ජනාධිපති අලුතෙන් කියූ වික්ටර් රත්නායකගේ පරණ සිංදුව

(2011 අප්‍රේල් 06, W3Lankaඅලුතෙන් රාජ්‍ය සේවයට බඳවා ගත් කළමනාකරණ සහායකවරුන් පිරිසක් අමතමින් ජනාධිපතිවරයා ඊයේ වික්ටර් රත්නායක 70 දශකයේදී ගායනා කළ ගීයක පද මතක් කළේ ය.


ගීතය මෙසේ ය: "අප උදේ ගිහිල්ලා - යළි හවසට එනවා - ඒ අතරේ ඒ ඇය අට බොරුවෙන් ගත වේ නම් - අපත් ඒතැනමයි - රටත් එතැනමයි"


ජනාධිපතිතුමා කී තවත් කරුණක් නම් තමන් පමණක්‌ නොව තම දෙමාපිය, සහෝදර සහෝදරියන් මෙන්ම අඹුදරුවනුත් නඩත්තු වන්නේ මේ රටේ මහජනතාවගේ මුදලින් බව රාජ්‍ය සේවකයන් සිහි තබා ගත යුතු බවයි.


මේ බව තම හෙංචයියන්ට රාජ්‍ය සේවයේ පත්වීම් දෙන දේශපාලකයෝ ද දැන ගත යුතු ය. පසුගිය කාලයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලවලට බඳවා ගත් වැඩි දෙනෙක් බදුලු වැසියෝ ය. දැන් බඳවා ගනු ලබන්නේ පොළොන්නරු වැසියෝ ය. කොහෙන් ආවත් සෞඛ්‍ය සේවයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලවල පොදු ලක්ෂණය වැඩ කරන්නට අකැමැති වීමයි.


දැන් අලුතෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලවලට එන්නේ හෝමාගම පැත්තේ අයයි. සෞඛ්‍යයේ, අධ්‍යාපනයේ පමණක් නොව හැම තැනමත් තත්වය එසේ ය.


රෝහල්වල සනීපාරක්ෂක, සාමාන්‍ය ආදී කම්කරුවන් ඕනෑ තරම් සිටියදී සනීපාරක්ෂක හා වෙනත් ශ්‍රම කටයුතු සිදු වන්නේ පෞද්ගලික කොන්ත්‍රාත් හරහා ය. පාසල්වල නම් දෙමව්පියන් ඒ සඳහා මුදල් ගෙවිය යුතු ය. රාජ්‍ය සේවයේ කම්කරු තනතුරුවලට පත් වන්නන් සිතන්නේ ඒවා 'වයිට් කොලර්' රැකියා කියා ය. 


රාජ්‍ය සේවයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලවලට බඳවා ගැනීම් සිදු වන්නේ තනිකර ම අයථා ලෙසයි. දැන් නම්, මේ පසුපස දේශපාලකයන්ගේ ජාවාරම් තිබේ. නිදසුනක් ලෙස, වරායේ රස්සාවක් අද අලෙවි වන්නේ ලක්ෂ පහකට පමණ ය. ලක්ෂ පහක් දුන්නාට පාඩු නැත. ගියොත් ගොඩ ය. නිකම් සිට මාසයකට අවම වශයෙන් රු. පනස්දාහක වැටුපක් ද, වැඩක් කරන්නේ නම් සමිතිං ද සොයා ගත හැකි ය.


රාජ්‍ය සේවයේ මධ්‍යම මට්ටම්වල ඵලදායිතාවේ ඉහළ යාමක් පසුගිය සමයේ සිදු විය. එහෙත්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලවල ඵලදයිතාව නැංවීමට මොන සක්කරයාටවත් බැරි වී ඇත.


ජනාධිපතිතුමා කී කාරණය දේශපාලකයන්ටත් අදාළ ය. තමන් ජීවත් වනවා පමණක් නො ව, පරම්පරා හතකට ධනය උපයන්නේ ද මහජන මුදලින් බව දේශපාලකයෝ සිහියේ තබා ගත යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Janaka PriyadarshanaApril 8, 2011 at 7:40 AM

    අයියෝ ඕක අපේ ජාතියේ උදෘත පාටෙනේ , තමුන් හෙළුවෙන් ඉදන් අනිකාගේ අවයව වල දිග පළල කතා කරන එක ,සාමාන්‍ය දෙයක් ගණන් ගන්න එපා .

    ReplyDelete
  2. ඇය අට නෙවෙයි පැය අට

    ReplyDelete
  3. රටේ සේවකයෝ හදන එක වැදගත් වගේම, තමුන්ගේ කන්තෝරුව හරියටම හද ගන්න එක රටටම වැදගත්. අර ලේකම් තුමාගේ කටේ තියෙන්නෙම රජයේ සේවකයන්ගේ නිවාඩු ගැන. හබි පිටරට ඉන්න රජයේ සේවකයෝ වගේ අපේ සේවකයන් කර, බර වල වැඩට යන්නෙත් නැහැ. මාස ගණන් වාර්ෂික නිවාඩු ගන්නෙත් නැහැ කියන එකත් හිතුවොත් හොඳයි. රජයේ සේවකයෝ නම් ඉතින් එදාවේල පවුලට කන්න දෙනවා විතරනේ. එත් සමහර දේශපාලකයොයි, උල්පන්දම් දෙන නිලධාරියි හත්මුතු පරම්පරාවටම හම්බ කරගන්නෙත් රජයේ සල්ලි වලින්නේ.., ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට..,

    ReplyDelete
  4. දැන් ඔය සින්දුකියලා පත්වීම් දීපු අයට ඇත්තටම පඩි හම්බුවෙන පත්වීම් තියෙනවාද නැත්නම් ඒකත් සිංදුවක් විතරද.

    තව මාස හයකින් ඔය සිංදු අහලා පත්වීම ගත්ත අය කොටුව ඉස්ටේසම ඉස්සරහා විරෝදතා තියය්ද දන්නේ නෑ 'සිංදු කියලා බොරු පත්වීම් දී මහරජා අප රැවැටුවා.." කියලා

    ReplyDelete
  5. These Management Assistants were selected well before the examination results were released.

    The people who cannot compete with others who have similar qualifications are now filling the positions in government offices.

    "Where were you in the last election? is the best qualification to get a position in government. The academic abilities, experience and aptitude etc. are not important.

    ReplyDelete
  6. බොහෝ අය කතා කිරීමට අකැමති මාතෘකාවක් ගැන W3 කතා කිරීම ගැන ප්‍රථමව ස්තූති වන්ත වෙමු. හඩක් නැගිය හැකි පිරිස නිහඩව සිටින්නේ මෙලෙස පන්දමට රැකියා ලබාදීම තුල ප්‍රථිලාභ ලබන නිසා යයි සිතමු නමුත් බලයක් නැති බහුතරයට සිදු වන අසාධාරණයත් රටක් ලෙස දිනෙන් දින ලබන පරිහානයත් හේතු කොටගෙන මෙයට එරෙහිව කතිකාවක් ගොඩනැගීම කාලීන අවශ්‍යයතාවයකි.

    ලිපියට වස්තු බීජය වී ඇත්තේ රාජ්‍ය කළමනාකරණ සහකාර පත්වීම් ලබාදීම වන බැවින් ඒ ගැන කතා කිරීම මාතෘකාවට වඩාත් අනුගත වේ. මෙවර පත්වීම් ලබා දීමට අදාල විවෘත තරඟ විභාගය 2010 වසරේ මැයි මස පැවති අතර සම්මුක පරීක්ෂණ පවත්වා අවසාන වී පත්වීම් ලබා දෙන්නත් තීරණය කරන තුරුම සම්මුඛ පරීක්ෂණ සඳහා නොකැදවූවන් සඳහා ප්‍රතිළුල නිකුත් නොකරන ලදී එනම් ඔවුන් හට ප්‍රතිඵල නිකුත් කරන ලද්දේ සියල්ල අවසන් වූ පසුය. කිසිදු විනිවිද භාවයකින් ලබා නොදුන් මෙම පත්වීම් සම්බන්ධයෙන් ඇති වන්නේ බලවත් සැකයකි.

    මේ හා සමගාමීව මධ්‍යම පළාත් කළමනාකරණ සහකාර සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය 2010 වසරේ ජූනි මස පැවැත් වුනු අතර මේ වන විට එහි පත්වීම් ලබා දී අවසන් වුවද පත්වීම් නොලැබූවන්ට තවමත් ප්‍රතිඵල නිකුත් කර නැත.

    තත්වය මෙසේ තිබියදී මෙම තරඟ විභාග සඳහා මීට පෙර අය කල රු250-300 මට්ටමේ විභාග ගාස්තු මෙවර රු. 600/- තරම් ඉහල අගයක් ගෙන තිබුනි. අවසානයේ උගත් නමුත් රැකියා විරහිත බහුතරයකට තාම රැකියා සිහිනය පමනක් නොව විභාග ප්‍රතිඵල දැන ගැනීමේ අයිතියද අහිමි කර තිබුනි.

    ReplyDelete
  7. මේ ලිපියට වික්ටර් ගෙ පින්තූරයක් දාපු එක වෑරදියි...............

    ReplyDelete
  8. "මේ ලිපියට වික්ටර් ගෙ පින්තූරයක් දාපු එක වෑරදියි..............."
    මමත් ඒකට එකඟයි.

    ReplyDelete
  9. වික්ටර්ගෙ පින්තූරෙ ගැන කතා කරනව වෙනුවට ලිපියට අදාලව අදහසක් දැක්වුව නම් නරකද? ලංකාවෙ අයට වැරදිල තියෙන තව තැනක් “යන්නෙ කොහෙද? මල්ලෙ පොල්...“

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා