ෆොන්ටෙරා, ලංකා ඊ නිව්ස් හා වාමාංශිකයෝ
සමහර වාමාංශික කොටස්ද රාජපක්ෂ මාෆියාවේ හැඩ තල හඳුනා ගැනීමට නොහැකිව වල්පල් දොඩනු දැකිය හැකිය. අයෙක් ෆොන්ටේරා සමාගම බහුජාතික සමාගමක් බැවින් උන්ට මොනවා උනත් අපිට පාන් දැයි අසති . තවත් සමහරු කිරිපිටි අවුල මතින් දේශීය කිරි ගොවියා සමෘද්ධිමත් වන බවට හීන දකිති. මේ කණ්ඩායම් වලට රාජපක්ෂ මාෆියාව රාජ්‍ය මෙන්ම පුද්ගලික ව්‍යාපාර ගිල ගන්නා බූවල්ලකු ලෙස වැඩී ඇති ආකාරය නොපෙනේ. රාජපක්ෂලාට කප්පම් නොදී තවදුරටත් මේ රටේ කිසිවකුට ව්‍යාපාර කළ නොහැකි බව නොපෙනේ. වල් පල් හරහා රාජපක්ෂ මාෆියාවේ සැර බාල කරන්න හදන මේ වාමාංශිකයන්ට කිව යුතුව ඇත්තේ රාජපක්ෂලා හෙට දින ගෙන්වීමට නියමිත තුට්ටු දෙකේ චීන කිරිපිටි ගිලින්න දැන් සිටම සුදානමින් සිටින ලෙසයි. රාජපක්ෂලා යටතේ වේගයෙන් රට මුගාබේකරණය වෙමින් තිබේ. මෙහි අවසානය දැවැන්ත ව්‍යසනයක් වීම වැළැක්විය නොහැකිය. -විසල් කරුණාරත්න විසිනි- (ලංකා ඊ නිව්ස්) ෆොන්ටෙරාට මොනවා වුණත් අපට පාන්දැයි ඇසුවේ අප ය. අප එහෙම අසන්නේ හේතු ඇතිව ය. "ෆොන්ටෙරා යනු නවසීලන්තයේ කිරි ගොවියන් 10,600 ක් අයිතිය කියන බහුජාතික සමාගමකි යි අරුණි ශපීරෝ පෙන්වා දෙයි. එහිදී මගේ නම් හිතට එන්නේ ඉතින් ...