අනේ තොපෙ දිවි නැගුම



දිවි කියන්නේ මොක්කු
කැළෑවේ ඇති සත්තු
උන් නැගුමවත්ද මේ
අනේ කවුරුද දන්නෙ

රටේ ජනතාවගේ
දිවි නගින්නේ නැත්තෙ
නෂ්ටකාමයවත්ද
අනේ අපෙ දිවි නැගුමෙ

ඇට බෙදන දිවි නැගුම
පැල බෙදන දිවි නැගුම
ගසාකන දිවි නැගුම
පල නොමැති දිවි නැගුම

මල්ලිගේ දිවි නැගුම
පුතාගේ දිවි නැගුම
දිවි නැගුම දිවි නැගුම
මේක මරු දිවි නැගුම

කාගෙවත් දිවි නැගුම
නැතේ පඩිනම් නැගුම
දිවිය එකතැන ලැගුම
අනේ තොපෙ දිවි නැගුම

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. නිෂ්පාදන සාධකයන් සඳහා ධනවාදයේ නිදහස් වෙළඳ පොළ වෙනුවට විකල්පය විසඳුම ලෙස සමාජවාදීන්ගේ පෙනී සිටින්නේ පාලිත, සැලසුම් කරන මේ වගේ ආර්ථික වැඩසටහන් තමයි. සෝවියට් දේශයේ ඒවාට ඉතා සමානතාවයක් ඇති රාජ්‍යය ‍සමාජවාදී වැඩසටහනක් තමයි දිවි නැගුම .රටේ දේපල මුළු සමාජයටම අයිතිවිය යුතුයයි දක්වන මතය දරන කෙනෙක් විදියට වමේ අය මේවට සතුටු විය යුතුයි. නිලධරයන් විසින් පාලනය කරනු ලබන රජය සැලසුම් කරන ලද මේවාට ඇයි වමෙක් විදියට විරුද්ධ වෙන්නේ? බැසිල් කරන හින්දද වැරදි විජේවීර කලොත් වික්‍රමභාහු කලත් එකම ප්‍රතිපලය තමයි.

    ReplyDelete
    Replies
    1. අනේ ඔහේ දන්න දිවිනැගුම.මෙතන වෙන්නේ රටේ ජාතික ධනය එක පවුලක් වටා එක්රැස් කිරීම මිස අන්දෙයක් නොවේ.ඔයා පොත් උපුටා දක්වනවා මෙහෙ වෙන්නේ පොත්වල නැති සෙල්ලම්.

      Delete
    2. මාත් ඔබ සමග එකඟයි ඇනෝ. මේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතානේ. මෙතන කොහෙද සමාජවාදයක්? පැරකුම් කියන්නේ මොකක්ද ? මේ මහත්තය කතා කරන්නේ මොකක්ද? විජේවීර වික්‍රමබාහු මොකටද මේකට ගාව ගන්නේ? අනේද කියන්නේ?මේවගේ කොමෙන්ටු ගණන් ගන්නේ නැතුව ලිස්සල යවන්න ඕනේ හරි නම්. ඒත් ගොන් කතා ලියන කොට පිළිතුරු නොදීත් බැහැ.

      Delete
    3. සමාජවාදය= "පාලිත, සැලසුම් කරන මේ වගේ ආර්ථික වැඩසටහන් "= දිවිනගුම! ශෝක් නේ, කොල්ලෝ (40 විතර) ඔයාගේ දේශපාලන දැනුම, අර නිර්මල්ගේ සලේ කට ඇරන් අහන් හිටපු 90 දශකෙන් මෙහා අප්ඩේට් වෙලා නැ වගේ නේද? සමාජය වෙනස් කරන්න හදපු දැනුම කොල්ල කලා (එකත් බාගෙට, වැඩිපුර කට ඇරන් ඉදල) ඇමරිකාව සේන්දු උනාට ඔයාගේ කපාල ධාරිතාවේ පොඩි අඩුවක් තියනවා වගේ නේද? එක නිසාමද මන්ද ඔයාට කියවපු දේ හරියට තේරුම් ගන්නවත්, බාගෙට තේරුම් ගත්තුදේ භාවිතෙට යොදන්නවත් බැ වගේ නේද??
      කොල්ල නාපු හැටි බලන්න http://ramachandrageadaviya-ramachandra.blogspot.com.au/

      Delete
    4. බල්ල්ලෙක් වත් යන්නැති කකියුබාව වගේ තිබුන රමචාන්ද්‍රගේ සමාජවාදී බ්ලොග් එකේ මං නිසා කොමෙන්ට් 100 යි මං නාල කියල හිතල උබල ආතල් ගනිල්ලා. අනේ උබලගේ සමාජ වදේ දීප්ති කුමාර ගුණරත්න නම් ඒකීය තනි පුද්ගලයා නැත්නම් ලකාවේ වම්මුන්ට දැනුම නෙවෙයි ඉටි ගෙඩියක්වත් නෑ මිනිහ බලපු පොත් ටික පස්සේ ගිහින් අනේ උබල සමාජය වෙනස් කරන්න හදපු දැනුම.. ඒ මිනිහ දාපු පක්ෂේ නමත් ගොබ්බ වම්මු කොපි කරලා පෙරටුගාමී උනේ. මෙතන පැරකුම් කියන පුද්ගලයා තනි පුද්ගලයෙක් විදියට ළමයි ඉන්න පියෙක් දරු පවුල් කාරයෙක් පුද්ගලිකව හොඳ මිනිහෙක් නිසා මෙතන කොමෙන්ට් එකක් දාන්නේ නැතිව ඌ වමේ හින්ද නොවෙයි. ඌවත් අඩු ගානේ උඹල වගේ මෝඩ වම්මුන්ගෙන් ගැලවෙයි.// තේරුම් ගත්තුදේ භාවිතෙට යොදන්නවත්//
      අනේ උඹලගේ භාවිතෙට යෙදවීම ලංකාවේ මිනිස්සු උබලගෙන් සමාජවදේ ඉල්ලනවද? චන්ද කීයද මැතිවරණයකදී ගන්නේ.

      Delete
    5. //මේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතානේ.//
      දිවි නැගුමට මං විරුද්දයි සරලව මං ලංකාවේ රජය ව්‍යාපාර කරනවට විරුද්ධයි. රජය මිනිස්සු පෞද්ගලිකව කාමරවල කරන්නේ මොනවද කියල ඇඟිලි ගහනවට විරුද්ධයි. මං පුද්ගලික දේපල වල අයිතිය ගැන සටන් කරන්නේ මට පොත් වල තියන විද්‍යාත්මකව සමාජ දේශපාලන කරුනු විග්‍රහ සංකල්ප පද්ධති වැඩක් නෑ මං සමාජවාදය කියන්නේ හීන ලෝකවල තියන එකකට නොවෙයි රජයේ මධ්‍යගත සැලසුම්,පොදු දේපල උඩදාගෙන කරන නිලධාරී වාදයට වගේ ලංකාවේ මහපොළොවේ තියන සමාජවාදී අදහස් මත පදනම් වෙලා ජන ජීවිත අවුරුදු ගණන් ආපස්සට ගෙනයමින් සිදුවන ක්‍රියාවලි ටිකකට. උබලගේ සමාජවාදය එක නොවෙයි නම් අනාගතයේ බිහිවන ස්වර්ග රාජ්‍යයන එක්ක මගේ ගැටළුවක් නෑ. සුද්ධ සිංහලෙන් මං කියන්නේ මේකයි මං මහන්සිවෙලා හම්භ කරන මුදල් ආණ්ඩුව හරහා බෙදන්න මං ලැස්ති නෑ. මං සටන් කරන්නේ මගේ පුද්ගලික දේපල වෙනුවෙන්. මගේ දේපල වලට අත නොතිබන තෙක් උබලගේ මාක්ස්වාදේ මට අවුලක් නෑ. මේකේ මං කියන එකට තියන සම්බන්දෙ තමයි තමන් වාමශිකයෙක් යයි කියන පැරකුම් ල මේවට විරුද්ධව කතා කිරීම විහිළුවක් මේවා පොදු දේපල නම් සමාජවාදී ක්‍රමයේ ව්‍යයාපෘති.

      Delete
    6. වම්මු මාත් එක්ක ගැටළු හදාගන්න ඕනෑ නෑ වම්මු කියන්නේ ලංකාවේ ධනවාදී රටක් කියල මං කියන්නේ වැඩිපුර එක ඇතුලේ තියෙන්නේ සමාජවාදී ව්‍යාපෘති සහ වැඩවසම් ක්‍රම මට භාගෙට ධනවාදය එපා දෙනවනම් ධනවාදය හරියට සම්පුර්ණයෙන් ධනවාදය විදියට දීපල්ලා කියල
      මං ඉල්ලන්නේ ඒ වෙනුවෙන් මං සටන් කරනවා එක මගේ අයිතියක්.

      Delete
    7. @උදිත,
      රෙද්ද උස්ස ගෙන සකල දේශ වාසී සමජවදින්ගෙන් ගේම කෝල් කරපු ඔයා එක පාරට දීප්ති වයි පැරකුම්වයි බදාගෙන ඉබින්න පටන් ගත්තේ කට්ටිය සෙට් වෙලා නෙලන්න පටන්ගත්තොත් ඔයාට තව කාලෙකට ඔයාගේ සුරංගනා කතා කරලිය බ්ලොග්වල ලියන්න බැරි වෙන හින්දද, නැත්නම් ඔයා මහන්සියෙන් හම්බකරලා ඔයාගෙම කියල හදාගත්ත චුටි සුන්දර විදුරු බෝලයක් වගේ තියන ඔයාගේ පුද්ගලික දේපලේ සකල දේශ වාසී නිර්දනයෝ රීල යයි කියන බය නිසාද.

      Delete
    8. "දෙනවනම් ධනවාදය හරියට සම්පුර්ණයෙන් ධනවාදය විදියට දීපල්ලා කියල" සම්පුර්ණ ධනවාදය තියන රටකට පොඩි උදාහරණයක් දෙන්න බබා, අපිටත් එහෙම කේතුමතී රජයක් ගැන අහල පොඩ්ඩක් පහන් සංවේගයට පත්වෙන්න.

      Delete
    9. //සම්පුර්ණයෙන් ධනවාදය විදියට දීපල්ලා// //මං ඉල්ලන්නේ ඒ වෙනුවෙන් මං සටන් කරනවා එක මගේ අයිතියක්//- කියපු තැන මචන් උබ සටන් වලට තෝරන් තිටෙන්නේ, අනිවා උබට "බ්ලොගර්" හරි "වර්ඩ්ප්‍රෙස්" හරි සම්පුර්ණ ධනවාදය දෙනවා.

      Delete
    10. දෙමු මලේ හොඳ සටනක්! මේ කියන ධනවාදය ලෝකේ කොහෙවත් නැති එකක්නේ. ඔය බනින සමාජ වාදය වගේම තමයි. ලෝකේ කොහෙවත් නැති එකකට වෙබ් එකේ සටන් කරමු. ඒ අතරේ, පැරකුම් කියන පරිදි මේ අයියලා මල්ලිලා ටික සේරම සුරගෙන කාවි. අප බලන්න ඕනේ එක චන්ද දායකයෙකුට හරි මේක තේරුම් කරලා දෙන්න බලන එක. රජය බදු අය නොකරන හා ඒ බදු මුදල් අධ්‍යාපනය, යටි තල පහසුකම්, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර වලට වියදම් නොකරන ක්‍රමයක් තිබුනේ වැඩවසම් ක්‍රමයටත් එහා ගල් යුගයේ. මිනිස් ශිටාචාරය අද වෙනත් තැනක ඉන්නේ. සමාජයේ තිබුන එවැනි ක්‍රමවේදයන් නිසාම ඉහල නැගපු අය, ඔවුන් එතනට ආපු හැටි අමතක කිරීම කනගාටු දායකයි. පෞද්ගලික දේපොළ, වියාපාර, පාසල්, විශ්ව විද්යාල, රෝහල්, මහා මාර්ග තියෙන්න ඕනේ. ඒ ඒ සඳහා ප්‍රමාණවත් මුදල් හා ඕනෙකමක් තියන අයට. අධ්‍යාපනය හා අනිකුත් දේ නිසා එවැනි තත්වයක් අත්පත් කර ගැනීමට ඕනේ කෙනෙකුට සමාන නොවුනත් යම්කිසි අවස්තාවක් සලසා දීම ශිෂ්ඨ සමාජයේ ලක්ෂණයක්.

      Delete
    11. මේ බ්ලොග් වල සමාජ සංරක්ෂණ පද්ධති වලට එරෙහිව විනෝදෙට හා රැල්ලට ලිවිම දැන් එන්න එන්නම වැඩි වෙලා. මේවට එරෙහිව යමක් ලියනවට වඩා, සමහරුන් කරන්නේ එම ගොන් කතා උඩ දාගෙන වර්ණනා කිරීමයි. මේ මොනවාද කියන්නේ? ලංකාවේ ගොවියන්ට දරුවන්ව පිට රට යවා උගන්වන්න පුළුවන්ලු, වෙළඳපොල නිදහස් කලොත්. මේ ලංකාවේ ඉපදුන කට්ටියද? ලංකාවේ ඉන්න ගොවියන් බහුතරයකට මහා වගා බිම් නැහැ කියලා, මේ ගොයියන් දන්නේ නැත්ද? එතකොට වෙළඳපොල නිදහස් කිරීමෙන් කොහොමද ඔවුනගේ ආදායම නොසිතන ලෙස ඉහල යන්නේ? ඇමෙරිකාව ඇතුළු අනෙකුත් බටහිර රටවල් වල ගොවියන්ට රජයෙන් දෙන සහන ඉවත් කරන්න කියල නේද මේ සම්පුර්ණ ධනවාදය වෙනුවෙන් සටන් කරන ගොයියන් පළමුවෙන්ම කියන්න ඕනේ. රජයෙන් සපයන අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සේවාවන් නවත්තන්න ඕනේ කියන මේ අයියලා, එවැනි සේවාවන් නොතිබුනා නම් අද කොහේ ඉන්නවද කියල කවුරුත් දන්නේ නැහැ. මොකද පිටකොටුවේ මුට්ට උස්සන ගමන් බ්ලොග් ලියන්න වෙන්නේ නැහැනේ. මිනිසුන් ඇයි මෙච්චර ගොන් කතා කියන්නේ. සමාජයේ අඩු වරප්‍රසාද ලාභීන් වෙනුවෙන් එවැනි සේවාවන් තිබීම වැදගත් වන්නේ, එම අඩු වරප්‍රසාද ලාභීන්ට විතරක් නොවේ, මුළු මහත් සමාජයටමයි. මිට සති කීපයකට කලින් පකිස්තානු ඇමතිවරයෙක් ලංකාවේ අධ්‍යාපනය නංවන්න උපදෙස් දී තිබෙනු අප දුටුවා. රටක සමාජයක් නොතිබිය යුත්තේ කොහොමද කියලා උදාහරණෙට ගන්න නම් පාකිස්තානේ හොඳයි. මේ අයියලත් කියන්නේ අපත් ඒ මගම යා යුතුයි කියලනේ. ලංකා සමාජයේත් අඩු පාඩු තියනවා තමයි. ඒත් පාකිස්තානේ ගත්තොත් නම් අප සුර ලොවක ඉන්නේ. මේ රජයේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා ඉවත් කරන්න කියන අය අපව ගෙනියන්න හදන්නේ, පාකිස්තානේ හෝ ඇෆ්ගනිස්තාන පන්නයේ සමාජයකට.
      anaatha

      Delete
  2. උන්ගෙ පවුලේ දිවි නැගුම
    …අපේ දිවියේ එක තැන ලැගුම

    ReplyDelete
  3. මොනවද මුත්තේ ඔතන කොරන්නේ
    මොකටද ඔය ඔබ බිම හාරන්නේ
    ඇට අටකුත් උන් දෙන්නයි යන්නේ
    ඒකත් එක්කම මාත් දමන්නේ

    ReplyDelete
  4. කකුල් හතරේ දිවියන් වඳ වී යන්නේ,
    නැගුමක් නැති නිසා කියලයි කියන්නේ
    බැසිල් මලයා මේ ගැන මයි තැවෙන්නේ
    මග නැගුමෙන් දිවි නැගුමට පැන ගන්නේ

    කේපී නිසා ඩොලර් වලින් ලැබෙන්නේ
    චීනෙන් දෙන ණය වලිනුත් ගහන්නේ
    මාගම් වරායට නැව් නොඑන්නේ
    ස්විස් ගිණුම නම් දිවි නගින්නේ

    දිවි නැගුමද ගොන් නැගුමද නොම දන්නේ
    බඩු මිල නම් ආකාශයෙ තියෙන්නේ
    කුඩු දුමියා වගේ නේ අමතක වන්නේ
    කතිරය නම් රජතුමාට ගහන්නේ
    අනාත

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා