සෞඛ්‍ය ඇමතිගේ ගමේ රෝහලේ කාමරේ පොරේ
(2011 අප්‍රේල් 27, W3Lanka ) සෞඛ්‍ය ඇමතිතුමාගේ ගම වන පොළොන්නරුවේ මහ රෝහලේ වෛද්‍යවරු වර්ජනයක ය. වෛද්‍යවරුන්ගේ විවේක කාමරය හෙද පාලිකාවට දුන්නාට දොස්තරලා රණ්ඩු කරති. කාමරය ආපසු දොස්තරලාට දුන්නොත් හෙදියන් රණ්ඩු කරනු ඇත. හෙදියන් වර්ජනය කළත් පාඩුව රෝගීන්ට ම ය. මෙතැන අභිමානය පිළිබද ප්‍රශ්නයක් ද ඇත. ඇමති මෛත්‍රීපාල සෞඛ්‍ය ඇමතිකමට පත් වූ හැටියේ මුලින් ම කළේ පොළොන්නරුව රෝහල මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමයි. ඒත්, වෛද්‍යවරුන්ට විවේක කාමරයක් ලබා දීම හා හෙද පාලිකාවට නිල කාමරයක් ලබා දීම වැනි සරළ ප්‍රශ්නයක් විසඳීමට හෝ ඇමතිවරයා සමත් වී නැති බවා පෙනේ. මේ කාමරේ පොරේ ඒ නිසා ය. (ජේ. එම්. මෝර්ටන් නම් ඉංගී‍්‍රසි නාට්‍ය රචකයා ගේ ‘බොක්ස් ඇන්ඩ් කොක්ස්’(Box and Cox) නමැති විකට නාටකයේ අනුවර්තනයක් ලෙස 1960 දී දයානන්ද ගුණවර්ධනයෝ ‘කාමරේ පොරේ’ නමින් නාට්‍යයක් කළේ ය.) ඇත්තෙන් ම, ලංකාවේ ප්‍රධාන රෝහල්වල දැඩි ඉඩකඩ හිඟයක් ඇත. බොහෝ ප්‍රධාන රෝහල්වල සායන පැවැත්වෙන කුඩා කුටි ඇඟිල්ලක් ගහන්නට තරම් හෝ ඉඩ නැති ඉරිදා පොළවල් වැනි ය. වාතාශ්‍රය පවා නැති මෙම සායන ඇත්තෙන් ම රෝග පතුරුවා හරින මධ්‍යස්ථාන ය. රෝහල් ...