ජාතියේ තාත්තේ, බාප්පේ, බුදු පුතේ මෙන්න මූ අගමැතිකමටත් කෙළින්න හදනෝ!

(2010 අගෝස්තු 05, W3Lankaවිසි දහසක් පමණ සමෘද්ධි නිලධාරීන් නියෝජනය කරන ප්‍රධාන වෘත්තීය සමිතිය වන සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය ඇමති මර්වින් සිල්වා සමෘද්ධි නිලධාරියකු කැලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ගස්‌බැඳීමට විරෝධය පළ කරමින් අද (05 වැනිදා) පෙරවරු 11.00 ට කිරිබත්ගොඩ නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් පවත්වයි.


කිරිබත්ගොඩ මර්වින් සිල්වාගේ සියඹලා ආණ්ඩුවේ අගනුවර වන අතර සමෘද්ධි නිලධාරීන් එහි උද්ඝෝෂණය කර යහතින් ගියහොත් සියඹලා ආණ්ඩුවේ කැළෑ නීතිය අනුව මර්වින් සිල්වාට විලි ලැජ්ජා නැති වැඩකි වනු ඇත.


දැන ගන්නට ඇති පරිදි මේ වන විට අදාළ මුස්ලිම් ජාතික සමෘද්ධි නිලධාරියා දැඩි ලෙස බියවද්දා ඇත. තමන් ගස් බැඳුනේ කැමැත්තෙන් යයි පවසන ලියුමක් ද ඔහුගෙන ලබාගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට ඔහු හැංගී ඇත. කට නො ඇර සිටියොත් සලකන බව ද ඔහුට කියා ඇති බව දැන ගන්නට ඇත. 


සමෘද්ධි අධිකාරිය අයත් වන්නේ බැසිල් රාජපක්ෂ යටතේ ඇති ආර්ථික සංවර්ධන අමාත්‍යංශයටයි. එහෙත් ඔහු හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයත් වන රාජ්‍ය පරිපාලන ඇමති ජෝන් සෙනෙවිරත්න හෝ තවමත් සිද්ධිය ගැන කිසිවක් කියා නැත.


මර්වින් සිල්වා මහාමාර්ග නියෝජ්‍ය ‍ඇමති වන අතර ඔහුගේ ෂෘජු ප්‍රධානියා වන්නේ මහාමාර්ග ඇමති ජනාධිපති රාජපක්ෂයි. ඔහු ද මේ පිළිබඳව කතා කර නැත. එහෙත්, ජනාධිපති පුත්‍ර නම් වන රටේ දෙවන වැදගත් තනතුර හොබවන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී මෙසේ කීවේ ය.


උතුරේ මෙන්ම දකුණේත් ක්‍රියාත්මක වන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවෙහි සම්මත කර ගන්නා නීතිය මිස කැළෑ නීතිය නොවන බව ද, දිවයින පුරා සෑම බිම් අඟලකම ක්‍රියාත්මක වන්නේ එකම නීතිය බැවින් අප සියලු දෙනාම නීතියට ගරු කළ යුතු බව ද, නීතියට අවනත විය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණ සංශෝධන පනත පිළිබඳව පැවැති විවාදයේදී පැවසී ය.


හොඳා....යි. කතාව හොඳා.....යි!


බලමුකෝ  එයත් පරණ පරම්පරාවේ අය වගේ කතා මිසක් වැඩ නැති කෙනෙක්ද කියලා. 


මේ අතර, මර්වින් සිල්වා නැවත වතාවක් සිය ආත්මාරක්ෂාව සඳහා ජනාධිපති‍ගේ තාත්තා වන ඩී.ඒ. රාජපක්ෂ පටලවාගෙන ඇත. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කීවේ තමන් කොළඹ ගෙන ආවේ ජනාධිපතිගේ තාත්තා බවයි. මේවා ගැන මිනිස්සු විවිධ කයි කතන්දර කියන බව ජනාධිපතිතුමාගේ අවධානයට යොමු විය යුතු ය. තාත්තලාගේ නම රැක ගැනීම පුතුන්ගේ යුතුකමකි. 


තමන් හරි නම් මේ වන විට අගමැති වී සිටිය යුතු බව මර්වින් සිල්වා කීවේ ය.


ආඩම්බරකාර තාත්තේ, ජාතියේ බාප්පේ, ජාතියේ බුදු පුතේ එන පොට හොඳ නැත. ගොනා ඒ පාර ලෑස්ති වන්නේ කොයි පොල් පැළේ කන්නදැයි සෝදිසියෙන් සිටිය යුතු ය.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. ඇයි "මුස්ලිම්" කියන විශේෂණ පදය උලුප්පලා පෙන්වනෙනෙ? ජාතිවාදය ඇවිස්සුවෙ නැත්තං තමුසෙලාට ලියන්න කුණු ගොඩවල් නැති වෙන නිසාද?

    ReplyDelete
  2. මුස්ලිම් එකාට මුස්ලිම් නොකියා වෙන අහවල් ලබ්බක් කියන්නද ඕයි.

    ReplyDelete
  3. etakota me haraka issara part demma siyaluma dena Sinhala bawa mathak kara denu kemeththemi...hik...hik...hik...

    ReplyDelete
  4. please dont try to highlight race here, its immaterial, u w3lanka author better be professional, rather than trying to be another mervin. this is called naked media in SL.

    ReplyDelete
  5. ශ්‍රී ලංකාවේ සියළුම ජනමාධ්‍ය පාහේ තවමත් වාර්තාකථනයේදී ජාතිය උළුප්පා පෙන්වයි එය මෙහි තිබූ පමනිත් දොස් කීම නුසුදුසුය. සමස්ත රටේම වෙනස් විය යුතු තත්වයකි.

    ReplyDelete
  6. හරි එතකොට ආයෙ ලියද්දි ඔය වගේ ජාතිය ගැන ලියන්න එපා... මර්වින් කියන්නෙ ජාති ආගම් භේද නැති ඇමති රත්නයක්නේ. ඉතිං කොහොමත් අදාල නිලධාරිය සිංහල වුණත් මර්වින් කරන්නෙ එකම දෙයයි.

    එහෙම කියනකොට තවත් එකක් මතක් වුණා. මාස කීපයක ඉඳන් බ්ලොග් අතරෙ ටිකෙන් ටික මතුවෙනනේ ඉස්ලාම් ‍බෞද්ධ අරගලයක්. ඕක මේ ජාතීන් දෙක අතරෙ වලි අවුලවල තවත් පොදු සතුරෙක් බිහි කිරීමේ ඉහල කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? මරිව්න් මුස්ලිම් මනුස්සයෙක්වම ගස් බැන්දෙත් ඕක අවුස්සල අර අභිමතාර්ථයට යන්න වෙන්න බැරිද?

    එහෙම කියනකොට ඇත්තටම මේව අයවුස්සන්නෙ අපි තමයි කියලත් මතක් වෙනව... :-(

    ReplyDelete
  7. ඇත්තටම අගමැතිකමට නොව ජනපති කමටද සුදුස්සා මර්වින්ය. මිනිස්සුන්ගේ ස්වභාවයට හරියන නායකයෙක් ලැබීම ජාතියේ වාසනාවකි.

    ReplyDelete
  8. වැඩෙ නම් වැරදියි... තර්කයක් නැ... එත්.. හිතන්න...
    ඔය කියන කැලැ නිතිය නිසා.. නැත්නම් මවින් නිසා තමයි බාර් වැහුවෙත් මස්කඩ වැහුවෙත්.... එවත් නිති විරොදියි.....
    ඇයි මෙක විතරක් උලුප්පන්නෙ...
    පන තියන කෙනෙක් ඇයි මවින්ට නඩු දාන්නෙ නැත්තෙ.. කඩවැහුවට හරි ගස්බැන්දට හරි...
    කියනදේ මිනිහ කලා..
    මදුරු ප්‍රශ්නෙ විසදුනොත් කැළනිය ආදර්ශෙට ගන්න වෙයි ඔං..
    මෙවගෙ කෙනෙකුත් ඉන්න ඔන...
    මෙව ප්‍රසිද්දියෙ කතාකරනව කියන්නෙත් දැන් ඉස්සරට වඩා නිදහස් කියන එක නේද?
    සමුර්දි කරොයො මිට වඩා වගකිමෙන් වැඩ කරන්න ඔන්න... එයාල විතරක් නෙමෙයි හැමොම... මරේන් තුමාත්..
    සෞක්ය ඇමති තුමාවත් ගස්බදිද?
    හොද වෙලාවට එයා කළනියේ නෙමෙයි....
    වෙන දෙ බලගෙන ඉමු..
    හොද ඩෙයක් වෙයි කියල හිතෙනව..
    මුස්ලිම් කියන වචනෙ උලුප්පන 1ක නම් කත වැඩක්.. අපි ඔක්කොම ලාංකිකයො.....
    මුස්ලිම් සහොදරයොත් එ ටික හිතුවොත් හොදා... දෙමල සහොදරයොනම් දැන් බොරු ජතිවදයට අහුවෙන්නෙ නැ..
    එයාල දැන් බුද්දිමත්...
    අප්සට් පොරවල් හොදදෙවල් කරන්න ගිහාමත් පොඩි පොඩි අප්සට් වෙනවනෙ..
    මර්වින් තුමාත් එවගෙ තමයි.... ගනන් ගන්න එච්චර දෙයක් නැ ඔකේ...
    අර චොප්පෙ කොත පලන්දල පවත්වපු කතව වගෙ.....

    හිකිස්.........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා