අප ක්‍රිකට් විවේචනය කරන්නේ ඇයි? | Why we criticize cricket

(2010 නොවැම්බර් 01, W3Lankaමෙම සටහන තැබීමට නිමිත්ත වූයේ ලංකාවේ වොලි බෝල් ක්‍රීඩාව වෙනුවෙන් කීර්තියක් අත් කරගෙන සිටි ප්‍රදේශයක් වූ ගම්පහ වොලි බෝල් ක්‍රීඩාව පිරිහී තිබෙන ආකාරය පිළිබඳ දිනමිණ පුවත්පතේ පළ වූ වාර්තාවකි.


මීට පෙර ක්‍රීඩා පිළිබඳ තැබූ සටහනක අප ක්‍රිකට් පිළිබඳ කළ සටහන ඇතැමෙකුගේ විරෝධයට ලක් විය. ක්‍රිකට් යනු හොඳ මානසික ඒකාග්‍රතාවක් අවශ්‍ය දියුණු ක්‍රීඩාවක් බව ඇත්ත ය. ගොල්ෆ් ක්‍රීඩාව ද එවැන්නකි. චෙස් ක්‍රීඩාව තරම් මානසික ඒකාග්‍රතාවක් ඉල්ලා සිටින තවත් ක්‍රීඩාවක් නැති වන්නට පුළුවන.


අප කතා කරන්නේ වෙන වෙන ම ක්‍රීඩා පිළිබඳව නොව ක්‍රීඩාශීලී, නිරෝගී ජාතියක් බිහි කර ගැනීම සඳහා ක්‍රීඩාව ඉවහල් කර ගැනීම පිළිබඳව ය. අප ක්‍රිකට් ක්‍රීඩාව විවේචනය කරන්නේ එය ක්‍රීඩාශීලී මිනිසුන් වෙනුවට ශාරීරිකව ක්‍රීඩාශිලිත්වයෙන් දුරස්ථ, රෝගී ක්‍රීඩා ලෝලීන් සමූහයක් බිහි කරන. මුදල් වන්දනා කරන පුහු ක්‍රීඩා සංස්කාතියක් නිර්මානය කර ඇති බැවිනි.


සරළව කීවොත්, ක්‍රිකට් නිසා ලංකාවේ මිනිස්සු ක්‍රීඩාවෙන් ලබා ගත හැකි ශාරීරික ව්‍යායාමයෙන්, ඒ ඔස්සේ ලැබෙන ක්‍රීඩාශීලී වින්දනයෙන් හා යහපත් ශරීර සෞඛ්‍යයෙන් දුරස්ථ වී ඇත.


ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම කරන ක්‍රිකට් ක්‍රීඩාව මෙන් පොදු ජනතාවගේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් හා පිළිගත් ක්‍රීඩාවක් නො වේ. ප්‍රමිතිගත ක්‍රිකට් ක්‍රීඩාව කොළඹ, නුවර හා ගාල්ල වැනි නගර කීපයකින් බැහැරට ව්‍යාප්තව නැත. මූලික වශයෙන් තණ තිලි සහිත ක්‍රිකට් පිටි තිබෙන්නේ මෙම නගරවල පමණි. දඹුල්ලේ තණ තිලි සහිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තිබුණත්, එම ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව ඇත්තේ දුර්වල මට්ටමක ය. වසර 100කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ප්‍රාදේශීය නගර ලංකාවේ ඇත. එහෙත්, තවමත් තණ තිලි නැත. ලණු පැදුරු උඩ ගහන ක්‍රිකට්වල ප්‍රමිතිය ගැන කතා කිරීම නිරර්ථක ය.


ක්‍රිකට් ක්‍රීඩාව ලෝ පුරා ව්‍යාප්ත සැබැවින් ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවකට වඩා බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ සීමාව තුළ එංගලන්න මධ්‍යම පංතියේ සංස්කෘතික ලක්ෂණයක් ව්‍යාප්ත කිරීමකි. ක්‍රිකට් ක්‍රීඩාව තවමත් එංගලන්තයට අයත් එකක් මිස අඩු තරමේ සමස්ත බ්‍රිතාන්‍ය ජාතිය විසින් හෝ වැළඳ ගත් ක්‍රීඩාවක් නො වේ. ක්‍රිකට් එංගලන්තයේ හෝ ජනප්‍රිය ම ක්‍රීඩාව නො වේ. එය ලංකාවට නම් සුද්දන් දුන් දිරච්ච ලණුවකි.


ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලි බෝල් ය. එහෙත් අද වන විට වොලි බෝලය ක්‍රිකට්වලට වඩා බෙහෙවින් ජනතාවගෙන් දුරස්ථ වී තිබේ. ක්‍රිකට් පසුපස ඇති මුදල්, ජනමාධ්‍ය හා ජනප්‍රියත්වය වොලි බෝල් පසුපස නැති වීම එයට හේතුවයි.


දිනමිණ කියන පරිදි, ක්‍රීඩකයන් ජීවත්වෙද්දීම 1951 සිට අඛණ්ඩව සමස්ත ලංකා වොලිබෝල් සූරතාව දිනාගත් ගම්පහ ‘සෙන්ට්‍රල්’ පිලේ නායක ටී. ඩී. එල්. චාල්ස් ඇතුළු ක්‍රීඩකයන් වෙනුවෙන් පිළිරුවක් හැදුණු ගම්පහ වොලිබෝල් ක්‍රීඩා පිටියක් වත් නැත.


සියනෑ තරු ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ක්‍රීඩාංගණ අද බස් රථ ගාල් කරන ස්ථාන බවට පත්ව ඇත.


වොලිබෝල් සිරා නමින් ලංකාවේ පුරාවෘත්තයක් වී සිටි ගම්පහ ඩබ්.එල්. සිරිවර්ධන 72 වියේදී පසුගිය මැයි මාසයේ වොලිබෝලයෙන් ද ගම්පහින් ද ලංකාවෙන් ද නිහඬව සමු ගත්තේ ය.


කුඩා ඉඩකඩක, අඩු පහසුකම් ඇතිව, ලංකාවේ ඕනෑ නියම් ගමක ප්‍රමිතිගත ලෙස වොලිබෝල් ගසන්නට හැකියාව තිබියදී ලංකාවේ මිනිස්සු රූපවාහිනිය ඉදිරියේ ක්‍රීඩකයන් වෙමින් දියවැඩියා, අධි රුධිර පීඩන ආදියෙන් මිය යති.


වොලි බෝල් මෝස්තරයට හොඳ මදි නම් ටෙනිස් ගැහුවත් කමක් නැත. අවශ්‍ය ක්‍රීඩා කිරීම මිස ක්‍රීඩා වන්දනා කරමින් රෝගී වීම නො වේ.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. උඹ අකැමැති නම් ඉතින් ක්‍රිකට් නොගහ හිටපන්, ගහන්න කැමැති එකකුට ගහන්න දීපන්. උන්ට බැට් බෝල අරන් දෙන්නෙ උඹලයෙ තාත්තයැ.

    ReplyDelete
  2. යථාර්ථවාදියාNovember 1, 2010 at 10:40 AM

    ඔබ ජීවිතේට හෝ හරියට ප්‍රමිතිය ඇතුව හෝ නැතුව හෝ ක්‍රිකට් ගසා තිබේනම් මෙහෙම කතා කරන්නේ නැත ..... :P

    ReplyDelete
  3. ‍ක්‍රීඩා වන්දනා කරමින් රෝගී වන්නෝ ඉන්නේ ඉනදියාවේ පකිස්ථානයේ විතරයි.

    නොඑසේනම් ලංකාවේ එසේ ලෙඩ වීඇත්තේ ඔබම පමණයි. නෙ‍වේද??? (W3ලියන පිස්සා)
    එවන් අවස්ථාවල එය වර්ජනය නුවනට සුදුසු වේ.

    ඔයා ලොකෙම තියෙන වැරදි අපේ ජාතිය පිට පටවලා. ඔයා ලොකෙම තියෙන ජරා ජාතිය ජරා සංස්කෘතිය ලංකාව කියන තැන ඉඳන් ලියන මේ ලිපි හරිම හිරිකිතයි. ඒකෙන් පේනේනේ ඔයාගේ පහත් මානසිකත්වය. මේ ‍බ්ලොගයට සම්මාන දුන්න එවුනුත් පිස්සෝම තමයි.

    යමක් නිසිපරිදි තර්කානුකූලව ඉදිරිපත් කරන්න බැරිනම් බැරි වැඩ නොකර ඉන්නවද???

    ReplyDelete
  4. Cricket kreedaawa hodai wenath kreedawan lokay nathnum

    ReplyDelete
  5. "ඔබ ජීවිතේට හෝ හරියට ප්‍රමිතිය ඇතුව හෝ නැතුව හෝ ක්‍රිකට් ගසා තිබේනම් මෙහෙම කතා කරන්නේ නැත ..... :"
    මේ අදහසට මත එකගය........ ක්‍රිකට් ක්‍රීඩාව මහන්සි නොවන ක්‍රීඩාවක් බව කීම විහිළුවකි..
    ලංකාවේ මිනිසුන් කැමති ක්‍රීඩාව ක්‍රිකට් ය. කල යුත්තේ අකමැති ක්‍රීඩාවක් බලෙන් පැටවීම නොව කැමති ක්‍රීඩාව ආශ්‍රිත සංස්කෘතියක් බිහි වීමට ඉඩ සලසා දීමයි..
    එනම් සති අන්තයේ හෝ හවස් වරු වල පවුල පිටින් ගොස් හෝ මිතුරන් සමග ගොස් ක්‍රීඩා කිරීමට ස්ථාන සෑදීමයි...

    ReplyDelete
  6. 1. Not everyone can engage in any form of sport.
    2. Not all are interested in sports.
    3. Only a few people can play a game at any given time.
    4. All sports need spectators. Football has the largest audience but only a few will get a chance see a match.
    5. There are many ways to get involved in sports.
    6. There are otherways to get physically fit, sports is only one option.
    7. So don't blame cricket or any other sport.

    ReplyDelete
  7. W3LANKA- ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යාජ විවේචකයෙක්!

    A ශ්‍රී ලංකාව තුලදී භාවිතා වන්නේ විසුලු සහගතවය; හානිකර අන්දමිනි; මහජන විරෝධී අන්දමිනි. එමනිස A විවේචනයට කල යුතුය. මෙහි A සඳහා මත්පැන්, ඉන්ටනෙට්, සර්වජන ඡන්ද අයිතිය, දේශපාලනය හෝ සමාජවාදය වැනි පදයක් ආදේශ කර බලන්න. විවේචනය කල යුත්තේ A නොව, A භාවිතා කරන සංස්කෘතිය බව අමුතුවෙන් කිව යුතු නොවේ. W3LANKA බ්ලොග්කරුගේ අදහසද එයම බව සිතමි. ඉන්ටනෙට් සහ මත්පැන් පිලිබඳ ඔහුගේ පසුගිය ලිපි ඒ බව තහවුරු කරයි. ඒ තර්කයම ක්‍රිකට් සඳහා පමනක් වලංගු නොවන්නේ කෙසේද?

    මා නම් ක්‍රිකට් ලෙස හඳුනාගන්නේ ජනප්‍රිය - ලංකාව පමනක් දිනිය යුතු - වර්ගයේ ක්‍රිකට් නොව නිසඟ අපූර්වත්වයකින් හා ජීවමය ගුනයකින් යුතු අනගි ක්‍රීඩාවයි.

    පොදුවේ ඊනියා දේශීයවාදීන් සහ ඇතැම්විට තවමත් ජවිපෙ හිතවාදීන් විසින් සාමන්‍යයෙන් සුද්දන්ගේ අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රීඩාව ලෙස හෙලාදකින ක්‍රිකට් පිලිබඳ ද්වේශ සහගත ප්‍රකාශයන් බ්ලොග්කරුගේ ලිපිය තුලින්ද දිස්වීම කනගාටුදායකය.

    ලෝකය පුරා සාර්ථකව ව්‍යාප්ත වීම මත ක්‍රීඩාවක අගය මැනිය නොහැකි අතර එම මිනුම් දන්ඩෙන් නම් අද දවසේ හොඳම ක්‍රීඩාව විය යුත්තේ රෙස්ලිංය!

    ".....ක්‍රිකට් ක්‍රීඩාව ලෝ පුරා ව්‍යාප්ත සැබැවින් ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවකට වඩා බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ සීමාව තුළ එංගලන්ත මධ්‍යම පංතියේ සංස්කෘතික ලක්ෂණයක් ව්‍යාප්ත කිරීමකි...."

    ඔපෙරා යනු යුරෝපයේ ධනේශ්වර පන්තියේ සංස්කෘතිකාංගයකි. එහෙත් එය ව්‍යාප්ත කිරීම වරදක් හෝ යුරෝපීය ධනේශ්වර සංස්කෘතිය ව්‍යාප්ත කිරීමක් ලෙස ඔබ සලකන්නේද?

    එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වයේ පසුබෑමට මූලික හේතුවක් වූයේ එහි ජාතික කන්ඩායමේ සාපේක්ශ තරඟ දිනීමේ දුර්වලත්වය බව මගේ හැඟීමයි. නමුත් මෑත සාර්ථකත්වය සහ විශේෂයෙන් පසුගිය 20 තරඟාවලි ජයග්‍රහනය සමග එංගලන්තය තුල ජනප්‍රියතාවය සීඝ්‍රව ඉහල ගොස් ඇත.

    - dimithry

    ReplyDelete
  8. මේ ලිපියේ ක්‍රිකට් නිසා සිදුවන විදුලිය නාස්තිය, තරග නැරඹීම නිසා සහ තරග ගැන කතා කිරීමෙන් සිදුවන මිනිස් පැය නාස්තිය පිලිබදව කතා නොකිරිම අඩු පාඩුවකි.

    ReplyDelete
  9. @Anonymous

    ඕක ඉතින් කොයි ක්‍රීඩාවටත් අදාලයි නෙ. සුසී ඔලිම්පික් මෙඩල් එකක් ගත්තාම දවස් කීයක් කතා කරාද? එක තත්පර 10 ක ගේමක් වීම වෙනම දෙයක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා