අපි නො දන්න ඇනොනිමස් - 1

(2011 ජනවාරි 04, W3Lankaසම්පූර්ණයෙන් ම, වඩා නිවැරදිව කියන්නේ නම් බලවතුන්ට පමණක් සොයා ගත හැකි අන්දමින්, නිර්නාමික වීමට අවස්ථාව ලැබීම බ්ලොග්කරණයේ සුවිශේෂ තත්වයකි. ජනමාධ්‍යකරුවෝ ඈත අතීතයේ සිට ම පෑනේ නම් හා නිර්නාමිකත්වය භාවිතා කර තිබේ. එහෙත්, හුදකලා කැලෑ පත්තරකරුවකුට හැර සෙසු අයට පූර්ණ ලෙස නිර්නාමික වීමට බැරි විය. හේතුව, පූර්ව බ්ලොග් ජනමාධ්‍ය අවකාශයේ යම් ප්‍රතාශනයක් සන්නිවේදනය වන්නේ තවත් පුද්ගලයන් ගණනාවක් හරහා වීමයි. එම පුද්ගලයක් අතර එම ප්‍රකාශනය සම්බන්ධයෙන් නෛතික හා සදාචාරාත්මක වශයෙන් වගකීමට සිදු වන අය සිටිය හ. 


නිර්නාමික බ්ලොග්කරණය එහෙම නැත. එහි එක ම සීමාව අදාළ බ්ලොග් අවකාශය සපයන ආයතනයට බ්ලොගයේ අන්තර්ගතයේ ගැටලු පිළිබඳ පැමැණිලි ලැබීම නිසා බ්ලොග්කරුවාට බොහෝ විට අමතක, එහෙත් ඔහු (පුරුෂ) විසින් බ්ලොගය ආරම්භයේදී එකඟතාව පළ කරන ලද ගිවිසුමේ වගන්ති ප්‍රකාරව එම ආයතනය විසින් බ්ලොගය අත්හිටුවීමයි. 


අනෙක් පැත්තෙන් රජය හෝ වෙනත් එතරම් බලවත් ආයතනයකට යම් බ්ලොග්කරුවකුගේ හෝ බ්ලොගයක අදහස් පළ කරන්නකුගේ විස්තරයක් සොයා ගැනීමට අවශ්‍ය නම් එය පහසුවෙන් කළ හැකි ය. 


වගකිව යුතු මිනිසුන් අත බ්ලොග්කරණය යනු සුරුබුහුටි පුරවැසි මාධ්‍ය අවකාශයකි. අදහස් ප්‍රකාශනයේ නිදහසට එහි ඇති සීමා සෙසු මාධ්‍ය අවකාශයන්හි ඇති සීමාවලට වඩා අඩු ය.. මාධ්‍ය ආයතනවල කර්තෘ මාණ්ඩලිකයන් යනු මාධ්‍ය නිදහසේ ප්‍රධාන ම සතුරන් පිරිසකි. විකල්ප සන්නිවේදනයන් සඳහා ඔවුන් අවකාශය විවෘත කරන්නේ ඉතා මඳ වශයෙනි. බ්ලොග් සින්ඩිකේටර පරිපාලනය කරන්නන්ට ද මෙවැනි බලයක් ඇති මුත්, අන්තර්ජාලයේ බ්ලොගයක් ප්‍රවර්ධනය කරන්නට ඇති එක ම ක්‍රමය සින්ඩිකේටර නො වන නිසා ඒ බලය ද සීමා වේ. 


වගකීම් විරහිත බ්ලොග්කරණය ලංකාව වැනි රටකදී මාධ්‍ය නිදහස දැඩි පාලනයකට යටත්ව තිබෙන රටකදී බ්ලොග් අවකාශය මර්දනය කිරීම සඳහා පාලකයන්ට අත වනන ක්‍රියාමාර්ගයකි. 


අප මෙම සටහන තබන්නේ සිංහල බ්ලොග් අවකාශය එවන් තැනකට සේන්දු වෙමින් ඇති බව අපට පෙනෙන නිසා ය. 


අදහස් ප්‍රකාශනයේ නිදහස යනු 'ඕනැ කෙනෙකුට ඕනැ අදහසක් ප්‍රකාශ කිරීමේ නිදහස' නො වන බව අප වටහා ගත යුතු ය. අදහස් ප්‍රකාශනයේ නිදහස යනු මානව හිමිකම්, පුද්ගල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තුළ අරුත් ගැන්වෙන්නක් බව අප වටහා ගත යුතු ය. 


කිසියම් අදහස් ප්‍රකාශනයක් මෙම අවකාශය තුළ අරුත් ගැන්වෙන්නේ නැතිනම් එය සැබැවින් ම අන්තවාදයකි. අන්තවාදී අදහස් ප්‍රකාශ කිරීම අදහස් ප්‍රකාශනයේ නිදහසට අදාළ වන්නේ නැත. 


සිංහල බ්ලොග් අවකාශයේ අන්තවාදී ප්‍රවණතා අලුත් ම දෙයක් නො වේ. විශේෂයෙන් ම ජාතිවාදී හා ආගම්වාදී උම්මත්තක අන්තවාදියෝ කලක සිට ම එහි රඟති. එහෙත්, කිසිවෙකු ඔවුන් සීරියස් ගන්නේ නැත.


එහෙත්, බුද්ධිමය ත්‍රස්තවාදය ලෙස හඳුනා ගත හැකි නව ප්‍රවණතාවක් සිංහල බ්ලොග් අවකාශයේ දැන් පැන නැඟී ඇත. වහෙන් ඔරෝ ඕනෑ නැත. අප මේ ලියන්නේ ඇනොනිමස් ආතල් නම් බ්ලොග් අඩවිය ගැනයි. 


නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ කේ.කේ. සමන් කුමාරගේ පාඨමාලාවට ද සහභාගි වන බව පෙනෙන මෙම බ්ලොග් අඩවියේ නිර්නාමික පරිපාලකවරයා එය යොදා ගන්නේ සිංහල බ්ලොග් අවකාශයේ නමින් පෙනී සිටින පුද්ගලයන් පිළිබඳ විවිධ දේ ලිවීමටයි. 


ඔහු (පුරුෂ) කිසි දිනෙක ආණ්ඩුව හා සම්බන්ධ බලවත් පුද්ගලයකු විවේචනය නො කරයි. ඔහුගේ ඉලක්ක වන්නේ සිංහල බ්ලොග්කරණයේ සජීවීව නියැලෙන තෝරාගත් ඇතැම් අයයි. ඔහු සහ ඔහුගේ අනුගාමික අදහස් ප්‍රකාශ කරන්නන් ද ඔහුට ප්‍රචාරය ලබා දෙන ටැබූ සබ්ජෙක්ට්ස් වැන්නන් ද නිරීක්ෂණයට ලක් කිරීමේදී දැකිය හැකි ලක්ෂණයක් වන්නේ ඔවුන් කරන මෙම කාර්යගේ අරමුණ ඉලක්ක පුද්ගලයන් භීතියට, ලජ්ජාව‍‍ට හෝ කලකිරීමට පත් කිරීම බවයි. ඒ ඔස්සේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අඩපණ කළ හැකි යයි ඔවුන් සිතනවා ඇත. අප මෙම ප්‍රවණතාව පිළිබඳ සාකච්ඡා කරන්නේ අප එය මහා බැරෑරුම් දෙයක් ලෙස සලකන නිසා ම නො වේ. මෙම බ්ලොග්කරුවන් පාවිච්චි කරන භාෂාව කලින් සිටි ජාතිවාදී, ස්වෝත්තමවාදී අන්තවාදී උම්මත්තකයන්ගේ භාෂාවට වඩා ප්‍රගතිශීලී අන්දමින් පෙනී සිටින්නට උත්සාහ කරන නිසා ය. 


ඇනොනිමස් ආතල්හි මෙම ලේඛකයා පිළිබඳව ද ලිපියක් පළ විය. එහෙත්, මෙම ලේඛකයා වනාහි තමන් ලියන දෙය සම්බන්ධයෙන් වගකීම භාර ගන්නට බය, අන්තර්ජාලයෙන් මාංශ පේශි පුම්බන පරිගණක ක්‍රීඩා ඇනිමේෂන් චරිත පිළිබඳව සීරියස් ලෙස සිතන්නෙක් නො වේ. සොහොන්වල ගෙවල් හදන මිනිස්සු බය වනවා නම් බය විය යුත්තේ යක්කුන්ට ය. මෙවැනි නිවට බියසුල්ලන්ට නො වේ. 


බුදුන්ගේ සමයේ සිටි ත්‍රස්තවාදියකු වූ දේවදත්ත බුදුන් මරා බුදුබව ලබා ගැනීමට උත්සාහ දැරුවා සේ මොවුන් උත්සාහ දරන්නේ ක්‍රියාකාරී සිංහල බ්ලොග්කරුවන් පිරිසක් ඝාතනය කර පාඨක පිරිසක් දිනා ගැනීමයි. 


මොවුහු සැබෑ ඝාතනයක් කරන්නට තරම් ආත්ම ශක්තියක් ඇත්තෝ නො වෙති. ඔවුන් කරන්නේ අරූ කොටියා‍, මූ ජෙප්පා ආදී දේ කියා බළලුන් ලවා කොස් ඇට බාවන්නට ය. එහෙත්, ලංකාවේ මර්දන යන්ත්‍රය මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියා කරද්දී මෙවැනි මෝඩයන්ගේ පදයට නො නටන බව අපි ඉතා හොඳින් දනිමු. 


මෙවැන් බුද්ධිමය ත්‍රස්තවාදයන් ද ලංකාවට ආගන්තුක නැත. මාතොට හා ලන්ඩන් සඟරා ඔස්සේ මෙවැනි ව්‍යාපෘතියක් දියත් විය. බුද්ධිමය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන්ට පහර දී බිම දැමූ විට එම අවකාශය තමන්ට සින්න වේ යයි එදා එක්ස් කණ්ඩායම සිතුවේ ය. (ඔවුන් වෙනස් වී ඇති බව පවසන්නේ ඔවුන්ට හිමි ගෞරවය ලැබිය යුතු නිසා ය.) 


කොටි සංවිධානයේ ත්‍රස්තවාදය විසින් දෙමළ සමාජයට කරන ලද අනර්ථය වැනි ම වූ, සිංහල රාජ්‍ය ත්‍රස්තවාදය විසින් සිංහල සමාජයට කරන ලද අනර්ථය වැනි ම  වූ අනර්ථයක් බුද්ධිමය ත්‍රස්තවාදය විසින් ද බුද්ධිමය අවකාශයට කරනු ලැබේ. එයින් කිසිදු සාධනීය ප්‍රතිඵලයක් අත් වන්නේ නැත. 


සිංහල බ්ලොග්කරුවන් බ්ලොග් ත්‍රස්තවාදයට විරුද්ධ විය යුතු ය. 


(මතු සම්බන්ධයි.)


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. ඔබගේ අඩවියත් මෙම බ්ලොග් අඩවියට ඇතුලත් කරගැනීමට පහත තොරතුරු sindilanka@yahoo.com ලිපිනයට එවන්න. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  2. වහෙන් ඔරෝ ඕනෑ නැත. 'ඇනොනිමස් ආතල්' ලියන්නේ රචින්ත ජයවර්ධන (මුචලින්ද) හා චමිල ද අල්විස් (පිටස්තරයා) නැමති බ්ලොගාවකාශයේ 'පොරවල්' යුගලයයි. පාඨක ලිපි යැයි සඳහන් ඒවායින් වැඩිමනක් ලියන්නේද උන්ය. හැබැයි ආරාධිත ලිපි ද නැතුවා නොවේ. බූන්දි කූඹියා ලිපිය ඊට උපහැරණයකි.

    ReplyDelete
  3. හොයලා බලන්න කාලිංග කියන්නෙත් බ්ලොග් ත්‍රස්තවාදියෙක්.

    ReplyDelete
  4. /අනෙක් පැත්තෙන් රජය හෝ වෙනත් එතරම් බලවත් ආයතනයකට යම් බ්ලොග්කරුවකුගේ හෝ බ්ලොගයක අදහස් පළ කරන්නකුගේ විස්තරයක් සොයා ගැනීමට අවශ්‍ය නම් එය පහසුවෙන් කළ හැකි ය. /

    Can you please explain how this is done.

    According to what I know the author information (other than IP address[es] everything else can be manipulated easily) is available only with the blog site. The IP numbers are not of much help unless the user has a static IP. Dynamic IPs are traceable but with difficulty.

    Theoretically, it can be done, but not an easy task. It is impossible if the blogging sites do not co-operate.

    Please explain if there is an easy alternative as you suggest.

    ReplyDelete
  5. පළවෙනි ඇනෝගේ කතාව ඇත්ත තමයි. ඕකෙ වැඩි හරියක් ලිපි ලියන්නෙ උන් දෙන්න තමයි. ඒ ගැන අනික් උන් කතා කරද්දි කමෙන්ට් මොඩරේට් කරනවා. අටපට්ටම ගැන ලිපිය එයට හොඳම උදාහරණයක්. මොකක් හරි කුණු ගොඩක් අවුස්සල තමන්ගේ හිට් කවුන්ට් එක වැඩි කරගන්න එක තමයි ඇනෝනිමස් ආතල් කියන්නේ. මෙහෙම ගියොත් මුචලින්දගේ සහ පිටස්තරයගේ පුද්ගලික දේවලුත් අනික් බොලොග් අඩවි වලින් විවේචනය කරාවි. එය වැඩි ඈතක නැත මේ යන විදිහට. පැරාගේ සමහර ලිපි සමඟ එකග නැතත් මේ ලිපියහි සමහර කරුණු පිළිබඳව එකගවිය හැක."ඇනොනිමස් ආතල් වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන්න". අවසාන වශයෙන් කීමට ඇත්තේ එපමනයි.

    ReplyDelete
  6. මේ කණබොන සෙට් එකේ එවුන් ටිකද?

    ReplyDelete
  7. "වහෙන් ඔරෝ ඕනෑ නැත. 'ඇනොනිමස් ආතල්' ලියන්නේ රචින්ත ජයවර්ධන (මුචලින්ද) හා චමිල ද අල්විස් (පිටස්තරයා) නැමති බ්ලොගාවකාශයේ 'පොරවල්' යුගලයයි. "

    " මෙහෙම ගියොත් මුචලින්දගේ සහ පිටස්තරයගේ පුද්ගලික දේවලුත් අනික් බොලොග් අඩවි වලින් විවේචනය කරාවි. එය වැඩි ඈතක නැත "

    ඇනෝනිමස් ආතල් පටන් ගත්ත කාලෙ ඉඳන් හැමෝම කියන කතාවක් තමයි ඕක කරන්නේ මම නැත්තන් මුචා කියන එක. මෙතනත් ඇවිත් ඔය ගොන් පාට් එකම දාන එකේ පුදුමයක් නැහැ. බ්ලොග් අවකාශයේ පොරවල් වීම ගැන කතා කරනවනම් අර ආගන්තුකය කියනව වගේ මට අනුව මම පොරක්. බ්ලොග් අවකාශයෙදි අනිත් එවුන්ට මම පොරක් ද දන්නේ නැහැ. ඒත් පැන පැන පොරත්වය කොහෙවත් පෙන්නන්න ගිහින් නැහැ.

    ඒ නිසා තමයි මේ පොරවල් පොරවල් කියල කෑ ගහන්නේ කවුද කියල අඳුන ගන්න පුලුවන්.

    ඇනෝනිමස් ආතල් එකේ පලවුන ලිපි දෙක තුනකින් සිංහල යුනිකේත බ්ලොග් අසංසද වලටත් සෑහෙන්න රිදිලා තිබුනා. ඉතින් ඕකට වහ වැටිලා ඉන්න ගොබිලො ටිකක් හිතන්නේ උන්ට බනින්න ඉන්නේ මම විතරයි කියන එක. ඒක තමයි ප්‍රධාන හේතුව මට ඔය ඇනෝනිමස් ‍ආතල් ලේබල් වදින්න.

    "නෑ නෑ මම නෙවෙයි ඇනෝනිමස්" කියල කොහොම කිව්වත් උන්ට ඇනෝනිමස්ව පේන්නේ මම විදියට නම් මේ ගොබිලන්ට ඒක කියල වැඩක් නැහැ. ඇනෝනිමස් ලියන එකා පොරක් කියල හිතාගෙන ඉන්න නිසා මම ඇනෝනිමස් ලියනව කියල හිතා ගත්තත් දැන්නම් ප්‍රශ්නයක් නැහැ.

    ඒත් ඔය "පවුද්ගලික දේවල් බොග් වල දාන්න යනවා" වගේ ගොන් පාට් නම් දාන්න එපා. මොකද අපිට පෞද්ගලික මඩ වැදුනේ මේ එක එක හරක් පැටව් තර්ජනේ දාන්න ‍බොහෝම කාලයකට කලින්. කැමති නම් ඔය කියන දේ කරල බලන්න. හැබැයි එතකොට අපිත් අපේ පැත්තෙන් වෙන්න ඕන දේ පටන් ගන්නම්. එතකොටත් හැබැයි වදින්නේ ඔය ඇනෝනිමස් ලියන්නේ අපි කියල හිතාගෙන ඉන්න ගොබිලෝ රෑනට. (ඔව් මටත් පුලුවන් මේ කවුද කියලා හිතා ගන්න. එහෙම හිතෙන කෙනා නොවුනත් ඉතින් මේ තියරියට අනුව මම හිතන කෙනාට රිදෙන්න දුන්නාම ප්‍රශ්නයක් නැහැනෙ)

    ආ ඒක නෙවෙයි. දැක්කෙ නැත්තන් මේකත් කියවලා බලන්න.

    http://setweem.blogspot.com/2010/12/blog-post_30.html

    මුචාට හොරෙන් නෙවෙයි මේක ලිව්වේ (ඔතනත් ඇනෝ කමෙන්ට් දාන්නේ ඉතින් එකම හරකෙක් කියල දැන ගන්න පුලුවන්. ඒකම තමයි මෙතනත් ඇවිත් පොඩි තර්ජනාංගුලියක් දාලා ගිහින් තියෙන්නේ. අපි බයවෙයිලු. පටන් ගන්නකො බලන්න "පවුද්ගලික දේවල් ලියන බොග් අඩවි")

    ReplyDelete
  8. W3Lanka, පණිවිඩකරුවාට වෙඩි තැබීම නරක පුරුද්දකි.

    http://anonymousaya.blogspot.com/2011/01/w3lanka.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා