ජවිපෙ ධෛර්යය හා විලි ලජ්ජා නැතිකම | Courage and the shamelessness of JVP
( 2010 නොවැම්බර් 18, W3Lanka ) සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ජවිපෙ සහෝදරවරුන් පිරිසකට යාපනයේදී ගුටි කන්නට සිදු විය. ගුටි කෑවේ යාපනයේ හිටපු මන්ත්‍රිනී පද්මිනී සිදම්බරනාදන්ගේ ගෙදරදී ය. මේ පද්මිනී එදා ජවිපෙට කොටි දෙනකි. මන්ද, ඇය කොටි සංවිධානයේ බහුජන අංශයක් වූ පොංගු තමිල් සංස්කෘතික කණ්ඩායමේ නායිකාවක වූ නිසා ය. කොටින්ට ද ඒ දිනවල ප්‍රධාන සතුරා වූයේ ජවිපෙ ය. මේ දෙගොල්ලන් එදාත් යැපුණේ එකිනෙකාගෙනි. ඒ එකිනෙකා සතුරා කරගෙන ය. දැන් දෙගොල්ලෝ ම හාන්සි ය. ඒ නිසා උතුරේත්, දකුණේත් (සුළු ධනේශ්වර) පංති සමගිය සඳහා පසුබිම දැන් හැදී ඇති බව පෙනේ. ජවිපෙ උද්ඝෝෂණය කරන්නේ යුද සමයේ අතුරුදහන් වූවන්ගේ නම් හෙළි කරන්නැයි කියා ය. කාලයක් ජවිපෙ පෙනී සිටියේ කොටි සංවිධානය සමතලා කර දැමීම වෙනුවෙනි. ජවිපෙ තමන් විසින් ම ගොඩනඟන ලද ආණ්ඩුවට මුලින් විරුද්ධ වුණේ ආණ්ඩුව යුද්ධය හරියට නො කරන බව කියමිනි. අන්තිමේදී ආණ්ඩුව යුද්ධය ජවිපෙ බලාපොරොත්තු වූ අන්දමින් කළේ ය. අතුරුදහන් වීම් එහි අතුරු ඵල වේ. මේ අන්දමින් දෙමළ අරගලය මර්දනය කරන්නැයි ඉල්ලා සිටි අය අතුරුදහන් වූවන්ගේ නම් හෙළිදරව් කරන්නැයි කියා අතුර...