Posts

Showing posts with the label සෝමවංශ අමරසිංහ

ජවිපෙ මධ්‍යම කාරක සභාව හෙට - බහුතර බලය සෝමවංශ පිලට

ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා එහි සාමාජිකයන්ට ලියුම් යවා තිබේ.  එම මධ්‍යම කාරක සභා රැස්වීම හෙට පැවැත්වීමට නියමිත ය.  ජවිපෙ නායකත්වයේ මෙම තීරණය ප්‍රේමකුමාර ගුනරත්නම් පාර්ශ්වය අන්දමන්ද කර ඇති බව වාර්තා වේ. හෙට මධ්‍යම කාරක සභා රැස්වීම පිළිබඳ ඔවුන් තවමත් තීරණ්‍යකට එළැඹ නැත.  මේ වන විට ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සංයුතිය මෙසේ ය.  සාමාජික ගණන 23යි. අපගේ නිරීක්ෂණ අනුව, ඒ අතරින් බහුතරයකගේ සහයෝගය හිමි වන්නේ සෝමවංශ අමරසිංහ පාර්ශ්වයටයි.  සෝමවංශ අමරසිංහ පාර්ශ්වය:  ටිල්වින් සිල්වා සෝමවංශ අමරසිංහ අනුර කුමාර දිසානායක විජිත හේරත් නිහාල් ගලප්පත්ති සුනිල් හඳුන්නෙත්ති කේ.ඩී. ලාල් කාන්ත බිමල් රත්නායක ලක්ෂ්මන් නිපුනආරච්ච් සමන්ත විද්‍යාරත්න නලින්ද ජයතිස්ස මහින්ද ජයසිංහ ප්‍රේමකුමාර් ගුනරත්නම් පාර්ශ්වය: ජී. කුලරත්න පුබුදු ජයගොඩ දිමුතු ආටිගල අජිත් කුමාර එස්.කේ. සුබසිංහ රාමලිංගම් චන්ද්‍රසේකරන් දිමුතු අබේකෝන් වරුණ රාජපක්ෂ දුමින්ද නාගමුව චමීර කොස්වත්ත ජිනදාස කිතුලෙගොඩ * * ජිනදාස කිතුලෙගොඩගේ පක්ෂපාතිත්වය පිළිබඳ මෙම සටහන...

ජවිපෙ ගිරා පෝතකයකු සමග පැයක් / An hour with a JVP parrot

Image
ඊයේ කැස්බෑවේ සිදු වූ ජවිපෙ ගුටි ගැසීම ජවිපෙ කණ්ඩායම් දෙක අතර අර්බුදය නව මානයක් කරා යාමකි. දෙපාර්ශ්වය එකිනෙකාගේ ශක්තිය පෙන්වීමේ තරගයක නියැලීමෙන් අනතුරුව දැන් ගැටුම ප්‍රචණ්ඩ අවධියකට එළඹෙමින් තිබේ.  මේ එකිනෙකාගේ ලේ සොලවන්නේ කලක් එකට සිටිමින් අන් අයට එරෙහිව නැඟී සිටි පිරිසකි. ඉතිහාසය පුරා ම වාමාංශික හා විප්ලවවාදී යයි කියන පක්ෂ, කණ්ඩායම්වල ගැටුම් සිදු වී ඇත්තේ මේ අන්දමිනි.  ලේඛකයාට ඊයේ දවසේ ජවිපෙ සෝමවංශ අමරසිංහ කණ්ඩායමේ තරුණ වෘත්තීය සමිති ක්‍රියාධරයකු හමු විය. ලේඛකයා ඔහු සමග සංවාදයක් ඇති කර ගන්නට උත්සාහ කළේ ය. ලේඛකයා ඔහුට පැහැදිලි කරන්නට උත්සාහ කළ දෙය වන්නේ දේවල් පිළිබඳ නිගමන මත පිහිටීම වෙනුවට ඒවා සංවාද ලෙස විවෘත අවසානයන් සහිතව පවත්වාගෙන යාමේ වැදගත්කමයි.  එහෙත්, ඔහුගේ ප්‍රධාන තර්කය වූයේ සත්‍යයන් ඇත්තේ එකක් පමණක් බවයි. විරුද්ධ මත කිසිවකට සවන් දීමේ උවමනාවක් ඔහුට නො වූ අතර, ඔහු දිගින් දිගට ම කතා කළේ ය. ලේඛකයාට කරන්නට සිදු වූයේ ඔහුට සවන් දීම හා ඔහුගේ ශරීර භාෂාව නිරීක්ෂණය කිරීම පමණි. මෙම තරුණයා ලේඛකයාට පක්ෂ ඉතිහාසය පිළිබඳ විස්තරයක් කළේ 1971 කැරැල්ල රෝහණ සහෝදරයාගේ කැමැත්තෙන්...

ජවිපෙ අර්බුදය ගැන අපක්ෂපාතී නිරීක්ෂණයක් / An unbiased observation on JVP crisis

Image
ජවිපෙ අර්බුදය ගැන අප මීට පෙර තබන ලද සටහන ජවිපෙන් බිඳුණු වාම කණ්ඩායමට පක්ෂපාතී එකකි. එවැනි සටහනකින් පසු අපක්ෂපාතී සටහනක් ලිවීම සිදු වන්නේ ඇයි ද යන්න පැහැදිලි කළ යුතු ය.  ජවිපෙ අර්බුදය මේ වන විට ඇත්තේ බිඳුණු කණ්ඩායම් ප්‍රතිසංවිධානය වෙමින් තිබෙන අවධියකයි. එහිදී කණ්ඩායම් දෙක ම තමන්ට අනවශ්‍ය පුද්ගලයන් අනෙක් පැත්තට තල්ලු කරමින්, දිනා ගැනීම සඳහා අවශ්‍ය පුද්ගලයන්ට අර්බුදයේ තමන්ගේ විග්‍රහය පැහැදිලි කරමින් සිටියි.  මෙම අවධියේ යම් දුරකට පසු ඔවුන් සිය සංවිධාන ප්‍රසිද්ධ කරනු ඇත. පක්ෂ දේපල සඳහා ඇති සටන හුදු දේපල අයිතියෙන් ඈතට විහිදෙන්නකි. විශේෂයෙන් ම පක්ෂයේ නමේ අයිතිය, මූලස්ථානයේ අයිතිය වැනි කරුණු ඉදිරියට යාමේදී වැදගත් බැවින් දෙපක්ෂය සෑහෙන්න එයට ගැටෙනු ඇත. එය වැළැක්විය නො හැකි ය.  අපට පෙනෙන අන්දමින් නම්, පක්ෂ අභ්‍යන්තර තත්වය කුමක් වුවත්, මතුපිට තලයේ නම් තවමත් ප්‍රබල වන්නේ පක්ෂයේ නිල නායකත්වය වන සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිසයි. සාමාන්‍යයෙන් මෙවැනි ගැටුම්වලදී ප්‍රබල පිරිස මතුපිටින් හැසිරෙන්නේ ඉතා මානුෂික ස්වරූපයක් පෙන්වමිනි. එහෙත් යටි තලය අතිශය කෲර ය. කුමන්ත්‍රණකාරී ය. ප්‍රචණ්ඩ ය....

උදුල්, සුබ ගමන්! ගිහින් එන්න! | Valediction to Udul Premarathna

Image
( 2010 නොවැම්බර් 01,  W3Lanka )   ලංකාවේ දේශපාලන සිරකරුවෝ බොහෝ ය. ඔවුන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා කුමක් වෙතත්, ඔවුන් සිරගත ව සිටින්නේ එම චෝදනා නිසා නො ව දේශපාලනය කළ නිසා ය. ඔවුන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා නො වැදගත් වන්නේ එවැනි චෝදනා එල්ල කළ හැකි තවත් බොහෝ අය නිදැල්ලේ සිටියදී ඔවුන් පමණක් තෝරාගෙන සිරගත කර ඇති නිසා ය. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ලෝකය ම දන්නා බැවින් අටුවා ටීකා ලියන්නට අවශ්‍ය නැත. අපි එක් දේශපාලන සිරකරුවකු ගැන පමණක් ලියන්නෙමු. ඒ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ‍කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ය. උදුල් ජවිපෙ පූර්ණකාලිකයකු බව හා ජවිපෙ විසින් ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා ගොඩනඟන ලද පුද්ගලයා බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ලංකාවේ වත්මන් දේශපාලන තත්වයට ජවිපෙ සහ කොටි සංවිධානය තරම් වෙනත් කිසිදු දේශපාලන ව්‍යාපාරයක් වග කිව යුතු නැති බව ද, රාජපක්ෂ පවුල පවා ඔවුන්ට සාපේක්ෂව අඩු වරදකරුවන් බව ද අපේ දේශපාලන ස්ථාවරයයි. ජවිපෙ සහ කොටි සංවිධානය සුවිශේෂ වන්නේ ඔවුන් පීඩිත ජනතා ව්‍යාපාරයන් වන නිසා හා ඔවුන්ගේ මුග්ධ උපාය මාර්ගයන් හේතුවෙන් පීඩිතයන් ...

කල්මඩු පොළවේ පස් කෑවත් සෝ‍මවංශ ඔබ කළ පව් ගෙවිය නො හැකි ය

Image
  (2010 ජුනි 15,  W3Lanka )  රැඳවුම් භාරයේ සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද්වාරකා රාසයියා ශිෂ්‍යාවගේ ඥාතීන් හා කල්මඩු ගමේ වැසියන් හමුවීමට ඊයේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිසක් එහි ගියහ. සිය පවුල්වල අඩුම තරමින් එක් අයකු අතුරුදහන් වී හෝ හමුදා අත්අඩංගුවට පත්ව ඇති බව එහිදී ගම් වැසියෝ ජවිපෙ නායකයාට පෙන්වා දුන්හ. ඒ සම්බන්ධයෙන් මේ වන තුරුත් සෑහීමකට පත් විය හැකි මැදිහත්වීමක් සිදුව නැතැයි ඔවුහු පැවසූහ. ඔවුහු ජනාධිපතිවරයාට, හමුදාපතිවරයාට හා පොලිස්පතිවරයාට මෙන්ම විවිධ මැති ඇමතිවරුන්ටත් රජයේ නිලධාරීන්ටත් යොමු කරන ලද ලිපිවල පිටපත් ද ගෙනැවිත් ජවිපෙ නායකයා වෙත ඉදිරිපත් කළහ. ජවිපෙ ද 1989දී මේ හා සමාන සමුලඝාතන ස්වරූපී මර්දනයකට ලක් විය. "ඔබ මුහුණ දෙන ගැටලූ අපට අලූත් ඒවා නොවෙයි. ඔබේ වේදනාව අපි අත්දැක තිබෙනවා. එය අප හඳුනනවා. ඔබ වෙනුවෙන් කළ හැකි උපරිම මැදිහත් වීම සිදු කරන බවට අපි පොරොන්දු වෙනවා," යි ජවිපෙ නායකයා කීවේ එබැවින් විය හැකි ය.  අතුරුදහන් වූ දෙමළ පංති සගයන් ද තමන් මෙන් ම කළේ ක්‍රමයට එරෙහිව සටන් කිරීම සඳහා ජාතිවාදයේ සරණ යාම බව අමරසිංහ දන්නා බවට හා මේ ජාතිවාදී ක්‍රම ව...

රාජපක්ෂලා, ෆොන්සේකලා කරන්නේ ඌරන්ගේ මාළු ඌරන්ගේ ඇඟේ තියා ඌරන් ලවා ම කප්පවා ගැනීම බව ඌරෝ නො දනිති

Image
(2009 දෙසැම්බර් 31 -W3Lanka) එක් ජනකතාවක අසූචි තවරා ගත් ඌරෙක් සිංහයකු සටනට අභියෝග කරයි. සිංහයා ඌරා දෙස බලා මඟ හැර යයි. ඒ ඌරා සමග සටන් කිරීම තමන්ට මදිකමක් ලෙස සලකමිනි. පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ ජනාධිපතිවරයාට විවාදයකට විවෘත ආරාධනයක් කළේ ය. එක්කෝ ජනාධිපතිතුමාට එදා විමල් හෝ ඩලස් හෝ මේ ඌරු කතාව මතක් කර දුන්නේ නැත. නැතිනම් ජනාධිපතිතුමා තමන්ට හා තම පවුලට සුබ අනාගතයක් උදා කර දීමට උදව් කළ සොමවංශට ප්‍රසිද්ධියේ ඌරා කියන්නට තරම් අශිෂ්ඨ වූයේ නැත. නොබෝදා බෑණාගේ අවි ජාවාරම් ගැන විවාදයකට එන්නැයි විමල් වීරවංශ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට අභියෝග කළ විට ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායකට මේ ඌරු කතාව මතක් විය. ඔහු පැවසුවේ සිය පක්ෂ නායකවරයා කළ අභියෝගයට උරෙකු පිළිතුරු දී ඇති බවයි. මේ ඌරා මීට වසර කීපයකට පෙර ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු, ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විය. මේ ඌරා දිගු කලක් සිටි ජවිපෙ දේශපාලන මණ්ඩලය ද එසේ නම් නරා වලක් ම විය යුතු ය. අනුර කුමාර දිසානායක ද ඒ ඌරා සමග ඒ වලේ ලැග සිටි අයෙකි. එහෙයින් ඔහු ද ඌරකු විය යුතු ය. “බොරු කතා කියල මේ විවාදය ම...

සෝමවංශ අමරසිංහගේ විද්‍යුත් තැපෑලටත් විදලා

Image
(2009 නොවැම්බර් 01 - W3Lanka )  විවිධ පුද්ගලයන්ගේ විද්‍යුත් තැපැල් ගිනුම්වලට රහසින් පිවිස විවිධ පණිවුඩ එම පුද්ගලයාගේ සබඳතා වෙත යවන ක්‍රියාවලියේ අලුත් ම ගොදුර වන්නේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහයි. මෙම ව්‍යාජ පණිවුඩකරුවන් බොහෝ විට කරන ආකාරයට ම මෙම පණිවුඩයේ ද සඳහන් වන්නේ අදාළ ගිනුම හිමියා වන අමරසිංහ ලන්ඩනයට ගොස් මුදල් නැතිව, හෝටල් බිල ගෙවා ගැනීමට නො හැකිව සිටින හෙයින් යම් මුදලක් එවන ලෙසයි.  අන්තිමේදී අමරසිංහ මෙම විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කිරීම අතහැර දමා ඇති බව ද වාර්තා වේ.