අප ක්‍රිකට් විවේචනය කරන්නේ ඇයි? | Why we criticize cricket
( 2010 නොවැම්බර් 01, W3Lanka ) මෙම සටහන තැබීමට නිමිත්ත වූයේ ලංකාවේ වොලි බෝල් ක්‍රීඩාව වෙනුවෙන් කීර්තියක් අත් කරගෙන සිටි ප්‍රදේශයක් වූ ගම්පහ වොලි බෝල් ක්‍රීඩාව පිරිහී තිබෙන ආකාරය පිළිබඳ දිනමිණ පුවත්පතේ පළ වූ වාර්තාවකි. මීට පෙර ක්‍රීඩා පිළිබඳ තැබූ සටහනක අප ක්‍රිකට් පිළිබඳ කළ සටහන ඇතැමෙකුගේ විරෝධයට ලක් විය. ක්‍රිකට් යනු හොඳ මානසික ඒකාග්‍රතාවක් අවශ්‍ය දියුණු ක්‍රීඩාවක් බව ඇත්ත ය. ගොල්ෆ් ක්‍රීඩාව ද එවැන්නකි. චෙස් ක්‍රීඩාව තරම් මානසික ඒකාග්‍රතාවක් ඉල්ලා සිටින තවත් ක්‍රීඩාවක් නැති වන්නට පුළුවන. අප කතා කරන්නේ වෙන වෙන ම ක්‍රීඩා පිළිබඳව නොව ක්‍රීඩාශීලී, නිරෝගී ජාතියක් බිහි කර ගැනීම සඳහා ක්‍රීඩාව ඉවහල් කර ගැනීම පිළිබඳව ය. අප ක්‍රිකට් ක්‍රීඩාව විවේචනය කරන්නේ එය ක්‍රීඩාශීලී මිනිසුන් වෙනුවට ශාරීරිකව ක්‍රීඩාශිලිත්වයෙන් දුරස්ථ, රෝගී ක්‍රීඩා ලෝලීන් සමූහයක් බිහි කරන. මුදල් වන්දනා කරන පුහු ක්‍රීඩා සංස්කාතියක් නිර්මානය කර ඇති බැවිනි. සරළව කීවොත්, ක්‍රිකට් නිසා ලංකාවේ මිනිස්සු ක්‍රීඩාවෙන් ලබා ගත හැකි ශාරීරික ව්‍යායාමයෙන්, ඒ ඔස්සේ ලැබෙන ක්‍රීඩාශීලී වින්දනයෙන් හා යහපත් ශරීර සෞඛ්‍යයෙන් දුර...