Posts

Showing posts with the label පුවත්පත් කලාව

මොකක්ද මේ ජවිපෙ පුවත්පත් කලාව?

Image
ලංකාවේ අතිශය ජනප්‍රිය ගොසිප් වෙබ් අඩවි කරන අය බොහෝ විට කරන්නේ උදේ පාන්දරින් පත්තර ටික අරගෙන එහි තිබෙන සංවේදී පුවත් එහෙමම තමන්ගේ වෙබ් අඩවියේ පළ කරන එක. වානිජ අරමුණු සහිත වෙබ් අඩවි එහෙම කරන එක කමක් නැහැ කියමුකෝ. විප්ලවවාදී පක්ෂයක් ය කියන ජවිපෙත් කරන්නේ ඒකමනේ. ලසන්ත රුහුණගේ අප දන්නා හොඳ ගවේශනාත්මක පුවත්පත් කලාවේදියෙක්. පුවතක් ගවේශනය කරන්නට ඔහු සෑහෙන වෙහෙසක් දරනවා.  මේ ඔහු ඉතා මහන්සියෙන් ගවේශනය කළ පුවතක්. එය මේ සතියේ රාවය පුවත්පතේ මුල් පුවත. එය තවම රාවය වෙබ් අඩවියේ පළ වී නැහැ.  ලංකා ටෲත් කියන්නේ ජවිපෙ විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක්. ඔවුන් කර තිබෙන්නේ මොකක් ද? රාවය සිකුරාදා උදෙන් වෙළඳපොළට එනවා. ගත්තා රාවය. ටයිප් කළා ප්‍රවෘත්තිය. දැම්මා තමන්ගේ වගේ.  අඩු ගානේ අර පුවත ගවේශනය කළ මාධ්‍යවේදියාට ස්තුති කරපිය. නැහැ. ඉන් පසු මේවා උපුටා ගන්න වෙන වෙබ් අඩවි ස්තුති කරන්නේ ලංකා ටෲත්ට.  මෙන්න ලංකාවේ ජනමාධ්‍යවේදය හා රටේ අනාගතය භාර ගන්න ඉන්නවා ය කියන ජවිපෙ එය භාවිතා කරන හැටි.  ජවිපෙ පුවත්පත් කලාවේ කැතකමේ තරම කියන්නේ රාවය පුවතේ මුල් වගන්තිය අකුරක් නෑර කොපි පේස්ට් කරන ග...

ප්‍රවෘත්ති ප්‍රබන්ධ කලාව

Image
pic courtesy of:The Star-Malaysia ගිය සතියේ ජනරළ පත්තරේ මුල් පිටුවේ තිබුණු පුවතක කියැවුණේ චීනයේ උමගක වසර 17ත් .තිස්සේ සිර වී සිටි පුද්ගලයකු පිළිබඳවයි. එම පුවත අනුව ඔහු වසර 17කට පෙර සිදු වූ හදිසි අනතුරෙන් පසු උමගේ පෙඳපාසි හා මීයන් ආහාරයට ගනිමින් ජීවත් වී තිබෙනවා. මේ උමගට කොහෙන්දෝ වාතාශ්‍රය ආ බවක් ද කියැවුණා.  මෙම පුවත පිළිබඳව සොයා බැලූ විට දැන ගන්නට ලැබුණේ එය World News Daily Report නම් වෙබ් අඩවියක පළ වූ ප්‍රබන්ධයක් බවයි. එම වෙබ් අඩවියේ පළ වන සියලු පුවත් මෙවැනි ඒවායි. ඔවුන් මේවා පළ කරන්නෙ සමාජ ජාල වෙබ් අඩවි හරහා වයිරල් කරගෙන පාඨකයන් තම වෙබ් අඩවිය වෙත ආකර්ශනය කර ගන්නටයි. එවිට එහි තිබෙන දැන්වීම්වලින් ඔවුන්ට ආදායම් ලබා ගන්නට පුළුවන්. අප පහත පළ කරන පුවත අධ්‍යයනය කරන්න. මෙම පුවත මේ සතියේ දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පුවතයි. මෙම පුවත නිර්මානය කර ගෙන තිබෙන ආකාරය අධ්‍යයනය කරන්න. මෙහි මූලාශ්‍රය මාසයක් පමණ පැරණි ප්‍රවෘත්තියකි. මෙම හිටපු හමුදා කපිතාන්වරයා සහ අනෙක් කොටි සැකකරුවන් තිදෙනා ලංකාවට එවා දැන් සති ගණනාවකි. ඔවුන් පිළිබඳ ලංකාවේ පුවත්පත් විසින් වාර්තා කරන ලදී. ප්‍රභූ ඝාතන සිදු...

සිංහල පුවත්පත් කලාව හා මා කියැවූ නරක ම ලිපිය

Image
අහම්බෙන් නෙත ගැටුණ, මව්බිම පුවත්පතේ පළ වූ මෙම ලිපිය ඔබගේ අවධානය පිණිස යොමු කරන්නේ එය මා මගේ ජීවිතය තුළ කියවා ඇති, රසවත් කරුණක් අඩංගු, ඉතා ම නරක විධියට ලියා ඇති ලිපිය නිසා ය.  එය වැදගත් යයි මා සිතන්නේ සිංහල පුවත්පත් කලාව හා සම්බන්ධ කරුණු කීපයක් කෙරෙහි එමගින් අවධානය යොමු කෙරෙන බැවිනි.  සිංහල පුවත්පත්වල භාෂා භාවිතය දැඩි ලෙස පිරිහෙමින් තිබේ. එයට ප්‍රධාන හේතුවක් වන්නේ උප කර්තෘ භූමිකාවේ තිබෙන පිරිහීමයි.  ලංකාවේ පුවත්පත් උප කර්තෘවරුන්ට සංස්කරණය පිළිබඳ මනා පුහුණුවක් අවශ්‍ය ය.  සමස්තයක් ලෙස ම ලංකාවේ පුවත්පත් කලාව පුහුණු කිරීම නිසි අන්දමින් සිදු වන්නේ නැත. පුවත්පත් කලාව උගන්වන බව කියන පාඨමාලාවල ද වැඩපිළිවෙල විමසා බලන්නේ නම් පෙනෙන්නේ ඒවායේ ඉගැන්වීම් ක්‍රමවේද ද යල් පැන ගිය ඒවා බවයි.  මෙවැනි පාඨමාලාවල බොහෝ විට සිදු වන්නේ කිසියම් පුද්ගලයෙකු සම්පත් දායකයකු ලෙස පැමිණි පම්පෝරියක් ගසා යාමයි.  ප්‍රායෝගික ක්‍රියාකාරකම් අවම ය.  පුවත්පත් කලාව පිළිබඳ ලියැවී ඇති පොත පත ද ප්‍රායෝගික අංශයට වඩා අවධානය යොමු කර තිබෙන්නේ න්‍යාය කෙරෙහි ය. ලිපිය මෙතැනින් කියවන්න (වෙබ්...

සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර - 1

Image
දැන් මම බ්ලොගර් කෙනෙක්. පුරවැසි මාධ්‍යකාරයෙක්. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්. හැබැයි, මම මුලින් පත්තරකාරයෙක්. අපි පත්තර කෙරුවාව කළේ බඩ රස්සාවට නොවෙයි. සමාජවාදය වෙනුවෙන් කරන අරගළයේ කොටසක් හැටියට.  පත්තර කියන්නේ සුවඳ හමන කඩදාසි. ඒවා අතට අහු වෙනවා. පිටු පෙරළනකොට කොළ සර සර ගානවා. එක පත්තරේ කීපදෙනෙක් බලනවා. අපි පත්තරෙන් බතුත් ඔතනවා.ඉස්සර මම පත්තර එකතු කළා. ලිපි කපලා ගොනු කළා. මා ළඟ පරණ නවයුගය පත්තර මිටියක් කහ ගැහි ගැහී බොහෝ කාලයක් තිබුණා.පත්තරවලට ලියපු මුල් කාලේ ඒ ලියපු ලිපි කපලා අලවලා තියා ගත්තා. පස්සෙ කාලේ සමහර පත්තර ළඟ තියා නො ගෙන විනාශ කරන්නත් වුණා. අන්තර්ජාලයට ආවාට පස්සේ කඩදාසි එක්ක සම්බන්ධය නැතිව ගියාට, ඒ ස්පර්ශයේ, සුව‍ඳේ රොමැන්තික ගතිය තවමත් තියෙනවා.  බ්ලොගර්වරයෙක් වුණාට තවමත් මගේ හිතේ පත්තරවලට ලියන්න ආසාවක් තිබෙනවා. පත්තරවලදී අපට අන්තර්ජාලයේදී හමු වන පාඨකයන්ට වඩා වෙනස් පිරිසක් හමු වෙනවා. සමාජ මාධ්‍ය හරි ම අන්තර් ක්‍රියාකාරීයි. පාඨකයෝ ක්ෂණිකව ම ප්‍රතිචාර දක්වනවා. ඒත්, පුවත්පත් ලිපි එහෙම නෙවෙයි. ඒවායේ ප්‍රතිචාර කල්ගත වනමුත්, ඒවා ගැඹුරුයි කියා මට හිතෙනවා. තවමත් ලංකා...