Posts

Showing posts with the label අල්ලස්

උසාවිවල නඩුකාර හාමුදුරුවරු ඉදිරිපිට ම අල්ලස් ගන්නා රටක්

Image
දිල්රුක්ෂි වික්‍රමසිංහ රේගු නිලධාරි රැකියාව කියන්නේ සමහර විට රජයේ සේවයේ සාමාන්‍ය සුදුසුකම් මත ලබා ගන්න පුළුවන් වැඩි ම වැටුප් ලැබෙන රැකියාව වෙන්න ඇති.  රේගු නිලධාරියකු වෙන්න මූලික වශයෙන් අවශ්‍ය වන්නේ කිසියම් උපාධියක් සහ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂය සමත් වීමයි. මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන ආකාරයට නම් වැටුපත් ඒ තරම් ලොකු එකක් නෙමෙයි.  ඒ කොයි හැටි වෙතත්, රේගු නිලධාරියෙකු වෙනවා කියන්නේ පංතියක් ඉහළට පනින්න ලැබෙන අවස්ථාවක්. මෙවැනි අවස්ථා තහවුරු කරන වෙනත් වෘත්තීන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන් අතළොස්සක් පමණයි.  මේ පංති පිම්ම පිටුපස තිබෙන්නේ ආනයන, අපනයන, ආගමන, විගමන කටයුතුවලදී රටේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කරන වැදගත් කාර්යභාරයක් වෙනුවෙන් ලැබෙන සාධාරණ දිරිගැන්වීමක් නම් ඒ ගැන කවුරුවත් ඉරිසියා කළ යුතු නැහැ.  ඒත්, මේ පසුපස තිබෙන්නේ රටට හෙරොයින්, එතනෝල්, විෂ රසායනික ඇතුළු අහිතකර දේ ගෙන එන්නට ඉඩ දීමෙන් ලබා ගන්නා අයුතු ලාභ නම්, එතැන තිබෙන්නේ බරපතල ප්‍රශ්නයක්.  පසුගිය දිනවල අධිකරණය වෙලේ සුදා එල්ලා මරන්නට තීන්දු කළා. එහෙත්, වෙලේ...

මේ රටින් පළා නො ගොස් මේ ව්‍යසනයට මුහුණ දෙන්නේ කෙසේ ද?

Image
දූෂිත පළාත් පාලන සභිකයා සිය අනුග්‍රාහකයා සමග කලින් ගත් ඡායාරූපයක් පසුගිය දිනෙක මා සමග කතා කළ මගේ සිසුවකුගේ පියෙකු ඒ මොහොතේ ඔහු දකිමින් සිටි දෙයක් ගැන කීවේ ය.  බෙන්තර ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් ලක්ෂ 15ක අල්ලසක් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරළ එදින ඇප පිට නිදහස් කර තිබිණි.  ඇප පිට නිදහස් වී පැමිණි මෙම අල්ලස් සැකකරු රථ පෙළපාලියකින් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන නගරය වූ මීගහතැන්නේ වීදි සරමින් සිටි බව ඔහු පැවසුවේ ය. හිතන්න බලන්න තත්වය. තමන් විසින් ම මෙහෙයවනු ලැබූ ආධාරකරුවන් විසින් මල් මාලා දමමින් පිළි ගනු ලබමින්, අත් වනමින්, ආයුබෝවන් කියමින් වීරයකු සේ මෙසේ වීදි සැරුවේ කවුරුද?  අදාළ ප්‍රදේශයේ පරිසරයට හානිකර වූ කිසියම් පස් කැපීමේ ව්‍යාපාරයක් අනුමත කිරීම සඳහා අල්ලසක් ලබා ගත් බවට සැකයට භාජනය වූ පුද්ගලයෙකි. මා සමග කතා කළ මිතුරා කීවේ අප මෙවැනි රටක අපේ දරුවන්ට ‍ලබා දෙන අනාගතය කුමක්ද කියා ය.  මේවා දකින මධ්‍යම පංතික වෘත්තික‍යන් බොහෝ දෙනෙකු සිතන්නේ මේ රටින් බැහැර වෙනත් රටක පදිංචියට යාම ප...

අල්ලස් දීම පාරදෘෂ්‍ය ලෙස කළ හැකි ක්‍රමවේදයක් සකසනු! | Make bribery transparent

Image
( 2010 අගෝස්තු 20,  W3Lanka )  ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස බොරුවට පෙනී සිටිමින් පන්නිපිටිය ධර්මපාල විදුහලේ 1 වසරට දරුවකු ඇතුල් කරදෙන බව පවසා පන්නිපිටියේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂයක්‌ ලබාගෙන වංචාවක්‌ සිදුකළ කාන්තාවක්‌ රත්නපුර මහෙස්‌ත්‍රාත්වරිය විසින් පසුගිය දිනෙක රිමාන්ඩ් කරන ලදී. අදාළ පාසලට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වෙනම නාමලේඛණයක්‌ එවන බවත්, හැකි ඉක්‌මණින් නාමල් රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ අරමුදලට රුපියල් ලක්‍ෂයක්‌ ලබාදෙන ලෙසත්, එසේ  නො ලැබුණහොත් වෙනත් ළමයකුට අවස්‌ථාව ලබා දෙන බවත් මෙම කාන්තාව පවසා ඇත.  අල්ලස දුන් පුද්ගලයා පොලිසියට පැමිණිලි කරන්නේ වැඩේ සිදු නො වූ නිසා හා අදාළ කාන්තාව සම්බන්ධ කර ගැනීමට ද බැරි වූ නිසා ය. වැඩේ වුණා නම් පැමිණිලි නැත. අල්ලස් දුන් පුද්ගලයා එකී කාන්තාව විශ්වාස කර තිබෙන්නේ ඇය හිටපු මන්ත්‍රීවරියකගේ දුවනියක ද වූ නිසා ය.  2010 වසරේ දෙවන පාසල් වාරය ද අවසන් ය. එහෙත්, තවමත් ළමයින් පාසලට ඇතුළත් කිරීමේ ගැටලු තිබේ. එම කරුණ පැත්තකින් තබමු.  අද වන විට සමාජයේ කණින් කොණ...

මුසම්මිල් අල්ලස් ගත් මුදලින් ලක්ෂ 258ක් රහස් පොලිසියට දෙන විට අතුරුදහන්

Image
(2010 ජනවාරි 23 -W3Lanka) ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ යයි දිවයින පුවත්පත වාර්තා කරන පරිදි ඔහුට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ලැබුණු සියලුම මුදල් නෝට්‌ටු රහස්‌ පොලිසියට ඉදිරිපත් කළේ ගණන් කිරීමකින් තොරව වන අතර රහස්‌ පොලිසිය එම මුදල් ගණන් කිරීමේදී රුපියල් ලක්‍ෂ හතලිස්‌ දෙකක්‌ තිබී ඇත. ජනවාරි 16 දින ඔහු පැවසුවේ මෙසේ ය.   ”...සරත් ෆොන්සේකා මහතාට සහාය දෙන්න කියලා මට ආරාධනා කළේ මයෝන් මුස්තාපා මන්ත්‍රීවරයායි. මේ බව සරත් ෆොන්සේකා මහතාගේ හා රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක යන අයගේ වුවමනාව මත සිදුවන බවත් මයෝන් මුස්තාපා මට කීවා. මේ විදිහට සාකච්ඡා වට කිහිපයක් ගියා. ඔවුන් මට පොරොන්දු වුණා රුපියල් ලක්ෂ 300ක්, විදේශ සංචාර හා පූර්ණ ආරක්ෂාව දෙනවාය කියලා. මම මේ ගැන අපේ නායක විමල් වීරවංශ මහතාව දැනුවත් කළා.  මේ කුමන්ත්‍රණය මහජනතාවට හෙළිදරවු කරන්න ඕනැය කියලා අපි තීරණය කළා. ෆොන්සේකා මහතාගේ දෙවැනි මෙහෙයුම කියන්නේ ලක්ෂ ගණන් මුදල් දීලා මන්ත්‍රීවරුන් බිලි බා ගැනීම බව මහජනතාවට පෙන්වා දෙන්න ඕන වුණා. මේ අනුව මම රනිල් ...

ලක්‍ෂ තුන්සියයේ අල්ලස් කථාව පාරා වළල්ලක් වෙලා -ශිරාල් ලක්තිලක

Image
(2010 ජනවාරි 19 -W3Lanka) රුපියල් ලක්‍ෂ තුන්සියයක අල්ලසක් ලබා ගත් බව ප‍්‍රසිද්ධියේ පිළිගෙන ඇති මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාට එරෙහිව වහාම නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි එක්සත් ජාතික පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත. මේ පිළිබඳව සරත් ෆොන්සේකාගේ නීතිඥයින් දැනටමත් අල්ලස් කොමසාරිස්වරයා වෙත නීත්‍යානුකූල පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.  ජනරාල් ෆොන්සේකා මහතාගේ පාර්ශ්වයට දිනා ගැනීම සඳහා තමාට රුපියල් ලක්‍ෂ තුන්සියයක අල්ලසක් දුන් බව අදාල මන්තී‍්‍රවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ප‍්‍රසිද්ධියේ පිළිගත්තේය. මෙම මාධ්‍ය සාකච්ඡාව හමුවේ කථා කළ විමල් වීරවංශ මන්තී‍්‍රවරයා මෙම මුදල පුවත්පත් ප‍්‍රචාරක දැන්වීම් පළ කිරීම සඳහා තමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇති බව ද කියා සිටියේය. "මොවුන්ගේ මෙවැනි අමුලික පට්ටපල් බොරු මහජනතාව කිසි ලෙසකින් විශ්වාස කළේ නැත. එහෙත් මොවුන්ගේ මෝඩකමේ මහත ඔවුහු මේ මුදල් මිටි මාධ්‍ය හමුවේදී පෙන්වූහ. එම දර්ශන සියලුම රූපවාහිනි මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට මේ රටේ මහජනතාවට අවස්ථාව ලැබිණි. මේ රටේ අල්ලස් නීතිය අනුව අල්ලස් දෙන පුද්ගලය...

මුසම්මිල් අල්ලස් ගනියි; ඒ බව නීතියට වසන් කරයි; මේ අපරාධකරුවන් වහා අත්අඩංගුවට ගනු

Image
(2010 ජනවාරි 17 -W3Lanka) ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මොහොමඩ් මුසම්මිල් මාධ්‍යවලට කරන හෙළිදරව් කිරීම අනුව ඔහු විපක්ෂයට සම්බන්ධ වීමට පොරොන්දු වී රු. ලක්ෂ 300ක අල්ලසක් ගෙන ඇත. මේ අල්ලස ඔහුට දෙන්නට යන විට ඔහු නීති ප්‍රකාරව කළ යුතුව තිබුණේ ඒ පිළිබඳ පොලිසියට හෝ අල්ලස් විමර්ශන කාර්යාංශයට දන්වා අල්ලස් දුන් පුද්ගලයන් නිතියේ රැහැනට ගොටු කර ගැනීමයි. ඒ වෙනුවට ඔහු කර ඇත්තේ වීඩියෝ පටයක් හැදීම හා මාධ්‍ය ඉදිරියේ දේශපාලන ප්‍රචාරක ජවනිකාවක් රඟදැක්වීමයි. ඇතැම් විට ඔහු ඒ වෙනුවෙන් ද මුදල් ගත්තා විය හැකි ය. අල්ලස් දුන් මේ සල්ලි මිටි වහා රාජසන්තක කළ යුතු ය. එසේ ම, ප්‍රසිද්ධියේ අල්ලස් ගත් හා එම සාපරාධී ක්‍රියාව නිතියෙන් වසන් කළ මෙම පුද්ගලයා වහා අත්අඩංගුවට ගත යුතු ය. අල්ලස් දුන් අය හා අල්ලස් දීම පිළිබඳව දැන සිටියේ යයි ඔහු කියන අයගෙන් වහා ප්‍රශ්න කළ යුතු ය. මුසම්මිල් ජනමාධ්‍යවලලට පවසන්නේ මෙසේ ය. ”...සරත් ෆොන්සේකා මහතාට සහාය දෙන්න කියලා මට ආරාධනා කළේ මයෝන් මුස්තාපා මන්ත්‍රීවරයායි. මේ බව සරත් ෆොන්සේකා මහතාගේ හා රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක යන අයගේ වුවමනාව මත සිදුවන බවත් ...