ලිංගික ශ්රමිකයන්ගේ හිමිකම් ද මානව හිමිකම් ය | Sex workers rights are also human rights
( 2010 නොවැම්බර් 06, W3Lanka ) ලංකාවේ ආණ්ඩුව අසභ්ය බව කියන වැඩිහිටි වෙබ් අඩවිවල දර්ශනවලට පෙනී සිටි බව කියන පුද්ගලයන් 83කගේ ඡායාරූප ලබන සඳුදා අධිකරණයේ අවසරය ඇතිව ප්රසිද්ධ කරනු ලැබේ. කියන්නේ නම්, එසේ කරනු ලබන්නේ ඔවුන් අල්ලා ගැනීමට ය කියා ය. අල්ලා ගන්නේ කුමට ද? ගල් ගසා මරන්නට නම් මෙන්න ගල්. යම් ලිංගික ශ්රමිකයකුගේ ශ්රමිකාවකගේ රූපයකින් ආස්වාදයක් නො ලැබූ යමෙකු මෙම අන්තර්ජාල ලෝකයේ සිටිත් නම් පළමු ගල ගසත්වා! හිතට එකඟව ගල් ගැසිය හැක්කෙක් සිටිත් නම් වහා මානසික සායනයක් වෙත යත්වා! පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් ද ඇතුළුව අප සැමට දුන් සතුට වෙනුවෙන් සොයුර, සොයුරිය ඔබට අපේ ස්තුතිය! වහා අවධානය යොමු කරන්න. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ රූප ලෙස ප්රසිද්ධ කිරීමට තරම් මේ අය කර ඇති අපරාධය කුමක් ද? ඔවුන්ගේ රහස්යභාවය ආරක්ෂා වන අන්දමින් පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බැරි ඇයි? මෙම පරීක්ෂණය කරන බව කියන පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට මෙම ඡායාරූප අතර සිටින්නන් සියලු දෙනා ම වරදකරුවන් බව සහතික ලෙස පැවසිය හැකි ද? මේ අතර, යම් රැවට...