Posts

Showing posts with the label ආදරය

ලංකාවේ ගැහැනු ෆේස්බුක්හි පිංතූරයක් දැමූවිට පිරිමි ඒක මාර ‍ලස්සනයි කියා කමෙන්ට් දමන්නේ ඇයි?

Image
ෆේස්බුක් ලංකාවේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවියයි. ලංකාවේදී එය සමාජ ජාලයකටත් වඩා බොහෝ මිනිසුන්ගේ ලිංගික අසහනය ප්‍රකාශ කරන තැනක් වී තිබේ. එහි බොහෝ පිරිමි වෙනත් නම්වලින් පෙනී සිටිති. එසේ පෙනී සිටිමින් තමන්ගේ සිත්වල ඇති චරිත රඟපාති. මේ ලෙසම ඇතැම් පිරිමි කාන්තාවෝ ලෙසද පෙනී සිටිති. එයද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට බිය හෝ අකැමැති මනෝ ලිංගික චර්යාවක් ආරක්ෂිත අන්දමින් ප්‍රකාශකිරීමේ විධික්‍රමයකි.  මේ ලක්ෂණ ඇතැම්විට බ්ලොග් අවකාශයේද දක්නට ලැබේ.  මෙහි අප පිරිමින් ඉස්මතු කර දැක්වූයේ ලංකාවේ ෆේස්බුක්හි වැඩිපුර සක්‍රිය පිරිස පිරිමින් වන නිසාත් මෙවැනි කටයුතුවල වැඩිපුර යෙදෙන්නේ ඔවුන් නිසාත්ය. එහෙත් ඇතැම් කාන්තාවෝද ෆේස්බුක්හි සිය මනෝ ලිංගික චර්යාවන් ප්‍රකාශයට පත් කරති.  ලි ං ගිකත්වය අතිශයින්ම පරිකල්පනීය දෙයකි. ඇතැම් පිරිමින්ට ෆේස්බුක් ලොග් ඉන් වන විටම ලිංගික ආවේග පහළ වන් න ේ ඒ නිසාය . එවැනි අය දකින ඕනෑම කාන්තා රූපයක් අසල 'ලස්සනයි', 'සෙක්සි', 'වෙරි බියුටිෆුල්' ආදිය පමණක් නොව ඇතැම්විට තමන්ගේ දුරකථන අංකය සඳහන් කරමින් ලිංගික එක්වීම් සඳහා ආරාධනාද කරති.  මේ ව්‍යාජ ප්‍රකාශවලින් ...

ආදරයේ ගැඹුර සොයා යන ආදරවන්තයනි, ඔබට ජය වේවා!

Image
(2011 පෙබරවාරි 14,  W3Lanka ) අද ආදරවන්තයන්ගේ දිනයයි. මෙම දිනයට යොදා ඇති නම හිමි වැලන්ටයින් නම් ශාන්තුවරයා පිළිබඳ ඇති කතා ද ආදරය සේ ම ‍ඓතිහාසික මූලාශ්‍රවලින් විද්‍යාත්මකව ඔප්පු නො කරන ලද, අතාර්කික ඒවා ය. අපි ඒ ඉතිහාසය සොයන්නට නො වෙහෙසෙමු. වැලන්ටයින් ගැන ඇති එක් කතාවක් අපේ සිත් ගනියි. ඔහු එක් යුද සමයකදී පිරිමින් යුද්ධයට යැවීම පිණිස රජු විසින් විවාහය තහනම් කර තිබූ කාලයක තරුණ, තරුණියන් විවා පත් කළ පූජකවරයෙකි. ඒ වෙනුවෙන් ම දිවි පිදූවෙකි. වැලන්ටයින් යුද විරෝධියකු ලෙස සැලකීමට අප කැමති ය. ලංකාවේ පාලකයන් විසින් තඹ දොයිතුවකට මායිම් නො කරනු ලබන මානව හිමිකම් සැමරීමට පවා දිනයක් වෙන් කර තිබියදී ආදරය සැමරීමට ජනතාව දිනයක් වෙන් කර ගත්තාට කාටවත් ඇති අමාරුව කුමක් ද? එදාට ආදරවන්තයාට, ආදරවන්තියට රෝස මලක් තෑගි දුන්නා ම, හාද්දක් දුන්නා ම රටේ සංස්කෘතියට සිදු වන හානියක් නැත. වැලන්ටයින් දිනය බටහිරින් ආ සංස්කෘතික ලක්ෂණයක් බව සැබෑ ය. එය ප්‍රවර්ධනය කිරීම පිටුපස වෙළඳ අරමුණු ඇති බව ද සත්‍යයකි. වැලන්ටයින් විරෝධීන් නො දන්නා කාරණයක් වන්නේ වර්තමානයේ වෙසක් පොහොය හා සම්බන්ධව ඇති ආමිස පූජා බොහොමයක් ම හෙන්රි...

හුරේ! ලව් කරන්න ආණ්ඩුවෙන් පාක් | Hurray! parks for lovers of Sri Lanka

Image
( 2010 නොවැම්බර් 11,  W3Lanka )  නව සූදු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඔස්සේ කැසිනෝ ගැහිල්ල දිරි ගන්වන්නට පියවර ගෙන ඇති ලංකාවේ ආණ්ඩුව දැන් දැන් සිය පුහු සුචරිතවාදය අතහැර දමා යථාර්ථවාදී හෙවත් ධනවාදී වීමට හා හා චම්පික රණවකගෙන් ණයට ගත් නලින් ද සිල්වාගේ ඊනියා 'සිංහල බෞද්ධ' වලිගෙ කපා දමමින් මොඩ් වීමට සැරසෙමින් සිටින බව සතුටින් දැනුම් දෙමු. කෙල්ලන්ට. කොල්ලන්ට පාඩුවේ ලව් කරගෙන ඉන්නට ඉඩ දීම උන් කැරැලි ගැසීම සඳහා පෙළඹවීමට වඩා හොඳ බව ආණ්ඩුවට තේරී ඇත. ඒ අනුව, කොල්ලන්ට, කෙල්ලන්ට ලව් කරන්නට උද්‍යාන හදන්නට තරුණ සේවා සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව සෑම පළාතකටම තරුණ උද්‍යාන එක බැගින් තරුණ උද්‍යාන නවයක්‌ ඉදිරි වසර කීපය ඇතුළත ආරම්භ කරන බවත් එහි පළමු තරුණ උද්‍යානය බත්තරමුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ලබන වසරේ මාර්තු මාසය වන විට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා අද දිවයිනට පැවසීය. අපට කියන්නට ඇත්තේ ජය වේවා! කියා ය. එසේ ම එක එක මානසික රෝගී පිංගුත්තරයන්ට තරුණ සේවා සභාව බිය නො වේවා යි ද අපි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් අපේ රටේ තරුණ තරුණියන්...

සිළුමිණේ බටර් පාට වටොර හා කාමය පාපයක් නො වන අපේ සමාජවාදය

Image
( 2010 ඔක්තෝබර් 18,  W3Lanka )   වටොර නාරි සුන්දරත්වයේ ප්‍රධාන ලක්ෂණයකි. එය ශෲංගාරය දනවයි. කාමය පුබුදයි. එය පිරිමිනට ස්ත්‍රී සිරුරේ වඩාත් ම සුඛය දනවන ස්ථානයන් අතරින් එකකි.  කෙළෙස් නොතවන ලද හා අසාමාන්‍ය මනෝ විකෘතියක් නොමැති පිරිමි එය බලන්නට ආශා ය. බලන ගමන් සිතින් ස්පර්ශ කරනවා ද ඇත. වටොර ප්‍රසිද්ධියෝ ප්‍රදර්ශනය කරන ලියෝ එය නරඹන පිරිමින්ගේ මනස තුළ 'දූෂණයට' ලක් වෙති.  දනහිසේ සිට අඟල් කීපයක් ඉහළට වටොර පෙන්වීම අශ්ලීල ක්‍රියාවකැයි වර්තමාන ලංකාවේ සුචරිතවාදීහු කල්පනා කරති. ඇත්තෙන් ම හොඳ ම හරිය වසා මේ හරිය පෙන්වීම විසින් ඉතිරි ටික පරිකල්පනය කර ගැනීමේ අවස්ථාව එය බලන අයට ලබා දෙයි. රූප ලාවණ්‍යය වැඩි කරන දේ භාවිතයෙන් මෙන් ම නූතන ෆොටෝෂොප් වැනි ඡායාරූප සංස්කරණ තාක්ෂණයන් ඔස්සේ ද මේවායේ ශෲංගාරාත්මක ස්වභාවය වැඩි දියුණු කළ හැකි ය.  කාමාශාවන් පරිකල්පනය ඔස්සේ මුක්ත කර ගැනීම සිත් ගත් සුන්දර ස්ත්‍රීන් පර අඹුවන් ද යන්න නො තකා ඔවුන්ගේ සම්භෝගය පතනවාට වඩා සාමකාමී ය. ඒ අතින් නිල් චිත්‍රපට කරන්නේ සේවයකි. සැබෑ ජීවිතයේදී තෘප්ත කර ගැනීම දුෂ්කර ලිංගික ආශාවන් ‍හෙවත් ෆැන්ටසි මනෝ ලෝකයේද...

ලෝක මානසික සෞඛ්‍ය දින තේමාව ලංකාවට අප්සෙට් | Sri Lanka unhappy about the theme of World Mental Health Day

Image
පොලිසිය දෙනෝදාහක් ඉදිරිපිට පහර දී මානසික රෝගයකු මා දමන හැටි විස්තර බලන්න  ( 2010 ඔක්තෝබර් 10,  W3Lanka ) අද ලෝක මානසික සෞඛ්‍ය දිනයයි. ආදරය මනස සුවපත් කරයි යන්න මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාවයි. එහෙත් ලංකාවේ අද ප්‍රායෝගිකව ආදරය කිරීම තහනම් කර තිබේ. එසේ නැතිනම් ආදරය කිරීම බලාපොරොත්තු වන්නේ කරුණාසේන ජයලත්ගේ නවකතාවල සේ ලිංගිකත්වයකින් තොරව ය. එයට හේතුව අද ලංකාව පාලනය කරන්නේ ආදරයෙන් මනස සුවපත් නො වූ පිරිසක් වීම නිසා ද?  නැතිනම් මෙවැනි තේමාවක් සැකසුවේ මානසික සෞඛ්‍ය විශේෂඥයන්ට පිස්සු නිසා ද?  පහත සම්බන්ධතා පුරුක ඔස්සේ පසුගිය වසරේ ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අප පළ කළ ලිපිය කියවිය හැකි ය. එහි සඳහන් තත්වය හොඳ අතට වෙනස් වි නැත.  ලෝක මානසික සෞඛ්‍ය දිනය - ලංකාවේ මානසික රෝගීන් ලක්ෂ හයක්; වෛද්‍යවරුන් ඉන්නේ රෝගීන් 17,000ට එක්කෙනයි Bookmark, remember easily and come again   www.w3lanka.com

ගාලු කොටුවේ ආදරය තහනම් | Love banned in Galle Fort

Image
( 2010 ඔක්තෝබර් 10,  W3Lanka )   පහත පළ වන්නේ ඊයේ Sunday Times වෙබ් අඩවියේ Out of bounds for love birds මැයෙන් පළ වූ පුවතකි. The Police this morning rounded up 30 couples inside the Galle Fort and hand over them to nearest Army Camp . Later they were warned and released. In future, the Galle Fort is out of bound for couples . This raid was conducted on request of the Galle Heritage Foundation. යටින් ඉරි ඇඳ ඇති පදයේ ව්‍යාකරණ දෝෂය නො තකා හැර රතු පැහැයෙන් දක්වා ඇති කොටස් සැලකිල්ලට ගන්න. මෙහි couples යයි කියන්නට ඇත්තේ අවිවාහක ආදරවන්තයන්ට වන්නට ඇත. ආදරවන්තයන් පෙම් කරන්නට ගාලු කොටුවට යාම විජයානන්ද දහනායකටත් කලින් කාලේ පටන් තිබුණු දෙයකි. ඒ නිසා එය ද ගාලු කොටුවේ උරුමයක් හෙවත් heritage එකකි.  අනෙක ආදරය කිරීම එය හොඳ නැතැයි කියන උම්මත්තකයන් අතළොස්සකගේ හැර සියලු මිනිසුන්ගේ උරුමයකි. එසේ ම ලිංගික සංසර්ගය ඉතා හොඳ දෙයකි. ජීවිතයේ සතුට හා පැවැත්මේ පදනම ඇත්තේ එහි ය. කිසියම් කෙනෙක් ගාලු කොටු බැම්මේ ප්‍රසිද්ධියේ සංසර්ගයේ යෙදේ නම් එය පිළිගත් සදාරචාරයන්ට අනුව...

කාරය මග ඇනී, ඉහිරී පැණී, පොලිසියට නොකියා ජොනී සොඳුර සමග පනී

Image
(2010 අප්‍රේල් 21 -  W3Lanka  )  ජොනී සමීත් සමග තමනක් යද්දී මහජන මුදලින් සපයන ලද රථය මාර්ග අනතුරකට මුහුණ දුන්නේය. නීති හදන තැන නියෝජනය කරන්නකු වුවත් ජොනී නියමිත පරිදි පොලිසියට පැමිණිලි කර නැති බව දිවයින පවසයි.  ජොනී සමී සමග ගිය ගමන කුමක්ද යන්න ප්‍රශ්න වීම සමීගේ නිල විවාහයට හා පවුල් ජීවිතයට ප්‍රශ්නයක් වීමට ඉඩ තිබීම මෙයට හේතුව වන්නට ඇත. ජොනීටත් එහෙම වන්නට ඉඩ තිබේ.  එහෙත් ලංකාවේ පාලකයන් කරන ප්‍රධාන කාර්යයන් අතරින් එකක් වන්නේ මෙවැනි ගමන් බිමන් යාම බව කවුරුත් දනිති. මහජනතාවගෙන් බොහෝදෙනෙක් ද එවැනි ගමන් යන බව, යන්නට කැමති බව හා අවස්ථා නැතිකමින් තැවෙන බව අපි නම් දනිමු. පුංචි මිනිසකු මෙවැනි ගමනක් ගොස් අසු වූ විට දිවයින මෙවැනි පුවතක් වාර්තා කරනු ඇත්තේ කෙසේද? සමහර විට මාතෘකාව මෙසේ වන්නට ඉඩ තිබේ. 'සොර සැමියාත් සමග ගමනක් යද්දී වාහනය හැපිලා පොලිසියටත් නොකියා ජෝඩුව පැන ගිහින්' ලෙස විය හැකි ය.  ජොනී ගැන එහෙම කියන්නට දිවයින බය ය.  ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රහස් සබඳතා ජනමාධ්‍යවලට කවදත් උණු කැවුම් වේ. එහෙයින් ඒවා වාර්තා කිරීමෙහි දොසක් නැත.  බලවත් නොවන පුද්ගලයන් සම...