ටැබූ සබ්ජෙක්ට්ස් හැක් කිරීම හා සිංහල ජාතිවාදය | Hacking Taboo subjects and Sinhala nationalism
(2011 මාර්තු 10, W3Lanka ) අප අද ලියන්නේ අප විසින් පසුගිය සමයේ තහනම් විෂයක් බවට ස්වයංව පත් කරගෙන තිබූ ටැබූ සබ්ජෙක්ට්ස් පිළිබඳවයි. ටැබූ සබ්ජෙක්ට්ස් හැක් කර බ්ලොගය මකා දැමීම පිළිබඳව අප මුලින් ම සිතුවේ ටැබූ සබ්ජෙක්ට්ස් කරන්නේ කවුරුද යන්න අනාවරණය වීමක් සමග සිය බ්ලොග් අතීතයෙන් පෞද්ගලික වර්තමානය බේරා ගැනීම පිණිස මෙම නිර්නාමික බ්ලොග්කරුවා/කාරිය/කරුවෝ/කාරියෝ තමන් ම එය මකා දමන්නට ඇති බවයි. මහින්ද අබේසුන්දර පිළිබඳ තැබූ සටහනක වැනි තැනත මෙම බ්ලොගය කරන්නන්ගේ අනන්යතාව හඳුනා ගත හැකි යයි සිතිය හැකි යම් කරුණු තිබිණි. ටැබූ සබ්ජෙක්ට්ස් කළ අය සිය අදහස් ප්රකාශනයෙන් ඇති කළ හරවත් සංවාදවලට අමතරව පුංචි කාලයේ හැංගිමුත්තන් සෙල්ලම් කිරීමෙන් හා අවුරුදු උත්සවවල කරන සැඟවුණු අමුත්තා සෙවීම වැනි ක්රීඩාවකින් ලබන වින්දනය වැනි මානසික සතුටක් ද ලැබූ බව පෙනේ. මන්ද, සෙසු නිර්නාමික බ්ලොග්කරුවන්ට වඩා මේ අය සිය නිර්නාමිකභාවය පිළිබඳව කතා කළ බැවිනි. නිර්නාමිකභාවය, ආරූඪ නම්වලින් පෙනී සිටීම හා ඇත්ත නම සමග ක්රීඩා කිරීම එක්තරා කුහුල දනවන මනෝභාවයකි. ලේඛකයාට මෙවැනි අය රාශියක් වමේ ක්රියාකාරිකයන් අතර හමු වී තිබ...