ඉසයිප්‍රියා යනු 1989දී මරා දමන ලද චාමනී ගීතාංජලී මුතුහෙට්ටිගම ද?
මෙම ඡායාරූපයේ සිටින තරුණියන් දෙදෙනාගේ හැඩරුව චාමනීගේත්, දීපිකාගේත් හැඩරුවට බෙහෙවින් සමාන වන්නේ කුමන අහම්බයකින් ද? හිනිදුම තලන්ගල්ලේ පදිංචිව සිටි චාමනි ගීතාංජලී මුතුහෙට්ටිගමගේ (24) සහ ඇගේ යෙහෙළියක වූ දීපිකා හෙවත් ස්වර්ණලතා (26) 1988 දෙසැම්බර් 08 වන දින ගාල්ලේදී හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මරා දමන ලදී. ඔවුන්ගේ මළසිරුරු හමු නො වූ හෙයින් ඔවුන් අතුරුදහන් වූවන් ලෙස සැලකිණි. රූමත් තරුණියක වූ චාමනී ගීතාංජලීගේ සේයාරුවක් ඇගේ මරණින් අනතුරුව ද කාලයක් යන තෙක් අකුරැස්සේ ඡායාරූපහලක ප්‍රදර්ශනයට තබා තිබූ ඡායාරූප අතර තිබෙනු මම දැක ඇත්තෙමි. මේ දෙදෙනා මරා දැමීම රටේ මහත් ආන්දෝලනයට ලක් වූ සිද්ධියකි. ඇත්තෙන් ම ඔවුන් දෙදෙනා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනව වැඩ කළ කාන්තා අංශයේ සංවිධායිකාවෝ දෙදෙනෙකි. ඔවුන්ගේ පෙම්වතුන් දෙදෙනා ද 1989 වසරේ අගභාගයේදී මරා දමන ලදී. චාමනීගේ පෙම්වතා මිය යන විට ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් කමිටු සාමාජිකයකු වූ අතර, කුරුණෑගල පදිංචිකාරියක වූ දීපිකාගේ පෙම්වතා මිය යන විට කලුතර දිස්ත්‍රික් ලේකම්වරයා විය. චාමනී හා දීපිකා මරා දමන ලද කාලයේ ඔවුන් ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ ...