මෙච්චර කල් ඉන්දපු ගස් කෝ? | Where are the trees Sri Lanka planted so far?
( 2010 නොවැම්බර් 12, W3Lanka ) ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නොවැම්බර් 15 වැනි දින උදෑසන 10.07 ට නැගෙනහිර බලා සුබ මොහොතින් ආරම්භ කර විනාඩි 11ක් තුළ පැල එකොළොස් ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කර තිබේ. ලංකාවේ කොයි කොයි දේත් මෙන් ම පැළ සිටුවීම ද සිදු වන්නේ ලක්ෂ ගණනිනි. මේ ආකාරයෙන් මහා පරිමාණයෙන් පැළ සිටුවීම ලේඛකයාට මතක අන්දමින් නම් ආරම්භ කළේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයි. හේ සිය උපන් දිනය යෙදුණ සැප්තැම්බර් 17දා ජාතික රුක් රෝපණ දිනය ලෙස නම් කළේ ය. දශක ගණනාව්ක් තිස්සේ මෙවැනි රුක් රෝපණ දින, පරිසර දින ආදියේදී කෙතරම් පැළ සංඛ්‍යාවත් සිටුව්න්නට ඇද්ද? ඒත් හැබෑට කෝ ඒ ඉන්දපු පැළ? ජේ.ආර්ගේ කාලයේ අනුරාධපුරයේ දළයා වී සිටියේ මහින්දසෝම ය. ඒ කාලේ කියැවුණ විහිළු කතාවකට අනුව කියැවුණේ හැම ගහක ම 'අපි මහින්දසෝමට' කියා ද අලුත සිටුවන ලද පැළවල 'අපිත් කවදා හරි මහින්දසෝමට' කියා ලියා තිබුණු බවයි. පැළ ඉන්දන එක මහා දෙයක් නො වේ. ඒ බව විනාඩි එකොළහකින් පැළ ලක්ෂ එකොළහක් ඉන්දීමෙන් පෙනේ. අමාරු දෙය වන්නේ ඉන්දූ පැළ ගස් බවට පත් කර ගැනීමයි. ඉන් පසු ගස් රැක ගැනීමයි. අඩු ...