ඡන්දය දෙන්නට යන්නට පෙර හිතට එන සිතුවිලි
අද පැවැත්වෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය ජාතික මෙන් ම ජාත්‍යන්තර වැදගත්කමකින් ද යුක්ත ය. මෙහිදී ජනතාවට එක්කෝ ආණ්ඩුවට සුවිසල් වැඩි ඡන්දයක් ලබා දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුමත කරන්නට පුළුවන. ඒ කියන්නේ ආණ්ඩුවේ ජාත්‍යන්තර හුදකලාභාවය, දූෂිතභාවය, ජාතිවාදය, මානව හිමිකම් කෙරෙහි තිබෙන නො සැලකිල්ල, ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය හා ඒකාධිපති පවුල්වාදය නැවත අනුමත කරන්නට පුළුවන. ආණ්ඩුවට ඒ ජනවරමින් ඔකඳ වී තව තවත් ජාත්‍යන්තරව හුදකලා වන අන්දමේ ක්‍රියාමාර්ග ගන්නට පුළුවන. රටේ ඉතිරි සාරයක් ඇත්නම් එය ද සූරා කන්නට පුළුවන. ජාතික හෙළ උරුමය, බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධානවල පදයට නටමින් ජාතික ප්‍රශ්නය ආගම් ප්‍රශ්නයක් දක්වා ම අවුල් කරන්නට පුළුවන. ප්‍රජාතන්ත්‍රවාදයට සමච්චල් කරන්නට පුළුවන. යන යකා කොරහත් බිඳගෙන ම යන්නා සේ මහා ජන මර්දනයකට වුව මෙම ජනවරම යොදා ගන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත. මේ ඡන්දයෙන් ආණ්ඩුව ජය ගන්නට තිබෙන ඉඩකඩ වැඩි ය. මැතිවරණයේදී තරගය තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, විපක්ෂයත් අතර නො වේ. ආණ්ඩුවත්, විපක්ෂයත් අතර ය. ආණ්ඩුව සමස්ත රාජ්‍ය බලයමත්, මහජන මුදලුත් ඡන්දයට යොදවා තිබේ. එහෙව්...