Posts

Showing posts with the label බ්ලොග්

යායක් ලෙස නෙළුම් පිපීමේ වැදගත්කම

Image
නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී 2015 වසරේ හොඳම දේශපාලන බ්ලොග්කරු ලෙස සම්මාන ලැබූ බව සතුටින් ප්‍රකාශ කරමි. කොහෙවත් හිටිය මං දේශපාලන බ්ලොග්කරුවෙක් වෙච්ච අලකලංචිය රසවත් කතාවක් වෙයි කියලා හිතලා පස්සෙ ලියඤ්ඤං කියලා හිතුවා. ලිව්වෙ නැතිනම් මතක් කරන්න.  2014 වසරේ හොඳම බ්ලොග්කරු වුණේ මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ . දෙවන බ්ලොග් සම්මාන උළෙලට යන විට ඒ ටයිටල් එක පැහැර ගන්නට කාන්තාවක් සමත් වීම මම නම් හිතන්නේ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවක්. මක් නිසාද යත්, බ්ලොගාවකාශය කාන්තාවන්ට නිසි තැන, සම තැන විතරක් නෙමෙයි සම්භාවනීය තැනකුත් දෙන්න සමත් වී තිබෙන බව එයින් ප්‍රකාශ වෙනවා.  බස්සි හෙවත් යශෝධා සම්මානි ප්‍රේමරත්නට උණුසුම් සුබපැතුම්.  යාවජීව සම්මානයට පාත්‍ර වූ පුරෝගාමී සිංහල බ්ලොග්කරුවන් දෙදෙනා වන නාලක ගුණවර්ධනට හා රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චිට මීළඟ යුගයේත් පුරෝගාමීන් වන්නට ශක්තිය හා ධෛර්යය පතමි. සම්මානලාභී අනෙකුත් බ්ලොග්කරුවන්ගේ විස්තර සංවිධායක මණ්ඩලය ඊයේ ලේට් නයිට් බීච් පාටියෙන් පසු අවදි වී, තැඹිලි වතුරෙන් පැනඩෝල් කාරිය බී, හෝන්දු මාන්දු ගතිය නැති කරගෙන කොම්පියුටරය ඉදිරිප...

මිලියන් තුනක් ලබා ගත් බවට නැගෙන චෝදනාව ගැන පැහැදිලි කිරීමයි

Image
මිලියන් තුනක් ලැබෙන්නට නියමිත බව ඇත්ත ය. සමහර විට ඔබ මෙම ලිපිය කියවන විට මිලියන් තුන ගිනුමට වැටී තිබෙනවා වෙන්නත් පුළුවන. ඒවා ලැබුණේ කොහෙන් ද? ලබා ගත්තේ කුමන කොන්දේසි මත ද? මේවා වැදගත් ප්‍රශ්න වේ. යහපාලනයෙන් ලැබිණි. මහින්දගෙන් ලැබිණි. ජවිපෙන් ද ලැබිණි. එන්ජීඕවලින් ලැබිණි. ඩයස්පෝරාවෙන් ලැබිණි. ඇමරිකාවෙන් ලැබිණි. ඉන්දියාවෙන් ලැබිණි. චීනෙන් ද ලැබිණි. ඩොලර්වලින් නොවේ. යුරෝ  හ‍ෝ යුආන්වලින් ද නො වේ. එහෙනම් මොනවායින් ද? හිට්වලිනි. අපේ හිට් කවුන්ට‍රයේ මිලියන තුන හෙවත් ලක්ෂ තිහ සලකුණු වීමට නියමිත ය. සමහර විට ඔබ අ‍පගේ ලිපි කියැවූ වාර ගණන මීට වඩා අඩු මෙන් ම වැඩි වෙන්නටත් පුළුවන. එක පැත්තකින් බ්ලොගර් ආයතනය හිට් කවුන්ටරය පටන් ගත්තේ අපගේ බ්ලොගය ආරම්භ කළාට පසුවයි. එසේම, අප මෙම බ්ලොගයේ පළ වූ ලිපි ෆේස්බුක් ඔස්සේ ද පළ කළ බැවින් තවත් පිරිසක් ද ‍ඒවා කියවූ හ. අප මෙම බ්ලොගය ආරම්භ කළේ 2009 ජුලි මාසයේ ය. මේ හිට් ගණන අපට ලැබුණේ ආසන්න වශයෙන් වසර හයක පමණ කාලයක් තුළයි. මෙය මහා දැවැන්ත සංඛ්‍යාවක් නො වන මුත් පෞද්ගලික බ්ලොග් අඩවියක් ලෙස නො සැලකිය යුතු සංඛ්‍යාවක් නො වේ. අප මේ මොහොතේ සිටින්නේ ඇ...

පැරා කොළඹ පැමිණීම

Image
අද මට කතාවක් ඉදිරිපත් කරන්නට සිදු වී තිබේ.  මම දක්ෂ කථිකයෙක් නම් නො වෙමි.  මස්ඉඹුලගේ සෙංකොට්ටං පොත ගැන ජනරළෙන් කරපු සම්මන්ත්‍රණයේදී මං කරප කතාවෙන් පසු අපේ රසිකාවක් කිව්වේ ලියන ඒවා තරම් කතා රස නැහැ කියලායි.  ඒක නරක නැහැ. ඉස්සර දවසක මහින්ද චන්ද්‍රසේකර (පැන මඩ කඩිති ලියපු) නැති වීම නිසා ඔහුගේ ටැමුපරිය අදින්න කටුනේරියේ බාලිකා පාසලක ජයතිලක බණ්ඩාරත් එක්ක ගී රසවින්දනයක් කළා. ළමයි එහෙම හරි සතුටින් අහගෙන සිටියා ය කියා සිතපු නිසා මාත් උජාරුවෙන් පහළට බැස්සා. මහින්ද චන්ද්‍රසේකරගෙ ගී රසවින්දන බලලා තිබුණු සහෝද‍රයෙක් ඇවිත් මට මූණට ම කිව්වා දේශනය ගන්න දෙයක් නැහැ කියලා.  අපට ඉතින් කවුරු දේශනවලට ආරාධනා කරන්න ද? මං ඉතින් මගේ රස්සාව වන ඉංග්‍රීසි ඉගැන්නිල්ලෙදි උත්සාහ කරනවා ළමයි නිදි නො කර තබා ගන්න.  ඒ කොයි හැටි වෙතත්, ඔන්න නැවතත් මට කොළඹ රටේ ඇවිත් දේශනයක් පවත්වන්න ආරාධනාවක් ලැබිලා. ඒ නිසා අද හවස මං එනවා බ්ලොගිං ගැන කතා කරන්න කොළඹට. ඔය කමෙන්ට්වලින් මාව මරන් කන්න හදන මහත්තුරුන්ට ඕනැ නම් ශාරීරිකව ඒ දේ කරගන්න එන්න පුළුවන්.  කරුණාරත්න පරණවිතානත්, නාලක ගුණවර්ධනත් කතා පව...

දිනමිණ පුවත්පතේ බ්ලොග් පිටුව හෙවත් වලිගය විසින් බල්ලා වැනීම

Image
අජිත් පැරකුම් ජයසිංහ නම් බ්ලොග්කරුවා බ්ලොග් ලිවීමෙන් ඉපැයූ මුදල් බ්ලොග්කරණය තුළ තිබෙන සුවිශේෂත්වය වන්නේ එහි තිබෙන අදහස් ප්‍රකාශනයේ නිදහසයි. තවත් අයකුගේ සංස්කරණයකට හෝ ව‍ාරණයකට ලක් නො වෙමින් තමන්ගේ අදහස විවෘතව, නිදහස්ව ප්‍රකාශ කිරීමේ අවකාශය බ්ලොග්කරණය විසින් සපයා තිබේ.  බ්ලොග්කරණය විශේෂයෙන් ම ජනප්‍රිය වූ‍යේ සම්ප්‍රදායික ජනමාධ්‍ය විසින් බැහැර කරන ලද සන්නිවේදකයන් පිරිසක් අතරයි. සිංහල බ්ලොග්කරුවෝ අන්තර්ගතය, ශෛලිය, භාෂාව ආදිය සම්බන්ධව සම්ප්‍රදායික ජනමාධ්‍ය විසින් නිර්මානය කරන ලද සීමා හිතුවක්කාර ලෙස අතික්‍රමණය කරන ලදී.  එසේම, බ්ලොග්කරණයේ තිබෙන අනෙකුත් සුවිශේෂ ලක්ෂණය වන්නේ පාඨකයන්ට අදහස් ප්‍රකාශ කරන්නට අවකාශය සපයමින් ඔවුන් හා ඍජුව සම්බන්ධ වීමයි. සංවාද ගොඩනැගීමයි. මෙය සම්ප්‍රදායික ජනමාධ්‍යවලට අත්පත් කර ගැනීමට නො හැකි තත්වයකි.  බ්ලොග්කරුවන් අතර දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ ජාලගතවීමයි. අන්තර්ජාලය හරහා සිදු වුණ ජාලගතවීම්වලට අමතරව සුහද හමුවීම් සිදු වුණ අවස්ථා ද තිබේ. ඒ සුහද හමු වීම් සිදු වුණේ ද බ්ලොග් අවකාශයන්ගේ ලක්ෂණ තිබෙන ගල්කිස්ස වෙරළ වැනි පොදු අවකාශයන් තුළ ය....

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ

Image
මම මුලින් ම ෆේස්බුක් භාවිතා කළේ W3Lanka ප්‍රවර්ධනය කරන්නට ය. ඒ වෙනුවෙන් වෙන ම ෆේස්බුක් ගිනුමක් සැකසූ අතර වසර ගණනකට පසු මම එය අතහැර දැමුවෙමි. ඒ වන විට එහි මිතුරෝ දහස් ගණනක් සිටිය හ. සිංහල හෝම් යන අන්වර්ථ නමින් එය පවත්වාගෙන යද්දී බොහෝ පිරිමි එය පවත්වාගෙන යන තැනැත්තා ගැහැනියක යයි සිතා චැට් කරන්නට පැමිණිය හ. අප ලියූ ලිපිවල ස්ත්‍රීන් කෙරෙහි දක්වා තිබුණු ආකල්පය මෙම ගිනුම පවත්වාගෙන යන්නේ ගැහැනියක යයි සිතන්නට හේතු වන්නට ඇත. අප එම ගිනුම අතහැර දැමීමට එක් හේතුවක් වන්නේ අන්තර්ජාලයේ නිර්නාමිකව පෙනී සිටීම වෙනුවට නමින් හා වගකීමකින් යුක්ත පුරවැසියන් ලෙස කටයුුතු කිරීම දේශපාලනික අවශ්‍යතාවක් ලෙස දකින බැවිනි. අප මේ කතා කරන්නේ ජීවිතයේ දේශපාලනය ගැන මිස දේශපාලන ව්‍යාපාර ගැන නො වේ. එක් කාලයක ලංකාවේ ෆේස්බුක්හි කාන්තාවේ දුලබ වූ හ. ඒ කාලයේ ඇත්තෙන් ම ෆේස්බුක් විනීත කාන්තාවන්ට අනතුරුදායක අවකාශයක් විය. මා මීට පෙර ද මේ පිළිබඳව ලිපියක් ලියා ඇත.  ලංකාවේ ගැහැනු ෆේස්බුක්හි පිංතූරයක් දැමූවිට පිරිමි ඒක මාර ‍ලස්සනයි කියා කමෙන්ට් දමන්නේ ඇයි? අන්තර්ජාලයෙන් චීත්ත කෑල්ලක් දැක්ක හැටියේ පිරිමි කොණ තෙමා ගන්නේ ඇයි ...

දහසක් මල් පිපෙන සුන්දර බ්ලොග් අවකාශය හා රාවයේ හෙවත් අභාවයාගේ අභාවය

Image
රාවය පුවත්පත වැටෙන්නට යනවා ය, ඒ නිසා කොහොම හරි එය ජැක් ගසා කෙළින් කළ යුතු ය කියා මහා හා හූවක් දැන් ලංකාවේ 'ප්‍රගතිශීලීන්' හා 'වාමාංශිකයන්' අතර තිබේ.  2004, 2005 වසරවල අපි හිරු පුවත්පත නැවත පටන් ගත්තේ අරමුණු කීපයක් පෙරදැරි කරගෙන ය. ලංකාවේ දෙමළ ජනයා හා ඔවුන්ගේ ජාතික විමුක්ති අරගළය පිළිබඳ සිංහල සමාජය තුළ පවත්නා තොරතුරු ඌනතාව මගහැරවීම ඒ අතරින් ප්‍රධාන අරමුණකි. අනෙක මාක්ස්වාදී පදනමින් අප විසින් මූලධාර්මිකව පිළි ගන්නා ලද දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ සංවාදයක් සමාජයේ ඇති කිරීමයි. 2004 මහ මැතිවරණයෙන් දකුණේ මෙන් ම උතුරේත් ජාතිවාදීන් සැලකිය යුතු බලයක් දිනා‍‍ගෙන සිටි මෙසමයේ මහත් අභියෝගාත්මක කාර්යයක් වූ හිරු පුවත්පත පළ කිරීම ආරම්භයේ සිට ම අති දුෂ්කර විය. හිරු පුවත්පත බිඳ වැටීමට හිරු කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් ද හේතු වන්නට ඇත.  එහෙත්, හිරු බිඳ වැටුණු යුගය වනාහි ලංකාවේ සාම රාජ්‍ය නො වන සංවිධාන ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම වෙනුවෙන් දැවැන්ත සල්ලියක් අතපතගාමින් සිටි කාලයකි. හිරු පුවත්පත රැක ගන්නට අප දන්නා තරමින් නම් ලංකාවේ දකුණේ ප්‍රසිද්ධ ප්‍රගතිශීලීන් කිසිවෙක් ඉදිරිපත...

අපි නො දන්න ඇනොනිමස් - 1

Image
( 2011 ජනවාරි 04,  W3Lanka )  සම්පූර්ණයෙන් ම, වඩා නිවැරදිව කියන්නේ නම් බලවතුන්ට පමණක් සොයා ගත හැකි අන්දමින්, නිර්නාමික වීමට අවස්ථාව ලැබීම බ්ලොග්කරණයේ සුවිශේෂ තත්වයකි. ජනමාධ්‍යකරුවෝ ඈත අතීතයේ සිට ම පෑනේ නම් හා නිර්නාමිකත්වය භාවිතා කර තිබේ. එහෙත්, හුදකලා කැලෑ පත්තරකරුවකුට හැර සෙසු අයට පූර්ණ ලෙස නිර්නාමික වීමට බැරි විය. හේතුව, පූර්ව බ්ලොග් ජනමාධ්‍ය අවකාශයේ යම් ප්‍රතාශනයක් සන්නිවේදනය වන්නේ තවත් පුද්ගලයන් ගණනාවක් හරහා වීමයි. එම පුද්ගලයක් අතර එම ප්‍රකාශනය සම්බන්ධයෙන් නෛතික හා සදාචාරාත්මක වශයෙන් වගකීමට සිදු වන අය සිටිය හ.  නිර්නාමික බ්ලොග්කරණය එහෙම නැත. එහි එක ම සීමාව අදාළ බ්ලොග් අවකාශය සපයන ආයතනයට බ්ලොගයේ අන්තර්ගතයේ ගැටලු පිළිබඳ පැමැණිලි ලැබීම නිසා බ්ලොග්කරුවාට බොහෝ විට අමතක, එහෙත් ඔහු (පුරුෂ) විසින් බ්ලොගය ආරම්භයේදී එකඟතාව පළ කරන ලද ගිවිසුමේ වගන්ති ප්‍රකාරව එම ආයතනය විසින් බ්ලොගය අත්හිටුවීමයි.  අනෙක් පැත්තෙන් රජය හෝ වෙනත් එතරම් බලවත් ආයතනයකට යම් බ්ලොග්කරුවකුගේ හෝ බ්ලොගයක අදහස් පළ කරන්නකුගේ විස්තරයක් සොයා ගැනීමට අවශ්‍ය නම් එය පහසුවෙන් කළ හැකි ය.  වගකිව යුතු ම...

සයිබර් ජාතිවාදියෝ, පොන්නයෝ හා W3Lanka

Image
( 2010 නොවැම්බර් 24,  W3Lanka )  අප ආණ්ඩුවේ කිසි ම හොඳක් දකින්නේ නැති බව කියමින් සමහරු අප සුදු වෑන්වලින් ඉස්සිය යුතු බව හා හිරේ ඇරිය යුතු බව කියති. ඇත්තෙන් ම අපි ආණ්ඩුවේ විශේෂ හොඳක් ඇති නම් අනිවාර්යයෙන් ම කියන්නෙමු. උදාහරණයක් මෙසේ ය: රෝහල්වල බාහිර රෝගී අංශ සවස හත වන තුරු විවෘත කිරීම දිළින්දන්ට සහනයකි සමහරුන්ට ඒ අගය කිරීම් ද තිත්ත ය. ජනතාව ආණ්ඩුව පත් කරන්නේ හා දුවා දරුවන්ට කන්න දෙන්න දුක සේ හරි හම්බ කරන මුදලින් බදු ගෙවා, ඇමතිලාට හා නිලධාරීන්ට සැප දෙන්නේ හොඳ වැඩ කරන්නට මිස නරක සඳහා නො වේ. ආණ්ඩුවේ හොඳ වැඩ වර්ණනා කරන්නට ලේක්හවුස්, රූපවාහිනී, අයි.ටී.එන්, ගුවන් විදුලි සංස්ථාව වැනි රජයේ ආයතන රැසක් ද ජනතා බදු මුදලින් හෝ ජනතා බදු මුදලින් ආණ්ඩුව දෙන දැන්වීම්වලින් හෝ නඩත්තු වේ. එහෙව් එකේ, මේ (කක්කි, ගූ, මිනිසුන් නො කියවන, සමාජ විරෝධී ආදී) විශේෂණ රැසකින් හැදින්වෙන මෙම බ්ලොගය ද ආණ්ඩුව වර්ණනා කිරීම සඳහා වෙන් විය යුතු යයි අපි නො සිතමු. එහෙම කරන්නට ගියොත්, සමහරුන් යෝජනා කරන පරිදි අප සුදු වෑන්වලින් රැගෙන ගියහොත් ආණ්ඩුවට තමන් දිහා බලා ගන්නට මෙවැනි සයිඩ් කණ්ණාඩියක්වත් නැත...