බැසිල් පෙන්නාවි වැඩ අද හැන්දෑවේ

බැසිල් පෙන්නාවි වැඩ අද හැන්දෑවේ
ෆුටා දිය දානවිට කියාවි ඇන්නෑවේ
තව තොවිලයක් අවසානයි ලංකාවේ
අහුලමු කෑලි දැන් අපි ඒ බෙර පලුවේ

W3Lanka

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. Bring the රබානා Hurry up bring the රබානා
    බයිලා session ගොල්ෆෙස් වැල්ලේ

    බැසිල් මරාලා සමගින් හොර ගෝටාලා
    සරසවි කයි දැන් සැනසිල්ලේ

    ReplyDelete
  2. අපි ඕවා කලින්ම කිව්වා..
    ලොක්කත් එක්ක ගේම් වානා...
    ටිකක් වෙලා යයි..
    දේශපාලනයේ මා දුටු කට්ට වෙට්ට පිත්තලම චරිතයයි....
    ඊයේ රත්නපුර දිස්ත්‍රික සමුළුව බැලුවද...?

    ReplyDelete
    Replies
    1. umbala wage kabbo form karana un thama lankawe athi bahutharaya... ithin umbalata koheda honda naraka pilimbanda dakkamak. naththan hiragedaraka inna ona musala pawulaka kalakanni tikakata rate balaya labenne naa ne.

      Delete
  3. මෙතන භායානකම ප්‍රශ්නේ ඔය 6%ත් එක්කම කට්ටිය බෝලේ දොග් ගාලා අත අරින එක.

    "6% ඉතින් ඊට පස්සේ..?"

    මම ඕක ඇහුවා ඔය සටනේ ඉදිරිම පෙළේ ඉන්න ලෙක්චරර් කෙනෙක් ගෙන්. මේ තියෙන්නේ එයා දීපු උත්තරේ.

    ""අවශ්ය දේ අවශ්ය වෙලාවට එනවා මාලන්, කලබල වෙන්න දෙයක් නෑ ....ඒක අධ්යාපනය පිළිබඳ ජාතික ප්‍රතිප්ත්තියේ කොටසක්. ඒක විශ්ව විද්යාල ඈදුරන් විතරක් එකතු වෙලා වයිට් පේපර් හදලා දාලා කළ යුතු වෑඩක් නෙවෙයි.එය පුළුල් සමාජ කතිකාවක් හරහා විය යුතු දෙයක්. අපෙත් යෝජනා තියෙනවා, අවශ්ය වෙලාවට දෙන්නම්. 6% අන්තර්ජාතික සම්මතයක් වුණේ නිකම්ම නොවෙයිනේ..... පසුබිම් සාධක ගණනාවක් නිසා.......ඒ නිසා මුලින්ම 6% ගන්න සටනට එකතු වෙලා වෑඩ කරමු.""


    දැන් මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා

    1. 6% කියන කතිකාව ජාතික මාතෘකාවක් කළේ ආචාර්යයවරු
    2. ඒක මුලීක වටයේදිම, ඒ අයගේ වුර්තිමය සීමාවන් ඉක්මවා ගිහින් ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනයට බලපෑම් කිරීමක්
    3. 1 සහ 2 සත්‍යය නිසා ඒ අයට අනිවාර්ය වගකීමක් තියෙනව ඒ අයගේ අරමුණු ඉටුකරගත් පසුවත් මේ මතවාදය නිසි අයුරින් ස්තාපනය කරනතුරු ඒ වෙනුවෙන් පෙනී සිටින්න.
    4. දැන් ඒ අයට අයිතියක් නැහැ කියන්න; "මේක අපිට වඩා එහා ගියා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති නිර්මාණය කරන්නන්ට අයිති දෙයක්" කියලා.
    5. ඒ නිසා ආචාර්යය වරුන් අනිවාර්යෙන්ම මේ වෙනුවෙන්, ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගත් පසුවත් පෙනී සිටිය යුතුයි
    6. එසේ පෙනී නොසිටියොත් එයින් පැහැදිලි වෙන්නේ ඒ අයගේ අරමුණේ තියෙන ව්‍යාජ භාවය.

    ඒ නිසා මම උදක්ම බලාපොරොත්තු වෙනවා ආචාර්‍යවරු ඉල්ලීම් දිනා ගත් පසුවත් මේ වෙනුවෙන් පෙනී සිටී කියලා. ඒ වගේම දැන් කළා වගේම ඉදිරියටත් රජයේ ප්‍රතිපත්තීන් නිර්මාණයට, සමාජ කතිකාවක් ගොඩ නැඟීමට මූලික වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. කීයටවත් වෙන්නේ නෑ... මෙන්න කැට.. තමන්ගේ දරුවන්ගේ පෞද්ගලික විද්‍යාලවල ගාස්තුව ගෙවන්න කියන අයගෙන්.. ඕක නියෙමෙටම මාකට් උනා "6%" කියන ඉලක්ක්මයි සංකේතයයි ජාතික සංකේතයක් කලා, ජාත්‍යන්තරයටත් ගියා.. සැලරි පාන්පෙත්තේ ගාපූ ජෑම් එක තමයි සියයට හය. ජෑම් නැතුව උනත් පාන් කන්න පුළුවන්නේ.. මාලන්

      Delete
    2. එහෙම බෑ මාතලන්. දැන් මේ අයට ආපහු හැරෙන්න බෑ.

      මහගිරි දඹේට එනකන් නැඟලා දැන් ඇති කියලා හැරිලා යන්න දෙන්න බෑ. මේ අයනේ නිදන් හිටපු අපිවත් ඇදගෙන සිරිපාදේ කරුණා කරන්න ආවේ.

      "යන් මල්ලි ඉර සේවේ බලන්න කියලා"

      දැන් හැරෙන්න බෑ. මෙච්චර දුරක් ආපු එකේ සිරිපාදේ කරුණා කරලා ඉරසේවේ බලලම යමු.

      Delete
    3. ඇයි බැරි ඕවට ඔය ගුරාල තියරි වලින්ම දෙයි වමාලගේ මහ ගුරා "සල්වෝජ් ජිජැක්" මෙහෙම කියල තියනවා නේ "truly subversive thing is not to insist on ‘infinite’ demands we know those in power cannot fulfil. Since they know that we know it, such an ‘infinitely demanding’ attitude presents no problem for those in power" ඉතින් මේක නිර්මාල් කියවල නැද්ද ඕක දැනගෙනම තමයි අනිත් අය අන්දන්න ශයිලොක් ගේ මස් රාත්තලම ඉල්ලුවේ දැන් කියයි සල්වෝජ් ජිජැක් ට අනුව පාලකයින්ට දෙන්න බැරි ඉල්ලීම් ඉල්ලීම මේ යුගයේ විප්ලවීය නෑ එක නිසා 6% අස්කර ගන්නවා කියල.

      Delete
    4. මාලන් ඔයා ඇඳ ගත්තට අපට කරන්න දෙයක් නෑ. අපි නම් ඕක වෙනවය කියල කලින්ම දැන ගෙන හිටියා.

      Delete
  4. Strike eketa adata dina 95y. Api balamu mokada wenne kiyala. meka varjanayak kiyanna be. kavadavath satan karala nethi lankawe middle class eke aya podi aathal ekek gatta avashthavak. warjana kiyanne mewatada?

    ReplyDelete
  5. aniwaa........kandak vililala mee petiyek vadaavi.

    ReplyDelete
  6. ආණ්ඩුවට ඕනි අඬබෙර ගහල සද්දෙට කරන වැඩ විතරයි. පාරක් පාලමක් වරායක් ගුවන්තොටුපොළක් වගේ. අධ්‍යාපනේ ඒ වගේ මාකට් කරන්න බැහැනේ අපේ බූරු වහන්සේලාට.

    ReplyDelete
  7. 4000ක් විතර මාස තුනක් තිස්සේ බබෙරියානු මිලේච්ච ආණ්ඩුවටයි රජාටයි එරෙහිව තනිවම ගෙනිච්ච සටනක් මේක. බලලු ලව කොස්අට බවන්න බලපු ගුරුවරු, විපක්සෙ, අනිත් ඔක්කොම මහලොකු ප්‍රගතිසිලින් ගේ කිසිම සක්‍රිය උදවුවක් නැතුව මේ මට්ටමට හරි ගිය එක ලොකු දෙයක්. කාගේ කාගේත් කෙරුවාවල් දැක්කනේ මේ දවස් ටිකේ. කෝ මහලොකු ස්ටලින්ලා, වසන්තල, ලාල් කාන්තල ගේ උද්ගොසන. ඉතුරුවුනේ මේ මිනිස්සු තනියම ඇදපු කට්ටක් විතරයි.

    ReplyDelete
  8. ශ්‍රී ලංකාවට එවැනි ධනාත්මක මාර්ගෝපදේශනයක් දීමට අපට උගත් බුද්ධිමත් විශ්ව විද්‍යාල ප්‍රජාවක් නැත. සිටින්නේ ගිරවා දමා උඩට පැමිණි වනපොත්කරුවන්ය.මේ සමාජයේ හෙල්ගල්ලා සාත්‍රේලා නැත. ඇත්තේ නලින් ද සිල්වා වැනි කට්ටන්ඩියන් , වැල යන අතට මැස්ස ගසමින් ගාන සොයා ගැනීමට පුල පුලා බලා සිටින සුනිල් ආරියරත්නලා , , ඩිල්කා සමන්මලිගේ ප්‍රශ්න වලටවත් තටමන්නේ නැතිව පිළිතුරු දී ගත නොහැකි නිර්මාල් රන්ජිත්ලා , වසරකට වරක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පොත් විකිනීමට මාන බලමින් සිටින සරත් විජේසුරියලා වැනි හුචක්කුය බුද්ධිමය අතින් සහ සංස්කෘතික වසයෙන් නිරුදක කතරක් වූ අප සමාජයේ පවත්නා විපරිතයන්ට මොවුන්ද වග උත්තරකරුවෝ වෙති.

    ReplyDelete
    Replies
    1. හුචක්කු මහාචාර්ලා තමයි මචන් වැඩිපුර ඉන්නේ. හැබැයි හැමෝම එහෙම නැහැ. හැබැයි මචන් මේ වගේ උද්ගෝෂණයක් සාර්ථක නොවෙන්නේ ඔවුනගේ අඩුපාඩුවක් හින්ද නොවේ. ජනතාවට මේවගේ දේවල් වලින් ඇත්තටම වැඩක් නැහැ. දැන් බලපන් මේ අව් අස්සේ තිබුන පළාත් බබා චන්දයේදී මේ ජනමතය ප්‍රකාශ උන හැටි. නිර්මාල්ල කරපු වැරැක්දක් තමා, මේ 6% කතාව ඔවුනගේ වෘත්තීය සමිති සටන සමග පටලවා ගැනීම. මේකට යන එන මන් කොහොමටත් නැහැ. බහුතර ජනතාවක් ආණ්ඩුව සමග නම්, ජනතාව පත් කර ගත් ඒ ආණ්ඩුව යටතේ ඉන්න සේවක පිරිසකගේ, ඔවුනට පමණක් බලනොපාන නොවන මෙවැනි ජාතික ප්‍රතිපත්තියක් වෙනස් කරන්න මොන ආණ්ඩුවද ඕනේ කමක් දක්වන්නේ? (විශේෂයෙන් රජ පවුලක් රට කරවන විට). ඔවුනගේ ඉල්ලීම් වලම දක්වල තියනවා වගේ විශ්ව විද්යාල ආචාර්ය වරු කියන්නේ, එක කුඩා පාර්ශවයක් පමණයි.

      Delete
    2. True! only thing in srilankans mind is the t20 match now. see the numbers, was anyone of those supported to this 6%... they why should campus lecturers only sacrifies..

      Delete
  9. තමන් උගතුන් සහ සමාජය ධනාත්මකව වෙනස් කල හැකියි බව තරයේ අදහන අපගේ විශ්ව විද්‍යාල ප්‍රජාවට 71 කැරැල්ල නැවැත්වීමට නොහැකි විය , 77, 83 ජාතිවාද කෝලාහල මේ සමාජයන් මතු වීමට ඉඩ නොදීමට නුපුළුවන් විය, මේ රටේ ජනවාර්ගික යුද්දය ඇති වීම වලකාලනු නොහැකි විය, යුද්දයෙන් පසු ප්‍රජාවන් අතර සංහිඳියාවක් ඇති කිරීමට නොහැකි විය. අවම වශයෙන් ඔවුන්ට කාලාන්තරයක් පුරා මේ රටේ විශ්ව විද්‍යාලවල තිබෙන අමානුෂික නවක වදයට තිත තැබීමට කොන්දක් හෝ දෘෂ්ටියක් නැත. මේ අර්ථයෙන් ගත කල පුද්ගලික බස් පාලනය කරන හිටපු බස් රියදුරෙකු වූ බස් ගැමුණුට අපගේ විශ්ව විද්‍යාල වල ආචාර්ය මහාචාර්යවරුන්ට වඩා කොන්දක්, දර්ශනයක් සහ සමාජය පිලිබඳ දැක්මක් තිබේ. බස් ගැමුණුට මොවුන් සියලුදෙනා පරාදය. ඒ නයින් බස් ගැමුණුට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයට වුවද අනුශාසනා කල හැකිය.

    ශ්‍රී ලංකාව සංස්කෘතික කාන්තාරයක් බව පේරාදෙණියේ සිටි අයිවර් ජෙනිග්ස් නම් සුද්දා කිවේය. අපගේ විශ්ව විද්‍යාල ප්‍රමුක සමස්ත සමාජය ගමන් කරන දිශානතිය ගැන ඒ කාලයේ සිට අයිවර් ජෙනිග්ස් නම් සුද්දාට ඉවක් තිබුණි. අපගේ විශ්ව විද්‍යාල ප්‍රජාව ඇතුළු සමස්ත සමාජය අසුචි වලක හිරවන බව මේ සුද්දා සහසුද්දෙන්ම දැන සිටියේය.

    ReplyDelete
    Replies
    1. මචන් උඹ කියනදේ යමක් තිබ්බත් ඔය විදියේ මෝඩ තර්ක ගෙන්න එපා. එහෙමනම් මුළු යුරෝපෙම හිටපු අග්‍රගන්‍ය බුද්ධිමතුන්ට ලෝක යුද්ද 2ක්ම වලක්වන්න බැරි උනා විතරක් නෙමේ 50%කට වඩා එක්කෝ තමන්ගේ රටවල් දාල යන්න උනා නැත්තන් මැරුම් කෑවා එක එක හමුදාවල් අතින්. ඔය විදියට සරල කරලා බැලුවොත් අන්තිමට ඉතුරුවෙන්නේ බලගතු ආයුද හෝ ඇඟේ පතේ මස් ගොබ ඇති මෝඩයෝ තමයි සමාජයකට වැදගත් කියන මැටි තර්කය. එක හින්ද වෙන්න පුළුවන් දුමින්ද සිල්වල වගේ අය ජනප්‍රිය වෙන්නේ. සමාජයට වගකීමක් තියෙනවා උගතුන්ව ආරක්ෂා කරන්න. එක නොකරන මේ සමාජේ ගෝත්‍රික විදියට දේවල් මනින්න යන නිසා තමයි මේ මිනින්ස්සු කියන දේ පය්සේකට ගණන් ගන්නේ නැත්තේ.

      Delete
  10. Parakum... hadawathata thattu karala balanna... api keedenek anun natana thowileka berapalu hoyanna witharak balan innawada kiyala.... 99%k lankawe ehema thama..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා