විදුලි බල මණ්ඩල මූලස්ථාන ඉදිරිපිටදී ආණ්ඩුවට කඩේ ගිය අහිංසකයන්ට ඇමති චම්පික පොලිසිය ලවා කළ දේ

(2010 නොවැම්බර් 25, W3Lankaලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් උපුටා ගනු ලැබූ මෙම ඡායාරූපයේ සිටින පිරිස නොවැම්බර් 23දා උදේ කොළඹ කොටුවේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට රැස් වුණේ තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා අඛන්ඩ උද්ඝෝෂණයක් කිරීමටයි. 


බහුතරයක් තරුණයන් වූ මෙම පිරිස වෙනත් සමාගම් දෙකක් හරහා විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනමින් සේවය කළ 4000ක පිරිසක් නියෝජනය කළ හ. 


පසුගිය මැතිවරණවලට පෙර අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙම පිරිස කොළඹට ගෙන්වාං, ඔවුන් ස්ථිර කරන බවට පො‍රොන්දුවක් දී, ඔවුන්ට ඡන්දයට වැඩ කරන ලෙස දැනුම් දෙන ලදී. ඔවුන් 4000ට දෙන ලද ඉලක්කය වන්නේ ඡන්ද ලක්ෂ හතරකි. රස්සාව ස්ථිර කර ගැනීම පිණිස ඔවුහු සිය පවුල් සාමාජියන් හා ඥාතීන් ආදීන් ද ආණ්ඩුවට ඡන්දය දීමට පෙළඹවූ හ. 


මේ අතරින් සෑහෙන පිරිසක් සිංහලයෝ වෙති. සිංහලයන් විසින් මෙවැනි උද්ඝෝෂණ සෑහෙන සංඛ්‍යාවක් කර බලයට ඔසවා තබන ලද වර්තමාන විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක දැන් මෙම පිරිස අමතක කර තම උවමනාව පරිදි 1500ක පිරිසක් විදුලි බල මණ්ඩලයට බඳවා ගන්නට යන නිසා මෙම පිරිස සිය සේවය ස්ථිර කර ගැනීම පිණිස මෙම උද්ඝෝෂණය ආරම්භ කළ හ. 


පිළි ගන්න. තනිකර ම, මහජනතාවගේ කර පිටින් ම බලයට ආ මේ ඇමති මෙම පිරිස සමග කිසිදු සාකච්ඡාවකට සූදානම් නැත. එපමණක් නොව, මේ නව නට්සිවාදීහු අඩු තරමේ උද්ඝෝෂණයකට හෝ ඉඩක් නො තබති. 


පොලිසිය හා හමුදාව මෙම පිරිස විසුරුවා හැරිය අන්ද ඔබ දන්නවා ද? රාත්‍රී දහයට පමණ බස් රථ කීපයකින් විදුලි බල මණ්ඩලය අභියසට පැමිණී පොලිසිය හා හමුදාව වහා එතැනින් ඉවත් නො වුවහොත් පහර දෙන බවට තර්ජනය ක‍ළ හ. උද්ඝෝෂකයන්ට කතා කිරීමටවත් ඉඩක් නො දුන් මේ නීතිය හා සාමය රකින්නෝ වහා පිට වී නො ගියහොත් සියලු දෙනාට පහර දෙන බවට කෲර ලෙස තර්ජනය කළ හ. 


සිය උද්ඝෝෂණය නතර කර සාමකාමීව විසිර යන්නට තීරණය කළ මෙම පිරිසට පොලිසිය කොළඹ කොටුව දෙසට යාමට හෝ ඉඩ නො දුන් හ. මීටර් 300ක් පමණ ඉදිරියෙන් තිබූ කොටුව දුම්රියපොළ දෙසට යන්නට ඔවුන්ට ඉඩ නො දුන් පොලිසිය ඔවුන් ඩී.ආර්. විජේවර්ධන මාවත දෙසට පළවා හැරිය හ. කොළඹට බැහැරින් පැමිණ සිටි විශාල පිරිසක් ද ඇතුළත් වූ රැකියා අපේක්ෂිත මේ තරුණයෝ ඒ රාත්‍රියේ ඒ පාළු වීදිය දිගේ කිලෝමීටර ගණනාවක් පයින් මරදානට ගොස්, එතැනින් බස්වල නැඟී හෝ පයින් ම කොළඹ කොටුවට පැමිණ, රෑ අගුපිල්වල, බස්වල ගෙවා බලාපොරොත්තු සුන්ව ගෙදර යන්නට ඇත. 


මැතිවරණ සමයේ මවන ලද දෘෂ්ටි මායාව මැකී යමින් පවතී. මේ වනාහි යථාවබෝධය පහළ වන සමයයි. හෙට.......?


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. බල්ලන්ට ගරහන්න ඕන වැඩේ කරගන්නකන් විතරයි...

    ReplyDelete
  2. munta mehema wela madi..moda haththa...

    ReplyDelete
  3. munta hodama wade...labana parath chandeta wada karapan..

    ReplyDelete
  4. @AUTHOR mewa liyanna baya nedda?

    ReplyDelete
  5. මේක නම් අජිත් පැරකුම් ජයසිංහ වැන්නකුටම ලිවිය හැකි අන්දමේ අමු ගොන් කතාවකි.

    රස්සා ස්ථිර කරන්න පොරොන්දු වුණේ බැසිල් නම් ඒ ගැන ඇසිය යුත්තේ බැසිල් ගෙනි. චම්පික රණවකට ඒ ගැන බල කර පලක් නැත.

    අනෙක මෙවන් උද්ඝෝෂණ වලට කඩේ යෑමෙන් අජිත් පැරකුම් කරන්නේ දේශපාලන සම්බන්ධතා මත රජයේ රැකියා ලබාදීම සාධාරණීකරණය කිරීමකි.

    අර පක්ෂයට මේ පක්ෂයට කඩේ ගිහින් රස්සා ගන්න බැරි බව මේ උලමුන්ට දැන්වත් තේරුණා නම් ලොකු දෙයකි. මරදානට පයින් ඇවිද්දවන්න ඇත්තේ ඒ ටික තේරුම් කරන්නට විය යුතුය. ලබන සැරේ වත් ඔවුන් කඩේ යෑමෙන් වැළකී සිටිනවා ඇත.

    ReplyDelete
  6. මේ අසරණයින්ගේ කළ හොඳ පස්සෙන් එලවීම මෙතැනින් නතර නොවී පසුදින සේවය කිරීමේ අවස්තාවටද කෙළ වී ඇත. සරලව කියන්නේ නම් මේ දවස් පඩි කාරයින්ගේ දවසක පඩියට නිකම්ම තට්ටු වී ඇත. එය එසේ මෙසේ ගානක් නොවේ, රු.500-800 අතර විශාල මුදලකි.

    මොවුන් කඩේ යැවූ සුධීමතුන් අතර සිටින්නේ බැසිල් හා චම්පික පමණක් නොවේ. විමලේ අයියා ගේ UN නාඩගමට හා Dr. PR මර්වින් ගේ කැළණියේ ජෙප්පන් බංග කිරීමේ තොවිලයටද මේ මැට්ටන් නොමසුරුව දායක වූහ. (අපරාදෙ කියන්න බෑ. මුන්ට මොනවා නැතත් එලකිරි වගේ යුනියන් ලොක්කො ටිකක් නම් ඉන්නවා.)

    පවතින තත්ත්වය අනුව කිව හැක්කේ මුන් ටික චම්පික රණවක ලංවිමට බඳවා ගැනීමේ යම් සම්භාවිතාවක් ඇත්නම් සිරිපාලට හෝ සිරිසේනට අගමැති වීමට ඊට වඩා ඉහළ සම්භාවිතාවක් ඇති බවය.

    ~Kelum

    ReplyDelete
  7. 2004 දී කෘතිමව ඇති කරන ලද සත්‍ය ග්‍රහ, උපවාස හා පිකටින් වලට ගොස් උපවාසකරුවන්ට තැබිලි පෙව් ආණ්ඩුවේ නරුම දේශපාලකයන් මේ උද්ඝෝෂකයන්ට එළව එළවා පහර දීම ආණ්ඩු පාක්ෂිකයන්ට අභාවවාචක අත්දැකීමකි.

    කෝ දැන් සිංහලයන් වෙනුවෙන් කෑ ගසන්නන් සිටින්නේ කොහේද?

    ReplyDelete
  8. at editor
    why you have changed the page structure. earlier we could have gone to the next post by browsing down. now you have inserted popular posts instead. i do not mind having popular posts, but please insert the facility we had before.

    ReplyDelete
  9. කොන්ත්‍රාත් පදනමින් ගත්තු එවුන් ස්ථිර කරන්න ලු! ඇයි යකෝ කොන්ත්‍රාත් පදනම කියන එකේ තේරුම නොදන්න බබ්බු ද මුන්? දොස්තරල ලක්ෂ 2 ක් ඉල්ලුවම මු රට හෙලවෙන්න කෑ ගැහුව. කොන්ත්‍රාත් ගත්ත එවුන් අසාධාරණ ඉල්ලීම් කරද්දී මුගේ කටෙයි *කෙයි දෙකේම පිට්ටු!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා