"එළියට සාප කරමින් නො සිට එක පාසලක හෝ ලයිට් කපනු!" - ඇමති චම්පික රණවක

(2010 නොවැම්බර් 10, W3Lanka"ඒ පාසලේ විදුලිය කපලා ගෙවන්න තියෙන්නේ රුපියල් විසි දහසයි. එය ගෙවලා පාසලේ ආශ්චර්ය රැක දෙනවාද?"


මේ ඊයේ පාර්ලිමේන්තුවේදී හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගෙන් හම්බන්තොට දුස්ත්‍රික්කයේ පාසලක් පිළිබඳ ඇසූ ප්‍රශ්නයක් හා අදාළව දිවයින පුවත්පතේ පළ වූවකි. 


මේ දිනවල ලංකා විදුලි බල මණ්ඩලය පලසල්වල විදුලිය විසන්ධි කිරීමේ වැඩපිළිවෙලක යෙදී සිටින බව අධ්‍යාපන ඇමති හෝ ජනාධිපති හෝ නො දන්නවා ඇත. පාසල්වල විදුලිය කැපීම ජාතික හෙළ උරුමය නියෝජනය කරන චම්පික රණවක ඇමතිගේ සංකල්පයකි. එහි අරමුණ විදුලි බල මණ්ඩලයේ පාඩු අවම කිරීමයි. 


පාසල්වල විදුලිය කපන්නේ විදුලි බිල් ගෙවා නැති නිසා ය. පාසල් රැසක විදුලි බිල් ගෙවා නැත්තේ ඒ සඳහා රජයෙන් ප්‍රතිපාදන නො ලැබෙන නිසා ය. පාසලුත් රජයේ ය. විදුලි බල මණ්ඩලයත් රජයේ ය. 


පාසල්වලට විදුලි බිල් ගණනය වන්නේ ව්‍යාපාරික ආයතනවලට විදුලිය ගණනය වන ආකාරයටයි. එහෙත් පාසල්වල සිදු වන ව්‍යාපාරික කටයුත්තක් නැත. ඇතැම් පන්සල් ව්‍යාපාර මධ්‍යස්ථාන ය. එහෙත්, ඒවායේ විදුලි බිල ගණනය වන්නේ පුණ්‍යායතන පදනමිනි. 


ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කරගෙන රජය පාසල්වලට පරිගණක හා වෙනත් උපකරණ ලබා දෙයි. එහෙත්, ඒවා පරිහරණය කිරීමේදී වැය වන විදුලිය වෙනුවෙන් බිල් ගෙවීමට ප්‍රතිපාදන ලබා නො දෙයි. ලබා දෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නො වීම නිසා බොහෝ පාසල් විදුලි බිල ගෙවන්නේ දෙමව්පියන්ගෙන් එකතු කරන මුදලිනි. 


පාසල්වලට උපකරණ ලබා දීමේදී ප්‍රසම්පාදන හා මිළ දී ගැනීම් කටයුතුවලට උනන්දුවෙන් සහභාගි වන නිලධාරි පිරිසක් සිටිති. ඒ ඒවායින් ඔවුන්ට ලැබෙන වාසි නිසා ය. 


විදුලි බිල ගෙවීමේදීත් එවැනි ක්‍රමයක් සැකසිය හැකි නම් පාසල්වල විදුලි බිල් ගෙවීම සඳහා මුදල් වෙන් කිරීමත් උනන්දුවෙන් සිදු වනු ඇත. 


අඳුරට සාප කරමින් නො සිට එක පහනක් හෝ දල්වන්නැයි ඇමරිකානු කළු ජාතික විමුක්ති අරගලයේ නියමුවකු වන මාටින් ලූතර් කිං කීවේ ය. 


සිංහලේ විමුක්ති නායකයෝ අඳුරට ආවඩමින් එක පාසලක හෝ ලයිට් කපා වැඩ පෙන්වති. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මහනුවර සුධර්මාරාමය, කුරුණෑගල බෞද්ධාලෝකය දෙකම පිරිවෙන්.
    ඒත් දෙකේම කෙරෙන්නෙ ටියුෂන් වලට හෝල් කුලියට දෙන එක.
    හම්බ කරන ගාන ගැන පස්සෙ කථා කරමු.

    ReplyDelete
  2. ela, ela, owa digatama liyapan, thawa liyapan, rajya sewaye akaryakshamathawaya, jarawa kana anduwe office, owath liyapan!

    ReplyDelete
  3. ලංකාවේ තියෙන නවදහස් ගනනක් පාසල් වලින් බටුවංගල මහා විද්‍යාලයට විතරයි ජලවිදුලි බලා ගාරයක් තියෙන්නේ.රටටම ආදර්ශයක් දුන්න මේ මේ ළමයි ටික ගැන ඇහැක් ඇරලා බලපු කෙනෙක් අද වෙනකං නෑ.අපි පරිගණකත් දුවනවා අපේ මේ විදුලියෙන්.

    අනික පාසල් වල විදුලි බිලේ කැටගරි එක නං වෙනස් විය යුතුයි තමයි.

    ReplyDelete
  4. පන්සල් වලනං ලයිට් අරන් කරන්නෙ ඔක්කොම හොර වැඩ. ඉස්කෝල වල ලයිට් කපල ළමයින්ගෙ අනාගතේ අදුරු කරන්නෙ නැතිව ඒ බිලත් පන්සල් වල ලයිට් බිලට එකතු කරානං හරි.

    ReplyDelete
  5. අතින් කරකවලා විදුලිය ගන්න පුළුවන් ජෙනරේටර් හැම ඉස්කෝලෙකම හයි කලානම් හරි. ඕෆ් පීරියඩ් වල පාඩම් කරන්නේ නැති උන්වයි, පරක්කු වෙලා ඉස්කෝලෙට එන උන්වයි, වැල බලලා මාට්ටු වෙන උන්වයි දැම්ම නම් හරි ඒක කරක්වන්න

    ReplyDelete
  6. කතාව සම්පූර්න ඇත්ත. ඉස්කෝලේ නම කියන්න අකමැති වුනත් අපේ ඉස්කෝලත් ඕවා වෙනවා. ඉස්කෝලේ නම කිව්වේ නැත්තේ විද්‍යාල මාතාව ඒවට පලි නැති නිසා.

    ReplyDelete
  7. ආශ්චර්යට දැන්නම් ලඟයි වගේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා