රාජ්‍ය අධ්‍යාපන ආයතනවල ‍ගේට්ටුවලින් කරන බුද්ධිමය පුසි කිරීම | Castration and the fortifications of Sri Lanka's educational institutes

(2011 අප්‍රේල් 04, W3Lankaශිෂ්‍ය සුභසාධන හා අධ්‍යයන ගැටලූ නො විසඳා රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ පරිපාලනය විසින් රුපියල් ලක්ෂ 28 ක් වියදම් කරමින් ගේට්ටුවක් ඉදිකරමින් පවතින බව ශිෂ්‍යයන් පවසන බව ලංකා ටෲත් වෙබ් අඩවියේ පළ විය.


මෙවැනි දැවැන්ත ගේට්ටු ඉදි කිරීම දැන් ලංකාවේ බොහෝ රාජ්‍ය අධ්‍යාපන ආයතනවල විලාසිතාවක් වී තිබේ. පාසල් රැසක් ඉදිරියේ මෙවැනි දැවැන්ත ගේට්ටු ඉදි කර තිබේ. ඒවා පන්සල්වල මකර තොරණ වැනි ය.


පන්සල්වල ද මේ වන විට මකර තොරණ ඉදි වීම වැඩි වී තිබේ. එහෙත්, පන්සල්වල මකර තොරණේ හා රාජ්‍ය අධ්‍යාපන ආයතනවල ඉදි වන දැවැන්ත ගේට්ටු අතර වෙනස වන්නේ දෙවන වර්ගයේ ඒවා දැවැන්ත දොරවල්, කුරුබිලි හා මුර කුටි ආදියෙන් සමන්විත බලකොටු දොරවල් වීමයි.


අධ්‍යයනය කරන විට දකින්නට ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ මෙවැනි දැවැන්ත ගේට්ටු ඉදි කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් නො වන බවයි. එහෙත්, රජය ආයතන ප්‍රධානීන්ගේ මෙවැනි කටයුතු අධෛර්යය නො කරන බව ද දක්නට ලැබේ. මෙවැනි ඉදි කිරීම් පිළිබඳ තීරණ ගැනීම පිටුපස ඉන්නේ ඒ ඒ ආයතන ප්‍රධානීන් බව පෙනේ.


විශාල වියදමක් දරමින් මෙවැනි දැවැන්ත ගේට්ටු කණු ඉදි කරන අධ්‍යාපන ආයතනවල දක්නට ලැබෙන මූලික ලක්ෂණයක් වන්නේ ඒවායේ ඇතුළත අඩු පාඩු රාශියක් තිබීමයි. නිදසුනක් ලෙස, මෙවැනි ගේට්ටු ඉදි කරන පාසල් බොහොමයක සිසුන්ට ඉගෙනුම ලැබීමට හරි හැටි පංති කාමරවත් නැත.


මෙවැනි ව්‍යාජ බලකොටු ඉදි කිරීම් පිටුපස ඇත්තේ යුදමය පසුබිම්හි ඇති ආරක්ෂාව පිළිබඳ අදහසක් නො වේ. මේ පසුබිමේ ඇත්තේ ඉංග්‍රීසියෙන් castration ලෙස හඳුන්වන කර ඇඹීම, පුසි කිරීම, අණ්ඩ හරණය ආදී වශයෙන් හැඳින්විය හැකි මර්දනකාරී ප්‍රචණ්ඩ මානසිකත්වයකි. රෝම යුගයේ පටන් ම බලකොටු ඉදි කිරීම හා castration අතර සම්ප්‍රදායික සම්බන්ධයක් තිබිණි.


කෙනෙකු මෙම අදහසට විරුද්ධ විය හැකි ය. මන්ද, මෙවැනි ඉදි කිරීම්වලට මුල් වන අය සමග කතා කළ විට ඔවුන් පවසන්නේ මෙවැනි ඉදි කිරීම් කරන්නේ ආයතනය‍ට ප්‍රෞඪ පෙනුමක් ඇති කරන්නට හා තමන්ගේ කාලයේදී එය කළ නිසා තම නම ද පවතින්නට ය කියා ය.


එහෙත්, මෙවැනි ඉදි කිරීම්වලට මුල් වන පුද්ගලයන්ගේ අධ්‍යාපනික හා බුද්ධිමය මැදිහත්වීම දෙස බැලූ විට ඔවුන් අප කියන ආකාරයේ බුද්ධිමය පුසි කරන්නන් පිරිසක් බව නිරීක්ෂණය කළ හැකි ය.


එසේ ම, මධ්‍යතන යුගයේ පල්ලි හා ලංකාවේ නම් පන්සල්වල මකර තොරණ ආදියෙහි පටන් ම මෙවැනි දැවැන්ත ගෘහ නිර්මාන පසුබිමේ තිබෙන තවත් දෙයක් වන්නේ මිනිසා කුදු බවට පත් කර අධිකාරයේ බලයට යටත් කිරීමයි.


විශේෂයෙන් ම, ලංකාවේ අධ්‍යාපන ආයතන වනාහි දරුවන්ගේ නිර්මානශිලිත්වය කර අඹා අනුකාරකවාදී දැනුමකින් යුත් ශ්‍රමිකයන් හෙවත් hands නිර්මානය කරන සිරගෙවල් සමූහයකි. ගේට්ටු රැල්ල විසින් සංකේතවත් කරන්නේ මේ ඇත්තයි.


එ‍සේ ම, පොදු සමාජයේ ද මේ ගේට්ටු පිස්සුව පැතිරී තිබේ. දැවැන්ත ගේට්ටු කණු, මුර කුටි, කුරුබිලි, ආරක්ෂක කැමරා, ඇමතුම් පද්ධති කෙරෙහි ඇති ඇල්ම වනාහි ආරක්ෂාව පිළිබඳ කාරණා ඉක්මවා ගිය ගෘහ මූලික පිරිමියාගේ ආධිපත්‍යයෙන් යුත් පවුල නම් ඒකකයේ අණ්ඩහාරක මානසිකත්වයේ ප්‍රකාශනයකි.


සංවාදයට බඳුන් කරමු.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "මේ පසුබිමේ ඇත්තේ ඉංග්‍රීසියෙන් castration ලෙස හඳුන්වන කර ඇඹීම, පුසි කිරීම, අණ්ඩ හරණය ආදී වශයෙන් හැඳින්විය හැකි මර්දනකාරී ප්‍රචණ්ඩ මානසිකත්වයකි."

    ඕක හරි හැටි තියෙන්නේ ජ,වි.පෙ. අරක්ගත් අ.වි.ශ.බ. නඩය ඉන්න තැන් වල. බලකොටු වගේ ගේට්ටු ඕන මේ පාහර යක්කු ආයතන වලට පැනල ඒවායේ දේපල කුඩු පට්ටම් කරන එක නතර කරන්න. සමාජවාදී ශිෂ්‍ය සංගම් වල ඇස් වල ඇති පො පරාල ගැන නොලියා, අධ්‍යන ආයතන වල පොල් කෙන්දවල් ගැන ලියන්නේ පැර සමාජවාදීන්ට පශ්චාත් බාගය දෙන නිසා බව දන්නා කරුණක්.

    ReplyDelete
  2. මර්වින්ගෙ ගෝලයොත් w3lanka කියවනවා වගේ. බොහොම හොඳයි.

    ReplyDelete
  3. SB ගේ ගෝලයෙක් වෙන්නත් බැරි නෑ පළවෙනි ඇනෝනිමසයා නම්. කමක් නෑ මේවා කියවල හරි හැදෙන්න පුළුවන්නම්.

    ReplyDelete
  4. Those who talk about these JVP student unions have never even stepped into a uni.They are talking through envy. I don't say everything the etudents unions do are justifiable,but when we see the luxurious lifes of the academic staff and the politicians the students have a right to protest.See for example all the students who pass the AL and are eligible to enter unis are deprived of their rights by the introduction of the Z score.Why the Z score because we do not have ample room to take them in.So whose fault?Politicians are purposely depriving the higher education to people because if the people are intelligebt they cannot fool them.So they want a set of foolish idiots in the country who will paste posters,carry paste buckets, and attend meetings for free transport and meals.Our people cannot understand this because they are fools.

    ReplyDelete
  5. oba samajawadiyek vuwata mata karannata deyak natha.. mama dhanawadiyekmi.. rajya aayathana wala aarakshawa sandaha anawashya lesa milliona ganan wiyadam kirima hela dakimi.. eheth pawul wala aarakshaka paddhathi gana kathawata ekanga nowemi.. pawula yanu swairee ekakayaki.. ehi samajikayan hata thamange aadayamen thamanta wuwamana deyak kireemata aiyithiya thibe.. ape niwase oba oya sandahan karana purushadhipathyayak natha.. palanaya wanne itha prajathanthrawaadee ayurini.. eheth aarakshaka paddhathiyak idi kireemata apata awashyawa atha... e niwase samajikayan gana oththu baleemata nowe.. obalaa dashaka gananawak me rate genagiya marxwaadee prachaaranaya nisaa, anunge depala walata kadaa pannaata kamak nathai sithana tharuna parapurak athi wee athi nisaaya.. philanthropy gana oba pera kala sandahanakin meya manaawa pahadili wei.. oba sithana andamata dhanawathaa karanne duppathungen pahara ganeemak nowe.. owun dhanawathun wa aththe owunge uthsahaya nisaya.. dhanawaadee kramayak samajawadee kramayakata wada honda wanne ithama duppath ayata pawa uthsahaya thibe nama diyunu wannata ehi nidahasa wathawaranayak athi nisaya..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා