසේ සිටුවන ලද පැළ වර්ග බොහෝමයක්‌ ඉහළ නිලධාරීන්ගේ උපදෙස්‌ අනුව සිටුවීම සිදු කළ ද එම පැළ නිසි ප්‍රතිමියකට අනුව සිටුවා නැතැයි ද එම නිසාම එම පැළ සිටුවා සති කීපයකින්ම විනාශ වී ඇතැයි ද ජනතාව කියති. මෙසේ පැළ සිටුවීමට කටයුතු කිරීම ඉතාම හොඳ ආදර්ශයක්‌ වුවද කිසිදු පසු විපමරක්‌ හෝ ප්‍රමිතියකින් තොරව පැළ සිටුවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ. මේ පැළවලට වැය කළ විශාල මුදලක්‌ අපතේ ගොස්‌ ඇති බවත් පවසන ප්‍රදේශවාසී ජනතාව දැනට ඉතිරිවී තිබෙන පැළ ටික හෝ රැකගැනීමට විධිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නොවැම්බර් ...

මෙච්චර කල් ඉන්දපු ගස් කෝ? | Where are the trees Sri Lanka planted so far?

Image
( 2010 නොවැම්බර් 12,  W3Lanka )   ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නොවැම්බර් 15 වැනි දින උදෑසන 10.07 ට නැගෙනහිර බලා සුබ මොහොතින් ආරම්භ කර විනාඩි 11ක් තුළ පැල එකොළොස් ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කර තිබේ. ලංකාවේ කොයි කොයි දේත් මෙන් ම පැළ සිටුවීම ද සිදු වන්නේ ලක්ෂ ගණනිනි. මේ ආකාරයෙන් මහා පරිමාණයෙන් පැළ සිටුවීම ලේඛකයාට මතක අන්දමින් නම් ආරම්භ කළේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයි. හේ සිය උපන් දිනය යෙදුණ සැප්තැම්බර් 17දා ජාතික රුක් රෝපණ දිනය ලෙස නම් කළේ ය. දශක ගණනාව්ක් තිස්සේ මෙවැනි රුක් රෝපණ දින, පරිසර දින ආදියේදී කෙතරම් පැළ සංඛ්‍යාවත් සිටුව්න්නට ඇද්ද? ඒත් හැබෑට කෝ ඒ ඉන්දපු පැළ? ජේ.ආර්ගේ කාලයේ අනුරාධපුරයේ දළයා වී සිටියේ මහින්දසෝම ය. ඒ කාලේ කියැවුණ විහිළු කතාවකට අනුව කියැවුණේ හැම ගහක ම 'අපි මහින්දසෝමට' කියා ද අලුත සිටුවන ලද පැළවල 'අපිත් කවදා හරි මහින්දසෝමට' කියා ලියා තිබුණු බවයි.  පැළ ඉන්දන එක මහා දෙයක් නො වේ. ඒ බව විනාඩි එකොළහකින් පැළ ලක්ෂ එකොළහක් ඉන්දීමෙන් පෙනේ. අමාරු දෙය වන්නේ ඉන්දූ පැළ ගස් බවට පත් කර ගැනීමයි. ඉන් පසු ගස් රැක ගැනීමයි. අඩු ...