Posts

Showing posts with the label අජිත් පැරකුම් ජයසිංහ

කරුණාරත්න පරණවිතානගේ ජාතිකවාදයේ දිළිඳුකම හා මගේ සාඩම්බර සිංහලකම

Image
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ද වන කරුණාරත්න පරණවිතාන බුද්ධිමතෙකි. මම ඔහුගේ දේශපාලනය අගය නො කරමි. එහෙත්, ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් ප්‍රිය කරමි. කැනඩාවේ ‍ ක ොන්සල් ජනරාල්වරයා වන ඔහු මෑතදී ස ිංහල බ්ලොග් අඩවියක් ආරම්භ කළේ ය. එය ඔබගේ අවධානයට යොමු විය යුතු එකකි. කියවන්න: සතරදිගන්තය ඔහු විසින් ලියන ලද දර්ශනයේ දිළිඳුබව සහ දිළිඳුබවේ දර්ශනය  නම් ලිපියෙහි ඔහු මෙසේ සඳහන් කරයි.  ජාතිකවාදය දාර්ශනික වශයෙන් ඉතා දිළිඳුය. එක විද්වතකු පැවසු පරිදි "ජාතිකවාදය මහා චින්තකයන් බිහි කර නැත. ජාතිකවාදයට දාර්ශනික එකාග්‍රතාවක්ද නැත. ජාතිකවාදය හොබ්ස් කෙනෙකු කාල් මාක්ස් කෙනෙකු තබා මක්ස්වෙබර් කෙනෙකු වත් බිහි කර නැත''. එහෙත් ලෝකය තවමත් දුවන්නේ මේ දාර්ශනික වශයෙන් දිළිඳු දේශපාලන දෘෂ්ටිවාදය සමගය. එසේ වන්නේ ඇයි? එක හේතුවක් නම් ලෝකය එතරම් දාර්ශනික නොවීමය. තවත් හේතු බොහොමයක් ඇත. බොහෝ 'ප්‍රගතිශීලීන්' ජාතිකවාදයට අකමැතිය.එයට හේතුව ජාතිකවාදයේ එක ස්වරූපයක් වන 'ජාතිවාදයට' තිබෙන අකමැත්ත සහ පිළිකුලය. එහෙත් ජාතිකවාදීන්ගේද එසේ නොවන්නන්ගේද අද දවසේද ඉරණම පාලනය කරන්නේ ජාතිකවාදයන්ගෙන්...

මං ලියන්නේ අහවල් පිස්සුවට ද? | Why W3Lanka writer writing

Image
සිංහල සංස්කෘතිය අනුව වසරක් ගෙවී වසරක් උදා වෙමින් තිබේ. මම අඩුවෙන් සිංහලයෙක් ද වැඩියෙන් ලෝකවාසී මනුෂ්‍යයකු ද වීමට උත්සාහ කරන පුද්ගලයෙකි. මමත් මගේ බිරිඳත් නැකැත්, ජ්‍යොතිෂය ආදිය පිළි ගන්නේ නැත. එහෙත්, අපේ දරුවන්ට ලැබිය යුතු සංස්කෘතික උරුමය මව්පියන්ගේ මති මතාන්තර නිසා වැළැක්විය යුතු නැතැයි සිතන නිසා අපි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන්නෙමු. කොහොමත්, මම මෙවැනි අවස්ථාවලට කැමැත්තෙමි. ජීවිතය නිතර, නිතර අලුතින් පටන් ගන්නට අධිෂ්ඨාන කිරීම මානසිකව හොඳ දෙයකි. ඒ නිසා, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අලුතින් ජීවිතය පටන් ගන්නේ කෙසේදැයි මම සිතමි. මේ වෙනදා මෙන් උපහාසාත්මක ලිවිමක් යැයි වරදවා වටහා නො ගන්න මම දැන් කොළඹ කව දේශපාලනය සමග කිසිදු සම්බන්ධයක් නැත. අප ජීවත් වන ගම්වල ඔය වමවල් නැත. පෙරටුගාමියෝ නම් සිටිති. ජන අරගල ව්‍යාපාරය හැදූ කාලයේ ඔවුන්ගෙන් අපට ද ආරාධනාවක් ලැබිණි. දැන් ඔවුන් ජන අරගල ව්‍යාපාරය අත්හැර දමා ඇති බවක් පෙනේ. ඔවුන් දැන් පක්ෂයක් නොවැ. අප දන්නා පරිදි වාම පෙරටුගාමීන් ය කියන්නේ අනෙක් අයට අපි පස්සෙන් වරෙව් ය කියා කියන අයියලා පිරිසකි.  අප වැනි කාගේවත් පිටුපසින් ද නො යන, කාටවත් අ...

ශාස්තෲ සහ ඇදහිලි කල්ලි | Shasthru novel and the cults

Image
නිශාන්ත කුලරත්න විසිනි “ලියන්නට ඇති කතා බොහෝ ය. එහෙයින් ඔබේ අදහස් මට බොහෝ වටී." ශාස්තෘ නවකතාවෙ පෙරවදනේ එහෙම තියනව. ශාස්තෘ නවකතාව ගැන කෙරෙන අදහස් දැක්වීමකට පොත එලිදැක්වීමේ උත්සවේදී පළකෙරුනු අදහස්වලින්ම මුල පිරීම හොඳයි කියල මට හිතුනෙ දේශන මාතෘකාව 'ශ්‍රී ලංකාවේ කැරලි සහ සාහිත්‍යය' වුනාට දේශකයො දෙන්නම කතා කලේ පොතේ තේමාව ගැන නිසයි.  උදාහරණ ගණනාවකට් යමින් කෙරුනු නිර්මාල්ගෙ කතාවෙ මූලික ලෙස කියවුනේ මේ යුගයේ ලංකාවේ බිහිවන බොහෝ නවකතාවල, මීට දශක කිහිපයකට පෙර කෙරුනු නිර්මාණවල අමතර තේමාවක් ලෙස කියවුනු, "ලෝකය වෙනස් කරන්න හදන කතා නායකයා 'යථාර්තයෙන්' වෙන් වූ ලෝකයකට යාම" නම් තේමාව කේන්ද්‍රය වී ඇතිබවයි. ප්‍රධාන පෙලේ කලා විචාරකයන් මේ තත්වය "අමූලික කෙප්ප " ලෙස සලකනමුත් තමන් අජිත් බැරැරුම් ලෙස සලකන නිසා මේ කාරණාව කතාබහට ලක්විය යුතු බව ඔහු යෝජනා කලා.  සුනිල් විජේසිරිවර්ධන පළකල අදහස්වල නවකතාවෙ තේමාව ගැන වගේම ඉදිරිපත් කිරීම ගැනත් කතා වුණා. තේමාව ගැන ඔහු ඉදිරිපත් කල අදහස් මූලික ලෙස යොමුවුනේ පොත තුල කියවෙන "සූර්ය ප්‍රජාව" නම් කණ්ඩායම පිලිබඳවයි. පොත තුළ...

අජිත් අමාරුවෙ දැමීමේ එකම මඟ ශාස්තෲ කියවීම මිස මඟ හැරීම නොවේ.

Image
( 2010 දෙසැම්බර් 04, සානුව )  කියවන්නේ වෙනසයි. වෙනස නොමැති තැන කියවීම නැත. කියවීමට අකුරු, ඇස හා මොළයේ සම්බන්ධයක් තිබිය හැකිය. එසේම අකුරු ගලක් මත කොටා තිබීම හෝ පත් ඉරුවක් මත ලියා තිබීම හේතු කොට ගෙන ඒවායේ ද කියවීමට සම්බන්ධයක් ඇත. එපමණක් නොව ඒ ඕනෑම පෘෂ්ඨයක් මතට ආලෝකය පතනය වී, ඉන් අනතුරුව පරාවර්තනයෙන් ඇස වෙත පැමිණෙන ආලෝක කිරණ නිසා දෘෂ්ඨිය සාධනය වන බැවින් කියවීමට ආලෝකයද සම්බන්ධ වන්නේය. ඒ කවරක් සම්බන්ධ වුවද කියවන්නේ වෙනසයි. ‘අ’ යන්න සහ ‘ර’ යන්න අතර වෙනස මිස ‘අ’ යන්නෙහි එහිම වු සාරයක් කියවනනේ නැත. ‘ර’ යන්නට ද අනෙක් අකුරු නොමැත්තේ නම් එහිම වු අනන්‍යතාවයක් නැත. එහෙත් කියවන විෂය (Subject) ඒ ඒ අකුරට වෙනස මඟ හැර සාරයක් ප‍්‍රක්ෂේපනය කිරීමට යත්න දරන්නේය. එවිට ‘අ’ යන්නට ‘ර’ යන්න හෝ ‘යා’ යන්න නොමැතිව ස්වාධීන පැවැත්මක් ඇතැයි සිතයි. නොඑසේ නම් එලෙස සිතීමට අවැසි පදනම සකසා ගනී. පාරභෞතිකය යනු මෙයයි. එනම් වෙනස මඟහැර පෙනෙන දෙය සාරයක් බවට පත් කර ගැනීමයි. මින් අනතුරුව වෙනස පෙන් වූ සැනින් සාරය/අනන්‍යතාවය තර්ජනයට ලක් වීමට නියමිතය. ඉන් ගැලවීමේ මඟ තහංචියයි. තහංචි පැනවීමයි. විෂය අනෙකා මතට ප‍්‍රක්ෂේපනය කළ...

ටැබූ සබ්ජෙක්ට්ස් එක හුස්මට කියැවූ ශාස්තෲ ඔබත් කියවන්න

Image
( 2010 දෙසැම්බර් 01,  W3Lanka )  මම ශාස්තෲ නම් නවකතාවක් ලියුවෙමි. වැරදි බොහෝ කර ඇතත් එය වරදක් ලෙස නො සලකමි. නවකතාවක් පළ කළ පසු මුලින් ම කළ යුත්තේ එය විකුණා ගැනීමයි. විකුණන්නේ එය වෙනුවෙන් යට කළ මුදල් ලබා ගැනීමට ම නො වේ. නිර්මානකරුවකු බලාපොරොත්තු වන මුල් ම දෙය තම නිර්මානය යම් ග්‍රාහක පිරිසකගේ නෙතට ලක් වීමයි. ධනේශ්වර වෙළඳපොළ ලෝකයේ නවකතාවක් ද තවත් වෙළඳ භාණ්ඩයක් වීම වැළැක්විය නො හැකි ය. එහෙයින් ලේඛකයා එය වෙළඳපොලකරණය කළ යුතු ය. විශාල ප්‍රාග්ධනයක් නොමැති සංදර්භයකදී ප්‍රචාරණය සඳහා හැකි තරම් නිර්මානශීලී විය යුතු ය. වෙළඳ ප්‍රචාරණය නැති තැනක් නැති මේ ලෝකයේ නවකතාවක් විකිණීම සඳහා කර්තෘ ප්‍රකාශකයකු කරන ප්‍රචාරය ගැන කිසිවෙක් කලබල විය යුතු නැත. ලේඛකයකු සාහිත්‍ය නිර්මානයක් එළි දැක්වූ පසු ඔහු බලාපොරොත්තු වන්නේ සහෘද ප්‍රතිචාරයි. නිර්දය විචාරය වුව සහෘද ප්‍රතිචාරයකි. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා පොත පිට වූ දිනට පසු දා ම ශාස්තෲ පිළිබඳ සටහනක් ලියා ඇත. ඔහු එය නම් කර ඇත්තේ ‘ශාස්තෲ’ නිර්කියැවීම | Irreading ‘Shasthru’ ලෙසයි. එහි ආරම්භයේ ම ඔහු මෙසේ පවසයි. "මම විචාරකයෙක් නොවෙමි. ඒ ගැන...

ශාස්තෲ නවකතාව ගැන කතා කරන්න බ්ලොග් අඩවියක්

Image
( 2010 නොවැම්බර් 30,  W3Lanka )  නවකතාව යනු සමාජ දේශපාලන සංවාදයේ උත්තර සංවාදයයි - ගුණදාස අමරසේකර "මේ වනාහි දේශපාලන ව්‍යායාමයකි. තේරෙන කාලයේ හට ගත් තරුණ කැරැලි දෙකක් හරහා එක්ව යමින් සමාජවාදී විප්ලවයක සිහින දැක පැරදුණ මගේ පරපුරේ මිනිසුන් සමග තුවාල ලෙව කන්නටත්, පය ලූහුටා ගිය තැන් සිතියම්ගත කරන්නටත්, ජීවිතය නැවත කියවන්නටත් අරගල පිළිබඳ ප‍්‍රබන්ධ සාහිත්‍යයක් අවැසිව ඇතැයි සිතමි. සමාජවාදී සමාජයක් පිළිබඳ සියලූ සිහින බිඳ වැටුණු පසුවත් ඒ බලාපොරොත්තුව ජීවිතාශාව වඩවයි. ලියන්නට ඇති කතා බොහෝ ය......." - ශාස්තෲ නවකතාවේ පෙරවදනින් අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද ශාස්තෲ නවකතාව ලංකාවේ මෑතකාලීන රැඩිකල් දේශපාලනය පසුබිම් කර ගත් එකකි. නවකතාව ආශ්‍රිත තොරතුරු පළ කිරීමටත් එය කියවන ඔබට අදහස් දැක්වීම සඳහාත් මෙම බ්ලොග් අඩවිය වෙන් කර ඇත. පිවිසෙන්න Bookmark, remember easily and come again   www.w3lanka.com

ශාස්තෲ දොරට වඩින දා එන්න ඔබටත් ආරාධනා!

Image
ප්‍රිය සහෘදය, මා විසින් ලියන ලද ශාස්තෲ නවකතාව නොවැම්බර් 30දා අඟහරුවාදා සවස තුනට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දකී. නවකතාව පාදක කරගෙන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන හා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ලංකාවේ කැරැලි හා සාහිත්‍යය තේමා කරගෙන කතා කරති. අග්නීමා සංගීත කණ්ඩායම සමග අප නිර්මානය කළ ගී කීපයක් ද ගැයේ. සුපුන් පොගේ පිටු කීපයක් කියවනු ඇත. සුරේඛා වැඩසටහන මෙහෙයවන්නී ය. මෙදිනට ශාස්තෲ නවකතාව 20%ක් මිළ අඩුවෙන් රු. 200කට මිළ දී ගත හැකි ය. පොතේ මිළ රු. 250කි. පැමිණිය නො හැකි ඔබ වෙනුවෙන් දෙසුම් ලියා පළ කරන්නට අදහස් කරන්නෙමු. ලංකාවේ ඕනෑම තැනකට ශාස්තෲ නවකතාව රු. 250ක මිළකට තැපැල් කරන්නට කටයුතු යොදා ඇත. ගෙවන කාර්යාලය මතුගම ලෙස යොදා රු. 250ක මුදල් ඇණවුමක් එල්. ඒ. පී. ජයසිංහ, මහවත්ත පාර, ඉද්දගොඩ, මතුගම යන ලිපිනයට එවන්න. විදේශ රටවල තැපැල් ගාස්තු පිළිබඳ විස්තර පසුව දැනුම් දෙන්නෙමු. ඉදිරි සතියේදී ශාස්තෲ ප්‍රධාන පොත් වෙළඳසල්වලට එනු ඇත. -අජිත් පැරකුම් ජයසිංහ, W3Lanka සංස්කාරක පහත පළ වන්නේ කෘතියෙන් උපුටා ගත් කොටසකි. ''...

ශාස්තෲ නවකතාවෙන් කොටසක්

Image
( 2010 නොවැම්බර් 24,  W3Lanka )  ‘‘පක්ෂය නැවත පණ ගන්වන්න නම් අසීමිත කැප කිරීම් හරහා යන නව සටන්කාමිත්වයක් අවශ්‍යයි කියන යෝජනාව කළේ මම. අනුන්ට අභියෝග තල්ලූ කරන්න බැරි නිසා පළමු උත්සාහයේ වගකීම මම ම භාර ගත්තා. මගේ හවුල්කරුවා වෙන්න සිරා ඉදිරිපත් වුණේ මහත් කැමැත්තකින්. අපට තිබුණෙ හනිමූන් ගිය ජෝඩුවක් වගේ හෝටලයේ ඉඳලා අදාල ඉලක්කය අරගෙන බෝම්බය පුපුරුවාගෙන මැරෙන්න. ඒත්, ඊට කලින්දා රාත‍්‍රියේදී, ගිය සුමානේ අර වේදිකාව උඩදී උඹ මගෙන් උදුරා ගත් හිස් වටිනාකම මගෙන් අරගන්න ඌට උවමනා වුණා. මට හොඳට ම කේන්ති ගියා. මම කිව්වා ආදරය නො කරන මිනිහෙකු එක්ක හැමනෙන්න මම උගේ අම්මා වගේ වෙසඟනක් නෙමෙයි කියලා. උගේ මරණයට කාගේවත් තේරුම් නොවෙයි, උගේම අර්ථයක් උවමනා නිසා අකැමැති වුණොත් මාව බලෙන් දූෂණය කරන බවට ඌ මට තර්ජනය කළා. මම ඌට මේ දැන් උඹට ගැහුවා වගේ ගැහුවා. ඇත්තම කියනවා නම් මාව දූෂණය කරන්න තියා මගේ පාරක් වළක්වන්න තරම්වත් රළු හිතක් ඌට තිබුණෙ නැහැ. පොඩි දරුවෙක් වගේ මගේ දෙපා වැඳලා ඌ සමාව ඉල්ලූවා. මම ඌ දාලා ඇවිත් පක්ෂයට පැමිණිලි කළා. පක්ෂය නැවත ගොඩනැඟීමේ ඒ ව්‍යායාමයත් අසාර්ථක වුණා.’’ (නෙළුම්) ඒ වන විට පණ බේරාගෙන ව...

W3Lankaට ප්‍රශ්නයක්! අප්ඩේට් නැත්තේ ඒකයි

Image
( 2010 නොවැම්බර් 17,  W3Lanka )   ඊයේ අපට මේ බ්ලොගය යාවත්කාලීන කරන්නට බැරි වුණා. ඒත් 1100කට වැඩි පිටු ගණනක් ඊයේත් බලා තිබුණා.  අලුත් ලිපියක් බලාගෙන ආ අයට හැරී යන්න සිදු වීම ගැන කණගාටුයි. ‍මොකද දැන් මේක අප්ඩේට් නො වෙන්නේ කියා බුමුතුරුණු බ්ලොග්කරුවා සවස ඇසුවා. උත්තරයක් දෙන්නවත් වෙලාවක් තිබුණෙ නැහැ. W3Lanka සංස්කාරක මේ දිනවල හරි කාර්යබහුලයි. හේතුව මිනිහා ලේඛකයෙකු වෙන්න යනවා.  W3Lanka සංස්කාරකගේ නම අජිත් පැරකුම් ජයසිංහ බව හුඟදෙනෙක් දන්නවා. ඔය සුදු වෑන්වලින් උස්සන අයගේ අවධානය පිණිස පසුගිය දිනවල අපේ සමහර පාඨකයන් අලුත් සොයා ගැනීමක් කළා වගේ ඔහුගේ නම නිතර, නිතර කමෙන්ටුවල සඳහන් කළා. හැබැයි ඉතින් ඔය රහස් ඔත්තු අංශවල අය නම් මේ බව මුල ඉඳලා ම දන්නවා. ඒගොල්ලන් අතේ  මෙවැනි දේ සම්බන්ධයෙන් ලිපිගොනු එහෙමත් තියෙනවාලු. ඒක ඉතින් ඒ අයගේ රස්සාවනේ. අපේ ඔය හැංගි හොරා වැඩ නැහැ.  කරන ඕනැ මඟුලක් එළිපිට. කිරිබත් ජරමරේ අතරෙත් W3Lanka සංස්කාරක යුද්දෙට විරුද්ධ වුණේ එළිපිට.  ලේඛකයෙකු වෙන්න යනවා කීවා ම මෙහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. ලේඛකයෙකු නො වුණාට W3Lanka සංස්කාරක...

රාවය නියෝජ්‍ය කර්තෘ විසින් මෙසේ පවසන ලදී | A letter of reply by Ravaya Deputy Editor

W3Lanka සංස්කාරක විසින් රාවය පුවත්පත පිළිබඳ කරන ලද විවේචනය සම්බන්ධයෙන් රාවය නියෝජ්‍ය කර්තෘ කේ.ඩබ්. ජනරංජන මහතා විසින් ලියන ලද පිළිතුරක් අප වෙත එවා තිබේ.  මෙම පිළිතුර සම්බන්ධයෙන් එක් කරුණක් පමණක් සඳහන් කරන්නට කැමැත්තෙමි. අප විසින් රාවයේ පළ කිරීම අපේක්ෂා කරන ලද  ඩයස්පෝරා අදහස් හා ස්වදේශික අදහස් අතර ගැටුම   ලිපියේ වික්ටර් අයිවන් හා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ හිටපු නායකයන් අතර විවාදය පිළිබඳ සඳහනක් ඇතත් එය එකී විවාදයට අදාළ ලිපියක් නොවේ.  එසේම, එම සංවාදය ආරම්භ කළ රාවය කර්තෘවරයා විසින් එය අවසන් කරන ලද බව නිවේදනය කිරීම ඔහු පෞද්ගලිකව සංවාදයෙන් ඉවත් වීමක් මිස සංවාදය අවසන් වීමක් නොවේ. සමාජ සංවාදයන්හිදී කෙනෙකුට සංවාදයක් ආරම්භ කළ හැකිමුත්, එය අවසන් කරන්නට බැරි ය. යම් සාකච්ඡාවක අවසානය විවෘත නැතිනම් එය සංවාදයක් නොවේ.  යම් අනවබෝධයක් සිදු වී තිබේ නම් අපි ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. රාවය පුවත්පතට අපේ ඇති ගෞරවය මෙම සිද්ධිය නිසා නැති වී ගොස් නැති බව අපි අපගේ ලිපියෙහි සඳහන් කර ඇත.  ජනරංජන මහතා විසින් එවන ලද සම්පූර්ණ ලිපිය මෙසේ ය.  හිතවත් අජිත්...