ආරක්ෂක වියදම රු. බිලියන 215කට අධිකයි; ඒත් පෑලියගොඩ කලුතර ත්‍රස්තවාදය එළිපිට
(2011 අප්‍රේල් 06, W3Lanka ) 2011 වසරේ ලංකාවේ ආරක්ෂක වියදම රු. බිලියන 215කට අධික ය. එනම්, එක් පුරවැසියකු වෙනුවෙන් ආරක්ෂක වියදම රු.10,750කි. එහෙත්, මේ රටේ මිනිසුන්ට තිබෙන ආරක්ෂාව කුමක් ද? අප්‍රේල් 03දා කලුතර පොලිසියට නුදුරේදී මහජන මුදලින් පඩි කන ගුවන් හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ රැළක් තමන්ට පඩි ගෙවන මහජනයාට පහර දී තුවාල කර දේපලවලට ද හානි කළ හ. මේ අතර, පසුගියදා ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලද පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය කප්පම්කරුවන්ගේ රජදහනක් වී තිබේ. ආරක්ෂාවට යයි කියා නහය ළඟට ම සන්නද්ධ වී සිටින පොලිසිය හා හමුදා දේශපාලකයන් ආරක්ෂා කරන්නට උන් පසුපස දුවද්දී පෑලියගොඩ මාළු වෙළඳපොළට ආරක්ෂාව දෙන්නට දේශපාලන අනුග්‍රහය ලබන මැරවර කල්ලි දෙකක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඒ සඳහා කප්පම් ඉල්ලති. ඇත්තෙන් ම කියනවා නම් මාළු වෙළෙන්දන්ට ආරක්ෂා වීමට සිදු වී තිබෙන්නේ මේ ආරක්ෂකයන්ගෙනි. ආරක්ෂක ලේකම් දෙවියනි ඔබ කොහිද? මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න