Posts

Showing posts with the label ආරක්ෂක වියදම

ආරක්ෂක වියදම රු. බිලියන 215කට අධිකයි; ඒත් පෑලියගොඩ කලුතර ත්‍රස්තවාදය එළිපිට

Image
(2011 අප්‍රේල් 06,   W3Lanka )  2011 වසරේ ලංකාවේ ආරක්ෂක වියදම රු. බිලියන 215කට අධික ය. එනම්, එක් පුරවැසියකු වෙනුවෙන් ආරක්ෂක වියදම රු.10,750කි. එහෙත්, මේ රටේ මිනිසුන්ට තිබෙන ආරක්ෂාව කුමක් ද? අප්‍රේල් 03දා කලුතර පොලිසියට නුදුරේදී මහජන මුදලින් පඩි කන ගුවන් හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ රැළක් තමන්ට පඩි ගෙවන මහජනයාට පහර දී තුවාල කර දේපලවලට ද හානි කළ හ. මේ අතර, පසුගියදා ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලද පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය කප්පම්කරුවන්ගේ රජදහනක් වී තිබේ. ආරක්ෂාවට යයි කියා නහය ළඟට ම සන්නද්ධ වී සිටින පොලිසිය හා හමුදා දේශපාලකයන් ආරක්ෂා කරන්නට උන් පසුපස දුවද්දී පෑලියගොඩ මාළු වෙළඳපොළට ආරක්ෂාව දෙන්නට දේශපාලන අනුග්‍රහය ලබන මැරවර කල්ලි දෙකක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඒ සඳහා කප්පම් ඉල්ලති. ඇත්තෙන් ම කියනවා නම් මාළු වෙළෙන්දන්ට ආරක්ෂා වීමට සිදු වී තිබෙන්නේ මේ ආරක්ෂකයන්ගෙනි. ආරක්ෂක ලේකම් දෙවියනි ඔබ කොහිද? මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ලබන වසරේ මහා යුද්ධයක්?

Image
( 2010 ඔක්තෝබර් 20,  W3Lanka )   ලබන අවුරුද්දේ මහා යුද්ධයක් ඇති වන බවට හෙට අනිද්දා ම ලංකාවේ ජ්‍යෝතිෂකාරයන්, පේනකාරයන් ආදීන් අනාවැකි කියන්නට පටන් ගත්තොත් පුදුම විය යුතු නැත. හේතුව, 2011 වසර සඳහා රජය විසින් ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය ඇස්තමේන්තුව අනුව ආරක්ෂාව වෙනුවෙන් රු. බිලියන 215කට වඩා වෙන් කර තිබීමයි. 2010 වසරේ ආරක්ෂක වියදම රු. බිලියන 202කි. මහා ම යුද්ධය පැවති 2009 වසර සඳහා ද ආරක්ෂාව වෙනුවෙන් වෙන් කෙරුණේ රු. බිලියන 177කි. ආරක්ෂක වියදම් වැඩි වන අනුපාතයන්ගෙන් සෙසු වියදම් වැඩි වේ ද? 2010 වසරේ සෞඛ්‍ය වියදම රු. බිලියන 53ක් වූ අතර 2010 වසරේ එය රු. බිලියන 62කි. 2010 වසරේ සාමාන්‍ය අධ්‍යාපනයට වියදම රු. බිලියන 27කි. 2011දී එය රු. බිලියන 31කි. යුද්ධය නිමා වීමෙන් පසුව පවා ලංකාවේ ආණ්ඩුව මෙතරම් මුදලක් ආරක්ෂාවට වෙන් කරන්නේ ඇයි? රට අනාරක්ෂිත නිසා ද? පාලකයන් අනාරක්ෂිත නිසා ද?  ආරක්ෂාවට මෙතරම් මුදලක් වෙන් කළත් ගැහැනියකුට, දරුවකුට මේ රටේ ආරක්ෂාවක් තිබේ ද?  Bookmark, remember easily and come again   www.w3lanka.com