Posts

Showing posts with the label මාලදිවයින

මාලදිවයිනේ පිහිටවූ ගුටි කන සිංහයා ලංකාවේ ජාතික සංකේතයක් ද? / Maldive lion and Sri Lanka's national symbol

Image
ලංකාවේ පාලකයන් සාක් සමුළුව නිමිත්තෙන් මාලදිවයිනට ගෙන ගොස් පිහිටවූ සිංහ රූපයක් මේ දිනවලි කළු තෙලින් නෑවෙමින් එ‍රට මහජනයාගෙන් කොටසකගේ වෛරයට ලක් වෙමින් තිබේ.  පකිස්තානයෙන් ගෙනැවිත් සවි කරන ලද පිළිමයක් මේ වන විට ගිනි තබා තිබේ. මාලදිවයිනේ හිටපු ඒකාධිපති මම්මූන් අබ්දූල් ගයුම්ගේ පක්ෂය ඇතුළ මුස්ලිම් අන්තවාදී පක්ෂ පෙන්වා දෙන්නේ මෙම පිළිම මාලදිවයිනට ගෙන ඒම හා එහි පිහිටුවීම නීති විරෝධී බවයි. මාලදිවයින පිළිම වන්දනාව පිටු දකින මුස්ලිම් රටකි.  එහෙත්, ලංකාවේ මිනිස්සු පවා සිංහ පිළිම වන්දනා නො කරති. එය සිංහල ජාතියේ සංකේතයකි.  ලංකාවේ ස්වාභාවිත පරිසරයේ සිංහයන් ජීවත් වන්නේ නැත. ජීව විද්‍යාත්මකව ගත්තොත් සිංහයා ද තවත් එක් තිරිසන් තතෙකු පමණක් වන මුත්, ලංකාවේ සහ ලොව තවත් බොහෝ රටවල ජන සාහිත්‍යයේ සිංහයාට අධිපති භූමිකාවක් හිමි වී ඇත. සිංගප්පූරුවේ ද සිංහයා සංකේතයකි. එහි ද සිංහයෝ ජීවත් නො වෙති. සිංහල ජාතියේ උපත සම්බන්ධ මිථ්‍යා කතාව සමග ද සිංහයකු සම්බන්ධ නිසා සිංහලයෝ සිංහයා සිය සංකේතය කර ගත් හ.  සිංහයා සිංහලයන්ගේ සංකේතයක් මිස ‍ලාංකිකයන්ගේ සංකේතයක් නො වේ.  නිදහසත් සමග ඉං...

‍බලයේ සිටින්නෝ පිටවීම සඳහා දොරටුවක් විවෘතව තබා ගත යුතු ය

Image
( 2010 අගෝස්තු 17,  W3Lanka )  හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අපකීර්තිමත් ලෙස සේවයෙන් නෙරපා හැර විශ්‍රාම වැටුපත් කපා හැර ඔහු ලබා ඇති සියලුම පදක්‌කම් හා නම්බු නාමද අහෝසි කිරීම සිදු වන්නේ ප්‍රභාකරන්ගේ මරණින් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් කේ.පී. නිදහස් පුරවැසියකුට සමාන අන්දමින් කටයුතු කරමින් දේශපාලනික ක්‍රියාකාරකම් කරමින් සිටියදී ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සතු ශක්තියක් වන්නේ රාජපක්ෂ කෙනෙකු කාක්කකු පෙන්නා අන්න කොකෙක් යයි කිවත්, කාක්කා කොකා ම බව සමාජයට ඔප්පු කර පෙන්වීමට තරම් දක්ෂ හා දීන මාධ්‍යකරුවන් පිරිසක් සේවයෙහි යෙදවීමට ඔවුන් සමත් වීමයි. දිවයින පුවත්පතට සතිපතා ලියන ලිපියෙහි ‍සී.ඒ. චන්ද්‍රප්‍රේම මෙසේ පවසයි. ''ඒ අති විශිෂ්ඨ ජයග්‍රහණය ලබාගැනීමට දායක වූ යුද විරුවන් කණ්‌ඩායමෙන් එක්‌ අයකු අද හමුදා සේවයෙන් අපකීර්තිමත් ලෙස නෙරපා හැර විශ්‍රාම වැටුපත් කපා හැර ඔහු ලබා ඇති සියලුම පදක්‌කම් හා නම්බු නාමද අහෝසි කරනු ලැබ සිටී. නමුත් මේ හමුවේ මහජනතාව දක්‌වන්නේ උදාසීන ආකල්පයකි. 1992 ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය විමලරත්න යන හමුදා නිලධාරින්ගේ මළගමට සහභාගි වීමට පැමිණි එවක එ.ජා.ප. ආණ්‌ඩුවේ දේ...

ඒකොන් මාලේට; සංචාරකයින් මාලදිවයිනට | Akon to Male; tourists to Maldives

Image
(2010 අප්‍රේල් 02- W3Lanka  )   සිරසට ගල් ගැසූ සිංහල බෞද්ධ මූලධර්මවාදී පක්ෂයකට සම්බන්ධ පිරිස් සමග එක්ව ආණ්ඩුව ඒකොන්ගේ කොළඹ සංදර්ශනය කඩාකප්පල් කිරීමෙන් පසු මාලදිවයින එම සංදර්ශනය මාලේහිදී පැවැත්වීමට සැරසෙන බව දැනගන්නට තිබේ. මෙයින් වඩාත් ම කලකිරීමට පත්ව තිබෙන්නේ යන්තම් හිස ඔසවමින් සිටි සංචාරක කර්මාන්තයයි. මාලදිවයිනට සංචාරක කර්මාන්තයෙන් හරි ගියේ ප්‍රධාන වශයෙන් ම ලංකාවේ යුද්ධය නිසා ය. ලංකාවේ යුද්ධය නැති වීම සංචාරක කර්මාන්තයේදී මාලදිවයිනට පහරකි. මන්ද එරටට එන්නට සිටි සංචාරකයන් අතරින් පිරිසක් ලංකාවට යන හෙයිනි. අනෙක් පැත්තෙන් මාලදිවයින මුස්ලිම් රටක් වන අතර ලංකාවේ බහුතරයක් බෞද්ධ පිරිමි පෝයටවත් පන්සල් යන්නේ නැත. එහෙත් මාලදිවයිනේ වාසනාවට එරට ලංකාවේ තරම් තක්කඩි දේශපාලන පක්ෂ නැත. ඒකොන්ගේ සංදර්ශනය මාලදිවයිනේ තැබීමෙන් ඒ රට ලංකාවට එල්ල කරන්නේ කණේ පාරකි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නේ සංචාරකයන් වෙනුවෙන් මිස හොරෙන් නිල් චිත්‍රපට බලන ලංකාවේ හොර උපාසකයන් වෙනුවෙන් නොවේ.  අනෙක ඒකොන්ගේ සංදර්ශනය සංවිධානය කරන්නට මුල් වූයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි ර...

මාලදිවයින් ඇමති මණ්ඩලය දිය යට රැස් වෙයි

Image
(2009 ඔක්තෝබර්  19 - W3Lanka ) මිහිතලය උණුසුම් වීමේ ප්‍රශ්නයට මුහුණ දීම සඳහා ලෝක නායකයන් දෙසැම්බරයේදී කෝපන්හේගන්හිදී හමු වීමට නියමිත අතර, මිහිතලය උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙස මුහුදු මට්ටම ඉහළ ගොස් ලෝක සිතියමින් අතුරුදහන් වීමේ අනතුරට මුහුණ දී සිටින මාලදිවයින ඊයේ ලෝකයට දැනෙන පණිවුඩයක් නිකුත් කළේය. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීම් සහ කැබිනට් ඇමතිවරු 11දෙනෙක් මීටර් 3.8ක් මුහුද යට හස්ත මුද්‍රා භාවිතා කරමින් කැබිනට් රැස්වීමක් පවත්වා ප්ලාස්ටික් කොළ මත මුද්‍රිත, ගෝලීය උණුසුම ඉහළ යාම නැවැත්වීමේ අවශ්‍යතාව ලෝකයට දන්වන පණිවුඩයකට ජලයේ දිය නොවන තින්ත සහිත පැන්වලින් අත්සන් කළහ. අනතුරුව ජනාධිපතිවරයා දිය මත පාවෙමින් මාධ්‍ය ද ඇමතුවේ ය.