අහිංසකයන් අංගුලිමාලයන් කරන්න හමුදා විදුහල්පතිවරු පාසල්වලට

ලංකාවේ ප්‍රධාන පාසල් කීපයක විදුහල්පතිවරුන්ට යුද හමුදාවේ කර්නල් තනතුරු පිරිනමා ඇත. ඔවුහු ඇතැමෙක් හමුදා ඇඳුම් ඇඳගෙන පාසලටද පැමිණි බව වාර්තා‍ වේ. 

මේ මිලිටරි විදුහල්පති/පතිනියන්ගෙන් බලාපොරොත්තු වන්නේ පාසල්වල විනය ගොඩනැඟීමයි. ඔවුන් පාසල්වල ගොඩනඟන විනය සඳහා පරමාදර්ශය යුදහමුදාවයි. 

පාසල් විනය හමුදා විනය බවට පත් වූ විට අනාගතයේදී රටේ විනයද හමුදා විනය බවට පත් වනු ඇත. 

හමුදා විනයේ මූලික ලක්ෂණය කුමක්ද? තර්ක කිරීමකින් තොරව ඉහළ නිලධාරියාගේ අණ පිළිපැදීමයි. 

ඒ අනුව, පාසල් සිසුන්ගෙන් බලාපොරොත්තු වනු ඇත්තේ තම ගුරුවරුන් දෙන අණ කරුණු විමසීමකින් තොරව පිළිපැදීමයි. 

අංගුලිමාල කළේද එයයි. 

අහිංසකයන් අංගුලිමාලයන් බවට පත් කිරීමේ අවශ්‍යතාව මතු වන්නේ පාලකයන්ගේ ඒකාධිපති මානසිකත්වයෙනි. එසේම අධ්‍යාපනය යනු කුමක්ද යන්න පිළිබඳ ඇති නොදැනුමෙනි. 

පාසලට අවශ්‍ය වී ඇත්තේ දරදඬු මිලිටරි ඒකාධිපතියකුගේ නායකත්වය නොව ආදරණීය මවකගේ පියකුගේ නායකත්වයකි. එවැනි අධ්‍යාපනඥයන් බිහිකරගැනීමේ නොහැකියාවේ විලි හමුදා නිලඇඳුමෙන් වසාගත නොහැකිය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. මම නම් ආඩම්බරයි.. අපේ ගෙදරත් චයිල්ඩ් සෝල්ජර් කෙනෙක් ඉන්නවා. මට බය එහා ගෙදර එකා එකසත් ජාතීන්ගේ මානුෂික එකට කම්ප්ලේන් කරයිද කියලා ඌගේ දරුවෝ රස්සාවල් කරන උන්..

    ReplyDelete
  2. පාසලට අවශ්‍ය වී ඇත්තේ දරදඬු මිලිටරි ඒකාධිපතියකුගේ නායකත්වය නොව ආදරණීය මවකගේ පියකුගේ නායකත්වයකි. ඔය දෙකම වෙන්නෙ නෑ කවදාවත්. පරණ විදිහටම තියෙයි,

    ReplyDelete
    Replies
    1. මුං යුනිෆෝම් ඇන්දට සැලියුට් ගහන්නේ පලාත් සභා ප්‍රාදේශිය සභා මන්ත්‍රිලාටයි, අරක්කු බාර් කාරයින්ටයි. මොක ඇන්දත් වදුර වදුරමයි.

      Delete
  3. ආනන්දේ කර්නල් වරු විදුහල්පතිල වෙලා ඉන්නකාලේ හොඳ මිනිස්සු රටට බිහිවෙන්න ඇති. හැබැයි කරුමෙට එකෙක් වඳුරට දැලි පිහිය ලැබිල වගේ ඒ මැරිච්ච මින්ස්සුන්ගේ නමත් කාබාසිනියා කරනවා. අවුරුදු ගානක් රට ගිහින් ඉඳල ආවට, කනා මැණිකේ අගය දන්නේ නෑ වගේ පොරත් තාම ඉන්නේ 70 දසකයේ. ඕකට කියන්නේ ඉම්පිරියර් කොම්ප්ලේක්සිටි (ඌග්ර හීනමානය) කියල. අංගොඩ ඉන්න ඕනි කේස් එකක්.

    ReplyDelete
  4. ජනක ප්‍රියදර්ශනOctober 17, 2012 at 10:51 PM

    නිල ඇඳුමන් වත් තමුන්ට නැති කොන්ද වහගන ඉන්නා පොලිස්කාරයන්ගෙ ගානට විදුහල්පතිල වැටෙනවනම් ජාතියේ අබාගෙ..

    ReplyDelete
  5. මේ බ්‍රවේ කර්නල් වියාපෘතිය පසුපස සිටි ජෙනරාල් ගාමිණී ජයසුන්දර ද හමුදාවේ සිටියදී යාපනයේ සිවිල් වැසියන්ගේ චංචල දේපොළ හොරකම් යෙදුනු අපකීර්තිමත් නිලධාරියෙකි. ඔහුව රැෂන් ජයසුන්දර සහ සුද්දෝදන යන නම් වලින් හමුදාවේ සිටියදී හඳුන්වනු ලැබිය.

    මේ නිලධාරියාද අක්‍රමිකතා වලින් බේරීමට ආරක්ෂක අමාත්‍යංශයේ කනිෂ්ඨ නිලධාරීන්ට පවා හිස නමන පෞරුෂත්වයක් සහ කොන්දක් නැති එහෙයියෙකි. මෙවැනි චරිත දැන් ලංකාවට වඩ වඩාත් අවශ්‍ය කරන අතර අනාගතයේ එවැනි චරිත පාසල් මට්ටමින්ම බිහි කර ගැනීම සඳහා දවස් දහයේ බ්‍රවේ කර්නල් වියාපෘතිය හඳුන්වා දෙනු ලැබිය.

    ReplyDelete
    Replies
    1. ජයසුන්දරලා කොහෙත් එකය. එකෙක් යාපනේ මිනිස්සුනේ චංචල දේපල කොල්ලකයි. අනෙකා රටේම භාණ්ඩාගාරය සුද්ද කරයි. පොරගේ ඉල්ලීම අනුව දැන් කැම්පස් ඉස්සරහ පින්කැට තබා ඇත. පොර කිවුවනේ ආණ්ඩුවෙන් අද්යපනයට 6% ක් ඉල්ලන්නේ නැතුව රටේ මිනිස්සුන්ගෙන් හිඟාකාල විශ්ව විද්‍යාල පවත්වාගෙන යන්න කියල. අන්න මොරටුවේ යුනි එකේ දැනටම පින්කැටයක් සෙට් කරනවා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා