ලිංගික ශ්‍රමිකයන්ගේ හිමිකම් ද මානව හිමිකම් ය | Sex workers rights are also human rights

(2010 නොවැම්බර් 06, W3Lankaලංකාවේ ආණ්ඩුව අසභ්‍ය බව කියන වැඩිහිටි වෙබ් අඩවිවල දර්ශනවලට පෙනී සිටි බව කියන පුද්ගලයන් 83කගේ ඡායාරූප ලබන සඳුදා අධිකරණයේ අවසරය ඇතිව ප්‍රසිද්ධ කරනු ලැබේ. 


කියන්නේ නම්, එසේ කරනු ලබන්නේ ඔවුන් අල්ලා ගැනීමට ය කියා ය. 


අල්ලා ගන්නේ කුමට ද? 


ගල් ගසා මරන්නට නම් මෙන්න ගල්.


යම් ලිංගික ශ්‍රමිකයකුගේ ශ්‍රමිකාවකගේ රූපයකින් ආස්වාදයක් නො ලැබූ යමෙකු ‍මෙම අන්තර්ජාල ලෝකයේ සිටිත් නම් පළමු ගල ගසත්වා! 


හිතට එකඟව ගල් ගැසිය හැක්කෙක් සිටිත් නම් වහා මානසික සායනයක් වෙත යත්වා!


පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් ද ඇතුළුව අප සැමට දුන් සතුට වෙනුවෙන් සොයුර, සොයුරිය ඔබට අපේ ස්තුතිය!


වහා අවධානය යොමු කරන්න. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ රූප ලෙස ප්‍රසිද්ධ කිරීමට තරම් මේ අය කර ඇති අපරාධය කුමක් ද? ඔවුන්ගේ රහස්‍යභාවය ආරක්ෂා වන අන්දමින් පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බැරි ඇයි? 


මෙම පරීක්ෂණය කරන බව කියන පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට මෙම ඡායාරූප අතර සිටින්නන් සියලු දෙනා ම වරදකරුවන් බව සහතික ලෙස පැවසිය හැකි ද? මේ අතර, යම් රැවටීම්වලට හෝ වංචාවලට හෝ දූෂණයට හෝ ලක් වූ අය නැද්ද? ඡායාරූප සංස්කරණයෙන් වෙනත් අයගේ නිරුවත් රූපවලට මේ අයගේ මුහුණු යොදා තිබෙන්නට ඉඩ නැද්ද?


ප්‍රසිද්ධ කිරීමට භාජනය වන පුද්ගලයන් එසේ ප්‍රසිද්ධ කරනු ලැබීම නිසා මුහුණ දෙන ප්‍රශ්නවලට වග කියන්නේ කවුරු ද? 


යම් පුද්ගලයකු වරදකරුවකු වීමට පෙර, ඔහු හෝ ඇය හිංසනයකට ලක් වන තත්වයක් නිර්මානය කිරීම යුක්ති සහගත කරන්නේ කෙසේ ද? 


වරදකරුවන් පුනරුත්ථාපනය කිරීම නම් වන සංකල්පය වෙනුවට වරදකරුවන් සමාජය ඉදිරියේ ගර්හාවට ලක් කිරීම සාධාරණ ද? 


මෙම නින්දිත ප්‍රසිද්ධ කිරීමට විරුද්ධ වන්න. 


ලිංගික ශ්‍රමිකයන්ගේ හිමිකම් ද මානව හිමිකම් ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මේකත් හොඳ මෙගා නාට්ටියක් වගේ තමයි...

    ReplyDelete
  2. මොකාද බන් විරුද්ද වෙන්නෙ ඉන්නෙ. ආං ඔක්කොම හැතප්ම ගනන් පෝලිම් හැදිල උමග බලන්න.

    ReplyDelete
  3. we going like to Uganda type.. they did the same thing recently.

    ReplyDelete
  4. හරියටම හරි....
    කෝ ඉතින් කෞරුවත් ඇත්ත කියනවායි...
    කලින් ලිපියේ ලියුම් කරුත් එකම පාර ලුනෙ ගුලියක් කලා තියෙන්නෙ.
    කමෙන්ට් දපු සමහරුත් එකම පාරලු ......
    මාර අත්දැකීමලු හබැයි....

    ReplyDelete
  5. Many famous ones also there .Are they going to publish them as well?

    ReplyDelete
  6. මම නම් තරයේම විරුද්ධ‍යි..උන් ඉන්නෙ හරියට අතල් එකක් ගත්ත නෑති බබාලා වගෙ.ඔක්කොම බඩු කාරයො.

    ReplyDelete
  7. ලේඛකයා මේක වැරදියට වටහාගෙන වගේ....ඒ දෙන්න යන්නේ free advertising පාරක් ! free marketing campaign එකක් ! මේක ගැන නඩු දාන්න ඕනා අපි උඹල නෙමෙයි, වෙලඳ ආයතන. මොකද උන්ට ආණ්ඩුවෙන් free marketing campaign නෑනේ ! ...(මොනව උනත් කොල්ලා (ලේඛකයා) කියල තියන කතාව ඇත්ත ඕන්..අපි විරුද්ධයි !)

    ReplyDelete
  8. polisiyen kalin kivve bohoma prasiddha aya thamaymevage ranga panne kiyala. ehenam ithin aye prsiddha karanne kumakatada.Anushata , Sumanata, deviyangema pihitay

    ReplyDelete
  9. යම් පුද්ගලයකු වරදකරුවකු වීමට පෙර, ඔහු හෝ ඇය හිංසනයකට ලක් වන තත්වයක් නිර්මානය කිරීම යුක්ති සහගත කරන්නේ කෙසේ ද?
    nadukarayo passa peththen hithala therana gann ratak meka

    ReplyDelete
  10. ඔතන බහුතරයක් ඇත්තේ දකුණු ඉන්දියානු ඒවාය. දකුණු ඉන්දියානුවන් කොහොමත් ලාන්කීයයන්ට පෙනුමෙන් සමාන නිසා දකුණු ඉන්දියානු ඒවා ලන්කාවේ ඒවා විදිහට ඉස්සර ඉදන් ම හුවමාරු විය. අපිත් ලන්කාවෙ යැයි මුලින් සිතා සිටි බොහොමයක් පසුව ඉන්දියානු වෙබ් සයිට්ස් වල තිබී හමු වී ඇත.
    නමුත් ලන්කාවේ ඒවා ලෙස පැහැදිළිවම හදුනාගතහැකි ඒවාද තිබේ. නමුත්, ඉන් බොහොමයක්, යුවලගේ අනුදැනුමෙන් තොරව තුන්වෙනි පාර්ශවයක් විසින් වීඩියෝ කරන ලද හෝ යුවල සිය පුද්ගලික පරිහරණයට කරන ලද වීඩියෝව ලීක් වීම නිසා ප්‍රසිද්ධියට පත් වූ ඒවාය.
    මේ දෙකටම අමතරව,ප්‍රසිද්ධ කිරීමේ පරමාර්ථයෙන්ම කරන ලද වීඩියෝද දෙකක් තුනක් හමු වී ඇත.

    කෙසේ නමුත්, කිසියම් යුවලක් සන්සර්ගයේදී වීඩියෝ කරනවාද, නැද්ද, කරන්නේ මේසයක් උඩද ඇදේද යනාදී වශයෙන් තීරණය කළයුත්තේ අදාළ යුවළ මිස උසාවියේ නඩුකාර උන්නාන්සේ නොවේ. ලින්ගික ක්‍රියාවලියේදී තමන් කැමති ෆැන්ටසියක් විදීමට ඇති අයිතියට එරෙහිව උසාවි තීන්දු ලැබීම සිනහවට කරුණකි. හෙට අනිද්දා, මුඛ සන්සර්ගය අස්වාභාවික හා සන්ස්කෘති විරෝධී කියා ඒකත් තහනම් කරමින් නඩු තීන්දුවක් ලැබෙන්නට ඉඩ තිබේ.

    T

    ReplyDelete
  11. මේ පිළීබඳවම දැන්වීමක් අඹ ගහේ අලවා ඇත.
    http://ambagaha.blogspot.com/2010/11/blog-post_06.html

    ReplyDelete
  12. Mekath Anduwe thawath vihiuwak!!!!Udde iwera una nisa thawath uddayak patan ganawa. Minissunta katha karanna theyak Onene.!!!! Neththam Minussu Badu mila vadiveima gana katha koranawane!!!!

    ReplyDelete
  13. අසභ්‍ය වැඩිහිටි වෙබ් අඩවිවල දර්ශනවලට පෙනී සිටි බව කියන පුද්ගලයන් 83 ගේ ඡායාරූප සියල්ලම වාගේ ම විසින් බලා ඇතැයි මා විශ්වාස කරමි. මට නම් කිව හැක්කේ මොවුන්ගෙන් 3-4 දෙනෙක් හැරෙන්නට අන් සියල්ලෝම පෙම්වතා විශ්වාස කොට මේවා රූපගත කරන්නට ඉඩ දී, සම්බන්ධය කැඩුනු පසු පෙම්වතා විසින් ප්‍රසිද්ධ කරන ලද වීඩියෝ බවය. දැන් මේ ආණ්ඩුව කරන්නට යන්නේ ඔවුන් දෙවන වරටද රටම ඉදිරියේ දූශනය කිරීමටය.

    මහජතාව තේරුම් ගත යුත්තේ මොවුන් කමරා ඉදිරියේ අධ්‍යක්ෂක, නිශ්පාදක සහ අනෙකුත් උපාංග සහ පිරිස මැද රූ ගත කල ඒවා නොව මා කලින් කී ලෙස කාලකන්නි පෙම්වතුන්ගේ අහිංසක ගොදුරු බවය.

    ළමා හා කාන්තා කාර්යන්ශයට සහ පොලීසියට අවශ්‍යව ඇත්තේ ඔවුන් පෙර වීඩියෝ ලෙස බැලූ කාන්තාවන්ගේ මුහුනු ඇත්තට බලා යම් කිසි ලිංගික සතුටත් ලැබීමය. කාමර වල සිටින ජෝඩු අල්ලන පොලිස් කාරයන්ට ඇත්තෙද මේ මානසිකත්වයමය.

    -Sahan

    ReplyDelete
  14. @Anonymous
    ඔබ කියන දෙයට මම සම්පූර්ණයෙන් එකත වෙම්.මමත් ඔය කියන ඒවා බොහොමයක් නරබා ඇත.නමුත් මටත් ඒවා අතුරින් තම කැමැත්ත මත එවැනි දෙයක් රූගත කල ඒවා දැකගැනීමට අපහසු විය.මේ තුලින් ඒ අහිසංසක තරුනියන්ගේ අනාගතය තව දුරටත් විනාශ වීමට ඉඩ ඇත.කෙසේ වෙතත් එවැන් වීඩියෝ වල පිරිමින්ගේ මූනවල් අඩුවෙන් දක්නට ලැබීම මත ඔවුන් නිදහස් වීමට ද ඉඩ ඇති අතර එනම් කැමරාකරු අධ්‍යක්ෂක නිෂ්පාදක යන්නන් සියල්ල නිදහස් වී අහිංසක තර්නියක් පෝරකයට යනු ඇත.නමුත් තම කැමැත්ත මත රග පෑ නිළියන් හා වෙන්ත තරුනියන්ට මොකද කරන්නේ?

    ReplyDelete
  15. මොකක් උනත් ප්‍රස්ද්ධ කරපු එක නම් වැරදියි. ඒවාට මානව හිමිකම් කෑ ගහන්නේ නෑ. ඇත්තටම මේ අය ඒවාට පෙනී සිටීයාද, රැවටීම් වැනි දෑ වලින් මේ පොටෝ වෙබ් අඩවි වලට ගියාද කියලා දන්නේ නෑනේ.. කොහොම උනත් අන්තර්ජාලයේ නිතර සැරිසරන කෙනෙක් විදියට මේ වැඩේ ගැනනම් එච්චර හිත හොඳකින් නෙවෙයි ඉන්නේ. මේකේ කිව්වා ‍වගේ පළවෙනි ගල ගහන්න කිසිම කෙනෙකුට හැකියාවක් නෑ.... ඒ චැලේන්ජ් එක බාර ගන්න කිසිම කෙනෙක් නෑ...

    ReplyDelete
  16. @Anonymous

    උඹ ඇත්ත මචං.. බොහෝවිට එහෙම දේවල් තමයි වෙන්නේ..

    ReplyDelete
  17. @කි.අප්පුහාමි
    මේවාට කිසිම මානව හිමිකම් හරකෙක් කෑ ගහන්නේ නෑ..

    ReplyDelete
  18. මේක ප්‍රසිද්ධ කිරීමක් නම්, එයාලා හැංගිලයි ඉඳලා තියෙන්නේ. ඒ හැංගිලා ඉඳිමෙයි, මේ ප්‍රසිද්ධ කිරීමෙයි සාමාජීය තාක්ෂණය එකක්මයි.
    (අන්තර්ජාලය තුල හැංගීම?)
    හංගගෙන පිරිසක් "රස විඳිනවා". ඒකට අවස්ථාව නැති අය ප්‍රසිද්ධ කරලා "රස විඳිනවා". දෙකේම තියෙන්නෙ එකම රසය. මේක තමයි ලාංකීය සමාජයේ "රස" සංවිධානය වෙලා තියෙන විදිහ.

    හැංගිලා හිටපු අයව ප්‍රසිද්ධ කරන එක හිංසනයක් වගේම, ප්‍රසිද්ධියේ හිටපු අයව හංගලා රස විඳින එකත් හිංසනයක්. දූෂණයට ලක්වන අවස්ථාවක් උනත් හැංගිලා රස විඳිනවා වෙන්න පුළුවන්. නිදහසට කරුණ තමයි ඒ විත්තිය අපි දන්නෑ කියන එක. මේ අර්ථයෙන් හැංගීමයි, ප්‍රසිද්ධ කිරීමයි දෙකම නින්දිතයි.

    අපේ සමාජයට ලිංගිකත්වය රැගෙන එන විදිහ තමයි මේ. මෙතැන සාධනීය කාරණයක් තියෙනවා. ඇගේ වෛරය/සළුපට අහසට වගේ චිත්‍රපට වලට සමාජය හොඳටම බැන්නා. ඒත් අද පසන් නිවසේ ආලින්දයට, රසඳුන හරහා "ඇගේ වෛරය" ගෙනාපු ලිංගිකත්වය කිසිම විරෝධයකින් තොරව අරගෙන එනවා. මේ තැනට සමාජය රැගෙන ආ මාවත අපිට අමතක කරන්න බෑ.

    මේ ප්‍රසිද්ධ කිරීම තුල පැරා විසින් මෙම ලිපියේ ලිපියේ සාකච්ඡා කරන ඉතාම මානුෂීය ගැටළු කීපය තියෙනවා තමයි. ඒවා ගැන මොකද කරන්නෙ කියන එක අපි කල්පනා කරන්න ඕනෙ. නමුත් මෙතැන ලිංගික ශ්‍රමිකයින් හෝ ශ්‍රමිකාවියන් ඉන්නවානම්, අපි කරන්න ඕනෙ එයාලව ආයෙත් "ප්‍රසිද්ධියේ හංගන" එක නොවෙයි. එයාලත් එක්ක පෙනී ඉන්න එක. නිදහස වෙනුවෙන් එයාලත් එක්ක අත්වැල් බැඳගන්න එක. එයාලගේ වෘත්තීය අයිතීන් දිනාගන්න උදව් කරන එක. ඒ විදිහට වෘත්තීය අයිතීන් දිනාගත්තු රටවල් කීපයක්ම තියෙනවනේ.

    සමාජයට ප්‍රමිතීන් අවශ්‍යයි. ඒවා නිදහස දිනා ගැනීමේ ක්‍රියාදාමයක් තුල ගොඩනැගෙන්න ඉඩ හරිමු.

    ReplyDelete
  19. අසැබි වෙබ් අඩවි වල පෙනීසිටි කතුන් තිදෙනෙක් හඳුනාගනී
    http://www.adaderana.lk/sinhala/news.php?nid=12089

    ReplyDelete
  20. 1) http://www.divaina.com/2010/11/13/news11.html
    2) http://www.dinamina.lk/2010/11/13/_art.asp?fn=n1011139
    3) http://www.adaderana.lk/sinhala/news.php?nid=12089
    4) http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=6228%3A2010-11-12-03-53-58&catid=3%3Anews-right

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා