උදුල්, සුබ ගමන්! ගිහින් එන්න! | Valediction to Udul Premarathna
( 2010 නොවැම්බර් 01, W3Lanka ) ලංකාවේ දේශපාලන සිරකරුවෝ බොහෝ ය. ඔවුන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා කුමක් වෙතත්, ඔවුන් සිරගත ව සිටින්නේ එම චෝදනා නිසා නො ව දේශපාලනය කළ නිසා ය. ඔවුන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා නො වැදගත් වන්නේ එවැනි චෝදනා එල්ල කළ හැකි තවත් බොහෝ අය නිදැල්ලේ සිටියදී ඔවුන් පමණක් තෝරාගෙන සිරගත කර ඇති නිසා ය. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ලෝකය ම දන්නා බැවින් අටුවා ටීකා ලියන්නට අවශ්‍ය නැත. අපි එක් දේශපාලන සිරකරුවකු ගැන පමණක් ලියන්නෙමු. ඒ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ය. උදුල් ජවිපෙ පූර්ණකාලිකයකු බව හා ජවිපෙ විසින් ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා ගොඩනඟන ලද පුද්ගලයා බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ලංකාවේ වත්මන් දේශපාලන තත්වයට ජවිපෙ සහ කොටි සංවිධානය තරම් වෙනත් කිසිදු දේශපාලන ව්‍යාපාරයක් වග කිව යුතු නැති බව ද, රාජපක්ෂ පවුල පවා ඔවුන්ට සාපේක්ෂව අඩු වරදකරුවන් බව ද අපේ දේශපාලන ස්ථාවරයයි. ජවිපෙ සහ කොටි සංවිධානය සුවිශේෂ වන්නේ ඔවුන් පීඩිත ජනතා ව්‍යාපාරයන් වන නිසා හා ඔවුන්ගේ මුග්ධ උපාය මාර්ගයන් හේතුවෙන් පීඩිතයන් ...