උදුල්, සුබ ගමන්! ගිහින් එන්න! | Valediction to Udul Premarathna

(2010 නොවැම්බර් 01, W3Lanka) ලංකාවේ දේශපාලන සිරකරුවෝ බොහෝ ය. ඔවුන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා කුමක් වෙතත්, ඔවුන් සිරගත ව සිටින්නේ එම චෝදනා නිසා නො ව දේශපාලනය කළ නිසා ය.


ඔවුන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා නො වැදගත් වන්නේ එවැනි චෝදනා එල්ල කළ හැකි තවත් බොහෝ අය නිදැල්ලේ සිටියදී ඔවුන් පමණක් තෝරාගෙන සිරගත කර ඇති නිසා ය.


ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ලෝකය ම දන්නා බැවින් අටුවා ටීකා ලියන්නට අවශ්‍ය නැත.


අපි එක් දේශපාලන සිරකරුවකු ගැන පමණක් ලියන්නෙමු. ඒ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ‍කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ය.


උදුල් ජවිපෙ පූර්ණකාලිකයකු බව හා ජවිපෙ විසින් ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා ගොඩනඟන ලද පුද්ගලයා බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.


ලංකාවේ වත්මන් දේශපාලන තත්වයට ජවිපෙ සහ කොටි සංවිධානය තරම් වෙනත් කිසිදු දේශපාලන ව්‍යාපාරයක් වග කිව යුතු නැති බව ද, රාජපක්ෂ පවුල පවා ඔවුන්ට සාපේක්ෂව අඩු වරදකරුවන් බව ද අපේ දේශපාලන ස්ථාවරයයි.


ජවිපෙ සහ කොටි සංවිධානය සුවිශේෂ වන්නේ ඔවුන් පීඩිත ජනතා ව්‍යාපාරයන් වන නිසා හා ඔවුන්ගේ මුග්ධ උපාය මාර්ගයන් හේතුවෙන් පීඩිතයන් කබලෙන් ලිපට වැටුණු නිසා ය. ලංකාවේ සමාජය පසුගාමිත්වය දෙසට යොමු වූ නිසා ය. 


උදුල් ප්‍රේමරත්න අත්අඩංගුවට ගැනීම හා බලාපොරොත්තු විය හැකි අන්දමින් දීර්ඝ කාලයකට සිර ගත කිරීම හමුවේ "ඕකුන්ට හොඳ වැඩේ!" හෝ "හූ! හූ! ඇද්ද තොපට!" හෝ කියා සරදම් කරන්නට අපට ද පුළුවන. එහෙත්, අපි එසේ නො කරන්නෙමු. 


උදුල් ප්‍රේමරත්නගේ බලාපොරොත්තු විය හැකි සිරගත වීම දේශපාලනිකව කියවන්නට අපි උත්සාහ කරමු. 


උදුල් සැඟවී සිටි තැනින් පිටතට පැමිණ ප්‍රසිද්ධ ස්ථානයකදී අත්අඩංගුවට පත් වීම, භාර වීම නම් නින්දිත ක්‍රියාවක් ලෙස සිය පාක්ෂිකයන් විසින් හඳුනා ගත හැකි තත්වය වෙනුවට කළ හොඳ තෝරා ගැනීමකි. ඔහු ඉවත් වනවාත් සමග ම අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව නායක පිරිසක් ඉදිරියට පැමිණ ඇත. 


උදුල් ප්‍රේමරත්න හසු කර ගැනීමට ආණ්ඩුව ඇටවුයේ සරළ උගුලකි. ගේට්ටු අගුල් බුරුල් කර, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් බිමට ප්‍රචණ්ඩ උද්ඝෝෂකයන් පිරිසක් යොමු කර ගත් පොලිසිය එයින් 21දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය. මේ අතරින් උදුල්ට එරෙහිව සාක්කි දීම සඳහා පිරිසක් ඉදිරිපත් වනු ඇත. පොදු දේපල විනාශ කිරීම යන චෝදනාවට දිය හැකි උපරිම දඬුවම උදුල්ට දීමට ආණ්ඩුව වග බලා ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. 


උදුල් සිර ගෙට යන්නේ වත්මන් තත්වය නිර්මානය කර දුන් සෝමවංශලාගේ, ටිල්වින් සිල්වලාගේ, ලාල් කාන්තලාගේ පරපුරේ පාප කඳට දෝස විඳීමට ය. 


ඒ සමග ම ජවිපෙ අභ්‍යන්තරයේ අපේක්ෂා කළ හැකි සාධනීය වෙනසක් තිබේ. අවස්ථාවාදයට ගොදුරු වූ ජවිපෙ පැරණි පරපුර අතින් පක්ෂ උරුමය සියතට ගැනීම සඳහා උදුල් ප්‍රේමරත්නලා, ජීවන්ත ජයතිස්සලා විසින් නියෝජනය කරනු ලබන පුළුල් මනසක් ඇති, බුද්ධිමත් නව පරපුරට අවශ්‍ය බලපත්‍රය උදුල්ගේ සිරගත වීමත් සමග ලියැවේ යයි අපි ප්‍රාර්ථනා කරමු. 


විශ්ව විද්‍යාල සිසුන් ජවිපෙ බලාපොරොත්තු වූවාටත් වඩා ප්‍රචණ්ඩ ලෙස ආණ්ඩුවට එරෙහිව සටනට පිළිපන්නේ ය. ඒ අද වන විට උපාධි අපේක්ෂකයා මුහුණ දී සිටින අසහනකාරී තත්වය හා ඉදිරියේ තිබෙන අනාරක්ෂිත අනාගතය හේතුවෙන් ය යන්න අපගේ කියවීමයි. සරසවි සිසුවෝ නියමිත වෙලාවට කලින් බෝම්බයේ පින් එක ඇද ගත් පිරිසකි. එවැනි පිරිසකගේ සටන අතේ පත්තු වී පරාජයෙන් කෙළවර වීමට ඇති ඉඩ වැඩි ය. 


රටේ ජනතාව ඉන්නේ ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘතිවලින් උද්දාමයට පත් වී ය. මෙම ලිපිය කියවන්න:‍ 
එහෙත්, ආණ්ඩුව යන්නේ අතුරක ය. අනාගතය ඔවුන් සිතූ තරම් සොඳුරු නො විය හැකි ය. ඉදිරියේදී අපේක්ෂා කළ හැකි ණය අර්බුදයෙන් ගොඩ එන්නට නම් ලංකාවට විශාල වශයෙන් ඍජු විදේශ ආයෝජන පැමිණිය යුතු ය. 

දැනටමත්, ජනතාව ඉන්නේ දැඩි ආර්ථික පීඩනයකයි. අනාගතය පිළිබඳ අවිනිශ්චිත අනාරක්ෂිත තත්වයකයි. බදු ගසන්නට දැන් වෙනත් දෙයක් ඉතිරි වී නැති තරම් ය. ආණ්ඩුව කරේ තබාගෙන යන පිරිස පවා අසහනයට පත් වන තරමට තත්වය බරපතල ය.

මෙවන් පසුබිමක් තුළ රටේ ප්‍රචණ්ඩත්වය වැඩි වීම ආණ්ඩුවට ආශිර්වාදයකි. නව ත්‍රස්තවාදයක් බිහි වන්නේ නම් ආණ්ඩුව වඩාත් කැමති වනු ඇත. මන්ද, සිය නො හැකියාවන් වසා ගැනීමට ආණ්ඩුවට අලුත් බිල්ලෙකු අවශ්‍යව ඇති හෙයිනි. 



මෙවන් පසුබිමක් තුළ ජනතා ව්‍යාපාරවල නායකයෝ අතිශය බුද්ධිමත් විය යුතු ය. ප්‍රචණ්ඩත්වය සඳහා ජනතාව වෙතින් ඇති වන ස්වාභාවික නැඹුරුවට ඉඩ නො දීම අත්‍යවශ්‍ය ය. මන්ද මහජනයා අතරින් මතු වන ප්‍රචණ්ඩත්වයන් ආණ්ඩුවට පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය තත්වයක් වන හෙයිනි. 


මේ වනාහි පීඩිත ජනතා ව්‍යාපාර ආණ්ඩුව සමග කොන්දේසි විරහිත සටන් විරාමයකට යා යුතු අවධියකි. ආණ්ඩුවට තමන්ගේ පාඩුවේ ජනතා ප්‍රශ්න විසඳා දිය හැකි තරම් සාමකාමී තත්වයක් දේශපාලන පෙරමුණේ නිර්මානය කර දිය යුතු ය. 


ඒ අතර, පොරොන්දු ඉටු කරන්නැයි ජනයා වෙතින් මතු වන ඉල්ලීමට ආර්ථික පෙරමුණේදී ප්‍රගතිශිලීන්ගේ සහාය හිමි විය යුතු ය. ආණ්ඩුව විසින් ලබා ගන්නා ලද ජනවරම ජනතා ප්‍රශ්න විසඳීම සඳහා යොදා ගැනීමට පූර්ණ ලෙස ඉඩ දෙමින් දේශපාලන පෙරමුණ ආණ්ඩු පෙරළීමේ දේශපාලනයෙන් නිදහස් කර දිය යුතු ය. 


සෝමවංශ අමරසිංහලාට. ටිල්වින් සිල්වලාට, ලාල් කාන්තලාට විශ්‍රාම සුවයෙන් කල් ගෙවීම සඳහා පහසුකම් සලසා දී ජනතාව අතර නව දේශපාලන සංවාදයක් ආරම්භ කරන්නට ජවිපෙ නව පරපුර උනන්දු විය යුතු ය. 


සමාජවාදය යනු කෙසේ හෝ බලය ගැනීම නො වේ. අද දවසේ නම් සමාජවාදය යනු නව සමාජයක් පිළිබඳ හා නව මිනිසෙකු පිළිබඳ අලුත් කතිකාවකි. 


මේ ක්‍රමය නිර්මානය කර දුන් අය හා එය කර තබාගෙන සිටිනවුන් සිය ප්‍රමෝදයේ සුරතාන්තයට පැමිණෙමින් සිටිති. ඔවුන්ට එය විඳ ගන්නට ඉඩ දීම කාගේත් යුතුකමකි. 


උදුල්, හිතන්න, අලුත් වන්න විවේකයක් ගන්න.


සුබ ගමන්! ගිහින් එන්න!


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. අනේ හොඳයි. පැරකුම් මස්සිනාට සුබ පතල තියෙන්නෙ.

    ReplyDelete
  2. This is not a fair critic about JVP and IUSF. Through JVP nobody has established money or any other properties. JVP truly works for the country future, when JVP was working strictly in democratic manner in 1977 to 1983; Jayawardana proscribed JVP without any valid reason. Since 1994 up to now JVP is working in very good democratic manner without breaching any democratic norms. JVP has a wider agenda for the country. Without JVP Mahinda Rajapaksa won't win the last presidential election. JVP has already known about Mahinda Rajapaksa, but they gave priority for the country's safe guard and unitary states of the country. Their main aim was stopped separatism, therefore uprising of the (JVP) party vote base, JVP sacrificed for the country's safe guard. (1994 to 2001 JVP gained 1 pm to 16 pms in the parliament). At that time JVP was in increasing trend in the country (even now).

    Governments in Sri Lanka (especially since 1977) never had given civil liberty rights to the people. That is the major problem not the JVP. This should be the common agenda. We do not have freedom, even media freedom. This oppressed situation is creating by Mahinda Rajapaksa regime not the JVP.

    When we come in to the real issue Inter University students’ federation agitation campaign, nature of the students is vary. Government so far has not considered any of their issues. Instead of discussing with them ministry of higher education has deployed police to attack the student. We have to look at this issue, in student level. Students have rights to joint with any political vision. If students involve with wrong doing, law should be implemented against them. I am asking from the writer how to take the student struggle forward in Sri Lanka. They have discussed within the students union and they have forwarded their demands to the appropriate authority. Authority has never given a solution therefore students gradually put their pressure in to the government.

    What I feel; this writer has second thought in his mind. The writer likes to get JVP cracks down in Sri Lanka. You haven’t seen any issues regards to the government. If you know strategies you should state down for us to know. The writer has to put his view about government, minister of higher education and thugs attacks against students. Otherwise you are oppressing the oppressed people. I need you to explain how we can come out of this chaos situation.

    JVP belongs to unprivileged masses. They are fighting for mainly for their rights and to established fair society in the country. JVP members or the leaders they don't have individual agendas, if somebody has such ideas they will get the same fate as Wimal Weerawansa received.

    I emphasise to the writer that JVP is taking decision within scientific method. No other political party in Sri Lanka applied this mechanism.

    I am not a jvp member but i am supporting THE JVP>>>>

    ReplyDelete
  3. Wimal your analysis is quite right.Many people forget the past and look at things.On the other hand they are unable to distinguish between state terrorism. People like Rajitha everytime blame the JVP for 89/90 mascares,but very few people know Rajitha was one of the leaders of PRRA which was responsible for mass killings.I too am not a JVPer but as I see the only deciplined political party in Sri Lanka today is the JVP, the others are not political parties but just groups of people whose main aim is to make money.

    ReplyDelete
  4. Dear Ajith,

    this is nothing to do with Udula or JVP.
    But its good if you could write something about the in efficiency of government service.

    People try hard to get a government job to stay idle, and get pension.

    when we go to a government office to get something done, we have to go at least 4-5 times, pay some commission to various people and so on,

    why don't u write on that?

    ReplyDelete
  5. උදුල් යන්න....
    ගිහින් පොන්සේකා එක්ක ආතල් එකේ ඉන්නත...
    ආයෙ එන්න එපා....
    අඩුම ගානේ කොල්ලෙක් දෙන්නෙක් හරියට ඉගෙනගෙන
    ජීවිතේ ගොඩ දා ගනීවි....
    උදුල් යන්න.... ගිහින් එහේම ඉන්න....
    එළියට දාපු දාට සෝමවංසගෙ පස්ස හෝදන රස්සාව ලැබේවි....
    එදාට හිතෙයි අපරාදෙ දත් දොස්තර රස්සාව කියලා...
    උදුල් යන්න... අනිත් අයට උදළු දාන්නෙ නැතිව
    උදුල් යන්න.... ගිහින් ඉන්න.....

    ReplyDelete
  6. ජවිපෙට මේ මොහොතේ මඳකට හෝ ෆොන්සේකා බිමින් තබන්නට සිදුව ඇත.
    අන්තරයට මේ මොහොතේ මඳකට හෝ ද්වාරකා බිමින් තබන්නට සිදුව ඇත.
    අප බොහෝ දෙනෙකුට ජවිපෙ හි වසරකට හමාරකට එහා ඉතිහාසය අමතක කරන්නට සිදුව ඇත.
    උදුල් අලුත් මිනිසෙකු ලෙස රිමාන්ඩ් භාරයෙන් එළියට පැමිණීම හා ජවිපෙ නව නායකත්ව පරපුරක් කරළියට නැංවීම අපගේ ප්‍රාර්ථනාව විය හැකිය.
    එහෙත් එකී ප්‍රාර්ථනාවත් එකතැනම කැරකෙන දේශපාලනයත් අතර දුර යළි යළිත් අර්ථ දක්වා ගැනීම අප කාටත් සුබ දායක වනු ඇත.පැරකුම්ගේ ලිපිය එවන් උත්සාහයකට පෙර කියවීමක් බැව් මගේ හැඟීමය.

    ReplyDelete
  7. //මේ වනාහි පීඩිත ජනතා ව්‍යාපාර ආණ්ඩුව සමග කොන්දේසි විරහිත සටන් විරාමයකට යා යුතු අවධියකි. ආණ්ඩුවට තමන්ගේ පාඩුවේ ජනතා ප්‍රශ්න විසඳා දිය හැකි තරම් සාමකාමී තත්වයක් දේශපාලන පෙරමුණේ නිර්මානය කර දිය යුතු ය. //

    මෙම තර්කය හැර ලිපියේ අනෙත් බොහෝ කරුනු ගැන එකග විය හැකියි.ඉහත තර්කය අපැහැදිලියි.පවතින තත්වයනට එරෙහිව මතුවෙන සටන් සීමාන්තික ප්‍රචන්ඩකාරිත්වයක් තකා දිග්ගගැස්සෙන එක පාලනය කරගන්න වගකීම සමාජ ව්‍යාපාර වලට තියෙනවා කියන එක හරි.නමුත් කොන්දේසි විරහිත සටන් විරාමය ගැන කතාවේ තේරුම මොකක්ද?විය යුත්තේ අනෙත් පැත්තයි.එනම් සටන් විරාම රහිත නොනවතින සටනකට මුලපිරීමයි.
    ඔබ දක්වා ඇති ලෙස ආන්ඩුවට ඡන්දය දුන් අය පවා මේ වන විට ආර්ථික කරුනු උඩ අපේක්ෂා භංග වෙමින් තිබෙනවා.දේශප්‍රේමයේ පිරිත් ස්වරය පරයා බඩගින්න ජීවන වියදම විරැකියාව පීඩිත ප්‍රජාවන්ගේ ගැටලු වගේ සිස්ටම් එකේ කචල් මතුවි ගෙන එනවා.ඉදිරියේදි දෙමල ජනයාගේ දුක්ගැනිවිලි ගැන ප්‍රශ්නය මීට එකතු වේවි.රජයේ බල ව්‍යාපාතිය අවුල් වෙන යතුර තියෙන්නෙ මෙතන.රාජපක්ෂ රජ‍යේ ආඥාදායක ගමන අවුල් කර දමන්න නම් රජයට ඉස්පාසුවක් නැති වෙන විදිහට මෙම කරුනු මතු කරගෙන සටන් ඉස්සරහට ගත යුතුයි.සීතලව රාජපක්ෂට වාසිදායකව නිශ්චලව තිබූ දේශපාලන පිටිය උනුසුම් වෙමින් ඒම ආරම්භ වෙන මොහොතේම සටන් විරාම යෝජනා කිරීම ගැටලුකාරීයි.

    ReplyDelete
  8. udul,soyura ithihasaya oba nidos karanu atha,
    oben gilihena kodiya samastha sisu parapura wenuwen apa bara gannemu.
    internet gihin comment liyanna tharam apage panthiya samath nowananamuth,
    apage peedanaya hu kiya ho pita kala uthu wemu.
    paduren apa bimata watunata etharam ganak natha..

    ReplyDelete
  9. @Ramachandra
    අප සටන් විරාමයක් යෝජනා කරන්නේ දේශපාලන පෙරමුණේදී ය. හනම්, ආණ්ඩු පෙරළීම සම්බන්ධවයි. ආර්ථික ඉල්ලීම් සම්බන්ධ සටන් මතු වන්නේ පීඩනයට පත් ජන කණ්ඩායම් අතරිනි. ඒවා වැළැක්වීමට බැරි ය.

    විශ්ව විද්‍යාල සිසුන් අතරින් පැන නැගුණ සටන ද නිදහස හා අනාගතය වෙනුවෙන් වූ ආර්ථික අරගලයකි. එහෙත්, එය ආණ්ඩුවට එරෙහි හුදකලා සටනක මට්ටමට වර්ධනය විය. එය පරාජය වන්නේ අන් හේතුවක් නිසා නො ව ජවිපෙ වටා සිටින සෙසු බලවේගය පවා එය භාර ගැනීමට ැලි වීම නිසා ය.

    පසුගිය ජනාධිපතිවරණයෙන් ජය ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තව ම දෙවන ධුර කාලය සඳහා හෝ දිවුරුම් දී නැත.

    ජනතාව සිටින්නේ මහා සංවර්ධන ව්‍යාපෘතිවලින් නෙත ගිනිකණ වැටී ය. යටිතලයේ ඇති ණය අර්බුදය හා ආයෝජන වර්ධනය සීමිත වීම තව ම ඔවුන්ට හරි හැටි අවබෝධ වී නැත.

    සරළව කිව්වොත්, මේ මොහොතේ ආණ්ඩු විරෝධී දේශපාලන අරගල ඉද්ර්යට ගතහොත්, ඒවා රටේ සිදු වන සංවර්ධනයට අකැමැති ඉරිසියාකාරයන්ගේ ක්‍රියා ලෙස මතු කර දක්වන්නට ආණ්ඩුවට හැකියාව තිබේ.

    සිදු වන බව කියන සංවර්ධනය සිය ජීවිතවලට එය සම්බන්ධ වේ ද යන්න තේරුම් ගැනීමට ජනතාවට කාලය අවශ්‍ය ය.

    ආණ්ඩුව පොරොන්දු වූ පරිදි පීඩිත ජනයාගේ ප්‍රශ්න විසඳිය යුතු ය. බඩු මිළ අඩු කළ යුතු ය. ආදායම් වැඩි කළ යුතු ය. රැකියා සුලබ කළ යුතු ය. අනාගය සුරක්ෂිත කළ යුතු ය. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු ය. ඒ සඳහා කල් දිය යුතු ය. ආණ්ඩුවට එසේ කරන්නට පුළුවන් බව හෝ බැරි බව හෝ තව ම ජනතාවට ඒත්තු ගොස් නැත. මේ වනාහි ඒ සංක්‍රාමීය අවධියයි.

    අනෙක් පැත්තෙන්, දීර්ඝ කාලයක් තිස්සේ ජවිපෙ සහ කොටි සංවිධානය විසින් මුග්ධත්වය වෙත තල්ලු කරන ලද ජනයා සවිඥානක කළ යුතු ය. උඩින් සිට මෙහෙයවීම හෙවත් මැනිපියුලේට් කිරීම දැන් කරන්නේ ආණ්ඩුවයි.

    ජනතාව දැනුවත් කිරීමේ මහා මතවාදී සංග්‍රාමයක් අවශ්‍ය ය.

    දේශපාලන පෙරමුණේ සටන් විරාමයක් අවශ්‍ය බව අප යෝජනා කරන්නේ ඉහත අවශ්‍යතාවන් නිසා ය.

    ReplyDelete
  10. /බඩු මිළ අඩු කළ යුතු ය. ආදායම් වැඩි කළ යුතු ය. රැකියා සුලබ කළ යුතු ය./

    ඒ ටික කරන්නෙ කොහොමද කියල පැහැදිළි කළා නම් අගෙයි. මොකද පැරකුම් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලටත් විරුද්ධයිනෙ. මහා පරිමාණ සංවර්ධනයක් නැතුව ඕව කරන්නෙ කොහොමද?

    ReplyDelete
  11. අපේ තාත්තත් හිටියෙ මහා සංවර්ධන ව්‍යාපෘතිවලින් නෙත ගිනිකණ වැටී ය.හබැයි උන්දට කඩෙන් බඩු ගන්න ගියාම තමයි තරු පෙනිලා තියෙන්නෙ.

    ReplyDelete
  12. උඹලයෙ තාත්ත පඩියෙන් බාගයක් හොර පොට් එකේ කසිප්පු බොන්න වියදම් කළාම එහෙම තමයි. රටේ ලෝකෙ හැමෝටම එහෙම නෑ.

    ReplyDelete
  13. ශ්‍රි ලනිපයෙ පැරනිම චන්දදායකයෙක් වන අපේ තාත්තට එහෙම අපහාස කිරීමෙන් අඟවන්නේ ශ්‍රිලනිප පාක්ශිකයන් සියලුදෙනාම කසිප්පු කරුවන් කියාද?

    ReplyDelete
  14. ajith perakum ta mokada une, ko mu... moko sadda neththe

    ReplyDelete
  15. මම හිතන විදියට කිසිවෙකු නියෝජනය කරන පංති ස්ථාවරය තීරණය වන්නේ ඔහු සේවය කරන පංතිය කුමක්ද යන්න මතයි. ඒක w3ටත් පොදුයි.
    ඒ වගේම හැම විටම පීඩිත ජනතා අරගල සම්බන්ධවන්නේ ඒ සම්‍ඟ මහපොලොවේදී අරගලයට සම්බන්ධවන බලවේගයන් සමඟ මිස සටන් ගැන පෙරවදන් පසුවදන් සපයන, උඩින් හිඳ බ්ලොග්වලින් පුවත්පත්වලින් විප්ලවය කරන්න උත්සාහ කරන ප්‍රායෝගිකත්වයෙන් තොර වඳ න්‍යායයන් සමඟ නොවේ.
    ඒ නිසා ඔබ සහ ජ.වි.පෙ. අතර ඇති ගැටුමද එයයි.
    මේ සටහන සංවාදයක් සඳහා පමණක් නොව නැවත සිතා බැලීම සඳහාද යොදාගන්නවා නම් වඩාත් හොඳයි.

    ReplyDelete
  16. @Anonymous
    "හැම විටම පීඩිත ජනතා අරගල සම්බන්ධවන්නේ ඒ සම්‍ඟ මහපොලොවේදී අරගලයට සම්බන්ධවන බලවේගයන් සමඟ මිස සටන් ගැන පෙරවදන් පසුවදන් සපයන, උඩින් හිඳ බ්ලොග්වලින්, පුවත්පත්වලින් විප්ලවය කරන්න උත්සාහ කරන...."

    ස්පාටකස් කැරැල්ල සමයේ බහුතරයක් පීඩිතයෝ අකුරු ලියන්න, කියවන්න දැන නො සිටිය හ. ස්පාටකස් අකුරු ඉගෙන ගත්තේ අනාගත සමාජ වෙනස්කම් සඳහා එය අවශ්‍ය නිසා ය.

    ඒ කාලයේ ඔබ ස්පාටකස් කැරැල්ලේ සිටියා නම් කියනු ඇත්තේ (ලියන්නට බැරි නිසා) මෙසේ ය. "හැම විටම පීඩිත ජනතා අරගල සම්බන්ධවන්නේ ඒ සම්‍ඟ මහපොලොවේදී අරගලයට සම්බන්ධවන බලවේගයන් සමඟ මිස සටන් ගැන ලියන, කියවන, උඩින් හිඳ අකුරු ලියමින්, කඩදාසිවලින් විප්ලවය කරන්න උත්සාහ කරන...." ආදී වශයෙනි.

    බ්ලොග් ලියන අය මහ පොළවේ අරගලවල නැති ය යන්න ඔබගේ පරිගණක සාක්ෂරතා හීනමානයක ප්‍රකාශනයක් මිස විද්‍යාත්මක සත්‍යයක් නො වේ. බ්ලොග් ලිවීමෙන් විප්ලව කරන්නට බැරි ය. එහෙත් මතවාදී අරගලය පෝෂණය කරන්නට පුළුවන.

    සහෝදරයා වලිගය කපා ගත යුතුව තිබේ.

    ReplyDelete
  17. සමහර විටක රැකියා සඳහා ප්‍රසිද්ධියේ විභාග පවත්වන මුත් එහි ප්‍රතිඵලයක්‌ විභාග අපේක්‍ෂකයන්ට ලැබෙන්නේ නැත. දේශපාලන හෙන්චයියාලට පුරප්පාඩු ලැබෙන රටක පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළොත් සිදුවන්නේ කුමක්‌ද? විභාග සමත් නොවන, සමත් වීමට යත්ත නොදරන හා යන්තම් සමත් වන මැති ඇමැතිවරුන්ගේ ඥති හිතමිත්‍රාදින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් එම පෞද්ගලික විශ්ව විද්‍යාල පිරී ඉතිරී යනු ඇත. ඉන්පසු පුරුදු පරිදි වඩා විධිමත්ව එකී දේශපාලන හෙන්චයියලාට රැකියා ලැබීම සිදුකළ හැකිවෙනු ඇත, එවිට නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් හා අතිමහත් උත්සහයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට තේරී උපාධිය ලබන්නන්ට සිදුවන්නේ කුමක්‌ද? පළමුව සිදුවිය යුත්තේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලවල තත්ත්වය උසස්‌ කිරීම හා උපාධිධාරීනට ඔවුනගේ අනාගතය පිළිබඳව විශ්වාසය ඇති කිරීම නොවේද? එසේ නොකොට එක්‌වරම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමෙන් සිදුවන්නේ අගතියක්‌ හා අසාධාරණයක්‌ පමණි.

    ReplyDelete
  18. හොඳයි උදුල් යමන් ! හැබැයි අයිත් නාවට කමක් නෑ.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා