ලංකා ඊ නිව්ස් ගිනි තැබීම

ලංකා ඊ නිව්ස් කර්තෘ  සඳරුවන් සේනාධීර
කලකට ඉහතදීපහර කෑමට ලක් වූ
මාධ්‍ය සංවිධාන නායක පෝද්දල ජයන්ත සමග
(2011 ජනවාරි 31, W3Lanka) මාලෙබ්හි පිහිටි ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිනි තබා ඇත. පරිගණක, ආම්පන්න, ලිපිද්‍රව්‍ය ආදාය ගිනි ‍ගෙන විනාශ වන්නට ඇත. එහෙත්, වෙනත් මාධ්‍ය මෙන් නො ව වෙබ් අඩවියක් ඒ අන්දමින් නැවැත්විය නො හැකි ය.


කවුරු මේ දීන ක්‍රියාව කළාදැයි කිසි දිනෙක හෙළිදරව් නො වනු ඇත. එහෙත්, පාලකයින්ට ඇඟිල්ල දිගු වීම වළක්වන්නට බැරි ය. මන්ද, ලංකා ඊ නිව්ස් වනාහි ආණ්ඩු විරෝධී හා විපක්ෂ ලැදි ජනප්‍රිය මාධ්‍යයක් වන හෙයිනි.


සිද්ධිය සිදු වන්නේ ලංකා ඊ නිව්ස්හි කලක් වැඩ කළ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී මසක් ගෙවී යමින් තිබියදී ය.


ඕනෑ නම් ලංකා නිව්ස් වෙබ් මෙන් ලංකා ඊ නිව්ස් ද ලංකාවේ අයට බලන්නට බැරි පරිදි බාධා කරන්නට විදුලි සංදේශ නියාමන කොමිෂමට පුළුවන. එහෙත්, ප්‍රොක්සි වෙබ් අඩවි හරහා තහනම් කළ අඩවි බලන එක වළක්වන්නට ක්‍රමයක් නැත.

Comments

  1. නිවැරදී කිරිමක්!!!
    ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී මේ වන විට අවුරුද්දකුත් මාසයක කාලයක් ගෙවී ඇත.

    කෙසේ වූවත් ශ්‍රි ලාංකිකයන් ලෙස මෙවැනි සිදුවීම් ගෑන අප කණගා‍ටු විය යුතුය.

    ReplyDelete
  2. Madya nidahasa netiweema gena bahutarayak Sri Lankikayanata kekumak nometa.Mokada oun ounge nidahasa wath denata netiweegena yana bawa therum gena nometa.Api mona pampori gehuwath ape samajayata etta netta torabera genimata thawa boho kalyanu eta.

    ReplyDelete
  3. කණගාටු වියයුතු වන්නේ මෙවැනි සිදුවීම් ගැන නොව මේවට වග කිව යුතු ආණ්ඩුව පත් කිරීමට චන්දය දීම ගැනය

    ReplyDelete
  4. Another entry to the minus side. The balance sheet of the account is being prepared. The people will give their verdict when it is needed. The problem is they don't see an alternative yet. They don't have a trust on so called opposition.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා