පෑලියගොඩ මාළු, ෆෙඩරල් මර්වින් හා අලකේශ්වර

(2011 අප්‍රේල් 11, W3Lanka) පෑලියගොඩ මාළු වෙළඳපොළේ ජංජාලය වැදගත් දේශපාලන සිද්ධියකි. මන්ද, එය හුදු මර්වින් සිල්වා හා රාජිත සේනාරත්න යන ඇමතිවරුන් දෙපළ අතර ගැටුමක් නො ව, ධනවාදය හා පසුගාමිත්වය අතර ගැටුමක් වන බැවිනි.


ධීවර ඇමති රාජිත සේනාරත්න ම පවසන පරිදි පෑලිගොඩ කප්පම් කල්ලි පිටුපස ඇමති මර්වින් සිල්වා සිටියි. පෑලිගොඩ නගර සභාවේ උප නගරාධිපතිවරයා ඇතුළු මර්වින් සිල්වාගේ මැරයන් බව කියන පුද්ගලයන් 14ක් මේ වන විට කප්පම් ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. පෑලියගොඩ නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු තවත් හයදෙනෙක් නීතියෙන් බේරීමට සැඏවී සිටිති. මර්වින් සිල්වා ද මරු විකාරෙන් මෙන් ඩී.ඒ. රාජපක්ෂ මහින්ද පියාණන් ගැන නන් දොඩවමින් සිටියි. ඔහුට අන්තිම ගැලවිල්ල ඇත්තේ ඒ සම්බන්ධයෙහි ය.


පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය මේ වන විට ප්‍රදේශයේ පොලිසියේ ආරක්ෂාවෙන් ඉවත් කර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානයත යටතට පත් කර තිබේ.


මර්වින් සිල්වාගේ තර්කය වන්නේ පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ පාලනය පෑලියගොඩ නගර සභාවට හිමි විය යුතු බවයි. මෙය ෆෙඩර්ල්වාදී තර්කනයකි. ගමේ දේ පාලනය කිරීමේ බලය ගමට හිමි විය යුතු බව අපි හැමදාමත් කියන්නෙමු. උතුරු-නැගෙනහිර දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකමට අප ගරු කරන්නේ ද මේ පදනමිනි. තමන් පාරම්පරිකව ජීවත් වන භූමියේ කටයුතු පාලනය කිරීමේ හිමිකම ඔවුන්ට ලැබිය යුතු ය.


අප පාලනය යන්නෙන් අදහස් කරන්නේ බදු හෝ කප්පම් හෝ ලබා ගැනීම නො වේ. මේ දෙ‍ක අතර වෙනස වන්නේ බදු නීතිගත වීම හා කප්පම් නීති විරෝධී වීම පමණි. දෙකෙන් ම කරන්නේ බිය වද්දා මුදල් ගරා ගැනීමයි. මර්වින් සිල්වා ගන්නා කප්පම් මෙන් ම රජය ගන්නා බදු ද මහජනතාවගේ දේපල නො වේ. 


මර්වින් සිල්වා දන්නා පාලනය කිරීම පිණිස ඔහු මාළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩ නගර සභාවට ඉල්ලයි. මෙය දෙනවා නම් හොඳ බව අපේ අදහසයි. මන්ද, අද නගර සභාවල ඉන්න කුණු කාණුවක් සුද්ද කිරීම වැනි දෙයකට වැඩි දේකට අයෝග්‍ය මැරවරයන් වෙනුවට දේශපාලනඥයන් සභාවට තෝරා පත් කර එවන්නට අවසානයේදී පෑලියගොඩ 'බුද්ධිමත්' ජනතාවට සිදු වන බැවිනි.


මර්වින් සිල්වා අයත් වන්නේ වීර අලකේශ්වර වැනි රජුන් නො වූ ප්‍රාදේශීය බලවතුන් විසූ සිංහල උරුමයේ විකෘතියකටයි. වීර අලකේශ්වර හා මර්වින් සිල්වා අතර ඇති ප්‍රධාන වෙනස මර්වින් සිල්වා කිසිදු වීරත්වයක් නැති හුදු මැරමරයකු පමණක් වීමයි.


අලකේශ්වර පන්නයේ තවත් නායකයකු වූ ප්‍රභාකරන් පරාජය කර දැමීමෙන් පසු වේගයෙන් ඉදිරියට යමින් තිබෙන ලංකාවේ රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදයට තව දුරටත් මර්වින් සිල්වා පන්නයේ පසුගාමී ප්‍රාදේශීය බලවතුන් දරා ගත නො හැකි ය.


ඒ වෙනුවට මධ්‍යම රාජ්‍යයේ බලය දුර්වල නො වන විධිමත් බලය බෙදා ගැනීමේ රාමු වෙත නම් ආණ්ඩුව තල්ලු වීමට ඉඩ ඇකි බව මේ වන විට දෙමළ ජාතික සන්ධානය සමග කෙරෙමින් ඇති සාකච්ඡාවලින් පෙනේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "උතුරු-නැගෙනහිර දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකමට "

    උතුරු නැගෙනහිර සිංහල හා මුස්ලිම් ජනයාට එහෙම හිමිකමක් නැත්ද?

    උතුරු-නැගෙනහිර වෙනත් වාර්ගිකයන්ට පදිංචි නොවීමට දීමට තීරනැයත් ස්වයං නිර්ණ අයිතියේම කොටසක්ද?

    ReplyDelete
  2. wow, obe nam niyamai... obe niruwath penwanne tika tikaya!

    ReplyDelete
  3. කිසිම රහක් නැ..ලියන්න දේයක් නැත්නම් නොලියා හිටියා නම් හොදා

    ReplyDelete
  4. මර්වින් වගේ ඇමති හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව අපි කවුරුත් දන්න දෙයක්. මේවගේ දේවල් වලට ඓරෙහිව ලියන එක සහ ඒවා කියවන එක හැර අපට කරන්නට දෙයක් ඉතිරිව නැත්තේ, බහුතර ඡන්ද දායකයින් නියම වැඩකාරයා යැයි පවසමින් මොවුන්ටම ඡන්දය පුදා ඒමට තරම් නෝන්ජල් වී ඇති බැවිනි.ඉහත ඇනෝ කමෙන්ට් කියවීමෙන්ම ඒ කටුක සත්‍ය වටහා ගත හැක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා