හුරේ! ලව් කරන්න ආණ්ඩුවෙන් පාක් | Hurray! parks for lovers of Sri Lanka

(2010 නොවැම්බර් 11, W3Lankaනව සූදු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඔස්සේ කැසිනෝ ගැහිල්ල දිරි ගන්වන්නට පියවර ගෙන ඇති ලංකාවේ ආණ්ඩුව දැන් දැන් සිය පුහු සුචරිතවාදය අතහැර දමා යථාර්ථවාදී හෙවත් ධනවාදී වීමට හා හා චම්පික රණවකගෙන් ණයට ගත් නලින් ද සිල්වාගේ ඊනියා 'සිංහල බෞද්ධ' වලිගෙ කපා දමමින් මොඩ් වීමට සැරසෙමින් සිටින බව සතුටින් දැනුම් දෙමු.


කෙල්ලන්ට. කොල්ලන්ට පාඩුවේ ලව් කරගෙන ඉන්නට ඉඩ දීම උන් කැරැලි ගැසීම සඳහා පෙළඹවීමට වඩා හොඳ බව ආණ්ඩුවට තේරී ඇත.


ඒ අනුව, කොල්ලන්ට, කෙල්ලන්ට ලව් කරන්නට උද්‍යාන හදන්නට තරුණ සේවා සභාව පියවර ගෙන තිබේ.


ඒ අනුව සෑම පළාතකටම තරුණ උද්‍යාන එක බැගින් තරුණ උද්‍යාන නවයක්‌ ඉදිරි වසර කීපය ඇතුළත ආරම්භ කරන බවත් එහි පළමු තරුණ උද්‍යානය බත්තරමුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ලබන වසරේ මාර්තු මාසය වන විට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා අද දිවයිනට පැවසීය.


අපට කියන්නට ඇත්තේ ජය වේවා! කියා ය. එසේ ම එක එක මානසික රෝගී පිංගුත්තරයන්ට තරුණ සේවා සභාව බිය නො වේවා යි ද අපි ප්‍රාර්ථනා කරමු.


විශේෂයෙන් අපේ රටේ තරුණ තරුණියන්ට නිදහසේ කතා කරන්න, කාලය ගත කරන්න, පෙම්වතුන්ට ඔවුන්ගේ අදහස්‌ හුවමාරු කරගන්න, කලාකරුවන්ට ඔවුන්ගේ කුසලතාවන් පෙන්වන්නට මෙතෙක්‌ නියමිත ස්‌ථානයක්‌ නොමැති බැවින් මෙසේ තරුණ උද්‍යාන පිහිටුවීමට කටයුතු කළ බව ලලිත් පියුම් පෙරේරා පවසයි.


වෙන වෙන ආලවට්ටං දමා කීවාට මේ උද්‍යාන සැලසුම් කළේ ම කොල්ලන්ට, කෙල්ලන්ට ලව් කරන්නට තැනක් හැටියට ය. ලිංගික අසහනයෙන් පෙළෙන ඇතැම් පොලිස් නිලධාරීන්, විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් වැනි අයියලා දැන් ලව් කරන කොල්ලන්ගෙන් කෙල්ලන්ගේ පෙට්ටි පරිස්සම් කර දීමේ වගකීමක් බලෙන් පවරාගෙන උදලු අරන් ආතල් මැද්දට කඩා පනින තත්වයක් තිබෙන නිසා මෙවැනි කලාප පිහිටුවීම කාලෝචිත ය. එමෙන් ම ඒවා උදලුකාරයන්ට තහනම් කලාප කළ යුතු ය. ඉස්සර විහාර මහා දේවී උද්‍යානයේ මැද හිලක් ඇති පත්තර බලා අහිංසක සතුටක් ලැබූ අංකල්ලා සම්බන්ධයෙන් කුමන පියවරක් ගනු ලබන්නේ ද යන්න වෙන ම සාකච්ඡා කළ යුතු ය. 


අනෙකුත් කාර්යයන්ටත් අවස්ථාව ලැබෙන පරිදි හා අවහිර නො වන පරිදි ලව් කිරීම පෙම්වතුනි, ඔබගේ වගකීමක් බව සිතට ගන්න. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ඒකනේ කියන්නේ....අපි මේ රට ආසියාවේ ආශ්චර්ය්‍ය කරනවා කරනවාමයි...ඔයාලා කටයි පු*යි වහගෙන සද්ද නැතුව ඉදලා පොඩි සහයෝගයක් දෙන්නකෝ....

    ReplyDelete
  2. ගොඩක් හොඳ වැඩක් මේක නම් . . .

    ReplyDelete
  3. මදැයි ඕකට දෙමව්පියෝ කඩාපාත් වෙයිද මන්ද.. ??

    ReplyDelete
  4. මේක ‍යූ එන් පී ආණ්ඩුවකින් එහෙම කරානම් වීරවන්ශලා රතනල කටින් ගූ එනකන් කෑගහයි.

    ReplyDelete
  5. No wonder no one from your staff has graduated from University of Peradeniya. When this university was built in late forties they designed a seperate area for lovers which is call 'Lovers Lane'.

    So this is not something new to Sri Lanka.

    ReplyDelete
  6. ඔය උද්‍යානයට ගිහිං සිද්ධවෙන ආතල් වැඩ බලලා අතේ ගහන්න බැරිද කියලා අහලා කියන්නකෝ මෙයා.

    ReplyDelete
  7. ඇත්තටම මේක හොද ආරන්චියක්. මමත් අන්තර් ජාලයේ දැක්කා ජාතික තරුණසේවා සභාවේ සභාපති තුමා විසින් බත්තරමුල්ල එක ආරම්භ කරන්න මුල්ගල තිව්වා කියලා. අපි වගේ තරුණ තරුණියන්ට තියන විශාල ගැටළුවක් ඉන් නිරාකරණය වෙනවා. ඇත්තටම ලව් කරන්න තැනක් නැති එක නම් හිසරදයක් තමයි. පාරක යන්න නෑ. බස් එකක යන්නත් නෑ. චිත‍්‍රපත ශාලාවලට යන්න සල්ලි නෑ. ඉතින් තරුණ තරුණියන්ගේ මනසට සහනයක් වේවි මේක නිසා. ඇත්තටම ඉතාව හොදයි මේක

    ReplyDelete
  8. මේක ජාත්‍යන්තර කුමන්තරණයක්. අපි අහුවෙයි ඹ්වට නේද

    ReplyDelete
  9. අදාල විෂය පිළිබඳව නොලිව්වාට සමාවන්න. නමුත් මේ ලියන්නේ ඔබේ පහත දී ඇති ප්‍රතිපත්තිය නිසායි:

    "අවශ්‍ය වන්නේ විකල්ප අදහස් හා තොරතුරු සන්නිවේදනයට ද සම අවස්ථා ලබා ගැනීමට සටන් කිරීමයි"

    මෙම බ්ලොග් එක කියවන්නන්ගෙන් මම ඉල්ලා සිටිනවා පහත දෙන (තාවකාලික) WordPress බ්ලොග් එක උපයෝගි කරගන්න සිංහල ක්‍රමය ගැන විද්‍යාත්මක සාකච්චාවක් අරඹන්න කියා. (දෙවෙනියට දෙන්නේ දෙරුව හෙළ සිංහල ක්‍රමය ගැන කළ වෙබ් අඩවියයි)
    http://www.ahangama.com/
    http://www.lovatasinhala.com/index.php

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා