ආණ්ඩුව නැවතත් උදුල් ප්‍රේමරත්න පසුපස
ආණ්ඩුව නැවතත් උදුල් ප්‍රේමරත්න පසුපස ය. බොරැල්ල පොලිසිය ඔහු වනාතමුල්ලේ පොලිස් මෙහෙයුමට එරෙහි විරෝධය පසුපස සිටියේ යයි පවසමින් ඔහු අත් අඩංගුවට ගන්නට වරෙන්තුවක් ඉල්ලුවත්, අධිකරණය පැවසුවේ ඔහු වරදක් කර ඇත්නම් අත් අඩංගුවට ගැනීමට පොලිසියට පුළුවන් නිසා වරෙන්තුවක් අවශ්‍ය නො වන බවයි. උදුල් ප්‍රේමරත්න මෙම මිලිටරි විලාසී සර්ව රාත්‍රික පොලිස් මෙහෙයුමේදී සාමූහිකව අත්අඩංගුවට පත් වූ ලුම්පන් නිර්ධනයන් වෙනුවෙන් මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරන්නට කටයුතු කළ බව වාර්තා වේ. කලින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ඔහු ක්‍රියාකාරී වූ සමයේ ආණ්ඩුව ඔහු පසුපස ලුහුබඳිමින් ඔහු දැඩි පීඩනයකට ලක් කළේ ය. අවසානයේදී එවකට ඔහුට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ ඔහු අඩුවෙන් අවධානයට ලක් වන තනතුරක් වෙත මාරු කළේ ය. ජවිපෙන් වෙන් වූ පිරිස් ජන අරගල ව්‍යාපාරය බිහි කර ගත් පසු උදුල් ප්‍රේමරත්න නැවතත් ක්‍රියාධරයකු ලෙස අවධානයට ලක් වන්නට වූයේ ය. විශේෂයෙන් ජාතික ප්‍රශ්නය සම්බන්ධ දේශපාලනයේදී ඔහු කැපී පෙනුණේ ය. වෙනත් බොහෝ වාම ක්‍රියාධරයන් තුළ දක්නට නො ලැබෙන අව්‍යාජත්වයක් උදුල් ප්...