Posts

Showing posts with the label 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය

පහේ ශිෂ්‍යත්වය නැති කරන්නට බැරි ද?

Image
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම් මෙසේ ය: කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල හා කෑගල්ල යන දිස්‌ත්‍රික්‌ක සඳහා කඩඉම් ලකුණු සීමාව 160 කි. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ අවම ලකුණු සීමාව 157 ක්‌ වෙයි. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එම ලකුණු සීමාව 156 ක්‌ වන අතර පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව හා බදුල්ල යන දිස්‌ත්‍රික්‌කයන්හි අවම ලකුණු සීමාව 155 කි. මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ එම ලකුණු සීමාව 154 ක්‌ වෙයි. මීට අමතරව නුවරඑළිය හා අම්පාර යන දිස්‌ත්‍රික්‌කයන්හි අවම ලකුණු සීමාව 153 ක්‌ වන අතර ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ එම ලකුණු සීමාව 151 කි. එමෙන්ම වව්නියාව දිස්‌ත්‍රික්‌කයේ ලකුණු 148 ක්‌ හා මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ලකුණු 145 ක්‌ වෙයි. මේ අනුව, සමත් වීම සඳහා කොළඹ, කළුතර වැනි දිස්ත්‍රික්කයකදී නම් 80%ක ද, මුලතිව්හිදී නම් 73%ක් ද ලබා ගත යුතුව තිබේ.  සමත් වීම පිණිස එතරම් ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතු තවත් විභාගයක් ලෝකයේ කොහේවත් තිබේදැයි නො දනිමි.  මේ විභාගය පැවැත්වෙන්නේ යන්තමින් දස හැවිරිදි වියේ පසුවන දරුවන්ටයි. එයින් ඔවුන්ගේ මනසට කරන හානිය කෙතරම් ද?  ...

ලෝක ළමා දිනයේ ඇමති බන්දුල ළමුන් අඬවයි

Image
අද ලෝක ළමා දිනයේ රජය ළමයින්ට දුන් තෑග්ග 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමයි.  එය පිටුපස ද දැවැන්ත වංචාවක් තිබේ යයි සැක කළ හැකි ය. විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ වීමට පෙර ඒවා පෞද්ගලික දුරකථන සේවා ඔස්සේ මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ කෙසේ ද? විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග පවත්වා, උත්තර පත්‍ර බලා, ප්‍රතිඵල ලැයිස්තුගත කර නිකුත් කරයි. එහෙත්, එකී නිල ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් වන්නටත් පෙර පෞද්ගලික දුරකථන සේවාවන්ට ඒවා ලැබේ. මේවා ලබා දෙන්නේ කවුරුද? ඔවුන් ඒ සඳහා අල්ලස් ගන්නවා ද? අනෙක ලෝක ළමා දිනයේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රවර්ධනය කිරීමෙන් ළමයින්ට අත් වන සෙත කුමක් ද? ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ ලෝකය මත කඩා පාත් වූ අඳුරු වළාවකි. එයින් සමත් වී වඩා ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථාව ලැබෙන්නේ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් 10%කට අඩු සංඛ්‍යාවකි. ඇමති බන්දුලගේ මහ ලොකු තෑග්ග දරුවන් අඬවන එකකි.  අවුරුදු පතා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලෝක ළමා දිනයේ ම දෙන්නට යන ඇමති බන්දුල ළමයින් ගැන දන්නා තරම එයින් පෙනේ.  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙද...