අහිංසකයන් අංගුලිමාලයන් කරන්න හමුදා විදුහල්පතිවරු පාසල්වලට
ලංකාවේ ප්‍රධාන පාසල් කීපයක විදුහල්පතිවරුන්ට යුද හමුදාවේ කර්නල් තනතුරු පිරිනමා ඇත. ඔවුහු ඇතැමෙක් හමුදා ඇඳුම් ඇඳගෙන පාසලටද පැමිණි බව වාර්තා වේ. මේ මිලිටරි විදුහල්පති/පතිනියන්ගෙන් බලාපොරොත්තු වන්නේ පාසල්වල විනය ගොඩනැඟීමයි. ඔවුන් පාසල්වල ගොඩනඟන විනය සඳහා පරමාදර්ශය යුදහමුදාවයි. පාසල් විනය හමුදා විනය බවට පත් වූ විට අනාගතයේදී රටේ විනයද හමුදා විනය බවට පත් වනු ඇත. හමුදා විනයේ මූලික ලක්ෂණය කුමක්ද? තර්ක කිරීමකින් තොරව ඉහළ නිලධාරියාගේ අණ පිළිපැදීමයි. ඒ අනුව, පාසල් සිසුන්ගෙන් බලාපොරොත්තු වනු ඇත්තේ තම ගුරුවරුන් දෙන අණ කරුණු විමසීමකින් තොරව පිළිපැදීමයි. අංගුලිමාල කළේද එයයි. අහිංසකයන් අංගුලිමාලයන් බවට පත් කිරීමේ අවශ්‍යතාව මතු වන්නේ පාලකයන්ගේ ඒකාධිපති මානසිකත්වයෙනි. එසේම අධ්‍යාපනය යනු කුමක්ද යන්න පිළිබඳ ඇති නොදැනුමෙනි. පාසලට අවශ්‍ය වී ඇත්තේ දරදඬු මිලිටරි ඒකාධිපතියකුගේ නායකත්වය නොව ආදරණීය මවකගේ පියකුගේ නායකත්වයකි. එවැනි අධ්‍යාපනඥයන් බිහිකරගැනීමේ නොහැකියාවේ විලි හමුදා නිලඇඳුමෙන් වසාගත නොහැකිය. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්...