ඉන්දියාවේ බලයට එරෙහිව මොළය පාවිච්චි කිරීම හා ජවිපෙ

(2011 අප්‍රේල් 12, W3Lanka) "ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සමාන අයිතීන් හා සමාන තත්ත්වයන් සහතික කරමින්" ශ්‍රී ලංකාව සිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කළ යුතු බවට ඉන්දියාව බලකරන බව ඉන්දීය කොංග්‍රස්‌ පක්‍ෂ නායිකා සෝනියා ගාන්ධි කළ ප්‍රකාශයෙන් ලංකාවේ ඉන්දීය විරෝධය සඳහා පේටන්ට් බලපත්‍රය ඇත්තේ තමන්ට යයි සිතන ජනතා විමුක්ති පෙරමුණ උදහස් වී තිබේ.


ජවිපෙ නැවතත් කියන පරිදි "ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණපාන ගැටලු විසඳමින් සැබෑ ජාතික සමගිය ඇති කිරීමට වත්මන් පාලනයට හෝ වත්මන් ධනපති ක්‍රමයට නොහැකි බවත් එය සිදුකළ හැක්‌කේ වංචාකාරී ව්‍යවස්‌ථා වෙනසකින් නොව සියලු ජනතාවන්ට සම අයිතීන් හා සම අවස්‌ථා ලබාදෙන, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන, සියලු වර්ගයේ ජාතිවාදයන් හා පීඩනයන් පිටුදකින සමාජවාදී සමාජයකදී" ය. වෙනත් වචනවලින් කියන්නේ නම් ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් නැත. මන්ද, ඔය කියන අන්දමේ සමාජවාදය හුදු පරමදර්ශයක් පමණක් වන බැවිනි.


'ඉන්දීය ආධිපත්‍යවාදීන්ගේ' අරමුණ හඳුනා ගන්නා ලෙස ජනතාවට අවධාරණය කරන ජවිපෙ අරමුණ හඳුනා ගැනීම ජනතාවට වැදගත් වේ යයි අපි සිතමු.


1971ට පෙර ජවිපෙ පංති පහෙන් එකක් වූයේ 'ඉන්දියානු ව්‍යාප්තවාදය'යි. ජවිපෙ එදා පීඪිත දෙමළ වතු කම්කරුවන් පවා එකී ව්‍යාප්තවාදයේ කොටස්කරුවන් ලෙස සැලකූ අතර ජවිපෙ තුළ දෙමළ විරෝධය නිදන්ගත වන්නට මේ පංතිය එක් හේතුවක් විය. 1987දී ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමට ඉන්දියාව කළ අත පුච්චා ගත් මැදිහත්වීම හමුවේ ජවිපෙ හැසිරුණේ ද අද මේ නිවේදනයෙන් ප්‍රකාශ වන අන්දමට ම ය.


ජවිපෙ කියන ආකාරයේ 'ආධිපත්‍යවාදී' ස්වරූපයක් ඉන්දීය රජයෙහි නැතැයි අපි නො කියමු. එහෙම එකක් ඇත. බලවත් රටවල් අසල සිටින ලංකාව වැනි බනානා හෙවත් කෙහෙල්මල් රාජ්‍යවලට ජවිපෙ කියන අන්දමේ පරම ස්වෛරීත්වයක්, ස්වාධීනත්වයක් අත් පත් කර ගන්නට ප්‍රායෝගිකව නො හැකි ය.


රාජ්‍යයන් අතර තබා ජවිපෙ අභ්‍යන්තරයේවත් ඔය කියන අන්දමේ 'ස්‌වාධීනත්වය, ස්‌වෛරීභාවය' තිබේ ද? ජවිපෙ තුළ ඇති දකුණේ සංස්තෘතික ආධිපත්‍යය තුළ කොළඹ සාමාජිකයා පවා 'ඔහේ', 'හත්වලාමේ' වැනි වචන පාවිච්චි කරන්නේ ජවිපෙ තුළ ඇති රුහුණේ සංස්කෘතික ආධිපත්‍යය නිසා ය. ජවිපෙ මෙවැනි නිවේදන නිකුත් කරන්නේ එතුළ ඇති සෝමවංශ, ටිල්වින්, විමල් වීරවංශ බලවේගයේ ආධිපත්‍යය නිසා ය.


මුහුදේදී මිය ගිය ඉන්දීය ධීවරයකුගේ මරණය සම්බන්ධ කටයුතු සඳහා එම ධීවරයාගේ පවුලේ අය ඉන්දීය නාවික හමුදාව විසින් නීත්‍යානුකූල ගමන් බලපත්‍ර හා වීසා ආදියෙන් තොරව යාපනයට කැටුව ඒම පිළිබඳව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.‍


ඉන්දියාව හා ලංකාව අතර මුහුදේ මාළු ඇල්ලීම පිළිබඳ සංකීර්ණ ප්‍රශ්නයක් තිබේ. ඉන්දීය ධීවරයන් ලංකාවේ මුහුදු සීමාවට ඇතුල් වන්නා සේ ම ලංකාවේ ධීවරයෝ ද අන්දමන් දූපත් වැනි ප්‍රදේවලට පවා ගොස් මාළු අල්ලති. ඉන්දීය ධීවර ව්‍යාපාරිකයන්ගේ බෝට්ටුවල එන ඇතැම් ධීවරයන් වැටුප ලෙස ලබන්නේ බත් පත පමණි. වෙඩි කන්නේ එවැනි පිරිසක් මිස මුදලාලිලා නො වේ.


සමාජවාදීන් සිය දේශපාලන උපාය මාර්ග පදනම් කර ගත යුත්තේ ධනේශ්වර දේශ සීමා මත නො වේ ය යන්න අපේ අදහසයි. ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී ධනේශ්වර දේශ සීමා ධනවාදීන් විසින් ම නොතකා හරින සංදර්භයක සමාජවාදීන් ඒවා කර පින්නා ගන්නේ 'මොන හත්වලාමකට ද මහත්තයෝ?'


ඉන්දියාවත් සමග යළි ගැටුමකට යාම තරම් අමනෝඥ ක්‍රියාවක් සිංහලයන්ට තවත් කළ නො හැකි බව අපේ අදහසයි. එසේ ම, ඉන්දියාව සමග සහජීවනය බලහත්කාරී වටපිටාවකින් තොරව පවත්වා ගෙන යන්නට නම් ලංකාවට අනිවාර්යයෙන් ජාතීන්ගේ ප්‍රශ්නයට (විශේෂයෙන් ම දෙමළ ප්‍රශ්නයට) විසඳුම් ලබා දීමට සිදු වේ.


ස්වාධීනත්වය, ස්වෛරීභාවය වැනි වචන හරි මිහිරි ය. එහෙත්, එවායේ ප්‍රායෝගික, දේශපාලන තේරුම් නැත. ලෝකය එක යායකි. එහි ජාතිකවාදී දේශ සීමා බොඳ වෙමින් තිබේ. එහෙත්, ඒ වනාහි සමාජවාදී සංදර්භයක නො වේ. අප කැමති වුණත්, අකැමැති වුණත්, ධනේශ්වර බල තුලනය තුළයි. 'බලය' ස්වාධීනත්වය, ස්වෛරීභාවය වැනි සුන්දර වචනවලට වඩා අර්ථ සම්පන්න ය. එහෙයින් ඉන්දියාව බලය පාවිච්චි කර කරන දේ ලංකාව වැනි රටවල් විසින් කළ යුතුව තිබෙන්නේ මොළය පාවිච්චි කර ය.


අපේ රටේ අපේ සහෝදර ජනතාවක් වන දෙමළ ජනයා සමග සංහිඳියාව සඳහා තිරසර ක්‍රියාමාර්ග ගැනීමට කොටි සංවිධානය මර්දනය කිරීමෙන් දෙවසරකට පසු පවා ඉන්දියාව යළි බලපෑම් කරන තුරු බලා සිටීම සිංහලයන්ගේ අනුවණකමකි. "ලංකාවේ දෙමළ ජනතාවට සමාන අයිතීන් හා සමාන තත්ත්වයන් සහතික කිරීම" ජයග්‍රාහී සිංහලයන් විසින් ඇති කළ යුතු දෙයක් මිස ඉන්දියාව බලපෑම් කරන තුරු තෙපර බෑ යුතු තත්වයක් නො වේ. 


ධනවාදය සිය උපාය මාර්ග වෙනස් කර තිබේ. සිංහල සමාජවාදීහු 1971 උපාය මාර්ගයෙහි ම තවමත් එල්ලී සිටිති. මෙයින් රටට, ජනතාවට හා විශේෂයෙන් ම පීඩිතයන්ට සිදු වන කිසිදු යහපතක් නැත.


"ගාන්ධි මහත්මිය හා තවත් ඉන්දීය නායකයන් ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වය, ස්‌වෛරීභාවය හෑල්ලුවට ලක්‌ කරමින් ආධිපත්‍යවාදී සාහසික ප්‍රකාශ කරද්දී ශ්‍රී ලංකාවේ බලධාරීන් එම ප්‍රකාශ දැඩි ලෙස හෙළා දැකිය යුතු වුවත් මෙතෙක්‌ එසේ සිදුවී නොමැත. ජනතා විමුක්‌ති පෙරමුණ හැර ශ්‍රී ලංකාවේ සෙසු දේශපාලන පක්‍ෂ සියල්ලම මේ පිළිබඳ මුනිවත රකිමින් ඉන්දීය ආධිපත්‍යවාදයට යටවී සිටිනු පෙනේ."


හෙළ උරුමය ද වැඩේ අතහැර ඇති සංදර්භයක ජවිපෙ මේ ගූ හැලියට තනිව කර ගැසීමට සුදානමින් සිටින බව පෙනේ. ලංකාවේ ජනතාව වෙනුවන් කතා කරමින් අපට නම් කියන්නට ඇත්තේ 'අපි නම් ඕවාට නැතිය කියා ය.'

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "සමාජවාදීන් සිය දේශපාලන උපාය මාර්ග පදනම් කර ගත යුත්තේ ධනේශ්වර දේශ සීමා මත නො වේ ය යන්න අපේ අදහසයි."
    ජවිපෙ දියුණුවෙමින් අතැයි සිතුවෙමි. ඒත් මුන් කැරකෙන්නේ එකම තැනමය.

    ReplyDelete
  2. J.V.P 100% හරි.
    ඔයා සමාජවාදය පරමාදර්ශයක් කියලා කියන්නේ තක්කඩි කමටනේ.
    සමාජවාදය ප්‍රායෝගිකයි දනවාදයට වඩා.

    ReplyDelete
  3. 1. දෙමල ධනපතින්ටත් ආතල් ගන්න සිස්ටම් එක ඇතුලෙ බලයක් දුන්නය කියල ජාතික ප්‍රශ්නෙ විසදෙන්නෙ කොහොමද?
    2. ඉන්දියාවට මේ කැක්කුම දෙමල ජනතාව ගැනද?එයාලගෙ භූ දේශපාලනික අව්‍යශතාවයක් හින්දද?
    3.ඉන්දියාවේ අධිපතිවාදී ආන්ඩුව,සිංහල දෙමල ධනපතියො සෙට් එක මහා දේශපාලන විසදුමක්ය කියල කියන මේ සීන් එක ඇත්තටම ප්‍රශ්නයට/පීඩිතයට විසදුමක් නෙමෙයි නම් එහෙම කියන එකේ වැරැද්ද මොකක්ද?
    4.අජිත් පැරකුම් දැන් දැන් සමාජවාදය කියන්නෙ පරමාදර්ශයක් විතරයි කියන තැනටත් පහුබැහැල.හෙට අනිද්ද එයත් එස් බී ලාගෙ වික්ටර් අයිවන්ලාගෙ පෝලිමට එකතු වේවිද?

    ReplyDelete
  4. JVPගු ගොඩක් කියමුකො.
    සන්දාන අලි ගූ නෑවක් නේද?

    ReplyDelete
  5. 1. දෙමල ධනපතින්ටත් ආතල් ගන්න සිස්ටම් එක ඇතුලෙ බලයක් දුන්නය කියල ජාතික ප්‍රශ්නෙ විසදෙන්නෙ කොහොමද?
    පිළිතුර: එතකොට සිංහල ධනපති පංතිය අතේ ආතල් එකේ තියන බලය එහෙමම තියා ගත්තා කියලා ජාතික ප්‍රශ්නය විසදෙනව ද?

    2. ඉන්දියාවට මේ කැක්කුම දෙමල ජනතාව ගැනද? එයාලගෙ භූ දේශපාලනික අව්‍යශතාවයක් හින්දද?
    පිළිතුර: ඉන්දියාවේ භූ දේශපාලනික අවශ්‍යතාවන්වලට එරෙහි වෙන්නේ මොකට ද? එරෙහි වන්න දෙයක් ඇත්නම් එරෙහි වනවා කියන්නේ චීනයේ භූ දේශපාලනික අවශ්‍යතාවන්ට පත්ෂ වීම නො වේ.

    3.ඉන්දියාවේ අධිපතිවාදී ආන්ඩුව,සිංහල දෙමල ධනපතියො සෙට් එක මහා දේශපාලන විසදුමක්ය කියල කියන මේ සීන් එක ඇත්තටම ප්‍රශ්නයට/පීඩිතයට විසදුමක් නෙමෙයි නම් එහෙම කියන එකේ වැරැද්ද මොකක්ද?
    පිළිතුර: තමන්ගේ ප්‍රදේශවල පාලනය සඳහා තමන්ට අවශ්‍ය පිරිසක් පත් කර ගන්න ඒ ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ට ඉඩ දුන්නාම ජවිපෙටත් පුළුවන් ඔවුන් අතර වැඩ කරලා බලය ගොඩනඟාගෙන පාලන බලය ලබාගෙන සමාජවාදය ගොඩනඟන්න.

    4.අජිත් පැරකුම් දැන් දැන් සමාජවාදය කියන්නෙ පරමාදර්ශයක් විතරයි කියන තැනටත් පහුබැහැල.හෙට අනිද්ද එයත් එස් බී ලාගෙ වික්ටර් අයිවන්ලාගෙ පෝලිමට එකතු වේවිද?
    පිළිතුර: 'සියලු ජනතාවන්ට සම අයිතීන් හා සම අවස්‌ථා ලබාදෙන, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන, සියලු වර්ගයේ ජාතිවාදයන් හා පීඩනයන් පිටුදකින සමාජවාදී සමාජයක්' යන්න පරමාදර්ශයක් විතරයි. ඒත්, යථාර්ථවාදී සමාජවාදය කියා දෙයක් තිබෙනවා.

    ReplyDelete
  6. @ එඩිටර්

    1.පිළිතුර: එතකොට සිංහල ධනපති පංතිය අතේ ආතල් එකේ තියන බලය එහෙමම තියා ගත්තා කියලා ජාතික ප්‍රශ්නය විසදෙනව ද?

    ප්‍රති පිලිතුර- එහෙම විසදෙනව කියල මම කියල තියෙනවද?ජාතික ප්‍රශ්නෙට විසදුම සිංහල - දෙමල ධනපතින් අතර සිද්ද වෙන කුල්ටූර් ගනුදෙනු වලින් විසදන්න බැහැ. මේ දෙගොල්ලන්වම පෙරලලා දාන්න ඕනෙ..මෙක ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයක් නෙමෙයි සමාජ ක්‍රමය ගැන ප්‍රශ්නයක් කියක්නේ ඒ හින්ද.ධනපතියො කීප දෙනෙක් අතේ බලය තියෙන තුරු ඒකීය පෙඩරල් සහසන්දීය ඔය මොකකින්වත් ජාතික ප්‍රශන්ය විසදනව බොරු

    2. පිළිතුර: ඉන්දියාවේ භූ දේශපාලනික අවශ්‍යතාවන්වලට එරෙහි වෙන්නේ මොකට ද? එරෙහි වන්න දෙයක් ඇත්නම් එරෙහි වනවා කියන්නේ චීනයේ භූ දේශපාලනික අවශ්‍යතාවන්ට පත්ෂ වීම නො වේ.

    ප්‍රති පිලිතුර- ඉරාක යුදදය විවේචනය කරල වාමාංශිකයො කියන අය අමෙරිකාවේ භූ දේශපාලන අවශ්‍යතාවලට එරෙහි වෙන්නෙ මොකද?අධිපති රටවල් කුඩා රටවල් පාලනය කිරීම සදහා භූ දේශපාලනික අවශ්‍යතා මට වැඩ කරන එක විවේචනය කල යුතු නැත්නම් වාමාංශිකයො අවුරුදු සිය ගානක් තිස්සෙ අධිරාජ්‍යවාදය ගැන ලියපු ලියන දේවල් සේරම එකතු කරලල එහෙනම් ගිනි තියල පුච්චමු

    3. පිළිතුර: තමන්ගේ ප්‍රදේශවල පාලනය සඳහා තමන්ට අවශ්‍ය පිරිසක් පත් කර ගන්න ඒ ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ට ඉඩ දුන්නාම ජවිපෙටත් පුළුවන් ඔවුන් අතර වැඩ කරලා බලය ගොඩනඟාගෙන පාලන බලය ලබාගෙන සමාජවාදය ගොඩනඟන්න.

    ප්‍රති පිලිතුර- මේකට එකගයි.මම ප්‍රශ්න කරන්නෙ සිංහල දෙමල ධනපතියොන්ගේ හා ඉන්දියාවෙ චන්ඩින්ගෙ බලකාමී ආතල් ක්‍රියාව ජාතික ප්‍රශ්නයට විසදුමක් කියල බොරුවට හදුන්වලා දීල ඒ ප්‍රොඩෙක්ට් එකට දෙන අනවශ්‍ය සුජාතභාවය.

    4. පිළිතුර: 'සියලු ජනතාවන්ට සම අයිතීන් හා සම අවස්‌ථා ලබාදෙන, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන, සියලු වර්ගයේ ජාතිවාදයන් හා පීඩනයන් පිටුදකින සමාජවාදී සමාජයක්' යන්න පරමාදර්ශයක් විතරයි. ඒත්, යථාර්ථවාදී සමාජවාදය කියා දෙයක් තිබෙනවා.

    ප්‍රතිපිලිතුර - සමාජ ක්‍රමය වෙනස් කරන්නෙ නැතිව ඒක ඇතුලෙ ප්‍රතිසංස්කරන කරල විසදුම් හොයන්න පුලුවන් කියන අදහස පැරකුම් දරන බව කාලෙක ඉදල කරන පෝස්ට් වලින් හිතෙනව.අපි සහෝදරාත්මකව ඉල්ලන්නෙ ඒ තැනට වැටෙන්න එපා කියල.

    ReplyDelete
  7. ලෝකේ ඉස්සරහට යන්නේ කුනුගොඩවල් වල ලෑගගෙන ඉන්න මිනිස්සු නිසා නෙවෙයි.
    අලුත් විදියට හිතන මිනිස්සු තමා ලොකෙ ඉස්සරහට ගෙනියන්නෙ.

    ITNඵකයි සිලුමිනයි කියන විදියට මොලේ කොටකරගත්තු මිනිස්සු කොහොමත් වෑටෙන්නෙ ඉතිහාසයේ කුනු ගොඩට තමයි.

    හෑබෑයි අවාසනාව කියන්නෙ අපි රටක් විදියට මොලේ කොටකරගෙන තියන නිසා මුලු රටටම කෙලවෙන ඵකයි.

    ReplyDelete
  8. JVP is responsible for bringing MR to power. They helped him to establish the nationalist ideology that is being used to suppress his political opponents including JVP, in the name of war against terror. In 2002 they supported CBK using "Pariwasa Anduwa". In 2004 they were in her cabinet. Last election JVP put SF against MR and worked with the UNP. JVP used DESAPREMI to kill peopel during 1989 and after 2005 to support the present regime. All these steps proved that they are a bunch of opportunists. The are not socialists. It is a big fraud. We don't need many evidence. look at Weerawansa..

    ReplyDelete
  9. මම හිතන්නේ ප්‍රායොගිකව ඵක කරපු ඵ්ක වෑරදි නෑ.(2005 රට තිබ්බ තත්වය උඩ )
    J.V.P වෑරදි වෙන්නේ ඵ්තන ලෑග්ගනම් තමයි.

    දෑන් තියෙන්නේ අලුත් තත්වයක්.
    ඵක නොතේරෙන්නෙ මෑට්ටන්ට විතරයි.

    ReplyDelete
  10. j v p eke samajikayan katha karana wachanayak allagena gahanna taramatama oyala un ekka tarahada .eka group eke aya athara ea widihe dewal ethi wenna puluwan kiyalawath danne nedda?ajith perakum oya campus hitiya neda? danne nedda campus ethuule studentsla athara upa sanskruthin ehema gena? soniyage prakashaya gena oyage sthawaraya kiyanna karuna karala eata passe j v p ekata gahanna.

    ReplyDelete
  11. oya hela urumaya paththata katha karanawada ?

    ReplyDelete
  12. J.V.P. eka hamadama gathte niwaradi theerana witharai.Ae hamaekakma kalochithai.waradda thiyena thana peni peni JVP ekata Dos kiyanna epa EDITOR mahaththayo!

    ReplyDelete
  13. meka kiyanna ona jvp ekata nemei anduwata,,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා