'පළාත් බබා අපට එපා' ආයෙත් ඇවිත්

ආණ්ඩුව පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න යනවා යයි අද දිවයින සිය මුල්පුවතේ කියා තිබේ. ජ්‍යේෂ් ඇමතිවරයකු කීවා යයි කියා කියන මෙය අතේ රෝලක් වන්න පුළුවන. එහෙත්, මෙය දිවයිනේ මුල් පුවත ලෙස දැමීම පිටුපස ආණ්ඩුවේම ලොක්කකුගේ ගේමක් තිබෙන්නට පුළුවන. 

පසුගිය දිනවල ඇමති බැසිල්ගේ දිවිනැගුම වැඩපිලිවෙළට උදැල්ලක් වැටුණේ මේ පළාත් සභා ක්‍රමය නිසාය. පළාත් සභා ඔස්සේ සීමිත බලතල ප්‍රමාණයක් විමධ්‍යගත වී තිබේ. ඇමති මණ්ඩලය සමග හෝ බලය බෙදාගැනීමට අකැමැති ඒකාධිපති පවුල් පාලනයකට පළාත්වලට බලය බෙදන 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇහේ රොඩ්ඩක් වීම තේරුම් ගතහැකි තත්වයකි.

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ 1987 ඉන්දු-ලංකා ගිවිසුමට අනුවයි. එහෙයින් පළාත් සභා අහෝසි කිරීම වනාහි දැනටත් ඉන්දියාව සමග ඇදගෙන සිටින කොක්ක තවත් වකුටු කරගැනීමකි. 

මෙය සිදුවුණත්, නැතත් මේ වෙලාවේ ආණ්ඩුවට එහෙම කොක්කක් අවශ්‍ය වී තිබේ. හේතුව, රටේ ආර්ථික ප්‍රශ්න උග්‍රවීම හා පීඩනය හමුවේ ජනතාව ආණ්ඩුවට එරෙහිවීම වළක්වාගත හැක්කේ මෙවැනි ක්‍රියාමාර්ගයක් ඔස්සේ බැවිනි. 

මේ වනවිට ඊනියා සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාර‍යේ නායකයෝ ඒකාධිපති පවුල් පාලනයේ ගුද මාර්ගයේ පණුවන් බවට පත් වී සිටින අතර ඔවුන්ගේ එකම දේශපාලනය වී ඇත්තේ තමන්ට පෝෂණය සපයන හාම්පුතුන් විසින් අණවනු ලබන දේ කිරීමයි.

අයවැයෙන් පසුව මේ පිරිස පාරට බහින්නට සැලසුම් කර තිබේ. ඒ ජනතාව යළි ජාතිවාදයෙන් අන්ධ කිරීමටයි. පවතින තත්වය තුළ දෙමළ අන්තවාදීන් කුපිත කරගන්නට පවා ආණ්ඩුව කැමතිය. කොටියා වනාහි ඒකාධිපතියාට මුවාවන්නට හොඳ තිරිසනෙකි. කොටි සංවිධානයේ ඉතුරු බිතුරු ලවා මොනවා කරවාගනියිද දන්නේ ඔවුන් පමණි.

ආණ්ඩුව බලය වෙනුවෙන් මෙසේ කරන්නේ දෙමළ ජාතිවාදය යම් පසුබෑමක තිබෙන සංදර්භයක් තුළවීම අතිශය කණගාටුදායකය. 

ජාතීන් අතර සංහිඳියාව සඳහා අවශ්‍යව තිබෙන්නේ බලය බෙදාගැනීමකි. ඒ සඳහා දැනට පවතින පළාත් සභා ක්‍රමය ප්‍රමාණවත් නැත. දකුණේ සිංහල ප්‍රදේශවල ඇති පළාත් සභා අටක් ගැන නම් කීමට තිබෙන්නේ ඒවා තේරුමක් නැති සුදු අලි කියාය. සිංහලයන් ඔය තරම් බලය බෙදාගැනීමට විරුද්ධනම් පළාත් සභා අහෝසි කර ඔවුන් ජීවත් වන පෙදෙසි ඒකාධිපති පාලනයේ ඍජු පාලනයට යටත්කිරීම ගැටලුවක් නොවේ. 

එහෙත්, උතුරු-නැගෙනහිර දෙමළ මුස්ලිම් නායකයෝ දේශපාලන බලය බෙදාගැනීමක් වෙනුවෙන් දීර්ඝ කාලයක සිට සටන් කරති. වෙනුවෙන් දහස් ගණන් ජනයා දිවි දුන්හ. ඒ නිසා, දෙමළ මුස්ලිම් ජනතා නියෝජිතයන් සමග යථාර්ථවාදී බලය බෙදාගැනීමක් පිළිබඳ සාකච්ඡා කළ යුතුය. 

තමන්ට අවශ්‍ය කුමන බලය බෙදාගැනීමක්ද යන්න පිළිබඳව පළාත්වල ජනයා අතර ජනමතවිචාරණයක් තැබීමද නරක අදහසක් නොවේ.

නැතිනම් වැඩි කලක් යන්නට පෙර ජාත්‍යන්තර මැදිහත්වීමකින් වෙනම රාජ්‍යයක් ගැන ජනමතවිචාරණයක් පැවැත්වෙන්නට පවා ඉඩ තිබේ. සිංහල ජාතිවාදීන් හා ආණ්ඩුව රට තල්ලු කරමින් සිටින්නේ එතැනටය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. පළාත් රාජ්‍ය සේවය කියන්නෙ නාස්තිය..වැඩක් කරගන්න ගියාම හැම දේටම දේශපාලනය ගාවගන්න මඩ ගොහොරුවක් මම ඒ කියන්න මධ්‍යම රජයේ එහෙම නොවෙනවා කියන එක නෙවෙයි.උදාහරණයක් විදියට මම නැගෙනහිර පළාතෙ වසර 03ක් සේවය කල නිසා කියන්නෙ මෙහෙ හැමදේම වෙන්නෙ ආණ්ඩුකාරයාගෙ කැමැත්ත මත.යුධ බටයෙක් වුන මොහාන් කියලා මිනිහෙක් තමයි ඔහු.

    ReplyDelete
  2. පැරකුම් මාක්ස්වාදේ සමාජවදේ වගේම මෙතනත් වම්මු වැටෙන්නේ එක වලේ. මං මේ වැඩවසම් රෙජීමය එක්ක එකඟ නෑ නමුත් තේරුම් ගන්න පළාත් සභා වගේ රාජ්‍ය ආයතන හැදුවා කියල මිනිස්සුන්ට බලය බෙදිලා ජාතීන් අතර සංහිඳියාව ඇතිවෙන්නේ නෑ. තවත් ජනතාවට බරක් වුන මඝජන මුදලින් නඩත්තු වෙන ආයතනයක් ඇතිවෙනවා විතරයි.ජාතීන් අතර සංහිඳියාව ඇතිවන එකම ක්‍රමය නිදහස් වෙළද පොළ ධනවාදී ක්‍රමය හරියට ක්‍රියාත්මක කිරීමයි.(රජ වැඩවසම් ක්‍රමය නොවේ)වෙළඳ පොළ තුල එකිනෙකා අතර නිදහස්ව ගනුදෙනු කරන මිනිසුන් ජාතිවාදය පිටු දකියි.ඒ එය අවාසිදායක දෙයක් බැවිනි.(ඇමරිකාවේ නිව්යෝක් නගරය හරි මැද්දේ චයිනා ටවුන් එක තියනවා නිදහස් වෙළඳ පොළ පවතිනතාක් කල් කිසිම දිනක මේ චීන්නු සහ ඇමරිකන් කාරයන් ජාති ආලේ කෝලාහල නොකරනු ඇත ඒ වගේම චීනය හා ඇමරිකාව අතර නිදහස් වෙළදාම පවතින තුරු චීනය හා ඇමරිකාව යුද්ධ නොකරනු ඇත.) ඒවගේම මේ ලොව සංහිඳියාව ඇති නිදහස් මිනිසුන් බිහිකරන්න පුළුවන් පුද්ගලික දේපල ක්‍රමයට සහ නිදහස් වෙළද පොලට පමණි.පොදු දේපල හැදුව ගමන්ම මේවා ටික බලාගන්න බල අධිකාරියක් රජයක් පිහිටුවන්න වෙනවා මේවට දාන්න රොබෝලා නැහැනේ සාමාන්‍ය මිනිස්සු මේවට බලයට පත් උනාම වෙනදේ බලන්න ඇමතිවරු පාරේ යන වාහන පේලියක් දිහා බලන්න. මාක්ස්වාදය අසමත්වන්නේ මේ සරල කාරණය නිසා. රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඕනෑ නම් මුලින්ම මාක්ස්වාදී හැව අරින්න වෙනවා. නිදහස ඇත්තේ රජයන්ගේ, බල අධිකාරිවල මැදහත්වීමෙන් තොරව එකිනෙකා අතර නිදහස්ව ගනුදෙනු කරන්න නිදහස ඇති මිනිසුන් සිටින තැනක පමණි.

    ReplyDelete
  3. ධනවාදී උරුලෑව සිංහල බ්ලොග් වල බෙටි දැමීමට පටන්ගෙන ඇත. රාමචන්ද්‍රන්ගේ බෝගයේ වසුරු හෙලු මානසික රෝගියා දැක ගන්න http://ramachandrageadaviya-ramachandra.blogspot.com.au/

    ReplyDelete
    Replies
    1. සමාජවාදී චේ ගුවේරා මෙන් මනුසත් බව ඇති සුවඳ හමන Anonymous පිං කඳ ...ඔය පිරිසිදු රාමචන්ද්‍ර වගේ වම්මුන්ගේ බ්ලොග් ඒ වගේම වම්මු කියවල ගත්තු අපේ ශෝක් අපිට ශෝක් ආතල් එක කැඩුන නේද? ඔයා හිතන්නේ ඒ වයේ තිබෙන වාමාංශික අදහස් කියවල මිනිස්සු සාධාරණ සමාජයක් හදන්න විප්ලවේ ඔයාල එක්ක කරන්න හෙට අනිද්දාම එයි කියලද? සිංහළ බ්ලොග් කියවන අය නොවෙයි ලංකාවේම සිංහලයන් ගෙන් කීයෙන් කී දෙනාද මැතිවරණයකදී වමේ පක්ෂ වලට චන්දෙ දෙන්නේ? ලංකාවේ සාමාන්‍ය මිනිස්සු චේගුවේරා කාරයෝ කියන්නේ මිනීමරු මස් මුරුස්ලට. කොමිනිස්ට් කාරයෙක් කියල ආඩම්බර වෙන්න පුළුවන් තව කොමිනිස්ට් කාරයෝ අතර විතරයි නේද? ගෙදරකින් ගෑනියක් වත් ගන්න පුලුවන්ද වාමාංශිකයෙක් කිව්වම. ඌ ජේ වී පී කාරය කියල වපර ඇහෙන් නෙවෙයිද බලන්නේ. සාමාන්‍ය මිනිස්සු යනකන් ඉදල "පිස්සෙක්" කියල කියන්නේ වැඩිපුර කාටද? වික්‍රමබාහුට වාසුදේව වගේ අයටද බැසිල් රාජපක්ෂ බී බී ජයසුන්දර වගේ අයටද? මා මානසික රෝගියෙක් උරුලැවෙක් කියන ඔබ සතුන් ගේ මනස පිලිබඳ මනෝ වෛද්‍යවරයක්ද? දෙහිවල සත්තු වත්තේ උරුලෑ මානසික වෙදෙක්ට වේකන්සියක් තියේද බලන්න? ඉස්සර හිරු පත්තරේ විමල් වේරාවංශ ඔය රාම චන්ද්‍ර ලට වඩා සීරියස් කතා කිව්වේ. මං ධනවාදී ඇයි තහනම්ද ?.මං ලියන්නේ විනෝදෙට සමාජ සේවයට නොවෙයි. මං සමාජය විශ්වාස කරන්නේ නෑ පුද්ගලයින් විතරයි මං විශ්වාස කරන්නේ.සමුහයක් රංචුවක් කිසිවිටක නිවැරිදි වෙන්නේ නැහැ.

      Delete
    2. ඇයි සුදා ඔයා වටේ කැරකෙන තොප්පි බලෙන් අරන් ඔලුවේ දාගෙන විලාප දෙන්නේ. රාමචන්ද්‍රන්ගේ බ්ලොග් එකේ වසුරු හෙළුවේ ඔයා කියල කියුවේ නැනේ. දැන්නම් හිතෙනවා ඒ ඔයාමද කියල. අතල් කැඩුන නෙමේ කොල්ලෝ අතල් වැඩි උනා, ඔයා වගේ බයිට් එකක් කාලෙකට පස්සේ දීපු අතල් නිසා හිනාවෙලා තාම ඉල ඇට රිදෙනවා. දිගටම ලියන්න. ඔයා විනොදෙට ලියන කතා හරි ශෝක්. අපි සිරාවට එන්ජෝයි කරනවා දිගටම ලියන්න.

      Delete
    3. //අපි සිරාවට එන්ජෝයි කරනවා//
      අපි කිව්වේ ඔයා වගේ ගොඩක් අය නිකං ක්ලෝන කරලා හදපු අය රංචුවක් ඉන්නවද? ආ වම්මු ඒ අයද මේ අපි කියන්නේ. Ano ඔයා කොහොමද හැමෝම එන්ජෝයි කරනවා කියල දන්නේ?

      Delete
    4. මමත්වයෙන් උන්මාද වෙලා ඉන්න ඔයාට "අපි" කියන්නේ මොකද්ද කියල හිතාගන්නවත් බැරිබව "අපි" දන්නවා. "අපි" ඔයාට අනුකම්පා කරනවා.

      Delete
  4. ඕක අහෝසි කරන එක ඉන්දියාවත් එක්ක ඉල්ලන ගේමක් වෙනවා. මොකෝ ලොකු අයියා බයිනෙත්තු පාරකුත් කාගෙන බලෙන් දුන්න එකනේ. ඒකට තෑගි විදියට එයටා මිනිස් බෝම්ම්බයක් තෑගී කලා. මේක බලෙන් පටවපු සහ ගහන අපරාධයක්.. මම නම් කිසිසේත්ම කැමති නැති දෙයක්. ජනතාවටත් අද එපා වෙලා තියෙන්නේ.. මේ මළදානේ හින්දා රටට හෙනයක් මිසක් සෙතක් උනේ නෑ. ඒත් ඉතින් ජනාධිපති උපදේෂකවරු පත් කරන පත් කිරිල්ලට ඕක ඔහේ තිබුනත් අවුලක් නෑ. නැත්නම් අහෝසි කරපු ගමන් ඕකේ ඉන්න ඔක්කොම උන් ජනාධිපත් උපසේනලා වෙනවනේ.. තනාපති කම් දෙන්නත් ලෝකේ රටවල් තියෙන්නේ පොඩ්ඩයි නේ.. ඕනම නම් තරුවල තානාපතිලා කරලා දාන්නත් පුළුවන්..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා