ආරක්ෂක වියදම රු. බිලියන 215කට අධිකයි; ඒත් පෑලියගොඩ කලුතර ත්‍රස්තවාදය එළිපිට

(2011 අප්‍රේල් 06, W3Lanka2011 වසරේ ලංකාවේ ආරක්ෂක වියදම රු. බිලියන 215කට අධික ය.

එනම්, එක් පුරවැසියකු වෙනුවෙන් ආරක්ෂක වියදම රු.10,750කි.

එහෙත්, මේ රටේ මිනිසුන්ට තිබෙන ආරක්ෂාව කුමක් ද?

අප්‍රේල් 03දා කලුතර පොලිසියට නුදුරේදී මහජන මුදලින් පඩි කන ගුවන් හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ රැළක් තමන්ට පඩි ගෙවන මහජනයාට පහර දී තුවාල කර දේපලවලට ද හානි කළ හ.

මේ අතර, පසුගියදා ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලද පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය කප්පම්කරුවන්ගේ රජදහනක් වී තිබේ. ආරක්ෂාවට යයි කියා නහය ළඟට ම සන්නද්ධ වී සිටින පොලිසිය හා හමුදා දේශපාලකයන් ආරක්ෂා කරන්නට උන් පසුපස දුවද්දී පෑලියගොඩ මාළු වෙළඳපොළට ආරක්ෂාව දෙන්නට දේශපාලන අනුග්‍රහය ලබන මැරවර කල්ලි දෙකක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඒ සඳහා කප්පම් ඉල්ලති. ඇත්තෙන් ම කියනවා නම් මාළු වෙළෙන්දන්ට ආරක්ෂා වීමට සිදු වී තිබෙන්නේ මේ ආරක්ෂකයන්ගෙනි.

ආරක්ෂක ලේකම් දෙවියනි ඔබ කොහිද?

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මැරවින් සිල්වාට ජය වේවා ! මැරවින් සිල්වාට ජය වේවා ! මැරවින් සිල්වාට ජය වේවා !

    ReplyDelete
  2. Today police said they entered to break the besiege at the new fish market and arrested the ring leaders, underworld thugs backed by the politicians... this the market we have in Sri Lanka...the free market protected by the security forces...we need more money for national security...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා