මහින්ද රාජපක්ෂගේ ජනප්‍රිත්වය සති දෙකක් තුළ 14%කින් පිරිහිලා, ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ සමීක්ෂණ හෙළි කරයි


(2010 ජනවාරි 22 -W3Lanka) රාජපාක්ෂික විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන කැලනිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය රෝහණ ලක්‌ෂ්මන් පියදාස විසින් ජනවාරි 08දා දිනමිණ පුවත්පතට පවසන ලද පරිදි "දිස්ත්‍රික්ක විසිපහම නියෝජනයවන පරිදි ස්වාධීනව මෙම සමීක්ෂණය සිදු කළා. ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිසුන් ඇතුළු සියයක පමණ සමීක්ෂණ කණ්ඩායමක් ක්‍රියාත්මක වුණා.

අවුරුදු දහ අටේ සිට විවිධ වයස් කාණ්ඩයන්හි පිරිස් මේ සඳහා යොදා ගැණුනු අතර එහි දී 73.32% ක් ප්‍රතාශ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ ජය ගන්නා බවයි. විශ්‍රාමික ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරන බවට 24.17% ප්‍රමාණයක් පමණක් ප්‍රකාශ කරනු ලැබුවේ මෙම සමීක්ෂණය අනුව යුද්ධය ජය ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල් වූ බවට 63.10% ක් ප්‍රකාශ කළ අතර ඒ සඳහා ෆොන්සේකා මහතා මුල් වූ බව ප්‍රකාශ කර තිබෙන්නේ 17.04%ක ප්‍රමාණයක් පමණි. මෙම වකවානුවේ ජනතාවට වඩාත් දැනුණු දේශපාලන දැන්වීම ලෙස ‘තාරුණ්‍යයට හෙටක්’ දැන්වීම සඳහා වැඩිම ජනතා ප්‍රසාදය ඇතැයි මෙම සමීක්ෂණයේ දී තහවුරු විය."

ඔහු විසින් කරන ලදැයි කියන තවත් සමීක්ෂණයක් පිළිබද ජනවාරි 22 දිවයින පුවත්පතේ පළ වන වාර්තාවක මෙසේ සදහන් වේ. 


"මෙවර ජනාධිපතිවරණයෙන් ජනාධිපති විය යුත්තේ කවුද යන මාතෘකාව ඔස්‌සේ කළ සමීක්‌ෂණයට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සියයට 62 ක ඡන්ද ප්‍රතිශතයක්‌ද, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සියයට 36 ක්‌ ඡන්ද ප්‍රතිශතයක්‌ද ලබාගෙන ඇත.

එසේම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපති විය යුත්තේ යන මාතෘකාවට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සියයට 60 ක ඡන්ද ප්‍රතිශතයක්‌ද, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සියයට 38 ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලැබී තිබේ. 


මීට අමතරව මේ දිනවල වඩාත්ම ජනතාවට දැනෙන දේශපාලන දැන්වීම යටතේ තාරුණ්‍යයට හෙටක්‌ 33% ක්‌ද, සුබ අනාගතයක්‌ 07% ක්‌ද, මට පෙර රට 07% ක්‌ද, විශ්වාසනීය වෙනසක්‌ 12% ක්‌ද වශයෙන් වාර්තා වී 
තිබේ.


මෙම ජනමත සමීක්ෂණ අනුව පෙනී යන කාරණයක් වන්නේ පසුගිය සති දෙකක පමණ කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය 14%කින් පමණ පිරිහී ඇති බවයි. 

ඇතැම් විට මෙයට හේතුව මෙම සමීක්ෂණයට අනුව 'මේ දිනවල වඩාත්ම ජනතාවට දැනෙන දේශපාලන දැන්වීම වන තාරුණ්‍යයට හෙටක්' විය හැකි ය. නැතිනම් සීමාන්තිකව මහජන දේපල මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීම විය හැකිය. ‌අතට අසු වන හැම දෙයකින් ම සරත් ෆොන්සේකාට පහර දීමට යාම ද මෙම පරිහාණියට හේතුවක් විය හැකි ය. රාජපක්ෂගේ ප්‍රචාරක කළමනාකරුවන් සිය උපක්‍රම පිළිබඳ මීට වඩා සැලකිලිමත් විය යුතු ය. මෙහෙම ගියොත් සුබ අනාගතයට කෙළ වී යනු නිසැක ය.

Comments

  1. Stupid, stupid.

    The first poll tried to determine who people think IS going to be the president. Even those who vote for the UNP may not be brain dead as to think that Fonseka has a chance. 73% of the people said that they think Mahinda is going to win the election, but they are not necessarily voting for him.

    The second poll was about who people are going to vote for.

    Uneducated fools!

    ReplyDelete
  2. It is not the folly of the uneducated fools like us, the people that you try to decorate as intelligent people. The conductors of these false opinion polls try to deceive Mahinda Rajapaksa with exaggerated percentages. They are the real enemies of Rajapaksa. Many of these thieves steal money from Temple Trees via this kind of bogus projects. Poor Rajapaksas are throwing their 'hard-earned' money to them for no avail.

    ReplyDelete
  3. සුබ අනාගතයක් කියන්නෙ අපිට නෙවෙයි. එයාලටයි. අපිට හැමදාම වගේ හුප්පෙ තමයි.

    ReplyDelete
  4. Mr. Editor,
    These money is not hard earned money, the company acquired wealth from stealing from public funds. I am wondering your quote about poor Rajapaksas money stealing by others, but you don't worry about company stole enromus amount public money for acquiring their wealth.

    ReplyDelete
  5. @Editor.

    The polls do sound credible. 73% of the people think that Mahinda is going to win. If you ask a lot of Fonseka voters, even they think that Mahinda will win by 1 or 2 percent lead.

    The other poll is not that different from the results of that other Indian survey. The consensus is that Mahinda is going to get 55%-60% of the vote. Let's not forget that these polls have substantial margins of error due to small sample groups.

    @Others
    These polls were not conducted by the government, so the question of whose money paid for it does not arise.

    ReplyDelete
  6. "......These polls were not conducted by the government,......."

    hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh

    ReplyDelete
  7. සරත්චන්දු ගේ කමෙන්ටුව ගැන මගේ සිනා!!!
    අනේ මචං මට දුකයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා