වියරුවට එරෙහිව ක්‍රිකට් | Cricket against craze

(2011 අප්‍රේල් 02, W3Lankaක්‍රිකට් යනු ක්‍රීඩාවකි. ක්‍රීඩාවේදී ජයට හෝ පරාජයට වඩා වැදගත් වන්නේ ක්‍රීඩාශීලිත්වයයි.


එසේ ම, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවන්ගෙන් සිදු විය යුත්තේ ලෝකයේ රටවල්, ජාතීන් හා මිනිසුන් අතර සබඳතා ශක්තිමත් වීමයි.


රාජ්‍ය මාධ්‍ය විසින් මේ මොහොතේ ලංකාවේ ඇති කරමින් සිටිනුයේ වියරුවකි. ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය අතරතුර කීප වරක් ම පෙන්වූ දර්ශනයක් වන්නේ ඉන්දියාවේ ක්‍රිකට් ලෝලී ආගමිකයන් පිරිසක් කොකුන් සේ තනි අණ්ඩෙන් වතුරේ සිටගෙන කිසියම් වතාවතක යෙදෙමින් ඉන්දීය කණ්ඩායමට ආශිර්වාද කරන අන්දමයි. ලංකාවේ පාලකයන්ට ද අවශ්‍ය වී ඇත්තේ මේ රටේ මිනිසුන් තනි කකුලෙන් සිටුවා කොකා පෙන්නීමටයි. අප අනුගමනය කළ යුතුව තිබෙන්නේ ඉන්දියාව ලෝක බලවතකු බවට පත් කරමින් සිටින බුද්ධිමත් මිනිසුන් ද නැතිනම් ඒ රටේ සිටින සන්නාසීන් ද?


රාජ්‍ය පාලකයන් විසින් කළ යුතුව තිබුණු කාර්යයක් වන්නේ ලෝක කුසලාන තරගාවලිය හරහා ලංකාව ලෝකය තුළ දියුණු, බුද්ධිමත්, උද්‍යෝගිමත්, විනය ගරුක ජාතියක් ලෙස යහපත් අන්දමින් මාකට් කිරීමයි. එහෙත් එවැනි සැලැස්මක් තිබුණේ ම නැත. මෙතැන ඇත්තේ ලෝක කුසලානය හරහා තම තමන් මාකට් වීමේ පටු ආත්මාර්ථකාමී අභිලාෂයන් ප්‍රමාණයක් පමණි. අවසානයේදී රට මාකට් වන්නේ පිටරැටියකුට එන්නට බය හිතෙන පිස්සන් කොටුවක් ලෙසයි.


‍ක්‍රිකට් නාට්‍යය සඳහා රට තුළින් ද සතුරකු අවශ්‍ය වී සිටියදී අර්ජුන රණතුංග හිස දන් දීමට ඉදිරිපත් වී තිබේ. 1996දී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් අර්ජුන රණතුංගට අද දවසේ පාරට බහින්නට පුළුවන් තත්වයක් නැත.


අද මැච් එක ගහන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ද නැතිනම් දේශපාලකයෝ ද යන්න අපැහැදිලි ය. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආලෝකයෙන් බැබළෙන්නට බලා සිටින අන්ධකාර ග්‍රහයන්ගේ තරම අධික ය.


ලෝක කුසලාන පළමු වටයේ තරගයකදී පකිස්තානයට පැරදුණු ලංකා කණ්ඩායමට මහින්ද අබේසුන්දර ලවා ඔච්චම් කෙරෙව්වේ ද මේ අයම ය.


ක්‍රිකට් නො වන මේ වියරුව මධ්‍යයේ හිස කෙළින් තබාගෙන අද සවස හොඳ ක්‍රීඩාශීලිත්වයක් ප්‍රදර්ශනය කිරීමට ලැබේවා යි පතමින් අපි දෙරටේ ම ක්‍රීඩකයන්ට සුබ පතමු.


ලෝකය එක යායකි. 


ප.ලි.: ක්‍රිකට් නරඹන අතරේ මෙවැනි පුවත් කෙරෙහි ද ඔබේ අවධානය යොමු කරන්න. 



  • ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් වැඩි කර ඇත.
  • ඒ අනුව ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 125කි.
  • ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර ලීටරයක නව මිල රුපියල් 143 කි.
  • ලංකා ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ නංවා ති‍බේ.
  • ඒ අනුව රුපියල් 73 ක්ව පැවති ලංකා ඩීසල් ලීටරයක නව මිළ රුපියල් 76 කි.
  • ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ නංවා තිබේ.
  • භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 10 කින් වැඩි කර ඇත.
  • ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 61 කි.
  • එයට අමතරව දැවි තෙල් වර්ග කිහිපයක මිලද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා තිබේ.



මේ දැවැන්ත හයේ පාරේ ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට භුක්ති විඳින්න පුළුවන.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ජනරාල් සරත් ෆොන්සේකා ඉතිහාසයෙන් මකා දැමිමට උත්සාහ දැරූ අයුරින්ම අර්ජුන රණතුංල නාමයද ඉතිහාසයෙන් මකා දැමීමේ පවිටු උත්සාහයක් දුටුවෙමි.

    ReplyDelete
  2. මෙවර පරාජය නිදහසේ බුක්ති විඳින්න පුලුවන් වුනේ LTTEය පරාද කරපු නිසා බව අහවලා කියයි - හෙට දිනමිණ

    ReplyDelete
  3. ඔන්න ආශ්චර්රිය පෙන්නුවා.. කප් එකත් ගොට්ටට දාගන්ඩ ගිහින්.. අර ITN එකේ එකෙක් කියනවා නේද? ලොක්කා හොඳ නිසා ඔක්කොම ගොඩ යනවා කියලා...

    හැබෑටම ලංකාවේ ටීම් එක තිබුනේ අනතුරු දායක තත්වයක. ඒක හරියට පිනට Final ගියා වගේ.. පිනට යන එවුන්ට වෙන්නේ මොකක්ද කියලා කියන්න දෙයක් නෑනේ.. ඉන්දියාව එතෙන්ට එන්නේ හෙනම ගේමක් දීලා කියන එක අමතක කරපු ජාතිකපචවාහින ප්‍රමුක පුබ්බරුවන් ක්‍රීඩකයන්ගෙ පීඩනය විතරක් වැඩි කලා.

    ReplyDelete
  4. අපිට පින පලදුන්නෙ සෙමි ෆයිනල් වෙනකල් විතරයිද කොහෙද. ඒ උනාට ඔස්ට්‍රේලියාව, පකිස්තානෙ වගේ ප්‍රභල කන්ඩායම් පරදවල ඔතන්ට ආපු ඉන්දියානුවන්ට කප් එකේ අයිතිය අපිට වැඩිය වැඩි බව හදවතට විරුද්දව උනත් පිලිගන්න වෙනව!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා