බලයේ සිටින්නෝ පිටවීම සඳහා දොරටුවක් විවෘතව තබා ගත යුතු ය
(2010 අගෝස්තු 17, W3Lanka) හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අපකීර්තිමත් ලෙස සේවයෙන් නෙරපා හැර විශ්‍රාම වැටුපත් කපා හැර ඔහු ලබා ඇති සියලුම පදක්‌කම් හා නම්බු නාමද අහෝසි කිරීම සිදු වන්නේ ප්‍රභාකරන්ගේ මරණින් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් කේ.පී. නිදහස් පුරවැසියකුට සමාන අන්දමින් කටයුතු කරමින් දේශපාලනික ක්‍රියාකාරකම් කරමින් සිටියදී ය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සතු ශක්තියක් වන්නේ රාජපක්ෂ කෙනෙකු කාක්කකු පෙන්නා අන්න කොකෙක් යයි කිවත්, කාක්කා කොකා ම බව සමාජයට ඔප්පු කර පෙන්වීමට තරම් දක්ෂ හා දීන මාධ්‍යකරුවන් පිරිසක් සේවයෙහි යෙදවීමට ඔවුන් සමත් වීමයි.
දිවයින පුවත්පතට සතිපතා ලියන ලිපියෙහි සී.ඒ. චන්ද්‍රප්‍රේම මෙසේ පවසයි. ''ඒ අති විශිෂ්ඨ ජයග්‍රහණය ලබාගැනීමට දායක වූ යුද විරුවන් කණ්‌ඩායමෙන් එක් අයකු අද හමුදා සේවයෙන් අපකීර්තිමත් ලෙස නෙරපා හැර විශ්‍රාම වැටුපත් කපා හැර ඔහු ලබා ඇති සියලුම පදක්‌කම් හා නම්බු නාමද අහෝසි කරනු ලැබ සිටී. නමුත් මේ හමුවේ මහජනතාව දක්‌වන්නේ උදාසීන ආකල්පයකි. 1992 ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය විමලරත්න යන හමුදා නිලධාරින්ගේ මළගමට සහභාගි වීමට පැමිණි එවක එ.ජා.ප. ආණ්‌ඩුවේ දේශපාලකයන්ට හා නිලධාරීන්ට රැස්‌ව සිටි ජනතාව පන්න පන්නා පහර දුන්නේය. ඒ කිසිවෙක් විසින් සංවිධානය කරන ලද්දක් නොව එතනට රැස්‌ව සිටි මිනිසුන් තුළ ඇතිවූ ආවේග නිසා ඉබේම සිදුවූවකි. ඒ අනුව බලන කල හමුදා සේවයේ සිටියදීම දේශපාලනය කළායි යන චෝදනාව මත ෆොන්සේකා මහතාගේ සියලු නිලතල හා පදක්‌කම් අහෝසි කිරීමත් විශ්‍රාම වැටුප අහෝසි කිරීමත් යන කාරණා නිසා මුලු රට පුරාම උද්ඝෝෂණ ඇවිලී යා යුතුව තිබිණි. නමුත් එවැනි කිසිවක් අපට පෙනෙන්නට නැත.''
මෙම තත්වයට හේතුව ලෙස ඔහු දකින්නේ මෙයයි: ''එවැන්නක් පෙනෙන්නට නැත්තේ හමුදා සේවයේ සිටියදී දේශපාලනයේ නියෑලීම හමුදා නීතියට අනුව බරපතල වැරැද්දක් බව ජනතාව තුළ තිබෙන අවබෝධයට වඩා දේශපාලනයට පැමිණීමෙන් පසු සරත් ෆොන්සේකා මහතා හැසිරුණු ආකාරය පිළිබඳ අප්‍රසාදය නිසා යෑයි මට සිතේ. විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක වීමෙන් පසු සරත් ෆොන්සේකා මහතා ප්‍රසිද්ධ වේදිකාවේ කී කතාවලට ඔල්වරසන් දීමට ඡේ. වී. පී. සාමාජිකයන් වැඩි පිරිසක්‌ද, එ.ජා.ප. යේ සුලු පිරිසක්‌ද සිටියහ. ජනගහනයෙන් බහුතරයක් එම ගෝරනාඩු අසා සිටියේ භීතියෙන් ඇළලී ගොස්‌ය. විපක්‍ෂ වේදිකාවෙන් ඇසෙන එම තර්ජන හා ගර්ජන නිසා මහජනතාවට අවබෝධ වූයේ මේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ඡන්දය ඉල්ලන්නේ රට සංවර්ධනය කිරීමට නොව තම විරුද්ධවාදීන්ගෙන් හා සතුරන්ගෙන් පළිගැනීමට බවයි. ඔහු තම විරුද්ධවාදීන් හා සතුරන් හැටියට නම් කොට තිබුණේද ඔහුට නිලතල හා බලතල ලබාදී ඔහුගේ සියලු ජයග්‍රහණයන් ලබාගැනීමට උපකාර කළ උදවියමය. එපමණක් නොව ඔහු හා සමග උරෙන් උර ගැටී ඒ මහා යුද ජයග්‍රහණයට සම්මාදම් වූ සෙසු හමුදා නිලධාරීන් ද ඔහුගේ සතුරන් ලැයිස්‌තුවට ඇතුළත් කර තිබිණි. ෆොන්සේකා මහතාගේ වේදිකාවෙන් රු. දසදහසක පඩි වැඩි කිරීමට වඩා මිනිසුන්ට අසන්නට ලැබුණේ "කටු ලෙවකන්න දෙනවා", "හිරේ දමනවා", "ජම්පර් අඳින්න වේවි" වැනි වදන්ය. එයට අමතරව "පාහරයා", "කලවැද්දා" වැනි වචන ද විටින් විට ඇසුණි. මේ සියල්ලම ජනතාවට සම්පූර්ණයෙන්ම නුහුරු දේවල්ය. ඉකුත් ජනවාරි 26 වැනිදා ජනතාව ගොස් ඡන්දය දුන්නේ විපක්‍ෂයේ අපේක්‍ෂකයා වැරදිලාවත් දිනුවහොත් ඔහු මුලු රටම විශාලා මහනුවරක් බවට හරවනු ඇතැයි තිබූ භීතිය නිසාය.''
සරත් ෆොන්සේකා පිළිබඳ අප තුළ කිසිදු කලෙක ගෞරවයක් තිබුණේ නැත. එහෙත්, ඉහත ප්‍රකාශය අසත්‍යයකි. නැතිනම් අතිශයෝක්තියකි. සරත් ෆොන්සේකාගේ වේදිකාවල වැඩිපුර ඇසුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ සටන් පාඨයි. ඉහත කී අන්දමේ ප්‍රකාශ කෙරුණේ අඩුවෙනි. දේශපාලනික ආධුනිකභාවය හා කපටි රාජපක්ෂවරුන් විසින් යොදවන ලද දුෂ්ට පුද්ගලයන් විසින් කරනු ලැබූ කුපිත කිරීම් හමුවේ ඔහු කීප වරක් එවැනි ප්‍රකාශ කළ බව ඇත්තකි. එහෙත්, ඇත්තෙන් ම සිදු වූයේ රාජපක්ෂවරු සිය බලය යොදවා ජනමාධ්‍ය හරහා මේවා උලුප්පා දැක්වීමයි.
සරත් ෆොන්සේකා සුද්ද කිරීමේ කිසිදු උවමනාවක් අපට නැත. එහෙක්, දුෂ්ට මාධ්‍ය විසින් සිය ස්වාමීන්ට ද්‍රෝහී වූ අතීත වීරයකුට පවා කළ හැකි විනාශයේ තරම මැන ගැනීමට මෙම ප්‍රොපගැන්ඩා මෙහෙයුම මහෝපකාරී වේ.
සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකුගෙන් මම මෙම ප්‍රශ්නය ඇසුවෙමි. ''මිලිටරි මනසක් තිබුණු ඔහු විශ්වාස තැබිය හැකි පුද්ගලයෙක්ද?''
මෙහි නම සඳහන් නො කරන එකී වාමාංශික නැඹුරුවක් ඇති පුද්ගලයා පැවසුවේ සරත් ෆොන්සේකාගේ අතීතය කුමක් වුවත්, ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ඔහු කටයුතු කළේ ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවකින් බවයි.
මේ පිළිබඳව අපට සහතික වීමට බැරිමුත්, ඔහුට ඡන්දය දුන් ලක්ෂ 40ක් ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක් ඔහු විසින් ඔසවා තබන ලද ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨ කෙරෙහි ආකර්ශනය වූ බව අමතක නො කළ යුතු ය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ෆොන්සේකා 2009 නොවැම්බරයේදී පළමු වරට තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කළ ජාතික නීතිඥ සංගම් රැස්වීමෙහිදී ලසන්ත වික්‍රමතුංගගේ සේයාරුවකට මල් මාලයක් පවා පැළැන්දවී ය.
ලංකාවේ සමාජය සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් දක්වන නිෂ්ක්‍රීයත්වය චන්ද්‍රප්‍රේම කියන ආකාරනේ සරළ ලෙස තේරුම් ගත නො හැකි ය. මෙවැනි සරළ ආකාරයන්ගෙන්, චන්ද්‍රප්‍රේමට වඩා දක්ෂ ලෙස සත්‍යය ඇඹරීම ජීවන වෘත්තිය කරගෙන සිටින ආචාර්ය දයාන් ජයතිලක ඩෙන්සිල් කොබ්බෑකඩුව ආදාහනෝත්සවයේදී කනත්තේදී ගුටි කෑ අන්දම ද, ඇල්ලේ ගුණවංශ හිමිගේ පන්සලට ගල් මුල් පහර එල්ල වූ අන්දම ද අපට මතක ය.
පාලකයන් වඩාත් පරිස්සම් විය යුත්තේ සතුරන්ටත් වඩා කේවට්ට උපදේශකයන්ගෙනි. මහජන කෝපය පැසවන්නට ඉඩ දීමෙන් යම් මොහොතක එය පාලනය කර ගත නො හැකි අන්දමින් පිට දැමිය හැකි ය.
සරත් ෆොන්සේකාගෙන් රාජපක්ෂවරුන් කරන පළි ගැනීම ලංකාවේ ධනේශ්වර ප්‍රභූන් විමතියට පත් කර තිබේ. අතීතයේදී මේ පංතියේ මිනිස්සු තම පංතියට ම අයත් පෞද්ගලික සතුරන්ගෙන් මේ තරම් ම්ලේච්ඡ අන්දමින් පලි ගත්තේ නැත. බංඩාරනායක ඝාතනයේදී පවා එල්ලා මැරුවේ එම පංතියට අයත් නො වූ තල්දූමේ සෝමාරාම හිමි පමණි. පසු කාලීනව ලංකාවේ ධනේශ්වරයට කඩා වැදුණු පිරිස් විසින් ධනේශ්වර සංස්කෘතිය වෙනස් කර තිබෙන තරම මෙයින් පැහැදිලිව පෙනේ. මේ ධනේශ්වර පංතියේ අර්බුදයේ ප්‍රකාශනයෝ ය.
මුල් යුගයේ සිට චන්ද්‍රිකා බංඩාරනායක දක්වා ලංකාවේ පාලකයන් හැම විට ම බලයෙන් පිටවීමේ කුඩා දොරටුවක් හෝ තබාගෙන සිටියහ. එහෙත්, සරත් ෆොන්සේකා දේශපාලනයට පිවිසෙන යුගය වන විට තත්වය බොහෝ දුරට වෙනස් වී තිබිණි. දැන් පාලකයන්ට තේරුම් ගත හැකි හේතු මත බලයෙන් ගිලිහිය නො හැකි ය.
එවැනි පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් තුළ හිඳිමින් වෙනස් කරන්නට කිසිවකු උත්සාහ කරන්නේ නම් පළමු කොට ම වත්මන් පාලකයන්ට පිටවීම සඳහා ආරක්ෂිත දොරටුවක් සකස් කර දිය යුතු ව තිබේ. මේ සඳහා හොඳ ම නිදසුන මාලදිවයින දීර්ඝ කාලයක් පාලනය කල ජනාධිපති මම්මූන් අබ්දූල් ගයුම් පාලනය වෙනස් කිරීමේදී වත්මන් ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරයයි. තමන් සිරගත කළ එකට, රටින් පිටුවහල් කළ එකට ගයුම්ගෙන් පළි ගන්නට ගියා නම් නසීර් මොහොමඩ්ට ජනාධිපති වන්නට ලැබෙන්නේ නැත.
සරත් ෆොන්සේකා වරද්දා ගත් තැන මෙතැනයි. පාලකයන්ට ආරක්ෂිතව පිට විය හැකි දොරටුවක් විවෘත කර තබන ලෙස ඔහු වටා සිටි අය ඔහුට උපදෙස් දුන්නේ නැත. ඔහුගේ පිටවීමේ දොරටුව ඇවිරුණේ ද මේ වරදේ ප්‍රතිඵලයක් ලෙසයි.
දැන් රනිල් කරමින් සිටින්නේ ෆොන්සේකා කළ වරද නිවැරදි කිරීම විය හැකි ය. එජාපයේ ඇතැම් ගොඩයෝ එය තේරුම් නො ගෙන පටලවාගෙන සිටිති.
පාලකයන් හා පාලක පක්ෂ වෙනස් වීම ධනවාදයේ පැවැත්ම සඳහා අවශ්‍ය ය. ඒ බව තේරුම් ගත් පාලකයෝ බලය අත්හැරීමට සිදු වුවහොත් එයට අවශ්‍ය පසුබිම ද සකසා ගනිති. ඉතිහාසයේ කිසිදු බලයක් සදාකාලික වි නැත.
You may also like to read our English blog Lanka Polity

ජාතිය පාවා දුන් ෆොන්සේකා දඩුවම් ලැබිය යුතුමය...පිට වීමට දොරවල් තබා ගත යුත්තේ එවැනි ජාති ද්‍රෝහීන් මිස දේශ පාලුවන් නොවේ.
ReplyDeleteදහස් ගනනක් මරාදැමීමට ආයුධ සැපයු KP ට මහ ඇමතිකම දිය යුතුමය.
ReplyDeleteFine Article. The people don't come to the street to protest for every injustices they see. That is normal to the ordinary people. The (Re)Porters like Chandraprema and others mentioned in your article who try to tell the people that "power is the truth" cannot understand this. When a country is run by the hegemonic (rather psychological) authority created by White Vans, Framed Court Cases and the Chauvinist propaganda this type of behavior on the part of the people is unavoidable. Yes as you said that SF by accepting to contest at the election helped the country's democratic movement which was waiting for the first opportunity to make a "comeback" (4 million people). But the way he behaved and talked though occasionally showed that he had not completely come out of the mentality that he was associated with in the near past.
ReplyDeleteමටනම් හිතෙන්නේ මෙහෙමයි.
ReplyDeleteලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේවත් අපක්ශපාති ජනමාද්යනෑ.
හැම ජනමාද්යයකටම පක්ශයක් තියෙනවා. මම හොදට දැක්කා පහුගිය දවස් වල එංගලන්ත ජනමාද්ය හැසිරුනු විදිහ. ලංකාවෙත් එච්චරයි. ඔයාල ඔක්කොම අඩු වැඩි විදිහට කාට හරි කඩේ යනව. මිනිස්සු අතරට යන්න බැරි එක ඒ ජනමාද්යයේ නොහැකියාව මට පේන විදිහට.
සරත් ෆොන්සෙකා ගැන කතාකරන්න මට දැනුමක් නෑ. මම දන්නේ සාමන්ය කෙනෙක් තරමම තමා. කලු ගල්වල ඔලුව ගහගන්න ගියාම වෙන දේවල් තමා ඔය. අනික සරත් ෆොන්සෙකා ධනපති පන්තියට කොහෙත්ම අයිති කෙනෙක් නෙවෙයි.
මෙරට සිටින අධම දේශපාලකහොරු සහ දීන මාධ්‍යවේදීන් ගැන කතාකිරීමද කාලකණ්ණි කමකි.ඒතරමටම එය ජුගුප්සාජනක මාතෘකාවක් වී හමාරය.
ReplyDeleteසිනහල කැනහිලුන් වෙනුවෙන් දෙමල ජනතාව මරා දැමූ ෆොන්සෙකා දඩුවම් ලැබිය යුතුමය...පිට වීමට දොරවල් තබා ගත යුත්තේ එවැනි අලුගෝසුවන් මිස දේශ පාලුවන් නොවේ.
ReplyDeleteෆොන්සේකගෙ හක්කෙ බුදු රැස්...බොක්කේ දඩ මස්...සුදු කොඩි කතාව කිව්වා කියනවා...අයිත් නෑ කියනවා...ෆෙඩ්‍රිකත් හොල්මන් විනිසුරුවොත් හොල්මන්....
ReplyDeleteමොකා කොහොම කිව්වත් ඌ සුදු කොඩි කතාව කියලා තියනවා...මේක බලන්න http://www.youtube.com/watch?v=1m07okVgHts
ReplyDelete-අරෝෂ්-
අරෝෂ් ,
ReplyDeleteමේ නොදන්නකමට අහන්නේ ,ගෙනරල් සුදු කොඩි කතාව කිව්වි කියමුකෝ..දෙන ඔය කතාවෙන් කී දෙනෙක් මැරිලා අතපය අහිමි වෙලා තියෙනවද ?? සමහර විට කේපී කොටින්ට දුන්න මල්ටි බැරල් ,බෝම්බ වලින් මැරුණු ගානට වඩා ඇති
සත්තපුකි