තිස්සමහාරමයේ වළං කට්ටෙන් නැවත මතු වන ඉතිහාස ගැටලුව | The problems of history that re-emerges from Tissamaharama inscription

(2010 නොවැම්බර් 22, W3Lanka - අජිත් පැරකුම් ජයසිංහලංකාවේ දකුණේ තිස්සමහාරාමයේ පුරා විද්‍යාත්මක කැණීමකදී මතු වූ වළං කැබැල්ලක ඇති අකුරු හේතුවෙන් මේ වන විට සිංහල, දෙමළ ඉතිහාසඥයන් හා සමාජ ක්‍රියාධරයන් අතර ඉතිහාස මත ගැටුමක් ඇති වී තිබේ.

මේ පිළිබඳව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව 
http://si.archaeology.lk/ වෙබ් අඩවියෙහි මෙසේ පවසයි. 

"තිස්‌සමහාරාමයේ පැරැණි මාගම නාගරික ගොඩැල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග කැනීම් කල ජර්මානු ජාතික පුරාවිද්‍යාඥයින් කණ්‌ඩායමක්‌ අකුරු කෙටූ පුරාණ වළං කැබැල්ලක්‌ සොයා ගෙන තිබේ. එම වළංකටුවේ කුරුටු ගා තිබෙන පාඨයට සංකේත හතක්‌ (7) අන්තර්ගතය. ඉන් පහක්‌ පැරණිතම බ්‍රාහ්මී අක්‌ෂර ලෙසත් ඉතිරි ඒවා සංකේත රූප ලෙසත් බැලු බැල්මට හඳුනාගත හැකිය.

"සාමාන්‍යයෙන් කිසියම් රටකට අයත් පුරාවස්‌තුවක්‌ එම රටේ ආදාල බලධාරීන්ගේ අවසරයෙන් තොරව වෙනත් රටක ප්‍රකාශයට පත් කිරීම ආචාරධර්මවලට පටහැනි කටයුත්තක්‌ වුව ද මෙම ලිපිය පිළිබඳ විස්තර ලංකාවෙන් පරිබාහිර රටක පළ වී ඇත.

"මේ සම්බන්ධයෙන් ඉරවදන් මහාදේවන් දක්වා ඇති අදහස්‌ මහත් අභිරුචියකින් උපුටා ගන්නා ටැමිල්නෙට්‌ වෙබ් අඩවිය අතිශය කටුක ශාස්‌ත්‍රීය මිථ්‍යාවක්‌ ගොඩනගමින් ප්‍රාකෘත භාෂාවත් දෙමළ භාෂාවත් දකුණු ආසියාවේ පුරාණතම භාෂාවන් බවත් සිංහල භාෂාව පහලවන්නේ ක්‍රිස්‌තු වර්ෂයෙන් හත්වන සියවසේදී බවත් පැහැදිලි කරමින් ඔවුන්ගේ නිජබිම් සංකල්පය වෙත ශාස්‌ත්‍රීය ප්‍රවේශයක්‌ ලබා ගැනීමට වෙර දරයි. ඔවුන්ගේ එම අභ්‍යුපගමනයට තිස්‌සමහාරාමයෙන් සොයා ගත් කුරුටු ලිපිය ප්‍රධාන සාධකයක්‌ ලෙස උපුටා දක්‌වයි."



ටැමිල්නෙට් වෙබ් අඩවිය කටයුතු කරන අන්දමින් ම කටයුතු කරමින් දිවයින පුවත්පත ද මෙම කරුණ අරභයා මතුගම සෙනෙවිරුවන් නම් සිංහල ක්‍රියාධරයකුගේ නිර්ශාස්ත්‍රීය ලිපියක් පළ කර ඇති අයුරු මෙම ලේඛකයා නිරීක්ෂණය කළේ ය.

මහාචාර්ය රාජ් සෝමදේවගේ සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවිය හැකි ය.

දෙමළ අභිලේඛන විද්‍යාව පිළිබඳ හසල විද්වතෙකු වූ තමිල්නාඩුවේ ජීවත්වන මහාචාර්ය ඓරතවත් මහාදේවන් මේ පිළිබඳව ඉන්දියාවේ The Hindu පුවත්පතට ලියූ ලිපිය මෙතැනින් කියවිය හැකි ය. එහි එක් වැදගත් සඳහනක් මෙසේ ය: 



The inscription reads tiraLi muRi, which means “written agreement of the assembly” (See Figure 4). The inscription bears testimony to the presence in southern Sri Lanka of a local Tamil mercantile community organised in a guild to conduct inland and maritime trade as early as at the close of the 3 {+r} {+d} century BCE.

අපි එම මත ගැටුම හා සම්බන්ධ වන්නට කැමැත්තක් නො දක්වමු. ඒ වෙනුවට, මෙවැනි සිදුවීම් ඔස්සේ ඉතිහාසය වර්තමානය මත බල පාන අන්දම පිළිබඳ අදහසක් සාකච්ඡා කිරීමට උත්සාහ කරන්නෙමු. 



ඉතිහාසය යනු කුමක්ද?
ඉතිහාසය යනු කුමක්ද යන පැනය ඉතිහාස විෂය සම්බන්ධයෙන් ලෝක මට්ටමේ අත්පොතක් බවට පත් වී තිබෙන ඊ. එච්. කාර්ගේ කෘතියෙහි නම බවට පත් වී තිබේ.


ඉතිහාසය යනු කුමක්ද? යන ප‍්‍රශ්නයට අප පිළිතුරු දෙන්නට තැත් කරන විට අපේ පිළිතුරින් සවිඥානව හෝ නිර්විඥානව පිළිබිඹු වන්නේ කාලය තුළ අපේම තැන වන අතර ඒ පිළිතුර අප වෙසෙන සමාජය ගැන අප දරන මතය කුමක්ද යන වඩාත් පළල් ප‍්‍රශ්නයට අප පිළිතුරින් කොටසක්ද වේ,” යි කාර් මුලදීම පවසයි.


මෙනයින් බැලූ කල, ඉතිහාසයේ වැදගත්කම වන්නේ අප එයින් අපවම තේරුම් ගැනීමයි. අතීතය පිළිබඳ දැනුමකින් තොරව වර්තමානය සැබැවින් අවබෝධ කර ගත නො හැකි ය. ලෝකයේ අද සිදු වන හැම දෙයක්ම දීර්ඝ ක‍්‍රියාවලියක කොටසකි. ඒවා අතීත ජීවිත සහ අතීතයේ ගන්නා ලද තීරණ හා සම්බන්ධය. අතීතය පිළිබඳ අවබෝධයකින් තොරව වර්තමානය හෝ අනාගතය තේරුම් ගත නොහැකි ය.


අනාගතයේ සිදු වන දේ ගැන කාටවත් කීමට බැරිමුත්, අනාගතයට මග පෙන්වීමේ හැකියාව අතීතයට තිබේ. අතීතයේ පාඩම් අනාගතයට සිතියමක් මෙනි. ඒ සිතියමේ කොටස් අපැහැදිලි හා තවත් කොටස් නැත්තටම නැති විය හැකි මුත් අප සතුව ඇති හොඳම සිතියම එයයි. අපේ මුතුන්මිත්තන්ගේ අරගළ, ජයග‍්‍රහණ හා පරාජයන් අධ්‍යයනය කිරීමෙන් අපට අප පිළිබඳවම හැදෑරිය හැකි අකර ඉදිරියට යාමට එය මහෝපකාරී 
වේ.


ඉතිහාසය කුමක්ද යන්න සරළව පැහැදිලි කිරීම සඳහා ළමා කතන්දරයක් ආරම්භ වන ආකාරය සැලකිල්ලට ගත හැකිය. ‘එකමත් එක කාලෙක‘ යයි කියන විටම එහි මිනිසුන් සහ සිදුවීම් පිළිබඳ කතාවක් ඇති බව හා එය ගෙවී ගිය කාලය හා සම්බන්ධ වාර්තාවක් බව කියවේ.


ඉතිහාසය යනු එක්තරා අන්දමක කතාවකි. අප සතුව තිබෙන තොරතුරු ප‍්‍රමාණයක් අප විසින් එම කතාව ගෙතීම සඳහා යොදාගෙන තිබේ. මෙම තොරතුරුවලින් හෙවත් මූලාශ්‍රවලින් ගොඩනැගිය හැක්කේ එක කතන්දරයක් නොවේ. විවිධ කතන්දරකරුවෝ එක එක ආකාරයෙන් කතන්දර ලියා තිබෙන අතර ඔවුන් කෙතරම් දුරට සැබෑ මූලාශ‍්‍ර මත පදනම් වී තිබේ ද යන්න ඒවා කියවන අපට සොයා බැලිය හැකි ය. උදාහරණයක් ලෙස මෙරට ඉතිහාසය පිළිබඳ එකම මූලාශ‍්‍ර ටික උපයෝගී කරගෙන මහාවංශ රචකයා එක් කතාවක්ද, දීපවංශකරුවා තවත් කතාවක්ද කියයි. ඒවාම උපයෝගී කරගෙන නලින් ද සිල්වාට එක් කතන්දරයක් ද ජී. සී. මෙන්ඩිස්ට තවත් කතන්දරයක්ද ගොඩනැගිය හැකි ය.


කාලය ඉතිහාසයේ සම්බන්ධකයයි. එය විසින් අතීතය අනාගතය කරා ගෙන යයි. වර්තමානය යනු අතීතයේ මිනිසුන් කළ තෝරාගැනීම් හා ඔවුන් අතීතයේ දැරූ විශ්වාසයන්ගේ ප‍්‍රතිඵලයයි.


ඉතිහාසය හැදෑරීමේදී අපගේ අවධානය යොමු විය යුතු ප‍්‍රධාන සාධකය වන්නේ අඛණ්ඩතාව හා වෙනස අතර ඇති සම්බන්ධයයි. කලින් කලට මෙරටට සංක‍්‍රමණය වූ මිනිසුන් විසින් අපගේ ඉතිහාසය තුළ සුවිසල් වෙනස්කම් කර තිබේ. ඔවුහු තම මුල් බිම්වලින් අදහස්, විශ්වාසයන් සහ සම්ප‍්‍රදායන් මෙහි ගෙනැවිත් තිබේ. ඒවා මෙහි පැවති සංස්කෘතිය සමග මිශ‍්‍ර වෙමින් එහි පැතිමානයන් පුළුල් කළේය. වංසකතාකරුවන්ට අනුව ගතහොත් විජය සමග පැමිණි පිරිස හෝ සංඝමිත්තා තෙරණිය සමග පැමිණි පිරිස හෝ නිදසුන් ලෙස සැලකිය හැකිය. පසුකාලීනව සිදු වූ කරාව කුලයේ මුල්කාලිකයන්ගේ සංක‍්‍රමණය හෝ වඩාත් මෑතකාලීනව සිදු වූ වතු කම්කරුවන්ගේ සංක‍්‍රමණය හෝ විසින් අපගේ සංස්කෘතියට කර ඇති බලපෑම කෙබඳු ද?


ඉතිහාසයේ ගැටලු


2008 නොවැම්බර් 02දා ඉරිදා දිවයින පුවත්පතට ලිපියක් ලියන කලා මණ්ඩලයේ සභාපතිවරයා වන චාල්ස් දයානන්ද පවසන්නේ මහාවංසය පාදක කරගෙන සිංහලයන් විසින් ගොඩනගාගෙන ඇති ඉතිහාසයේ තිබෙන ගැටලුවක් වන සිංහලයන් උතුරු ඉන්දියාවෙන් මෙරටට පැමිණියා ය යන කරුණ උපයෝගී කරගෙන දෙමළ ඉතිහාසකරුවන් සිංහලයන් මෙහි මුල් පදිංචිකරුවන් වූ දෙමළ ජාතිකයන් යටපත් කළ ආක‍්‍රමණිකයන් පිරිසක් ලෙස හැඳින්වීමට උත්සාහ කරන බවයි.


බොහෝ සිංහල ජාතිකවාදී ඉතිහාසකරුවෝ ද මෙම වරදම කළ හ. දෙමළ ජාතිකයන් වඩා මෑතකාලීනව මෙරටට සංක‍්‍රමණය වූ ආක‍්‍රමණිකයන් ලෙස හඳුන්වා දීමට ඔවුහු ද උත්සාහ කරති.


මෙතැනදී දෙපාර්ශවයේම ජාතිකවාදී ඉතිහාසකරුවන් උත්සාහ කරන්නේ තමන් ඈතම අතීතයේ මෙරට විසූ මිනිසුන්ගේ අනාගත පරම්පරා බව පෙන්වා දෙමින් මෙම බිමෙහි වැඩි උරුමය තමනට ඇති බව තහවුරු කිරීමටයි. මහාවංශයට පසුබිම් වන වසර 2500කට එපිට අතීතයට ඔබ්බෙන් ඇති පුරාවිද්‍යාත්මක සාධක උපයෝගී කරගෙන මෙම තර්ක ගොඩනගාගෙන තිබේ.


ආගමික සහ සාහිත්‍ය මූලාශ‍්‍රවල පමණක් එල්ලී ගත් ඉතිහාසයේ ප‍්‍රශ්න ඇතිවන්නේ ඉතිහාසඥයා වර්තමානයේ යථාර්ථය තේරුම් නොගෙන යටගියාව දෙස බැලීමට උත්සාහ කිරීමෙන් බව මහාචාර්ය ජී.සී. මෙන්ඩිස් සිය Problems of Ceylon History ග‍්‍රන්ථයේ මුල සඳහන් කරයි.


අපට අවශ්‍ය කුමන ඉතිහාසයක්ද?


මෙරට ඉතිහාසය පිළිබඳ පවතින ප‍්‍රධාන කතිකාවන්ගේ මූලික ගැටළුව මෙයයි. අතීත ඉතිහාසකරුවන් ඔවුන් හමුවේ ඇති මූලාශ‍්‍ර උයෝගී කරගෙන ගෙතූ කතන්දර හා ඒ කතන්දර උපයෝගී කරගෙන වත්මන් ඉතිහාසකරුවන් විසින් ගොතනු ලබන කතන්දර වර්තමාන අවශ්‍යතාවන් හා අනුකූල නො වන බව මෙයින් පෙන්නුම් කෙරේ.


අද අපට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න මෙහිදී වැදගත් වේ. අපට අවශ්‍ය වන්නේ මෙරට සැබෑ අයිතිකරුවන් වන්නේ සිංහල (හෝ දෙමළ හෝ) ප‍්‍රජාව බැවින් තමන් වඩා උතුම් ය යන තර්කය මත පිහිටා සෙසු ප‍්‍රජාවන් යටත් කරගැනීමට ද? අපට කීමට ඇත්තේ මේ වෙනුවෙන් අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ප‍්‍රජාවන් යුද වැදුණු බවයි. ඒ අතරින් අවසන් දශක කීපය තුළ අප රට දැවැන්ත සිවිල් යුද්ධයක පැටලිණි. මෙරට ජීවත් වන මිනිසුන්ගේ ජීවිත පහසු කිරීම සඳහා යොදා ගත හැකිව තිබුණු රුපියල් බිලියන 583 ක් හෙවත් කෝටි 58,300ක් පසුගිය වසර හතක් තුළ පමණක් අපි යුද්ධය වෙනුවෙන් වැය කළෙමු.


රජය අවසන් වසර හත තුළ යුද්ධයට කළ වියදම මරා දමන ලද කොටි සාමාජිකයන් සංඛ්‍යාවෙන් බෙදා බැලූ විට එක් ‘ත‍්‍රස්තවාදියකු‘ මැරීමට අඩුම තරමේ රුපියල් දෙකෝටියක්වත් වැය කර තිබේ. මේ මුදලින් කී දෙනෙකුගේ ජීවිත යහපත් කිරීමට තිබිණි ද? යුද්ධය වෙනුවෙන් මෙරට ජනතාව විසින් ආයෝජනය කරන ලද ජීවිත සහ ශ‍්‍රමය ඵලදායී කර්තව්‍යයකට යෙදවිණි නම් මෙරට කෙතරම් දියුණු වන්නට තිබිණි ද යන්න අප දැන්වත් සිතා බැලිය යුතු නොවේ ද?


මේ නස්පැත්තියට වගකිව යුත්තේ අපගේ ප‍්‍රජාව අනෙකාට වඩා උතුම් යයි කියමින් භූමියේ අයිතිය තමන් අත තහවුරු කර ගැනීමට ලියූ ඉතිහාස කතන්දර බව අප දැන්වත් තේරුම් ගත යුතුව තිබේ.


අපට තවදුරටත් අවශ්‍ය වන්නේ ප‍්‍රජාවන් බෙදා වෙන් කර එකක් අනෙකට වඩා උසස් යයි දක්වන ඉතිහාස කතන්දර ද? නැතිනම්, ප‍්‍රජාවන් අතර සමානතා සහ බැඳීම් හුවා දක්වන ඉතිහාස කතිකාවක් ද?


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. "ඒ අතරින් අවසන් දශක කීපය තුළ අප රට දැවැන්ත සිවිල් යුද්ධයක පැටලිණි. මෙරට ජීවත් වන මිනිසුන්ගේ ජීවිත පහසු කිරීම සඳහා යොදා ගත හැකිව තිබුණු රුපියල් බිලියන 583 ක් හෙවත් කෝටි 58,300ක් පසුගිය වසර හතක් තුළ පමණක් අපි යුද්ධය වෙනුවෙන් වැය කළෙමු.

    රජය අවසන් වසර හත තුළ යුද්ධයට කළ වියදම මරා දමන ලද කොටි සාමාජිකයන් සංඛ්‍යාවෙන් බෙදා බැලූ විට එක් ‘ත‍්‍රස්තවාදියකු‘ මැරීමට අඩුම තරමේ රුපියල් දෙකෝටියක්වත් වැය කර තිබේ. මේ මුදලින් කී දෙනෙකුගේ ජීවිත යහපත් කිරීමට තිබිණි ද? යුද්ධය වෙනුවෙන් මෙරට ජනතාව විසින් ආයෝජනය කරන ලද ජීවිත සහ ශ‍්‍රමය ඵලදායී කර්තව්‍යයකට යෙදවිණි නම් මෙරට කෙතරම් දියුණු වන්නට තිබිණි ද යන්න අප දැන්වත් සිතා බැලිය යුතු නොවේ ද?

    මේ නස්පැත්තියට වගකිව යුත්තේ අපගේ ප‍්‍රජාව අනෙකාට වඩා උතුම් යයි කියමින් භූමියේ අයිතිය තමන් අත තහවුරු කර ගැනීමට ලියූ ඉතිහාස කතන්දර බව අප දැන්වත් තේරුම් ගත යුතුව තිබේ."


    --------------------------------------------

    වලං කට්ටෙන් ඔබ කියන්නේ මේක දෙමලුන්ට අයිති බවයි...

    රජය රුපියල් කෝටි 58,300ක් වැයකරල LTTE ත්‍රස්තවාදය නැතිකරාම, ඒක නොකල යුත්තක්...

    එත‍කොට මේ හම්බ වුන වෙහෙර විහාර ඔක්‍කෝම හ සියවසට පස්සේ හදපුව වෙන්න ඇති නේද?

    වසර 2500 ඉතිහාසයක් අපට තියෙනවා කිව්වොත් ඒක අපි නිර්මාණය කරපු බොරුවක් !! හා හා...

    වලං කට්ට හම්බ වුනාම ඒකට දෙමල වේස බල්ලෙක් කෑගැහුවම ඒක ඇත්ත...

    ඒ වලං කට්ටෙන්ද තෝ ඉපදුනේ???

    ඉතින් W3 පොන්නයා උම්බ ‍වගේ ‍ජාතියක් ජම්මයක් නැති පොන්න දෙමලුන්ට දීල අත හෝද ගන්න කියන එකනේ !!!

    කිව්ව විදියට තොගේ අවජාතක කම ඔප්පු වෙන්නේ!!!!

    ReplyDelete
  2. මීට පස්සේ W3 කියන්නේ වලං කටු පොන්නයා...

    ReplyDelete
  3. මේ ලිපියේ අන්තර්ගතය විදිහට මම නම් ගත්තේ . . .

    "අපි තමයි මේ රටේ වැඩිම ඉතිසාහයක් තියෙන නියම අයිතිකාරයෝ"

    කිය කියා මරා ගන්නේ නැතුව, ජාති කුළ මල ආගම් බේද පැත්තක දාලා . . . දැන් සිවිල් යුද්ධයකුත් නැති එකේ . . . අපි හැම දෙනාම එකතු වෙලා . . මේ රට අපේ ඊලඟ පරම්පරාවලට සාමයෙන් සහජීවනයෙන් නිදහසින් ජීවත් වෙන්න පුලුවන් ජාතියේ රටක් බවට පත්කරගත යුතුයි කියන පනිවිඩය දෙන්න උත්සාහ කලා කියන එකයි . . .

    ReplyDelete
  4. වලං කටු පොන්නයා... LOL

    ReplyDelete
  5. මාරයිනෙ පැරා. ඊයෙ පැරා ආර්ථික විද්‍යාඥයෙක් වෙලා කිව්ව අධිවේගී මාර්ග හදනවට වඩා තණකොළ වවන එක හොඳයි කියල. (ඒක නම් ඇත්ත. පැරාගෙම පවුලේ ගමේ පරිභෝජන අවශ්‍යතා බැලුවහම තණකොළ වැවීම හොඳ කර්මාන්තයක්.) අද පැරා පුරාවිද්‍යාඥයෙක් වෙලා. මාර මොළේනෙ පැරා. ඔයා සර්වඥද අනේ? කියන්නකො.

    ReplyDelete
  6. මෙරට ජීවත් වන මිනිසුන්ගේ ජීවිත පහසු කිරීම සඳහා යොදා ගත හැකිව තිබුණු රුපියල් බිලියන 583 ක් හෙවත් කෝටි 58,300ක් පසුගිය වසර හතක් තුළ පමණක් අපි යුද්ධය වෙනුවෙන් වැය කළෙමු.

    ---------------------------------

    මූ මේ කියන්නේ ප්‍රභාකරන් ඉල්ලපු මුල්ම අවස්ථාවෙ ඊලම දීල දැම්ම නං ඉවරයි. එතකොට අපට කෝටි 583ක් ඉතුරුයි කියලනෙ. යකෝ, තොපිට කොටි ගණන් සල්ලි ලොකු උනාට අපට ඊට වැඩිය ලොකු දේවල් තියෙනවා.

    ReplyDelete
  7. @ දුකා: මේකේ නම

    තිස්සමහාරමයේ වළං කට්ටෙන් නැවත මතු වන ඉතිහාස ගැටලුව. ඒ කියන්නේ
    "
    "අපි තමයි මේ රටේ වැඩිම ඉතිසාහයක් තියෙන නියම අයිතිකාරයෝ"

    කිය කියා මරා ගන්නේ නැතුව, ජාති කුළ මල ආගම් බේද පැත්තක දාලා . . . දැන් සිවිල් යුද්ධයකුත් නැති එකේ . . . අපි හැම දෙනාම එකතු වෙලා . . මේ රට අපේ ඊලඟ පරම්පරාවලට සාමයෙන් සහජීවනයෙන් නිදහසින් ජීවත් වෙන්න පුලුවන් ජාතියේ රටක් බවට පත්කරගත යුතුයි කියන පනිවිඩය දෙන්න උත්සාහ කලා කියන එකයි . . . "

    නෙමේ!!! දවල් හීන දකින්න එපා.. නැගිටින්න. anno 1 බලන්න:


    ඒ කියන්නේ toilet දමෙලු ඉස්සර වලං හැදුවා කියලා. නියම ජාතියක් උන් ඒ කියන්නේ ලියන්න දේවල් නැතුව වලං කටු වල ලියල.

    ආහ්... w3 වැරදුනා... mr. walan katu pons දැන්වත් ‍‍මේ දෙබිඩි ජීවිතය නවත්වනවද? ඉස්සෙල්ලා උම්බ සිංහලට පක්ෂවද පරම පර දෙමලුට පක්ෂවද කියලා කියනවද?

    ReplyDelete
  8. අජිත් පැරකුම්ගෙ රෙදි ගලවන්න ටැබූ වත් වෙනින් කවුරුක්වත් ඕනෙ නෑ. තමන්ම සිය කැමැත්තෙන්ම ගලව ගන්නවා.

    ReplyDelete
  9. දැන් පැරා නෙමේ දැන් එයා වලංකටු... හික්ස්

    ReplyDelete
  10. මට පෙන්නේ ගෑනි බත් හැළිය ඊයෙ මුගෙ ඔළුවෙ නවන්ඩ ඇති රත්තරං බඩු උගස් කළා කියල. ඒකයි මූට වළංකටු මතක් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  11. w3 kiyanne walankatu 3 kiyalawath da?

    ReplyDelete
  12. ඉතිහාසය කියවන විට හෝ අජිත් පැරකුම්ගේ ලියවිලි දකින විට හෝ යමෙකුගේ ඇගෙහි පළු දමන්නේ නම්, බඩ පපුව දන්නේ නම්, හිසේ කැක්කුම හැදෙන්නේ නම් එය රෝගයක් බව කාරුණිකව තේරුම් ගන්න. ඊට කදිම ප්‍රතිකාර පවතී. ප්‍රතිකාර නොකර කහබිලියා ගෑ වුණ එකාසේ දැගලීමෙන් තමන්ගේ රෙද්ද කඩා වැටෙන බව ද කාරුණිකව තේරුම් ගන්න.

    ඉතිහාසය හෝ අජිත් පැරකුම් හෝ ඉවසීමට නොහැකිව ප්‍රසිද්ධ කරන මේ ආක්‍රෝධ පරිභවයන් සිංහල කියවිය හැක අන් ජාතීන් කියවා තේරුම් ගනු ඇත්තේ සමස්ත සිංහලයන්ම මිලේඡයන් පිරිසක් ලෙසිනි.

    එවිට සිංහල ජාතියම ඉතිහාස ගත වනු ඇත්තේ තිරිසනුන් පිරිසක් ලෙසිනි.

    1978 ආර්ථික පාදඩකරණය නිසා ඇති වූ නපුංසක සමාජ කොටසක් තම වර්ගවාදී මතය පොදු සමාජ මතය බවට පෙරලීමට උත්සාහ ගනිති. එහෙත් සිදුවන්නේ සමාජයක් ලෙසත් ජාතියක් ලෙසත් අපිට ඊට වන්දි ගෙවීමට සිදුවීමයි.

    ශාන්- බුමුතුරුණු

    ReplyDelete
  13. අඩෝ ශාන්, කහඹිලියා ලොකුද? උඹ පැරාගෙ වළං කටු හෝදන එකාද?

    ReplyDelete
  14. හරි හරි පැරායි ශානුයි තොපි දෙන්න හිතාගෙන ඉන්නෙ ප්‍රභාකරන්ට රට ලියල දුන්න නම් තොපිට කහඹිලිය ගා ගන්නෙ නැතුව ඉන්ඩ පුළුවන් කියලනෙ. අනේ අවජාතකයිනේ තොපි නොදන්න දේ තමයි උඹල ඔය ඔළුව උඩ තියාගෙන ඉන්න ප්‍රභාකරන් ආව නං තොපි දෙන්නට කරන දේ. තොපි දෙන්නව එහෙනං එක ලයිට් කණුවෙ බැඳල ගේම් එක දීල. තොපි වගේ අවජාතකයො බණ කියන්න එන්නෙ අපිට විතරයි. ඇයි තොපි අර ටැමිල් නෙට් එකේ ලියපු එකාට ගිහින් ඔය බණ කියන්නෙ නැත්තෙ. ඌ නෙවෙයිද මේ ගැටුම පටන් ගන්නෙ? තොපි වගේ අවජාතකයින් හින්ද තමයි සිංහල ජාතිය අද බලු වෙලා තියෙන්නෙ. දැන්වත් ඔය පරගැතියාව අත ඇරල නැඟිටපියව්. නැත්නම් තොපෙ දරුවො කවද හරි තොපේ මිනී වලවල් වලට කෙළ ගහයි යකුණේ.

    ReplyDelete
  15. mokadda me scene eka, mata oka kiawanna kammali, summary ekak denna..

    btw anna ministers la panas ganak diwurum deela..
    liyanna deyak neththam eka gana liyanna....

    ReplyDelete
  16. සමරි එක තමයි වළං කටු පැරා සරම කඩාගෙන නැටුවා. ශාන් ඒක දැකල තමන්ගෙත් සරම කඩල පෙන්නුවා.

    ReplyDelete
  17. History is one of a series of discouses about the world. These discouses do not creat world but they do appropriate it. These are not absulute trues. These can be constructed according to historians` possition.

    ReplyDelete
  18. Anonymous said... [මෙතැනින් පිළිතුරු දිය හැකියි]
    November 22, 2010 12:35 PM

    w3 kiyanne walankatu 3 kiyalawath da?


    OW OW MUU THAMA WALNKATU 3 PONNAYA

    ReplyDelete
  19. අම්බලමේ w3 වලං කටුව
    වලංකදක් ගෙනා ගෙනා...
    ඒක බිදපි ශාන් ගොනා ගොනා
    ඒකට අපට හිනා හිනා...

    ReplyDelete
  20. සිංහල වේවා, දෙමළ වේවා, ජාතිවාදය කොතරම් උමතුවක්දැයි ඉහත ‍ඇනොනිමස් (නිර්නාමික) කමෙන්ටු කියවූ විට තේරුම් යයි. ඔබ ගැන කණගාටු ය. සායනික ප්‍රතිකාර ලබා ගන්න.

    මින් පසු සියලු කමෙන්ටු සලකා බැලීමෙන් පසු පමණක් පළ කරනු ලබන බව කරුණාවෙන් සලකන්න.

    අප විවේචනය කිරීම පිළිබද අපගේ විරෝධයක් නැත.

    ReplyDelete
  21. සරම් කඩාගෙන තමන්ගෙ නිරුවත විදා දක්වමින් පිලිකුල් රංගනයක යෙදෙන්නේ පැරකුම් වත්,ශාන් වත් නොව ඊනියා ජාති ආලයෙන් සිහිය විකල්වී දගලන අනෙකුත් පිරිස බව හොඳින් ම පැහැදිලිය.
    ඔය ජාති මාමක පිරිසට අඩුම තරමෙ මේ ලිපියෙ අන්තර්ගතයවත් හරියට තේරුම් ගැනීමෙ හැකියාවක් නොමැති බවක් පෙනී යයි.එමනිසා තවත් වරක් හෝ මෙ ලිපිය කියව බලා හරියාකාරව තෙරුම් ගනීම උත්සහ දරන්නේ නම් මැනවි.
    මහතුනි එක දෙයක් කිව උතුව තිබේ.ඔබලා සිහිය විකල් කරගෙන තිබෙන මේ ජාතිවාදය නම් උත්තජකය අපට කර ඇති හානිය බොහෝ ම ඇතිය.හොදින් හෝ නරකින් හෝ මෙ උත්තෙජකය මැඩපැවැත්විය යුතුව තිබේ.එය කුඩු,ගන්ජා,ගුලි,බාබ්ලුල් නසනව සේම සමාජයට වැදගත්ය.කරන්නට දේයක් නැත දැන් අපේ වාරයයි.

    ReplyDelete
  22. කරුණාකර මේ කමෙන්‍ටු ඉවත් නොකරන්න. 1978 පාදඩ ආර්තිකයෙන් බිහිවූ දූපුතුන්ගේ භාෂා හැසිරීමත් අශිෂ්ඨ සංස්කෘතියත් ලෝකයාට අවබෝධ කර ගැනීමට එම කමෙන්‍ටු හොද සාක්ෂියකි.

    මෙයාලද මේ සිංහලකම රකින්න හදන්නෙ? අහෝ දුකකි

    ශාන්-බුමුතුරුණු

    ReplyDelete
  23. මහ රජාගේ ගෝලයන් කොතරම් ලිංගික අසහනයකින් පෙලෙනවාදැයි ඔවුන්ගෙන් එකෙකු කමෙන්ට් ගනනාවක් යොදා මෙහි පහරා ඇති ආකාරයෙන් පෙනේ. කිසිදු මතයක් ඉදිරිපත් නිකරන මෙවැනි කසිප්පු කාරයන්ගේ කමෙන්ට් ඉවත් කරන්න.

    ReplyDelete
  24. හක් හක් හක් බිලියන 583 යුද්දෙට වියදම් කරන්නෙ නැතිව තණ කොළ වවන්න තිබ්බෙ. අජිත් හැම වෙලාවෙම බඩ ගැන හිතන්න එපා රට ගැනත් හිතන්න. රත්තරං බඩු ටික බේර ගන්නද මේව ලියන්නේ??

    මීට සරත්,

    ReplyDelete
  25. The post helps us to look at the popular (applied?) history from a different angle. I always like to learn even though history is not a familiar subject to me. I can remember a very good article series by Prof Sucharitha Gamlath few years ago on this lies of Mahawamsa.

    Its really frustrating to see this kind of comments against a valuable post. Its ridiculous to see the use (in fact this may be the level of their knowledge!)of the language from these people (ජාති මාමක). .

    -Dimithry

    ReplyDelete
  26. මෙම ලිපියට, සිංහල ජාතිවාදී පදනමක සිටින පිරිසක් තදින් බැන වැදී තිබීම නිසා ලිපිය සමඟ සංවාදයක් ඇතිකරගැනීමට තිබුණු ඉඩ ඇහිරී ගොස් ඇත. කොහොමටත් ජාතිවාදියා යනු අතිශය බයෙන් හා අතිශය සැකයෙන් ජීවත් වන අයෙක් බව ඉහත කමෙන්ටු වලින්ද තහවුරු වේ. ඔවුන්ට හොඳ මනුස්ස සබඳතා ඇති කර ගැනීමට උදව් කිරීම මිස, ගරහා ඉවතලීම නොකල යුතුය. ඔවුන්ට තවමත් අනෙකාගේ (අසල්වැසියාගේ) ජීවිතය ප්‍රහේළිකාවකි. බය උපදවන්නකි.

    කෙසේ වෙතත් ලිපියේ සඳහන් "ඉතිහාසය" පිළිබඳ කියවීම වඩාත් ගැටළු සහගතය. ඉතිහාසය කියවීම ලිපිය යෝජනා
    කරන දුරට වඩා බොහෝ දුර ගොස් ඇත. ඒවා ගැන අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යය.

    ReplyDelete
  27. මේ බ්ලොග් එකේ කමෙන්ට් පාලනය කිරීමෙන් පෙනෙන්නේ මේ බ්ලොග් එක ලියන පුද්ගලයාට තමන්ගේ හැර වෙනත් කිසිම මතයක් ප්‍රකාශකරන්නට ඉඩ දෙන්නට තරම් දියුණු මානසිකත්වයක් නැති චූටි බබෙකු බවයි. ඔහුට හා සගයින්ට ප්‍රභාකරන්ට කඩේ යන්නට කිසිම කෙනකු බාධා කර නැත. එහෙත් සිංහල ජාතියේ අයිතිවාසිකම් ගැන කතා කරන්න්නට වත් මේ පුද්ගලයා ඉඩ නොදී කමෙන්ට් කපයි. ඔක්කෝටම කලින් ඔහුගේ භාර්යාවගේ කණකර බැරිනම් භාර්යාව උකස් කර හෝ සායනික ප්‍රතිකාර ලබා දිය යුතු මේ බ්ලොග් එක ලියන අවජාතක පුද්ගලයාටය. (දැන් පුළුවන් නම් මේකත් කපපං. ඒත් අපි අත අරින්නේ නෑ. උඹේ බ්ලොග් එක විතරද කමෙන්ට් දාන්න තියෙන්නෙ?)

    ReplyDelete
  28. නරිබෑනාNovember 22, 2010 at 8:25 PM

    මා නරියෙකුට දාව නරිච්චියෙකුට උපන්නෙකු බැවින් සිංහලයෙකු නොවේ. මාහට නම් දෙමළ චිත්‍රපට වල පෙන්වන පොඩ්ඩ ඇත්නම් දිග පිහි ඇද මිනිසුන් කපන්නන් සහ මෙහි කමෙන්ට් දමා ඇති වර්ගවාදී උන්මත්තකයන් අතර වෙනසක් නොපෙනේ.
    එකක් පැහැදිළිය. මෙවර නිළයටම ඇන ඇත.

    ReplyDelete
  29. //කොහොමටත් ජාතිවාදියා යනු අතිශය බයෙන් හා අතිශය සැකයෙන් ජීවත් වන අයෙක් බව ඉහත කමෙන්ටු වලින්ද තහවුරු වේ. ඔවුන්ට හොඳ මනුස්ස සබඳතා ඇති කර ගැනීමට උදව් කිරීම මිස, ගරහා ඉවතලීම නොකල යුතුය. ඔවුන්ට තවමත් අනෙකාගේ (අසල්වැසියාගේ) ජීවිතය ප්‍රහේළිකාවකි. බය උපදවන්නකි.//

    Well said Sanuwa...

    ReplyDelete
  30. සියළු ගැටළු වලට පිළිතුරු මෙතන ඇත
    http://dasunsameera.blogspot.com/2010/08/tissamaharama-debunk-of-thissamaharama.html

    ReplyDelete
  31. අපි ටිකකට හිතමුකෝ ජාතික හිතයිශී ව්‍යාපාරය සිංහල-බවුද්දයන්ගේ අයිතිවාසිකම් සඳහා පෙනී ඉන්නවා කියල. ඒ ගොල්ලෝ ජාතිවාදී නෑ කියලත් හිතමුකෝ. එත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ගොල්ලෝ කියපු කරපු දේවල් නිසා වක්‍රාකාරව හරි කිසිම දෙයක් සෙවිල්ලක් බැලිල්ලක් නැතුව තනි ජාතිවාදී විදිහට හිතන්න පිරිසක් පුරුදු වෙලා ඉන්නවා. එහෙම හිතන පොරක් තමයි අර තමන්ට පෑගිච්ච ගූ ටික හත් පොලේ ගගා ඇවිදිනවා වගේ comment කරලා තියෙන්නේ. අලුත් පරම්පරාවේ ලොකු කොටසක් මේකට අයිතියි. මේ ගොල්ලෝ ලංකාවේ තීරණ ගන්න තැනට ආවම අද තියෙනවට වඩා මේ සමාජේ බෙදෙන්න තියෙන ඉඩ වැඩියි. මේවා හිතෙනකොටත් බය හිතෙනවා, යකෝ අපිත් මේ රටේ මේ පිස්සොත් එක්ක ජීවත් වෙන්න ඕනේ නේද කියල. එකෙන් මේකෙන් වැදගත් සංවාදයක් කරන්න තිබිච්ච අවස්ථාව තමයි නැති වෙලා ගිහින් තියෙන්නේ. සිරි ලංකාවේ හැම දාම වුනේ ඕකනේ

    ReplyDelete
  32. අපේ සමාජයේ ඕනෑම කෙනකුට ජාති වාදියකු වීම පිණිස අයිතියක් ඇත. වෙන එකක් තියා වෙනත් ජාතියකට නොදෙන වරප්‍රසාදයක් තමන්ගේ ජාතියට පමණක් ඉල්ලා සිටීමටද අයිතියක් ඇත. (දෙන නොදෙන එක ආණ්ඩුවේ වැඩකි.) ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකටයි.

    ජාතිවාදයට අකැමැති කෙනෙක් ඇත්නම් බඩ කපාගෙන මැරී අපායට යන්න. ජාතිවාදය නැති එකම තැන අපායය.

    ReplyDelete
  33. EH Car has told us first to read the historian before we read the history. So be careful about the historians. That is why we have historiography not history. Anyway thank you very much for bringing this thought provoking article...

    Don't remove those filthy comments...let the readers to judge them...this a cross section of our society...The continuous violence, crises and deterioration of institutions and education has brought our society to produce these type of half-backed eggs. "Balllo biruwata Kanda Kada Weteene ne"

    ReplyDelete
  34. ලංකාව සිංහල රට කිව්වම ජාතිවාදීයි!!

    මුලු ලෝකෙන්ම ලංකාවට එන්න විතරනේ වීසා ගන්න ඕනේ නේද?

    මේ ලිපිය ලිව්ව එකාට තියෙන අව මානසිකත්වයත් ඒකට පක්ෂව කමෙන්ට් දාපු එවුන්ටත් කියන්න තියෙන්නේ...

    ජාතිය රන් විමන් වේ
    ආගම මිණි පමණක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඔ වේ...

    අ‍පේ මුතුන් මිත්තෝ මේ‍ රට බේරගන්න හලපු ලේ අපරාදයක් වෙන්නේ මුන් වගේ ඉංග්‍රීසින්ගෙන් හොරට හැදිච්ච පැටවු හින්දා...

    ReplyDelete
  35. @අන්තිම ඇනා :
    ලිපිය ලියපු එකාගේ අවමානසිකත්වය බහුතරයක් නොදන්නා දේ හෙළි කර සමාජයේ ප්‍රබුද්ධ කතිකාවක් ඇති කිරීමට තැත් කිරීමද? මම මේක ලියපු පොරව සුද්ද කරන්න හදනවා නෙවේ. එත් මේ ලිපියේ කිසිම තැනක හොයාගෙන තියෙන්නේ දෙමල වලං කට්ටක්මයි කියල කියල නෑනේ. කියල තියෙන්නේ දෙපැත්තේම සිටින සෙට් මේක අරගෙන තමුන්ට ඕනේ විදිහට කතාව නිර්මාණය කරගෙන තමුන් කැමති ඉතිහාසයක් හදාගන්න යනවා කියන එක.

    ලංකාවේ ඉතිහාසයේ වැඩිමනක් අයිතිය තියෙන්නේ සිංහලයන්ට තමයි. ඒත් එකෙන් කියන්නේ නෑනේ දෙමළුන්ට කිසිම අයිතියක් නෑ කියල. සිංහලයා ජාතිවාදියෙක් වෙන්නේ මේ රටේ තනි අයිතිය සිංහලුන්ට විතරයි කියනකොට. එක අතකින් මේ කතා කරන කට්ටිය මේ රට සිංහලුන්ගේ විතරයි කියල කියන එක වැරදිද කියල අහනවා. එහෙම කියනකොට රටේ ඉන්න අනිත් කට්ටිය දෙකේ පන්තියට වැටෙනවා කියන එක පේන්නේ නෑ. හැබැයි ඊට පස්සේ ඒ කටෙන්ම අහනවා මේ රටේ අනික් ජාතියක් වීම නිසා ඇති ප්‍රශ්න මොනවද කියල.

    ඔය දාල තියෙන කවියේ කොතැනක හරි තියෙනවද අනිත් මිනිහෙක් වැරදි ප්‍රකාශයක් කරාම එකට හොඳ තිත්ත කුණුහරුප වලින් කතා කරලා රට ජාතිය බේරගන්න කියල. රට ජාතියට වැඩක් කරනවා කියන්නේ කවුරුහරි බොරු සාක්ෂි මවා පානවනන්, කුණු හරුප කියල, උද්ගෝෂණ කරලා ඒවා යටපත් කරනක එක නෙවෙයි, ඒවා බොරු කියල ශාස්ත්‍රීය විදිහට පෙන්නලා දෙන එක. එහෙම තිත්ත කුණු හරුප කියන මිනිස්සු කරන්නේ වැරද්දක් කියල පෙන්වල දීම සුද්දක පුක ලෙව කෑම නෙවේ.

    එක දෙයක් අහන්නං, ඔය සිංහලයා ගැන කැක්කුමකින් කතාකරන මිනිස්සුන්ගෙන් කීයෙන් කීදෙනෙක් කොළඹින් ඈත දුප්පත් සිංහල ගමක තියෙන පුස්තකාලයකට පොතක් තෑගී කරලා තියෙනවද? අහිංසක මිනිහෙක්ගේ ජීවිතයක් බේරා ගන්න සල්ලි ටිකක් දීල තියෙනවද? (නිකන් රුපියල් දහයේ ටිකට් එකක් නෙවේ, තමුන්ට හම්බෙන පඩියෙන් සැලකිය යුතු ප්‍රමාණයක්), කීදෙනෙක් අනාත නිවාසයකට පොත් පත් අරන් දීල තියෙනවද? නිකන් යුද්දේ කාලේ බෝධි පූජා තියල සෙත් පැතුවා කියල රටට ජාතියට සේවයක් කරා කියල හිතන්න එපා.

    ReplyDelete
  36. මට පේනවිදියට මේ කමෙන්ට් දාන එක්කෙනෙක්වත් විහිලුවටවත් පැරණි අකුරක් කියවන්න දන්න කෙනෙක් නෙමෙයි. මේ වලං ගැට්ටේ ගැටළුව ඉතා පැහැදිලිව තේරුම්ගන්න පුලුවන් එහෙම කෙනෙක් ට විතරයි. ඔය කියන විදියේ ප්‍රබුද්ධ කතිකාවතක් ඇති කරන්න ඒව දන්න අය වේනන් ඕන. මේ ලිපිය ලියපු කෙනාටවත් කමෙට් දාපු අයටවත් එහෙම හැකියාවක් නෑ. නොදන්න දේවල් කතා නොකර හිටියනම් හොඳයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා