ජවිපෙ ධෛර්යය හා විලි ලජ්ජා නැතිකම | Courage and the shamelessness of JVP
(2010 නොවැම්බර් 18, W3Lanka) සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ජවිපෙ සහෝදරවරුන් පිරිසකට යාපනයේදී ගුටි කන්නට සිදු විය. ගුටි කෑවේ යාපනයේ හිටපු මන්ත්‍රිනී පද්මිනී සිදම්බරනාදන්ගේ ගෙදරදී ය.
මේ පද්මිනී එදා ජවිපෙට කොටි දෙනකි. මන්ද, ඇය කොටි සංවිධානයේ බහුජන අංශයක් වූ පොංගු තමිල් සංස්කෘතික කණ්ඩායමේ නායිකාවක වූ නිසා ය. කොටින්ට ද ඒ දිනවල ප්‍රධාන සතුරා වූයේ ජවිපෙ ය.
මේ දෙගොල්ලන් එදාත් යැපුණේ එකිනෙකාගෙනි. ඒ එකිනෙකා සතුරා කරගෙන ය. දැන් දෙගොල්ලෝ ම හාන්සි ය. ඒ නිසා උතුරේත්, දකුණේත් (සුළු ධනේශ්වර) පංති සමගිය සඳහා පසුබිම දැන් හැදී ඇති බව පෙනේ.
ජවිපෙ උද්ඝෝෂණය කරන්නේ යුද සමයේ අතුරුදහන් වූවන්ගේ නම් හෙළි කරන්නැයි කියා ය. කාලයක් ජවිපෙ පෙනී සිටියේ කොටි සංවිධානය සමතලා කර දැමීම වෙනුවෙනි. ජවිපෙ තමන් විසින් ම ගොඩනඟන ලද ආණ්ඩුවට මුලින් විරුද්ධ වුණේ ආණ්ඩුව යුද්ධය හරියට නො කරන බව කියමිනි. අන්තිමේදී ආණ්ඩුව යුද්ධය ජවිපෙ බලාපොරොත්තු වූ අන්දමින් කළේ ය. අතුරුදහන් වීම් එහි අතුරු ඵල වේ. මේ අන්දමින් දෙමළ අරගලය මර්දනය කරන්නැයි ඉල්ලා සිටි අය අතුරුදහන් වූවන්ගේ නම් හෙළිදරව් කරන්නැයි කියා අතුරුදහන් කිරීම් කළ අයගෙන් ඉල්ලා සිටීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීම වැනි ය.
කෙසේ වෙතත්, තවමත් නීති විරෝධී අන්දමින් රඳවාගෙන තිබෙන පුද්ගලයන්ට හා ඔවුන්ගේ පවුල්වල අයට ජවිපෙ උද්ඝෝෂණය හරහා යම් සහනයක් අපේක්ෂා කළ හැකි ය. එහෙයින් එය ප්‍රජාතන්ත්‍රවාදය දෙසට තැබූ සාධනීය පියවරක් ලෙස සැලකිය හැකි ය. යාපනයට ගොස් මේ දේ කරන්නට ධෛර්යයක් හා විලි ලජ්ජා නැතිකමක් තිබීම ජවිපෙ සතු සුවිශේෂ ලක්ෂණයකි.
ජවිපෙ ලංකාව නම් ජාඩියට මූඩිය වේ. ලංකාවේ මිනිසුන්ගේ ප්‍රතිපත්ති විරහිතකමට ජාතිභේදයක් නැත.
ජවිපෙට දෙමළ ජනයා ගැන හා කොටි සංවිධානය සමග එක්ව සටන් කර මිය ගිය මිනිසුන් ගැන සැබෑ කැක්කුමක් තිබුණා නම්, ජවිපෙ උත්සාහ කළ යුතුව තිබුණේ සාකච්ඡාමය විසඳුමක් වෙත කොටි සංවිධානය හා ආණ්ඩුව යොමු කිරීමට උත්සාහ කිරීමයි. එහෙත්, ජවිපෙ මෙන් ම කොටි සංවිධානය ද හැම විට ම කළේ සම්මුතියකට එළඹීමට ඇති ඉඩ වසා දැමීමයි. නිදසුනක් ලෙස සුනාමි සහන මණ්ඩලය ඔස්සේ ආණ්ඩුව හා කොටි සංවිධානය එක්ව වැඩ කිරීමේ ව්‍යූහයක් සැකසුණ විට ජවිපෙ කළේ එයට එරෙහිව අධිකරණයට ගොස් එය කඩාකප්පල් කිරීමයි. සම්මුතියට අකැමැති වුණත් ඒ වෙත තල්ලු වන්නට සිදු වී තිබුණු කොටි සංවිධානයට ජවිපෙ ක්‍රියාව ආශිර්වාදයක් විය.
සටන්කාමී දෙමළ ජාතිකවාදී නායකත්වය සමූලඝාතනය කරන්නට සලස්වා දකුණෙන් ගොස් එහි නායකත්වයක් පැළ කිරීමට ජවිපෙ දරන උත්සාහය ම ජාතිවාදී වේ.
දැන් තිබෙන අනෙක් ප්‍රශ්නය සුනිල් හඳුන්නෙත්තිට පහර දුන්නේ කවුරු ද යන්නයි. හඳුන්නෙත්තිගේ තුවාලයේ ලේ ගැලීම නතර වන්නත් පෙර ආණ්ඩුව පැත්තෙන් කියැවුණේ පහර දුන්නේ කුපිත වූ මහජනයා බවයි. කුපිත වූ මහජනයාට නීතිය අතට ගත හැකි නම් රටකට පාලනයක් අවශ්‍ය නැත. ඔය කොයි කවුරුත් අවසානයේ මහජනයාට අයත් වන බැවින් ඒ කතාවේ බොරුවක් ද නැත. එහෙත්, මෙච්චර හමුදාව ඉන්න යාපනයේ මේ කුපිත වූ මහජනයාගෙන් එකෙකු හෝ අත්අඩංගුවට ගන්නට බැරි වීමෙන් පෙනෙන්නේ කුමක් ද? ආරක්ෂක විධිවිධාන දුර්වල බව ද? ආරක්ෂක අංශවල ඇස වසා මෙවැනි නීති විරෝධී ජන රාශිවල යෙදෙන පිරිස් තවමත් සිටින බව ද?
කවුරු පහර දුන්නත් එකක් පැහැදිලි ය. එනම්, උතුරේ ත්‍රස්තවාදය ද අවසන් නැති බව ය.
Bookmark, remember easily and come again www.w3lanka.com

ඇත්තටම ලංකාවේ දේශපාලකයෝ කොයි තරම් අවස්තවාදීද කියන එක මෙයින් පැහැදිලියි. හැබැයි JVP එකේ අවස්ථාවාදී කමෙන් උන්ටත් වැඩක් නැහැ රටටත් වැඩක් නැහැ. JVP එක නිසා හැමවිටම SLFP එකට වාසියල් ලැබුනි කියන එකයි මගේ කල්පනාව. ඒ වුනත් මේ මනුස්සය ලේ පෙරාගෙන ඉන්න හැටි දක්කම් දුක හිතෙනවා. දේශපාලනේ පැත්තකින් තියල මේ ඔලු ගෙඩි පලා ගන්නා වනචාරි ගති ගුණ මුලින්ම නතර කල යුතුයි. අපි ගොඩාක් ගැඹුරු දේවල් දේශපලිනකව සහ සාමජීයව කතාකලාට මුලික ප්‍රශ්නය එතන නෙමේ තියෙන්නේ. මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් කෙනෙකුගේ ඔලුව පලන, හිරේ දාන මානසිකත්වය වෙනස් කල යුතුයි. මේවා දකින දරුවෝ කොහොම හැදෙයිද කියන්නත් බැහැ. උන් අපි මහා එවුනට වැඩිය එහාට ගිහිල්ලා කිරි බෝතලේට මර ගනියි. අපේ මනුස්සකම , කෙනෙකුට හිංසා කරන්න තියෙන මැලිකම වගේ දේවල් නැවත අපතුල ඇති කලයුතුයි.
ReplyDeleteLankaHelp +1
ReplyDeleteJVP යනු නායකාගේ සිටම අවස්තාවාදී බහුතරයක් ඇති කිසිදා බලය නොලැබෙන පක්ෂයක්ය
හොඳම කතාව ඕක නොවෙයි,මතකද ජ්.වි.පෙ ඉස්සර කිව්වේ විරෝධාර රණ්විරුවන් ගැන දැන් කියන්නේ අපිට ගැහැව්වේ ආරක්ෂක අංශයේ අයළු,සිංහලලු කතා කලේ,කොටි සිරස තමයි මඩ ඔක්කෝම ප්‍රචාරය කරන්නේ,දැන් සිරස නැත්නම් මුන්ට කතා සාප්පු දාන්න තැනක් නැ.ඉස්සරම 88-89 කාලයේ කිව්වේ නිල ඇඳුම් ලා ගත්තත් හාමුදාවේ ඉන්නේ කම්කරුවන් කියලා,ඇත්තටම ජ.වි.පෙ කියන්නේ දේශපාලන හුජ්ජා කොල්ලෝ.විශ්වවිද්‍යාල ජ්.වි.පෙ අය දැන් යු.ඇන්.පි එවුන්ගේ රෙද්ද අස්සේත් රින්ඟනවා.හිරිකිතයි.
ReplyDeleteඔය කතා සේරම වැරදියි. මොකද යුද්දෙ කලා තමයි. ඒක ඉවරයි. දැන් තියෙන්නෙ උතුරේ ජනජීවිතය සාමාන්‍ය කරණ එක. ඇයි ආන්ඩුවට බැරි ක්‍දවුරුවල ගාල්කරල ඉන්න දෙමල තරුණ තරුණියන් ගැන විස්තරයක් එලියට දානන්. අඩුමතරමෙ ඒ අම්මලාට සැනසීමක්වත් තියේවි. අනික ඔය හැමෝම කොටි නෙවෙයිනෙ. දෙමල තරුණ තරිණියන්ව කොටිබවට පත් කරපු කේපී, පිල්ලෙයාන්, කරුණ අද ආණ්ඩුව එක්ක මහින්ද එක්ක කිරිබත් කනව. උනිට බයේ කොටි වෙච්ච කොල්ලො කෙල්ලො ගාල්කරල වද දෙනව. ඔන්න ඔක නවත්වලා සියලු දෙනාට නිදහසේ ඉන්න පුලුවන් රටක් හදන්නයි අපි මේ මහින්දට බලකරනනෙ.
ReplyDelete@LankaHelp
ReplyDeleteලංකාහෙල්ප් ගේ අදහස් අගයමි....