මර්වින්ට විරුද්ධ වෙන්න 'පිරිමිකම' තිබුණෙ ගෑනියෙකුට විතරයි: මෙච්චර මේ රටෙ පිරිමි සිටිද්දිත් ගෑනු හරක් බඳිතෙයි

ඡායාරූපයේ සිටින රැචල් කොරි නම් 21 හැවිරිදි
ඇමරිකානු ජාතික ක්‍රියාකාරිනිය
පලස්තීන ජනාවාස වැනසීම සඳහා
ඉදිරියෙන් පැමිණෙන ඊශ්‍රායල් බුල්ඩෝසරයට එරෙහිව
නැඟී සිට එය විසින් යට කර මරා දමනු ලැබුවා ය. 
(2010 අගෝස්තු 03, W3Lankaදරුවකු අසනීප වූ නිසා බව කියා ඩෙංගු මර්දන ශ්‍රමදානයට සහභාගි නොවූ කැලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුළුතර මුස්ලිම් ජාතික සමෘද්ධි නිලධාරියකු වන මොහොමඩ් ඉෂාම් මහතා ආචාර්ය මර්වින්තුමාගේ නියෝග මත ගස් බැන්දේ ඔහුගේ ම සහෝදර 'පිරිමි' නිලධාරියෙකි.


සෙසු 'පිරිමි' වට වී මෙම සාපරාධී ක්‍රියාව නැරඹූ හ. ඡායාරූප ගත්ත හ.


තම ජීවිතය නො තකා මෙම අශිෂ්ට, අවනීතික ක්‍රියාවට විරුද්ධ වන්නට කොන්දක් තිබූ එක් අයෙක් හෝ එහි සිටි බව දක්නට ලැබිණි. ඒ ගැහැනියකි.


පිරිමි හා ගැහැනු ගැන ස්ත්‍රීවාදී කතිකාවේ ගැඹුරු දාර්ශනික විග්‍රහයක් ජීවිතයෙන් සටහන් කළ නාඳුනන වීර සොයුරිය ඔබට අපගේ උපහාරය!


කැලනියෙන් ආරම්භ වන පහළ මට්ටමේ රජයේ සේවකයන් ඇතුළු පීඩිතයන් ගස් බැඳීමේ සියඹලා ආණ්ඩුවේ පොල්කටු උසාවිය පරාජය කරන්නට හැකි වන්නේ ඔබ වැනි ගැහැනුන්ගේ ශක්තියෙනි. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. විපක්ෂ උන් ගස් බඳින්න හැමදාම කඩේ යන සමෘද්ධි නිලධාරින් (බහුතරය) දැන් මොකද කියන්නේ?

    ReplyDelete
  2. කතාව ඇත්ත.

    ReplyDelete
  3. Mewan akatautu siduweddi MR samnga nidiwadina vipaksayak thibeema rate awasanawaki.
    Janatawa visin vipakshaya gasbendiyayutu kalaya elamba eta.

    ReplyDelete
  4. ලැජ්ජවාක් කොන්දක් නැති උන්... මේ වගේ ඇමතිලා තියා ගන්න උනුත් එකයි උන්ට චන්දෙ දෙන උනුත් එකයි

    ReplyDelete
  5. මෙහිදී වැදගත් වනුයේ සමෘද්ධිනිලධාරීන් හොඳ අයද නරක අයද යන නරුණ ‍නොවේ. රටේ ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක වෙනවාද නැතිද යන කරුණය.
    නීතිය වල්වැදි විට මීලගට බිල්ලට ගන්නේ ඒ ගැන නිහඬව බලාසිටිමින් එය අනුදත කරන්නන් බව සිහිතබා ගැනීම වැදගත්ය.

    ReplyDelete
  6. It's a serious incident, really seriously. Because, this shows...

    1. We have no law and order in this country. President is in dead sleep while his clan is breaking news!

    2. We got no human rights. If we have, those loud mouthpieces of HR NGOs can take a lead to take Mervin to the courts and punish for the action.

    3. As general people, we have no backbone to stand against any thing wrong that happens around us. They all keep their mouths shut until it happens to them selves. Then they expect others stand against it. Never happens, because it’s a vicious cycle.

    4. As a country we have no plan to prevent Dengue outbreak, it just some patches of work. Our kids get killed, in hundreds by Dengue, but governments loose the tension over the loose ends!


    Wakeup People, do not allow these thugs to rule you. Learn a little bit of civil law and know your rights! Do not obey any thing that your heart and mind says ‘wrong’. Do not wait until you experience it personally, just stand against any thing that happens to any one in the society, so that these thugs cannot misuse your rights and freedom.

    ReplyDelete
  7. mawani sideen ratay awasanawak nowa maya awaasanawantha ratake

    ReplyDelete
  8. marvin is uneducated baster..thats what i can tell...

    ReplyDelete
  9. All these years I was very proud to call myself a Sri Lanka,but now I am ashamed to call myself one because it is becoming a country of savages.

    ReplyDelete
  10. විරුද්ධධ පක්ෂ එකතූ වෙලා මර්වියට නඞුවක් දමන්ඞ විධියක් නැද්ද?

    ReplyDelete
  11. @Anonymous

    If marvin is an uneducated bastard, then what about 1.5 lakh people who vote him.

    ReplyDelete
  12. @Nilupul hey in the end of your comment you calling people??? In Sri Lanka People does not exist. You know every election we elect politicians to rule us, this should be changed and we should elect different people instead of changing our rulers. Something wrong with our people. You know old Sinhala Expression “ yakage hatiyatalu wimanaya” so “janathawage hatiyatalu palakayo”

    ReplyDelete
  13. Anonymous,you are absolutely right.The majority of this country have elected the people who are really fit to govern them.Comrade Mao also has said the same thing."The rulers of a country is the reflection of the attitudes of the people".

    ReplyDelete
  14. මර්වින් සිල්වා පැන පැන ආවා
    ආපහු පාරක් එළි පිට රීවා
    දැක නිලදරුවා ළණුවෙන් වෙළලා
    සාටකයෙන් ..ක සෝදා ගත්තා..

    ReplyDelete
  15. මේකෙන් කියවෙන දේ තමයි ගැහැණිය පිළිබද අවනීතික නීති විසින් ලංකතාවෙ පිරිමින්ව මොන තරම් හීලෑ කරලද කියන එක.

    ReplyDelete
  16. ඔබ කරන්නේ ඉතා වැරදි උසි ගැන්වීමක් බවයි මගේ අදහස. මර්වින් වැනි මැරයින් ඉදිරියේ තනි පුද්ගලයින් ලෙස විරුද්ධ වීම තේරුම් විරහිත ක්‍රියාවක්. විය යුත්තේ ඊට විරුද්ධව ජන බලයක් ගොඩනැගීමට උත්සාහ කිරීම විනා මෙවන් තනි පුද්ගල මතුවීම් වලට ආවැඩීම නොවේ. ඒවා පාගා දැමීම මර්වින් වැනි බල්ලන්ට මෙවැනි පාලන තන්ත්‍රයක් තුල ඉතා පහසුයි. ඉන් සිදු වන්නේ සාමූහික ක්‍රියා මාර්ගයක් ගැනීමට පවා සමාජය තවත් බිය වීමයි. එහි වාසියත් උන්ටමයි.....

    ReplyDelete
  17. මම කොහොමද යන්නෙ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා