Posts

Showing posts with the label ප්‍රකාශනයේ නිදහස

කමෙන්ට් දැමීම, කැපීම හා අපේ හැටි

මෙන්න රස කතාවක්. හැබැයි ඒ කතාව මිනිස් ස්වභාවය හා දේශපාලනය ගැනත් ගැඹුරු අරුත් මතු කරනවා.  මා ලියූ පසුගිය ලිපියේ මාතෘකාව දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය හා සිංහලයා මේ ලිපියේ මාතෘකාව ටයිප් කරද්දී මා අතින් වැරදි දෙකක් වී තිබුණා. එකක් ජනයා වෙනුවට ජනවා කියා ටයිප් වී තිබුණා. අනෙක් වරද හා වෙනුවට හි ටයිප් වී තිබීම. එය කවුරුවත් පෙන්වා දුන්නේත් නැහැ. මා දැක්කේත් නැහැ. ඒ නිසා හැදුවේ දැනුයි.  රෑ ලිපිය ලියලා උදේ බලන විට පාඨකයෙක් ජනවා යන වචනයේ වරද පෙන්වා දී තිබුණා. මා එය නිවැරදි කර එම කමෙන්ටුව ඉවත් කළා. එය සුළු ටයිපිං වරදක්. එම වරද නිවැරදි කළාට පසුව එම කමෙන්ටුවෙන් වැඩක් නැති නිසායි මම එය ඉවත් කළේ.  ඒත්, එම කමෙන්ටුව දැමූ පුද්ගලයා මගෙන් ලොකු ස්තුතියක් බලාපොරොත්තු වී තිබෙනවා. මම සාමාන්‍යයෙන් ඔය එක්ස්කියුස් මී, තැන්කිව් ආදිය මහ ඉහළින් බදාගෙන ඉන්න කෙනෙක් නොවෙයි. අපි සමාජය වෙනුවෙන් යමක් කරනකොට ඒකට තැන්කිව් බලා‍ෙපොරොත්තු විය යුතු නැහැ. මේ බ්ලොගය ‍වෙනුවෙන් මට වැඩිපුර ලැබෙන්නේ බැනුම්. ඒත්, මට ඒකයි ස්තුතියි අතරේ වෙනසක් නැහැ.  වරද නිවැරදි කරන්නට උදව් වූ පුද්ගලයා නැවත මෙවැනි අදහස් දැ...

W3Lankaට විනීත බසින් අනියම් තර්ජනයක්

Image
ඊයේ මාධ්‍ය සංවිධාන විසින් කළු ජනවාරිය මාධ්‍ය මර්දන විරෝධතාව සඳහා නම්  කර තිබුණු දිනයයි. ඊයේ දවල් මගේ ජංගම දුරකථනයට කතා කළ මහත්මයෙක් මගෙන් කරුණු වගයක් විමසුවේ ය. තමන් එක්තරා නමකින් හඳුන්වා දුන් ඔහු පැවසුවේ තමන් ජනමාධ්‍යවේදියකු බවයි. එම මාධ්‍යය කුමක්දැයි විමසූ මට ඔහු පැවසුවේ තමන්ට එහි නම කීම‍ට නො හැකි බවයි. "අයි ඩෝන්ට් හැව් ලිබර්ටි ටු සේ" යනුවෙන් ද ඔහු පැවසී ය. එහෙත්, ඔහු කතා කළේ ඉතා විනීතව බැවින් ඔහුට මගෙන් අසන්නට තිබෙන්නේ කුමක්දැයි මම විමසීමි.   ඔහු  මගෙන් විමසුවේ 1988, 89 වකවානුව ගැනයි. මට තිබෙන චෝදනා ගැන අසන්නට අවශ්‍ය බව කී කල එම චෝදනා මොනවාදැයි මම ඇසීමි. එම වකවානුවේ දේශපාලන ඝාතනවලට මා සම්බන්ධ බවට ‍චෝදනා ඇති බව ඔහු කීවේ ය. මා කීවේ කිසිවෙක් මට එවැනි ‍චෝදනාවක් කර නැති බවයි.  එවකට මා ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ බව ප්‍රකට කරුණකි. ඒ හේතුවෙන් රජය මා වසර තුනහමාරක පමණ කාලයක් රැවුම් භාරයේ තබාගෙන පරීක්ෂණ පවත්වා තිබේ. ඉතා විනීත ලෙස කතා කළ මෙම පුද්ගලයා කතා කිරීම සම්බන්ධයෙන් ස්තුතිය ද පළ කළේ ය. ඔහු මට කරදරකාරී වූයේ නැත.  මෙම ඇමතුම ගැන මට යම් සැකයක් ඇති වූ හෙ...

එහෙත් හරි වැස්ස - මෙහෙත් හරි වැස්ස; යාපනයේ මාධ්‍ය උද්ඝෝෂණය

Image
උතුරේ මාධ්‍යකරුවන්ට සහයෝගය පළ කරන්නට ගිය දකුණේ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ට පොලිසිය බාධා කළ අයුරු. ප්‍රධාන වශයෙන් ම යාපනය උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාට පසුගිය 29වදනදා එල්ලකළ ප්‍රහාරයට විරුද්ධව සංවිධානය කර තිබුණු, යාපනය බස්නැවතුම්පොල අසල පැවැත්වූ මෙම උද්ඝොෂණයට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වන සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන්, එස් ශ්‍රීදරන් සහ ඊ සරවනභවන්, මෙන්ම හිටපු මන්ත්‍රීවරැන්වන එස් ගජේන්ද්‍රන් සහ එම්.කේ සිවාජිලිංගම් ද, උතුරේ මාධ්‍යකරුවෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ ද සහභාගි වූ හ. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ලංකා ඊ නිව්ස් හා ශාන්ත විජේසූරිය පිළිබඳ ප්‍රශ්නය අවසාන නැත

Image
(2011 ජුනි 09,   W3Lanka )  මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට රිමාන්ඩ් බන්ධනාගාරගත වී සිට අධිකරණයෙන් සමාව ගැනීමට සිදු වූයේ ඔහු පූගොඩ මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරා පිළිබඳ ලියූ වාර්තාවකින් අධිකරණයට අපහාසයක් කළ බවට ඔහුට එල්ල කරන ලද චෝදනාවක් හේතුවෙනි. ශාන්ත විජේසූරිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කළ පුවතට හේතු වූයේ බීමතින් වැරදි ලෙස හැසිරෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන යමින් සිටියදී ජීප් රියෙන් පැන තුවාල ලබා 2010 අගෝස්තු 13දා මිය ගිය සැකකරුවකුගේ මරණය පිළිබඳ අත්අඩංගුවේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යුක්තිය ඉටු නො වීම පිළිබඳ කාරණයකි. මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව සාක්කි නැති නිසා ඔවුන් නිදහස් කරන ලෙස නීතිපතිවරයා නියෝග කර තිබියදීත් මහේස්ත්‍රාත්වරයා ඔවුන් සම්බන්ධ නඩු කටයුත්ත ඉදිරියට ගෙන යමින් ඔවුන් දිගට ම රිමාන්ඩ් භාරයේ තැබීම ඔහු විසින් විවේචනයට ලක් කර තිබිණි. එයින් අධිකරණයට අපහාසයක් වී යයි පිළිගෙන ලංකා ඊ නිව්ස් පරිපාලනය සමාව ගෙන තිබියදීත්, මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර අධිකරණයේදී අවමන් සහගත ලෙස ඔහුට සමාව ගන්නට සලස්වා අවවාද කර ඔහු නිදහස් කිරීමට...

ලංකා ඊ නිව්ස් තහනම

Image
(2011 අප්‍රේල් 29,   W3Lanka )  ලංකා ඊ නිව්ස් මතවාදය වූයේ සරළ, ජනප්‍රියවාදී ආණ්ඩු විරෝධයයි. අප සිතන අන්දමින් නම් බුද්ධිමත් ආණ්ඩුවක් නම් බිය වැද්දීමට තරම් බලයක් එහි තිබුණේ නැත. දැනට රිමාන්ඩ් භාරයේ සිටින අප දන්නා ශාන්ත විජේසූරිය නම් එඩිතර වාම ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ එඩිතරකම එම වෙබ් අඩවියේ ශක්තියක් විය. ඔහු අද නීතියේ දැලේ පැටලී ඇත්තේ මාධ්‍ය වෘත්තිකභාවයේ ගැටලුවක් හේතුවෙනි. අධිකරණයට අපහාසයක් වූ බව කියන පුවත නිවැරදි කරමින් ඒ පිළිබඳ සමා ආයාචනයක් වෙබ් අඩවියේ පළ කර ඇති බව ශාන්ත විජේසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ අධිකරණයට දැනුම් දුන් හ. එහෙත්, දිනමිණ පුවත්පතේ සඳහන් වන අන්දමට නඩුවේ පාර්ශ්වයක් ද යන්න මාධ්‍ය වාර්තාවේ සඳහන් කර නැති පූගොඩ නීතිඥ සංගමය නම් සංවිධානයක් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ පීටර් මෙන්ඩිස් කියා ඇත්තේ සැකකරු අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් එය නිවැරැදි කර විකාශනය කිරීමෙන් හා වරද පිළිගැනීමෙන් පමණක් ම එම චෝදනාවෙන් නිදහස් නො වන බවයි. අපට දැන ගැනීමට ලැබී ඇති අන්දමට එදින පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සිටි සියලු නීතිඥයන් ශාන්ත විජේසූරියට එරෙහිව පෙනී සිටීමට නැගී සිට තිබේ. ව...

ටැබූ සබ්ජෙක්ට්ස් හැක් කිරීම හා සිංහල ජාතිවාදය | Hacking Taboo subjects and Sinhala nationalism

Image
(2011 මාර්තු 10,  W3Lanka )  අප අද ලියන්නේ අප විසින් පසුගිය සමයේ තහනම් විෂයක් බවට ස්වයංව පත් කරගෙන තිබූ ටැබූ සබ්ජෙක්ට්ස් පිළිබඳවයි. ටැබූ සබ්ජෙක්ට්ස් හැක් කර බ්ලොගය මකා දැමීම පිළිබඳව අප මුලින් ම සිතුවේ ටැබූ සබ්ජෙක්ට්ස් කරන්නේ කවුරුද යන්න අනාවරණය වීමක් සමග සිය බ්ලොග් අතීතයෙන් පෞද්ගලික වර්තමානය බේරා ගැනීම පිණිස මෙම නිර්නාමික බ්ලොග්කරුවා/කාරිය/කරුවෝ/කාරියෝ තමන් ම එය මකා දමන්නට ඇති බවයි. මහින්ද අබේසුන්දර පිළිබඳ තැබූ සටහනක වැනි තැනත මෙම බ්ලොගය කරන්නන්ගේ අනන්‍යතාව හඳුනා ගත හැකි යයි සිතිය හැකි යම් කරුණු තිබිණි. ටැබූ සබ්ජෙක්ට්ස් කළ අය සිය අදහස් ප්‍රකාශනයෙන් ඇති කළ හරවත් සංවාදවලට අමතරව පුංචි කාලයේ හැංගිමුත්තන් සෙල්ලම් කිරීමෙන් හා අවුරුදු උත්සවවල කරන සැඟවුණු අමුත්තා සෙවීම වැනි ක්‍රීඩාවකින් ලබන වින්දනය වැනි මානසික සතුටක් ද ලැබූ බව පෙනේ. මන්ද, සෙසු නිර්නාමික බ්ලොග්කරුවන්ට වඩා මේ අය සිය නිර්නාමිකභාවය පිළිබඳව කතා කළ බැවිනි. නිර්නාමිකභාවය, ආරූඪ නම්වලින් පෙනී සිටීම හා ඇත්ත නම සමග ක්‍රීඩා කිරීම එක්තරා කුහුල දනවන මනෝභාවයකි. ලේඛකයාට මෙවැනි අය රාශියක් වමේ ක්‍රියාකාරිකයන් අතර හමු වී තිබ...

ලසන්ත ඝාතකයන් තවමත් හඳුනාගෙන නැත

Image
( 2011 ජනවාරි 07,  W3Lanka )  සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට දෙවසරකි.  පරීක්ෂණ පැවැත්වේ. ඝාතකයින් හඳුනාගෙන නැත.  ඡායාරූපයේ සිටින්නේ ලසන්තගේ දරුවන් තිදෙනා වන අහිංසා, වැඩමහල් පුතු අවිනාශ් හා ආදේශ් ය.  Bookmark, remember easily and come again   www.w3lanka.com

විකල්ප පුවත්පත්කලාව යනු මාධ්‍ය සංවිධානවලට හා දේශපාලන ව්‍යාපෘතිවලට කඩේ යාම නොවේ

Image
(2010 අගෝස්තු 01,  W3Lanka )   සියතට ද ගහන ලදී. එවිට ද මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බව කියන රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලන පතාක යෝධයෝ දඩ බඩ ගා නිවේදන නිකුත් කරමින් එයට විරෝධය පළ කළහ.  නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කට්ටිය රට ගිහින් නිසා පිකටිං පමණක් නොතිබිණි. සියත නෙළා ගත්තේ තමන් වැපිරූ දෙයෙහි අස්වැන්නයි   යනුවෙන් අප ලියූ ලිපිය හේතුවෙන් ඇතැමෙකුට ඩෝං ගිහින් තිබේ. එහෙත් එහි තිබෙන කරුණු ගැන කවුරුවත් මොකවත් කියන්නේ නැත.  අප මෙම ප්‍රහාරය අනුමත කරනවාදැයි සමහරු අසති. නැත. අප කිසි සේත්ම මෙම ප්‍රහාරය අනුමත කරන්නේ නැත.  මෙම ප්‍රහාරය පාලකයන්ගේ පැත්තෙන් වූ දෙයක් මෙන් ම වෙනත් ආකාරයකට වූ දෙයක් ද වන්නට පුළුවන. මේ මාධ්‍ය ආයතනය වනාහි රජ පවුලට කඩේ යමින් ලාභ ගරා ගැනීමේ චේතනාවෙන් ආරම්භ කර ආණ්ඩුවේ අනුග්‍රහයෙන් දැන්වීම් හා වෙනත් ආකාරවලින් පොම්ප වූ සොරකම් කරන ලද මහජන මුදලින් ගොඩනැඟුණු ආයතනයකි.  ආණ්ඩුව මේ මාධ්‍ය ආයතනය වැට්ටවූ බව ඇතැමෙක් කියති. ජවිපෙ ආණ්ඩුවත් සමග දීග කන කාලයේ ලංකා පුවත්පතට ද ආණ්ඩුවේ දැන්වීම් ලැබිණි. දැන් ඒවා නැත. එමෙන් ම ලංකා පත්තරයට රාවයට මෙන් රාජ්‍...

අපේ උපන් දිනයට රාවයෙන් ලැබුණ තෑග්ග | The present Ravaya newspaper sent for our anniversary

Image
(2010 මැයි 25 - අජිත් පැරකුම් ජයසිංහ,  W3Lanka )  මේ මාධ්‍ය ව්‍යායාමයට වසරක් පිරෙමින් තිබියදී රාවයෙන් අපට අපූරු තෑග්ගක් ලැබිණි. ඒ මෙම ලේඛකයාගේ ලිපි රාවයේ පළ නොකරන බවට රාවයේ කේ.ඩබ්. ජනරංජන පැවසූ බව වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් වන රාවයේ ලසන්ත රුහුණගේ අප හිතවතකුට පැවසීමයි.  කීවාත් වාගේ දෙසතියක් ම මා විසින් යවන ලද ලිපි රාවයේ පළ වී නොතිබිණි. රාවයත් මාත් අතර කිසිදු ගිවිසුමක් නැත. ලිපි ලියන්නැයි රාවය මට ආරාධනා කළේ ද නැත. එහෙත්, වසර ගණනාවක් තිස්සේ මම වතාවතක් සේ බ්‍රහස්පතින්දා පාන්දර හතරට අවදිව රාවයට ලිපියක් ලියා විද්‍යුත් තැපෑලෙන් යැවීමි. මේ ලිපිය නිසා බොහෝ බ්‍රහස්පතින්දා දිනවල මා අත්සන් කළේ රතු ඉරට යටිනි.  පසුගිය කාලයේ මා රැකියාව අහිමිව සිටියදී තිඹිරියාගම බංඩාර මේ ලිපි වෙනුවෙන් සුළු මුදලක් ගෙවන්නට කටයුතු යෙදුවේය. දැන් මාස හයකින්, හතකින් පමණ මා එම මුදල ලබා ගන්නට රාවයට ගියේ ද නැත. රාවය විශාල අලෙවියක් ඇති පුවත්පතක් නොවේ. එහෙත් මගේ ලිපි පළ නොකළත් මම හෙටත් රාවයට ආදරය කරමි. එයට හේතුවක් ඇත. උසාවි ගොස් බොහෝ මුදල් හම්බ කළ හැකි නීතිඥයකු වුණත්, පුංචි පඩියකට රාවයේ...

ස්විස් මාධ්‍යවේදිනියගේ වීසා අවලංගුවට එරට තානාපති කාර්යාලයේ දැඩි විරෝධය

Image
(2010 පෙබරවාරි 01- W3Lanka )  ස්විස් පබ්ලික් රේඩියෝ ආයතනයේ ජර්මානු භාෂා අංශයේ මාධ්‍යවේදිනියක් වූ කැරින් වෙන්ජර්ගේ වීසා අවලංගු කිරීමට ගත් තීරණය ජනාධිපති නියමයෙන් ආපසු කැඳවා තිබෙන්නේ ස්විස් තානාපති කාර්යාලයේ දැඩි විරෝධය හේතුවෙන් බව වාර්තා වේ. ඉන්දියාවේ සිට කටයුතු කරන, ජනාධිපතිවරණය වාර්තා කිරීම සඳහා ලංකාව‍ට පැමිණි මෙම මාධ්‍යවේදිනියට පෙබරවාරි 17 දක්වා වීසා නිකුත් කර තිබුණ ද, පෙබරවාරි 01දාට පෙර පිට වන ලෙස ආගමන විගමන පාලකවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබිණි. විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා රැඳී සිටින හෝටලය හමුදාව විසින් වට කර ඇත්තේ ඇයි ද යන්න හා ජනාධිපතිගේ උපදේශක හා සහෝදර බැසිල් රාජපක්ෂ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර ස්වාධීන මැතිවරණ කොමසාරිස්වරයා හමු වන්නට ගියේ ඇයි ද යන්න වෙන්ජර් විසින් ජනාධිපතිවරණයෙන් පසුව පැවති පුවත්පත් සාකච්ඡාවකදී අසන ලදී. සුසිල් ප්‍රේම ජයන්ත ඇතුළු ඇමතිවරු බැසිල් රාජපක්ෂ මැතිවරණ කොමසාරිස් හමු වූ බව ප්‍රතික්ෂේප කළ අතර ඔහු නිවසේ නිදි ඇති බව පැවසූහ. එහෙත් පුවත්පත් සාකච්ඡාව අවසන් වූ වහා බැසිල් රාජපක්ෂ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් පිටව යනු තමා දුටු බව මෙම මාධ්‍යවේදිනි...

ශ්‍රීලනිප අනාගත නායකයා පොළොන්නරුවේ 'වැඩ' පෙන්නයි; පිරිමි රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් කාන්තාවන්ට වැඩි හානි: පළමු මාධ්‍ය බිල්ල ගනියි

Image
(2010 ජනවාරි 14 -W3Lanka) ජනාධිපතිවරණයේ ලේ වැකි ප්‍රචණ්ඩ අවධිය ජනවාරි 12දා රාජපක්ෂවරුන්ගේ ගම් ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර රාජපක්ෂලා ඉවතට විසි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට පෙරුම් පුරමින් සිටින න් පහර දපක්ෂයේ ලේකම් හා ඇමති මෛත්‍රීපාල සිරිසේන සිය ගම් ප්‍රදේශය වන පොළොන්නරුවේ දෙවන අඩව්ව අල්ලා තිබේ.  රාජපක්ෂලාගෙන් පසු ශ්‍රීලනිපයේ නායකත්වයට සුදුසු තමන් යයි පෙන්වීමේ වෑයමක යෙදී සිටින සිරිසේන ජනාධිපතිවරණ සමයේ පළමු මාධ්‍ය බිල්ල ගැනීමේ 'ගෞරවයට' හිමිකම් කියයි.  බීබීසී සංදේශය වැඩසටහනේ පොළොන්නරුව වාර්තාකාරිනී තක්ෂිලා දිල්රුක්ෂිට සිරිසේනගේ මැරයන් පහර දුන් අතර ඇගේ උපකරණ ද පැහැර ගන්නා ලදී. පසුව ඇය රෝහල් ගත කරන ලදී. උඩු රැවුල වැවූ, චන්ඩි පිරිමිකම හුවා දක්වන මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට කාන්තාවන් පත් වීම කැපී පෙනෙන ලක්ෂණයකි.