Posts

Showing posts with the label ස්ත්‍රීවාදය

ජානකී සූරියආරච්චි නම් ස්ත්‍රීවාදිනිය

Image
ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. ලේඛිකාවකි. ව්‍යවසායිකාවකි. ඇගේ මුල් කාලීන ළමා පොත්බොළඳ කතාවලින් පිරී තිබිණි. එහෙත් පසුකාලීනව ඇය විසින් කරන ලද ඇතැම් නිර්මාන ළමයින්ගේ හද බැඳගත්, ළමයින්ට පමණක් නොව වැඩිහිටියන්ට ද රස විඳිය හැකි අපූරු ඒවා ය. විශේෂයෙන් ම ඇගේ 'දොයි අම්මා' නම් පැදි පෙළ හා ඒ සමග බැඳුණු චිත්‍ර පෙළ සහිත පොත හා වීඩි‍යෝව සුවිශේෂ ප්‍රතිභාවක් පළ කරන අනගි කෘතියකැයි මට සිතේ. එහි දරුවකු අම්මා දෙස හෙළන ආදරණීය බැල්ම ගෘහස්ථ ශ්‍රමිකාවක් ලෙස ඇගේ භූමිකාව දෙස අලුත් ඇසකින් බලන්නට සමාජය පොළඹවයි. ඒ සමග බැඳුණු චිත්‍ර පෙළ ප්‍රකාශනශීලිත්වයෙන් අනූන ය. ජානකී සූරියආරච්චි කිසි දිනෙක තමන් ස්ත්‍රීවාදිනියක ලෙස හඳුන්වා ඇති බවක් මම නො දනිමි. එහෙත්, තමන් ස්ත්‍රීවාදීන් යයි කියන බොහෝ අය වෙතින් පළ නො වන නිර්මානශීලිත්වයක් ඇගේ මෙම කෘතිය තුළින් මතු වේ. එසේ වීමට මූලික හේතුව වන්නේ මෙම නිර්මානය තුළ ඇති අව්‍යාජත්වයයි. අද වන විට ලංකාවේ ළමයින් සඳහා වූ කලාව කෲර වෙළඳපොළක් වී තිබේ. ළමා නො වන චිත්‍රපට ළමා චිත්‍රපට යයි ළමයින් රවටා පෙන්වා මුදල් ගසා කෑම අද වන විට ජාතික සිනමාව වී තිබේ. රූපවාහිනී චැනල් ළමයින්ට පෙන්...

මර්වින්ට විරුද්ධ වෙන්න 'පිරිමිකම' තිබුණෙ ගෑනියෙකුට විතරයි: මෙච්චර මේ රටෙ පිරිමි සිටිද්දිත් ගෑනු හරක් බඳිතෙයි

Image
ඡායාරූපයේ සිටින රැචල් කොරි නම් 21 හැවිරිදි ඇමරිකානු ජාතික ක්‍රියාකාරිනිය පලස්තීන ජනාවාස වැනසීම සඳහා ඉදිරියෙන් පැමිණෙන ඊශ්‍රායල් බුල්ඩෝසරයට එරෙහිව නැඟී සිට එය විසින් යට කර මරා දමනු ලැබුවා ය.  (2010 අගෝස්තු 03,  W3Lanka )  දරුවකු අසනීප වූ නිසා බව කියා ඩෙංගු මර්දන ශ්‍රමදානයට සහභාගි නොවූ කැලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුළුතර මුස්ලිම් ජාතික සමෘද්ධි නිලධාරියකු වන මොහොමඩ් ඉෂාම් මහතා ආචාර්ය මර්වින්තුමාගේ නියෝග මත ගස් බැන්දේ ඔහුගේ ම සහෝදර 'පිරිමි' නිලධාරියෙකි. සෙසු 'පිරිමි' වට වී මෙම සාපරාධී ක්‍රියාව නැරඹූ හ. ඡායාරූප ගත්ත හ. තම ජීවිතය නො තකා මෙම අශිෂ්ට, අවනීතික ක්‍රියාවට විරුද්ධ වන්නට කොන්දක් තිබූ එක් අයෙක් හෝ එහි සිටි බව දක්නට ලැබිණි. ඒ ගැහැනියකි. පිරිමි හා ගැහැනු ගැන ස්ත්‍රීවාදී කතිකාවේ ගැඹුරු දාර්ශනික විග්‍රහයක් ජීවිතයෙන් සටහන් කළ නාඳුනන වීර සොයුරිය ඔබට අපගේ උපහාරය! කැලනියෙන් ආරම්භ වන පහළ මට්ටමේ රජයේ සේවකයන් ඇතුළු පීඩිතයන් ගස් බැඳීමේ සියඹලා ආණ්ඩුවේ පොල්කටු උසාවිය පරාජය කරන්නට හැකි වන්නේ ඔබ වැනි ගැහැනුන්ගේ ශක්තියෙනි.  You may also like to ...