ලංකා ඊ නිව්ස් තහනම

(2011 අප්‍රේල් 29, W3Lankaලංකා ඊ නිව්ස් මතවාදය වූයේ සරළ, ජනප්‍රියවාදී ආණ්ඩු විරෝධයයි. අප සිතන අන්දමින් නම් බුද්ධිමත් ආණ්ඩුවක් නම් බිය වැද්දීමට තරම් බලයක් එහි තිබුණේ නැත.


දැනට රිමාන්ඩ් භාරයේ සිටින අප දන්නා ශාන්ත විජේසූරිය නම් එඩිතර වාම ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ එඩිතරකම එම වෙබ් අඩවියේ ශක්තියක් විය. ඔහු අද නීතියේ දැලේ පැටලී ඇත්තේ මාධ්‍ය වෘත්තිකභාවයේ ගැටලුවක් හේතුවෙනි.


අධිකරණයට අපහාසයක් වූ බව කියන පුවත නිවැරදි කරමින් ඒ පිළිබඳ සමා ආයාචනයක් වෙබ් අඩවියේ පළ කර ඇති බව ශාන්ත විජේසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ අධිකරණයට දැනුම් දුන් හ.


එහෙත්, දිනමිණ පුවත්පතේ සඳහන් වන අන්දමට නඩුවේ පාර්ශ්වයක් ද යන්න මාධ්‍ය වාර්තාවේ සඳහන් කර නැති පූගොඩ නීතිඥ සංගමය නම් සංවිධානයක් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ පීටර් මෙන්ඩිස් කියා ඇත්තේ සැකකරු අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් එය නිවැරැදි කර විකාශනය කිරීමෙන් හා වරද පිළිගැනීමෙන් පමණක් ම එම චෝදනාවෙන් නිදහස් නො වන බවයි. අපට දැන ගැනීමට ලැබී ඇති අන්දමට එදින පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සිටි සියලු නීතිඥයන් ශාන්ත විජේසූරියට එරෙහිව පෙනී සිටීමට නැගී සිට තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව වෙනුවෙන් ද මෙම නඩුව වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිට ඇති බව දිනමිණ පුවත්පත පවසයි. ලාල් කුලරත්න නම් එම නිතිඥවරයා පවසා ඇත්තේ එම පුවත එම වෙබ් අඩවියේ පළවීමෙන් අපැහැදිලි ස්වභාවයක් පැන නැගී ඇති බවයි.


මාධ්‍ය සංවිධාන ආරංචි මාර්ග පවසන ආකාරයට, ලංකා ඊ නිව්ස් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මාධ්‍ය සංවිධාන සූදානම් වෙමින් ඇත.  


මාධ්‍ය වෘත්තිකභාවයේ ගැටලු සම්බන්ධයෙන් කතා කරන විට බොහෝ සිංහල මාධ්‍ය වෙනසක් නැත. නිදසුනක් ලෙස, මහින්ද අබේසුන්දරගේ කතුවැකි හා කීර්ති වර්ණකුලසූරියගේ ආරක්ෂක වාර්තා රසවත් වන්නේ ඒවායේ ඇති විසුළු ස්වභාවය නිසා ය. එහෙත්, ඒවා රාජ පාක්ෂික ලියවිලි ය.


කෙසේ වෙතත්, අප දන්නා තරමින්, අධිකරණය හමුවේ විභාග වෙමින් ඇති අපහාස නඩුවක විභාගය අවසන් වන තෙක්, මහේස්ත්‍රාත් නියෝගයක් මත ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධියක් ඇති ජනමාධ්‍යයක් රට තුළ තහනම් කිරීම මේ සිදු වන්නේ පළමු වතාවටයි. ඇතැම් විට, මෙය ලෝකයේමත් එවැනි දෙයක් සිදු වූ පළමු අවස්ථාව වන්නට ඇත. 


මීට පෙර සිදු වූ මෙවැනි ලොකු ම සිද්ධිය වන දවස පුවත්පත සීල් තැබීම 1974 අප්‍රේල් 20 දින සිදු කළේ ද හදිසි නීතිය යටතේ ජනාධිපති නියෝගයකිනි. එමගින් සිදු වූ හානි වෙනුවෙන් දවස හිමිකාර සේපාල ගුණසේනට රජය විසින් රුපියල් කෝටි ගණනක වන්දියක් ‍ගෙවන ලදී. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මමත් ඊ නිවුස් දිනපතා කියවන පාඨකයෙක්. අවුරුදු ගණනාවක් දවස පුරා ඊ නිවුස් මම කියවනවා. රජයේ වැරදි පෙන්නන එක වදරක් නොවේ. එවන් අභීත වෙබ් අඩවි රටකට තියෙන්න ඕනේ. නමුත් මෑතක සිට ලංකා ඊ නිවුස් වැරදි පාරේ ගියේ. බොහෝ සෙයින් දෙමළ ජාතිවාදයට ඉතාමත් ගැති උනා. අහිංසක දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවට විදෙස් ගත දෙමළ ජාතිවාදී ඩයස්පෝරාව වෙනුවෙන් පෙනී සිටියා. නිරන්තරයෙන් රණවිරුවන්ට අවමන් කළා. සීමාවක් තිබුනේ නෑ. මේ අයට වැදගත් උනේ සරත් ‍පොන්සේකා මහතා පමණයි. වෙනත් කිසිදු රණවිරුවෙකුගේ වැදගත්කමක් ලංකා ඊ නිව්ස් ට වැදගක් වුනේ නෑ. ඔවුන් හැමදාමත් හිතුවේ යුද්ධය තනියම කළේ සරත් ‍පොන්සේකා මහතා පමණයි කියලයි. ඒ කුහක සිතුවිල්ලම ඔවුන්ට පරා වළල්ලක් වෙන බව මට කලින්ම සිතුනා.
    හැකි සෑම අවස්ථාවකදීම රණවිරුවන්ට අපහාස වෙන විදිහේ නිව්ස් ඔවුන්ගේ වෙබ් අඩවියේ දැම්මා. උදාහරණ ඕන තරම් පෙන්වන්න පුලුවන්. ඇතැම් නිව්ස් නිවැරදි කිරීමක් කරන්න තරම්වත් මේ අය කාරුණික වුනේ නෑ. මේ දේවල් කරුණු කාරණා සහිතව පෙන්වා දෙන්න පුලුවන්. දිනෙන් දින මේ අය මව්බිමේ පය නොගසන, සුපිරි පැළැන්තියේ උවමනාවන් ඉටුකරනා, වටිනා මිනිසුන්ගේ පුද්ගලිකත්වයට පහර ගසමින්, ඔවුන්ගේ ආත්මයන් විනාශ කරමින් උපන් දේශයට බරක් වෙමින් වැරදි ගමනක් ගියා. කරන්න දෙයක් නෑ. ලංකා ඊ නිව්ස් වපුරපු දෑ නෙලා ගත්තා. නමුත් මේක තහනම් කරපු එක වැරදියි. ඇත්ත ඇති සැටියෙන් කියන්න පුලුවන් අභිත, දේශමාමක වෙබ් අඩවියක් බවට ලංකා ඊ නිව්ස් පත් වේවා!

    ReplyDelete
  2. ප්‍රශ්නයකට සැබෑ විසදුමක් ගොඩනගන මතවාදයක් වෙනුවට ඉගුරු දී මිරිස් ගන්න මතවාදයක් ගොඩනගන lanka e news වැනි මාද්යයක් තහනම් කිරීමෙන් ලංකා ඒ නෙව්ස්ට රටතුලත් ජාතියන්තරවත් ප්‍රසිද්ද වනු ඇත .මෙය ඔවුන්ට මුදල් දී කරගැනීමට හැකි දෙයක් නොවේ .මේ ප්‍රශ්නයෙන් වියුක්තව කතාකළහොත් ,අද ජනතා වගේ බලය බින්දුවටම හා ල්ලු වී ඇත .ජනතාවගේ බලයෙන් පත්වන වියවස්ථාදායකය , තනිකරම විදායකයට යටවී ඇති අතර රටටම වගකිවයුතු විදයකය හිතුමතයට මුළු රටේම ක්‍රියාකාරීත්වය තමන්ගේ අනසකට ගෙන ඇත .

    ReplyDelete
  3. දේශප්‍රේමී බේබදු හීරළු සෙක්කාApril 30, 2011 at 7:24 AM

    මහත්තයෝ, දැන් මං වගේ ඉගෙන ගෙන නැති, වැස්සකටවත් විශ්ව විද්‍යාලෙකට නොගිය මෝඩ සෙක්කෙකුටත් පුළුවන් වුණානෙ හොයා ගන්න ටැබූයි බියොන්ඩ් ෆ්‍රේමුයි එන්.ජී. ඕ. එකෙන් සල්ලි ගෙවන එක නතර කරපු නිසා තමන්වම හැක් කර ගත්තා කියලා. මොකද මම ලේසි පාසු සෙක්කෙක් නෙවෙයිනේ. මං ඔය ඔක්කෝම දන්නවා. දැන් ඔය ලංකා ඊ නිව්සුත් තමන්ම තහනම් කර ගත්තා වෙන්න බැරිද? මොකද අපේ දෙශප්‍රේමී දිවයිනේ ඒ වගේ දෙවල් නේ වෙන්නෙ.

    ReplyDelete
  4. තොරතුරු තාක්ෂණයේ නව ප්‍රවනතා, සහ තාක්ෂණික ප්‍රයෝග නොදන්නා අමිබරුවන් සිතනු ඇති මෙි විතිහට අන්තර්ජාල වෙබි අඩවි හිර කරන්ඩ පුලුවන් කියලා. මම අද උදෙත් ලංකා ඊ නිවිස් බැලුවා. (ලංකාවෙි සිට) ඒ විතරක් නෙවෙයි දැනට අවුරුදු දෙකහමාරකටත් කලින් තහනමි කරපු ලංකා නිවිස්වෙබි නමැති වෙබි අඩවියත් මම දිනපතා බලනවා. ඒවා බලන උපක්‍රමය මෙහි සඳහන් නොකරන්නේ මගේ ආරක්ෂාවටයි. පාඨකයිනි, සොයන්න. එවිට මාර්ගය හමුවෙි.

    ReplyDelete
  5. thamanma ginithiya gatththa eke thamanvama thahanm karagana thamay.

    ReplyDelete
  6. ඇත්ත, ඇත්ත, සිරි ලංකාවට වුණේ පට්ට පාඩුවක්, ඊ-නිවුස් තහනම් කළායින්. මොකද ඔය වගේ ඇත්ත කියන පත්තරයක්, මෙ තුන් ලෝකෙම තියා පරසක්වලවත් නෑ නෙව.

    ReplyDelete
  7. http://174.123.126.130/~sandaru/Sinhala/
    this is d way 2 access LeN

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා